ලොව භයානකම උත්සවයක්
ලොව නන්දෙසින් හැමදාමත් කුමක් හෝ අලුත් පුවතක් අනිවාර්යෙන්ම වාර්තා වෙනවා. යුද කෝලාහල, දේශපාලන සිදුවීම්, කලා තොරතුරු මේ අතරින් ප්‍රධානයි. නමුත් මේ සැමටම වඩා වෙනසක් අරුම පුදුම දැද මේ ලෝක බෝලය තුළ දිනපතාම සිදුවෙනවා. මේ කතාවත් ඇත්ත වශයෙන්ම අමුතු සිදුවීමක්. ලංකාවේ අපිට නම් හිතාගන්නවත් බැරි වැඩක්.

මේක වාර්තාවන්නේ ස්‌පාඤ්ඤයෙන්. බිළින්දන්ට ඉහළින් පැනීම (Baby Jumping) ලෙසට තමයි මේ ඉසව්ව නම් වුණේ. ස්‌පාඤ්ඤ බසින් නම් "එල් කොලාචෝ" (El Colacho) යනුවෙන් මෙය හඳුන්වනවා. මෙහිදී ඉතාමත්ම අසීරු කාර්යක පුද්ගලයෙක් යෙදෙනු දක්‌නට පුලුවන්. අලුත උපන් කිරිකැටි බිළින්දන් මෙට්‌ටයක තබා ඔවුනට ඉහළින් පුද්ගලයකු පනිනු ලබනවා. සමහරුන් පවසන්නේ මෙය බලා සිටිය නොහැකි තරමේ අසීරු ක්‍රියාවක් ලෙසටයි. ස්‌පාඤ්ඤයෝ බර්ගෝස් (Burgo) නගරයට ආසන්නයේ "කැස්‌ට්‍රිලෝ ඩි මර්සියා" (Castrillo de Murcia) ග්‍රාමයේ ඔබ උපන්නානම් ඔබ බිළිඳුම අවධියේදීද අනිවාර්යෙන් මේ ආකාරයෙන් කෙනෙකු ඔබට ඉහළින් පිම්මක් පනිනවා.

මෙහි ඉතිහාසගත වාර්තා පිරික්‌සීමේදී කෙසේ, කුමක් සඳහා ආරම්භ වූයේද යන්න ගැන තොරතුරු හමුවී නැහැ. නමුත් මෙය සිදු කිරීම අරමුණ ලෙස දක්‌වන්නේ මෙම බිළිඳුන්ගේ පව් නැති කිරීමටයි. මෙහි ඉතිහාසය 1620 දක්‌වා විහිදී ඇති බවටද සමහර වාර්තාවල සඳහන්. එසේම ලොව ඇති ඉතා භයානකම ඉසව්වක් ලෙසටද පිරිස් මෙය නම්කර තිබෙනවා.