ලොව මතභේදකාරී මුහුදු ප්‍රදේශ
දකුණු චීන මුහුද යනු චීන-ඇමෙරිකා යුද්ධයක් දක්වා දුරදිග යා හැකි ස්ථානයක් බව මේවන විට පෙනෙන්නට තිබේ.මේ සම්බන්ධව සංක්ෂිප්ත විස්තරයක් "දකුණු චීන මුහුදේ ආරවුල" නම් ලිපිය ඔස්සේ ගෙන ඉදිරිපත් කරන ලදි.දකුණු චීන මුහුද යනු මෙවැනි මතභේදකාරී එකම මුහුදු ප්‍රදේශය නොවේ.ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු ප්‍රදේශයේද ධීවර කටයුතු සම්බන්ධව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නීති කඩකිරීම් වාර්තා වේ.ඒ දෙරටේ ධීවරයින් මුහුදු සීමා උල්ලංඝණය කිරීම නිසාය.මෙම ප්රශ්නය බරපතල වී තිබෙන්නේ දකුණු ඉන්දීය ධීවරයින් නොනවත්වා ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශය ආක්‍රමණය කර නීතිවිරෝධී අයුරින් මසුන් මැරීමයි.නමුත් මීටත් වඩා ජාත්‍යන්තර අවධානය දිනාගත් අර්බුදකාරී මුහුදු ප්‍රදේශ තිබේ.
මැදිහත්ව සිටින රටවල්: ග්‍රීසිය සහ තුර්කිය
ඊජියන් මුහුදු ප්‍රදේශයේ ගුවන් සීමා උල්ලංඝනය කිරීම් ග්‍රීසිය සහ තුර්කිය යන රටවලට පොදු ප්රශ්නයකි.මෙම මුහුදේ තිබෙන දූපත් නිසා දෙරට අතර මුහුදු සීමා නිර්ණය කර තිබෙන ආකාරය සම්බන්ධව එකිනෙකා අතර එකඟ නොවන තත්ත්වයක් ඇතිව තිබේ.දෙරටේ ජෙට් යානා ගුවන් සීමා උල්ලංඝනය කිරීම් 2013 වර්ෂයේ සිට සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
මැදිහත්ව සිටින රටවල්: රුසියාව,යුක්රේනය සහ නේටෝ සංවිධානය
රුසියාව, ක්රිමියාව ඈදාගැනීම සහ යුක්රේන සිවිල් යුද්ධයට මැදිහත්වීම යන කාරණා නිසා කළු මුහුදේ නේටෝ/ඇමෙරිකා ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබේ.2015 වර්ෂයේදී කළු මුහුදේ යාත්‍රාකල ඇමෙරිකානු නියාමක මිසයිල සහිත යුද නෞකාවක් ආසන්නයෙන් පියාසර කරමින් රුසියානු සුකොයි-24 යානයක් සිදුකල අනතුරු ඇඟවීම තත්ත්වය තවත් තීව්ර කරන ලදි.නමුත් 2016 ජූනි මාසයේදී ඇමෙරිකාව කියා සිටියේ කළු මුහුදේ සිදුකරන නාවුක මුර සංචාර නොනවත්වා කරගෙන යන බවයි.තත්ත්වය තවත් නරක අතට හරවමින් 2016 අප්‍රේල් මාසයේදී යුක්රේනය සහ නේටෝ සාමාජික තුර්කිය මෙම මුහුදේ නාවුක අභ්‍යාසයක් දියත් කරන ලදි.
මැදිහත්ව සිටින රටවල්:නේටෝව සහ රුසියාව
මෙම ප්‍රදේශය වටව තිබෙන්නේ නේටෝ සාමාජික රටවල් වලිනි.රුසියාව විසින් ක්රිමියාව ඈදා ගැනීමෙන් පසුව බෝල්ටික් මුහුදු ප්‍රදේශයේ රුසියානු බිම් කඩක් වන කලීනින්ග්රෑඩ් වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට නේටෝව ක්‍රියාකරයි.පසුගිය අප්‍රේල් මස 12 දා රුසියානු ගුවන් යානා දෙකක් ප්‍රහාරක ලීලාවෙන් එම මුහුදේ යාත්‍රා කල එක්සත් ජනපද නාවික හමුදා යාත්‍රාවක් ඉහළින් පියාසර කරන ලදි.ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටියේ තමන්ගේ හමුදාවට අවශ්‍ය නම් එම ගුවන් යානා වෙඩි තබා බිම හෙළීමේ හැකියාව තිබූ බවයි.
මැදිහත්ව සිටින පාර්ශ්වයන්:ජාත්‍යන්තර ප්‍රජාව සහ මුහුදු මංකොල්ලකරුවන්
අප්‍රිකාව අග හෙවත් සෝමාලියාව සහ ආසන්න අරාබි මුහුද, මුහුදු මංකොල්ලකරුවන් ගැන කතා කරද්දී සැලකිය යුතු ඉතිහාසයක් සහිත ප්රදේශයකි.අරාබි මුහුදට ඕමාන් බොක්ක සහ පර්සියන් බොක්ක සම්බන්ධව තිබේ.තවද අතිශය වැදගත් බොර තෙල් ප්‍රවාහන නැව් මාර්ග මෙම කලාපය ඔස්සේ වැටී තිබේ.ගෝලීය වශයෙන් මංකොල්ලකරුවන් මර්ධන ක්‍රියාමාර්ග දියත්වීමත් සමග එම ප්රශ්නය දැන් අඩුවෙමින් තිබේ.
මැදිහත්ව සිටින රටවල්: ඉරානය,එක්සත් ජනපදය සහ අරාබි බොක්ක ආශ්රිත ජාතීන්
පර්සියන් බොක්ක,හෝම්ස් සමූද්‍ර සන්ධිය ඔස්සේ ඕමාන් බොක්කට සහ අරාබි මුහුදට සම්බන්ධ වේ.2013 වර්ෂයේදී මෙම මුහුදු ප්‍රදේශය ඔස්සේ දිනකට තෙල් බැරල් මිලියන 17ක් පමණ එනම් නාවික බොර තෙල් වෙළදාමෙන් 30%ක් ප්‍රවාහනය කෙරේ.හෝම්ස් සමූද්‍ර සන්ධිය මෙම ප්‍රදේශයේ තිබෙන තීරණාත්මක ස්ථානයකි.වරක් ඉරානය තර්ජනය කලේ මුහුදු මාර්ගයේ බෝම්බ එළන බව කියමින්ය.2015 පෙබරවාරි මාසයේ පැවැත්වූ ඉරාන නාවුක අභ්‍යාසයකදී ඔවුන් ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක අනුරුවක් විනාශ කිරීමේ මෙහෙයුම් එහිදී සිදුකරන ලදි.
මැදිහත්ව සිටින රටවල්: චීනය සහ ජපානය
ජපානය සතු නැගෙනහිර චීන මුහුදේ පිහිටා ඇති සෙන්කාකු/ඩයිඕයු දූපත් බොහෝ කාලයක සිට ජපානයට අයත් දේපලකි.නමුත් 1970 දශකයේදී චීනය මෙම දූපත්වලට අයිතිවාසිකම් කීමට පටන් ගන්නා ලදි.මෙම දූපත් ආශ්රිත මුහුද තෙල් සහ ගෑස් සම්පතින් මෙන්ම ධීවර සම්පතින්ද පොහොසත්ය.දෙරටේ නාවික සහ ගුවන් හමුදා අතර නොසන්සුන්කාරී මෙම කලාපය සුලභය.
මැදිහත්ව සිටින රටවල්: ජපානය සහ රුසියාව
මෙය උතුරු ජපානයත් රුසියාවත් වෙන්කර මුහුදු ප්රදේශයයි.ජපානයේ හිකයිඩෝ දූපතේ සිට රුසියාවේ කැම්චැට්කා අර්ධද්වීපය තෙක් දිවෙන කියුරිල් දූපත් සමූහය සම්බන්ධව දෙරට අතර අර්බුදකාරී තත්ත්වයක් තිබේ.මන්ද දෙවන ලෝක යුද්ධය සමයේදී සෝවියට් දේශය විසින් කියුරිල් දූපත්වලින් දෙකක් ඈදාගැනීමත් ඒවා ජපානයට අයත් ඒවා වීමත්ය.මෙම දූපත්වල අයිතිය සම්බන්ධ ප්රශ්නය රුසියානු-ජපාන සබඳතා සඳහා දශක ගණනක් තිස්සේ නරක ලෙස බලපා තිබේ.පසුගිය මාර්තුවේදී රුසියාව නිවේදනය කලේ කියුරිල් දූපත්වල මිසයිල රැඳවීමට සහ නාවුක කඳවුරු ඉදිරිකිරීමේ අරමුණක් තිබෙන බවයි.
පසුගිය දශකයක කාල සීමා තුල චීනය,දකුණු චීන මුහුදේ හුදකලා දූපත් සහ ගල්පර අටොලු ආදියට අයිතිවාසිකම් කීමත් එම කුඩා භූමි ප්‍රදේශ ගොඩකරමින් කෘත්‍රීම දූපත් නිර්මාණය කිරීමටත් පටන්ගෙන තිබේ.නමුත් දකුණු චීන මුහුදේ කෘත්‍රීම ඉදිකිරීම් කරන්නේ චීනය පමණක් නොව වියට්නාමයද තමන්ට හැකි පමණින් එම කාර්යය සිදුකරයි.දකුණු චීන මුහුදට චීනය,පිලිපීනය්,වියට්නාමය ආදී රටවල් අයිතිවාසිකම් කීම නිසාම කලාපය දැඩි ලෙස උණුසුම් වී තිබේ.චීනය අල්ලාගත් දූපත්වල මේවන විට ගුවන් පථ ඉදිකරමින් ,මිසයිල පද්ධති පිහිටුවමින් සිටින බව එක්සත් ජනපදය විසින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය කර තිබේ.කෙසේ වෙතත් පසුගිය දාක ජාත්‍යන්තර අධිකරණයක් ඔස්සේ ලබාදුන් තීන්දුවකින් කියවුනේ චීනය අයිතිවාසිකම් කියන 85%ක පමණ ප්‍රදේශය සම්බන්ධව ඔවුන්ට අයිතියක් නොමැති බවයි.නමුත් අධිකරණ තීන්දුව නොසලකා හරිමින් චීනය තවත් ආක්රමණකාරී ලෙස දකුණු චීන මුහුදේ හැසිරෙන බව වාර්තා වේ.
Source:businessinsider.com
-HarshaLulzSec-

ඊජියන් මුහුද

කළු මුහුද

බෝල්ටික් මුහුද

අරාබි මුහුද
මැදිහත්ව සිටින පාර්ශ්වයන්:ජාත්‍යන්තර ප්‍රජාව සහ මුහුදු මංකොල්ලකරුවන්
අප්‍රිකාව අග හෙවත් සෝමාලියාව සහ ආසන්න අරාබි මුහුද, මුහුදු මංකොල්ලකරුවන් ගැන කතා කරද්දී සැලකිය යුතු ඉතිහාසයක් සහිත ප්රදේශයකි.අරාබි මුහුදට ඕමාන් බොක්ක සහ පර්සියන් බොක්ක සම්බන්ධව තිබේ.තවද අතිශය වැදගත් බොර තෙල් ප්‍රවාහන නැව් මාර්ග මෙම කලාපය ඔස්සේ වැටී තිබේ.ගෝලීය වශයෙන් මංකොල්ලකරුවන් මර්ධන ක්‍රියාමාර්ග දියත්වීමත් සමග එම ප්රශ්නය දැන් අඩුවෙමින් තිබේ.
පර්සියන් බොක්ක
මැදිහත්ව සිටින රටවල්: ඉරානය,එක්සත් ජනපදය සහ අරාබි බොක්ක ආශ්රිත ජාතීන්
පර්සියන් බොක්ක,හෝම්ස් සමූද්‍ර සන්ධිය ඔස්සේ ඕමාන් බොක්කට සහ අරාබි මුහුදට සම්බන්ධ වේ.2013 වර්ෂයේදී මෙම මුහුදු ප්‍රදේශය ඔස්සේ දිනකට තෙල් බැරල් මිලියන 17ක් පමණ එනම් නාවික බොර තෙල් වෙළදාමෙන් 30%ක් ප්‍රවාහනය කෙරේ.හෝම්ස් සමූද්‍ර සන්ධිය මෙම ප්‍රදේශයේ තිබෙන තීරණාත්මක ස්ථානයකි.වරක් ඉරානය තර්ජනය කලේ මුහුදු මාර්ගයේ බෝම්බ එළන බව කියමින්ය.2015 පෙබරවාරි මාසයේ පැවැත්වූ ඉරාන නාවුක අභ්‍යාසයකදී ඔවුන් ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක අනුරුවක් විනාශ කිරීමේ මෙහෙයුම් එහිදී සිදුකරන ලදි.
නැගෙනහිර චීන මුහුද
මැදිහත්ව සිටින රටවල්: චීනය සහ ජපානය
ජපානය සතු නැගෙනහිර චීන මුහුදේ පිහිටා ඇති සෙන්කාකු/ඩයිඕයු දූපත් බොහෝ කාලයක සිට ජපානයට අයත් දේපලකි.නමුත් 1970 දශකයේදී චීනය මෙම දූපත්වලට අයිතිවාසිකම් කීමට පටන් ගන්නා ලදි.මෙම දූපත් ආශ්රිත මුහුද තෙල් සහ ගෑස් සම්පතින් මෙන්ම ධීවර සම්පතින්ද පොහොසත්ය.දෙරටේ නාවික සහ ගුවන් හමුදා අතර නොසන්සුන්කාරී මෙම කලාපය සුලභය.
ඕක්හොට්ස්ක් මුහුද
මැදිහත්ව සිටින රටවල්: ජපානය සහ රුසියාව
මෙය උතුරු ජපානයත් රුසියාවත් වෙන්කර මුහුදු ප්රදේශයයි.ජපානයේ හිකයිඩෝ දූපතේ සිට රුසියාවේ කැම්චැට්කා අර්ධද්වීපය තෙක් දිවෙන කියුරිල් දූපත් සමූහය සම්බන්ධව දෙරට අතර අර්බුදකාරී තත්ත්වයක් තිබේ.මන්ද දෙවන ලෝක යුද්ධය සමයේදී සෝවියට් දේශය විසින් කියුරිල් දූපත්වලින් දෙකක් ඈදාගැනීමත් ඒවා ජපානයට අයත් ඒවා වීමත්ය.මෙම දූපත්වල අයිතිය සම්බන්ධ ප්රශ්නය රුසියානු-ජපාන සබඳතා සඳහා දශක ගණනක් තිස්සේ නරක ලෙස බලපා තිබේ.පසුගිය මාර්තුවේදී රුසියාව නිවේදනය කලේ කියුරිල් දූපත්වල මිසයිල රැඳවීමට සහ නාවුක කඳවුරු ඉදිරිකිරීමේ අරමුණක් තිබෙන බවයි.
දකුණු චීන මුහුද
මැදිහත්ව සිටින රටවල්: චීනය,පිලිපීනය,වියට්නාමය,තායිවානය සහ මලයාසියාව

Last edited: