ලොව පොබ කළ විජය නන්දසිරි
දශක පහකට ආසන්න කාලයක් පුරාවට කලාව, ජීවිතය කරගනිමින් වේදිකාව, පුංචි තිරය, රිදී තිරය සහ සිනමාවද සිය ප්‍රතිභා පූර්ණ රංගන කෞෂල්‍යයෙන් ඒකාලෝක කරමින් සුවහසක් වූ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව අමන්දානන්දයට පත්කළ ඒ අසහාය සොඳුරු රංගවේදියාණන්, විජය නන්දසිරි ප්‍රවීණ කලාකරුවාණන් ජීවිත රඟමඬලින් සදහටම නික්‌ම ගියේ පෙරේදා (08 දා) උදෑසන හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙනි.
කලා ලොවට නොමැකෙන මතක සටහන් බොහොමයක් ශේෂ කළ හෙතෙම හාස්‍යය රංග කලාවට සුවිශේෂී ප්‍රමුඛ චරිතයක්‌ම විය. අද ඒ හිඩැස පිරවිය නොහැකි අඩුවක්‌ම වනු නොවනු මානය. "දිවයින" තබන මේ කෙටි සටහන ඔහුට උපහාර පිණිසය.
1947 මැයි 6 වැනිදා උපන් ඉලුක්‌පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි පසු කලෙක විජය නන්දසිරි නමින් වඩ වඩාත් ජනාදරයට පාත්‍රවිය. මහරගම විද්‍යාකර විදුහල් මාතාවගේ සෙවණේ සිප්සතර හැදෑරූ විජය නන්දසිරි සිසුවා පාසලේ දී කලාවට ඇති හැකියාව විද්‍යමාන කළේ ගුරුවරුන්ගේ ප්‍රසාදය ද හිමිකර ගනිමිනි.
1966 දී නාට්‍යවේදී අමරදාස ජයතුංගයන් නිර්මාණය කළ "විදුරු දිව" හා රංගගත වෙමින් වේදිකාවට ප්‍රවිෂ්ට වූ විජය නන්දසිරි තරුණ කලා ශිල්පියා අනතුරුව ප්‍රවීණ කලා ශිල්පී සතිස්‌චන්ද්‍ර එදිරිසිංහයන්ගේ "තහංචි", "බකතපස්" වේදිකා නාටකයන්හිදීත්, ප්‍රේම රංජිත් තිලකරත්නගේ "කෝන්තරය", "වහලක් නැති ගෙයක්", "සැරදේ සීතා", ආනන්ද එස්. විඡේසිරිගේ "බැද්දේ ගෝරනාඩුව", චන්ද්‍රසේන දසනායකගේ "රංකඳ", දයානන්ද ගුණවර්ධනයන්ගේ "ජසයා සහ ලෙන්චිනා" හි රංගගත වෙමින් "රංකඳ" වේදිකා නාටකයෙහි රංගනයන් නිසාවෙන් වඩාත් ජනාදරයට පත්විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ කෘතහස්‌ත වේදිකා නාටකයක් වූ "මනමේ" හී මනමේ කුමරාට වසර 27 ක් ජීවය මුසුකළ විජය නන්දසිරි කලා ශිල්පියාණන් එය ජීවිතයේ ලද මහඟුතම භාග්‍යයක් ලෙස සැලකුවේය.
"සිංහබාහු", "මහාසාර" ලලිතා සරච්චන්ද්‍ර නාට්‍යවේදිනියගේ "කපුවා කපෝති" සහ "රත්නාවලී" ඇතුළු එදා වේදිකාවේ රස මැවූ සම්මානනීය වේදිකා නාටක හා එක්‌ව සිය රංගනය ප්‍රතිභාව විදහා ලූ විජය නන්දසිරිගේ "මල්වඩම් අනවශ්‍යයි", "දෙයියොත් දන්නේ නෑ", "බල්ලොත් එක්‌ක බෑ", "රූකඩ රාඡ්ඡේ" සහ "අලුත් හොරෙක් ඕනෑ" නම්වූ ජනප්‍රිය වේදිකා නාට්‍ය සමඟින් මියෙන මොහොත තුරාවටම එක්‌ව සිටියේය.
ටී. බී. ඉලංගරත්නයන්ගේ නවකතාවක් අනුසාරයෙන් නිපදවුණු කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ "නෑදෑයෝ" සිනමා සිත්තම විජය නන්දසිරියන් සිනමා කැමරාවට මුහුණ යොමුකළ ප්‍රථම අවස්‌ථාව විය. ඉන්පසු "සසර", "හිඟන කොල්ලා", "සඳකඩපහණ", "සිරිපතුල", "සිකුරු හතේ", "මගෝ ඩිගෝ ඩයි", "සර්Êලාස්‌ට් චාන්ස්", "සුහද කොකා", "බංගලි වළලු", "කිං හන්තර්" ඇතුළු චිත්‍රපට 40 කට පමණ රංගන දායකත්වයන් මුදාහළ නන්දසිරි කලා ශිල්පියාණන් චිත්‍රපට 30 කදී පමණ ප්‍රධාන චරිතයට ජීවය මුසු කළේය.
හාස්‍ය රංග කලාව උඩු යටිකුරු කළ විජය නන්දසිරි රංගවේදියාණන් එදා ඒ පිළිබඳව මේ ලියුම්කරු සමඟ පැවසුවේ මෙවන් අදහසකි.
"ඇත්තටම මිනිස්‌සු හිනස්‌සන එක සිතන තරම් පහුස කටයුත්තක් නොවෙයි. ප්‍රහසනය හරහා මිනිසුන්ගේ මොළය පිරිසිදු කිරීමත්, ලේ පිරිසිදු කිරීමත් කළ හැකියි. හැබැයි ඒක ඉතාමත් බැරෑරුම් කටයුත්තක්. ඒක හිතට වගේම හදවතටත් දැනිය යුතුයි. මා ඒ පිළිබඳව මා පුහුණුවක් ලැබුවේ වේදිකාව හරහා. ඊට පස්‌සේ මට ඒක පුංචි තිරයට වගේම රිදී තිරයටත් ගෙන එන්න අවස්‌ථාව ලැබුණා.
ඔහු කී පරිද්දෙන්ම "නෝනාවරුනි මහත්වරුනි", "එතුමා", "මෙතුමා", "යර්ස් බොස්", "කතුර" යන ටෙලි නාටකයන් ගෙන් සහ "සුහද කොකා", "සිකුරු හතේ", "කිං හන්තර්" වැනි චිත්‍රපට තුළින්ද ප්‍රහසනය වඩ වඩාත් ප්‍රේක්‍ෂකයන්ට සමීප කරලීමට ඔහුට හැකියාව ලැබිණි.
ජනතා ආදරය නොමඳව ලබමින් සම්මාන රැසකින් පුද ලබමින් පැමිණි ඔහුගේ කලා දිවියේදී ගායන ශිල්පියකු, නිෂ්පාදකවරයකු සහ නිවේදකයකු ලෙසද හැකියාවන් එළිදැක්‌වීමට ඔහු සමත් විය. ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය වංශකතාවේ කුළුඳුල් දරුවා වූ "දිමුතු මුතු" ටෙලි නිර්මාණයෙහි ප්‍රදාන චරිතයට ජීවය මුසුකළ පළමු ටෙලි රංගන ශිල්පිනිය වූ දේවිකා මිහිරාණි, විජය නන්දසිරි කලාකරුවාණන්ගේ සෙනෙහෙබර බිරිඳ විය. නවාංජනා සහ රසාංජන සුචිත්‍ර ඔවුනගේ දුවා දරුවන්ය.
අභාවප්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවාණන්ගේ දේහය මහජන ගෞරව සඳහා ගල්කිස්‌ස කලා පුරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට (11 වැනිදා) බ්‍රහස්‌පතින්දා ගල්කිස්‌ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
පන්සාළිස් වසරකටත් එපිට විහිදුණු ඒ ප්‍රතිභාපූර්ණ රංගන දිවිය, කලාවේ සුවිශේෂී පරිච්ඡේදය දැන් සදහටම මතකයක් පමණි. ඒ සොඳුරු මතකයන් ශේෂ කළ අසහාය රංගවේදියාණනි, විජය නන්දසිරි සහෘද සදාදරණීය ප්‍රවීණ කලා ශිල්පියාණනි, අපි ඔබට නිවන්පුර රුවන් දොරටු විවර වේවායි පතමු.
සුජීව තත්සර
පන්සාළිස් වසරක් කලා ලොව පොබ කළ විජය නන්දසිරි