ලොව වේගවත්ම ක්ෂීරපායි සතුන් 10 ( Fastest Mammals )

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
ලොව වේගවත්ම ක්ෂීරපායි සතුන් 10 ( Fastest Mammals )

#1 චීටා ( Cheetah )
වේගය : පැ.කි 109.4–120.7 (පැ.සැ 68.0–75.0)

චිටා හට තත්පර 3ක් වැනි සුළු කාලයක් තුල වේගය පැ.කි 0 සිට 96.6 දක්වා වේගය වැඩි කර ගත හැක. එසේ වුවද දරා ගැනීමේ හැකියාව අඩු බැවින් බොහෝ විට එක වරකට තත්පර 60 ක පමණ කාලයක් වේගයෙන් ධාවනය කෙරේ.

#2 ප්රොන්ග්න් හෝර්න් ( Pronghorn )
වේගය : පැ.කි 88.5 (පැ.සැ 55.0)

දිගු දුරක් වේගයෙන් දිවිය හැකි සත්වයා ලෙස සැලකේ. American Antilope ලෙසද හඳුන්වයි. කි.මි 0.8 ක පමණ දුරක් පැ.කි 88.5 ක වේගයෙන් ද , කි.මි 1.6 ක පමණ දුරක් පැ.කි 67 ක වේගයෙන් ද ,කි.මි 6 ක පමණ දුරක් පැ.කි 56 ක වේගයෙන් ද දිවිය හැක.

#3 ස්ප්‍රින්ග්බොක් ( Springbok )
වේගය : පැ.කි 88 (පැ.සැ 55)

දකුණු ඇමරිකාවට ආවේනික මුව වර්ගයක් වේ. දුවන අතර තුර දිගු දුරක් පැනීමටත්, ක්ෂණයකින් වෙනත් දිශාවකට හැරීමටත් හැකියාවක් ඇත. දක්ෂ දිගු දුර ධාවකයන් නොවේ.

#4 වයිල්ඩ් බීස්ට් ( Wildebeest )
වේගය : පැ.කි 80.5 (පැ.සැ 50.0)

blue wildebeest සහ black wildebeest ලෙස වර්ග දෙකක් ඇත. දෙවර්ගයටම ඉතා වේගයෙන් දිව යාමේ හැකියාව ඇත. කෙටි දුර දිවීමට වට දිගු දුර දිවීමේ ධක්ෂයන් වේ

#5 සිංහයා ( Lion )
වේගය : පැ.කි 80.5 (පැ.සැ 50.0)

බලල් පවුලට අයත් දෙවන විශාලතම මෙන්ම දෙවන වේගවත්ම සත්වයා වේ. උපරිම වේගයෙන් ඉතා කෙටි දුරක් පමණක් දිවිය හැකි බැවින් ගොදුරක් ඇල්ලීමට පැනීමට පෙර හැකිතාක් එයට ලංවිම සිදු කරයි.

තව කියවන්න : http://www.nawalowadenuma.com/2015/12/10-fastest-mammals.html
 
  • Like
Reactions: djminuka and Ashman
Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
minihata kochchara wegen duwanda puluwanda?

මිනිසාගේ සාමාන්‍ය ඇවිදීමේ වේගය 1.4 m/s (5.0 km/h; 3.1 mph) පමණ වන අතර සාමාන්‍ය දිවිමේ වේගය 5.1 m/s (18 km/h; 11 mph) පමණ වේ.
මෙතෙක් මිනිසෙකු වාර්තා කල උපරිම වේගය වන්නේ උසේන් බෝල්ට් විසින් මීටර් 100 ලෝක වාර්තාව තත්පර 9.58 කින් නිම කිරීමයි. මෙහිදී ඔහු එක අවස්ථාවක 44.72 km/h (27.79 mph) ක් උපරිම වේගයකට ලගා වී තිබේ.
 
buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    මිනිසාගේ සාමාන්‍ය ඇවිදීමේ වේගය 1.4 m/s (5.0 km/h; 3.1 mph) පමණ වන අතර සාමාන්‍ය දිවිමේ වේගය 5.1 m/s (18 km/h; 11 mph) පමණ වේ.
    මෙතෙක් මිනිසෙකු වාර්තා කල උපරිම වේගය වන්නේ උසේන් බෝල්ට් විසින් මීටර් 100 ලෝක වාර්තාව තත්පර 9.58 කින් නිම කිරීමයි. මෙහිදී ඔහු එක අවස්ථාවක 44.72 km/h (27.79 mph) ක් උපරිම වේගයකට ලගා වී තිබේ.

    මදිනේ මචන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මදිනේ මචන්

    වේගය අඩු වුනාට මිනිස්සු තරම් එක දිගට දුවන්න හරි ඇවිදින්න හරි පුලුවන් සත්තු ඉන්නෙ බොහොම කීපයයි. මිනිස්සුන්ට පුලුවන් ගොඩක් සත්තු හති වැටිලා නවතිනකම් එලවලා අල්ල ගන්න(එහෙම් නොකලාට)
     
    Nov 30, 2015
    85
    77
    0
    www.nawalowadenuma.com
    වේගය අඩු වුනාට මිනිස්සු තරම් එක දිගට දුවන්න හරි ඇවිදින්න හරි පුලුවන් සත්තු ඉන්නෙ බොහොම කීපයයි. මිනිස්සුන්ට පුලුවන් ගොඩක් සත්තු හති වැටිලා නවතිනකම් එලවලා අල්ල ගන්න(එහෙම් නොකලාට)

    ඒක හරි . අනෙක සතුන්ට වේගයෙන් දුවන්න හැකියාව ලැබිල තියෙන්නේ තම ජීවිතය රැකගන්න පැනල දුවන්න හරි , ගොදුරු අල්ල ගෙන ආහාරයට ගන්න හරි නේ.