ලොව සාමකාමීම රටවල් දහය
(10) Czech ජනරජය
මෙරට GPI අගය දැක්‌වෙන්නේ 1.341 ලෙසය. යුරෝපයේ කුඩා මෙන්ම සුන්දර රාජ්‍යයක් ලෙස පවතී. මෙරට ප්‍රධානම ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තයයි. යුරෝපයේ වැඩිම සංචාරකයන්ගෙන් පිරි සුන්දර නගරය Prague මෙරට අගනගරයයි. Czech ජනරජය වෙත පැමිණෙන සංචාරකයන්ට හදිසි ඇමතුම් පහසුකම්, රක්‍ෂණාවරණ හොඳින් ලබාදීම නිසා අපරාධ, මංකොල්ල පිළිබඳ බියට පත්වීම කිසිසේත්ම නුසුදුසුයි. මන්ද මෙරට ඒ සම්බන්ධව පවතින්නේද ඉතාම පහළ අගයකි.
(9) ඔස්‌ට්‍රේලියාව
GPI අගය 1.329 වේ. ඔස්‌ට්‍රේලියාව යහපත් කාලගුණයක්, වාසිදායක අවස්‌ථා, ලොව පිළිගත් අධ්‍යාපන පද්ධතියක්, ස්‌වාභාවික සුන්දරත්වය යනාදිය පිරුණු භූමියකි. අපචාර, මංකොල්ලකෑම් මෙන්ම මිනී මැරුම් සම්බන්ධව අවම වාතාවරණයක් පවතී. මේ නිසා රට පුරා සැරි සැරීමට නිදහස පවතී. එමෙන්ම මෙරට තුළ විවිධ සංස්‌කෘතික රාමුවන්ගෙන් පිරී පවතින බැවින්, කිසිසේත්ම ආගන්තුකයකු ලෙස නොහිතෙනු ඇත. රැකියා විරහිතයන්ට, ශිෂ්‍යයන්ට, මෙන්ම සංචාරකයන්ට සේන්දුවීමට උචිතම රටක් ලෙස ඔස්‌ට්‍රේලියාව හැඳින්විය හැක. මන්ද එරට ශක්‌තිමත් මූල්‍ය පදනමක් සහිත රැකියා අවස්‌ථාද පවතී.
(8) ජපානය
ගෝලීය සාමකාමීත්වයට අදාළ රටවල් 10 අතුරින් එකම ආසියානු රට ජපානයයි. GPI අගය 1.322 කි. තාක්‍ෂණික සංවර්ධනය අතින් ඉහළින්ම සිටින අතරම ලොව බලවත්ම ආර්ථිකයක් සහිතව තුන්වන තැන පසුවෙයි. හරවත් සංස්‌කෘතික පදනමක්‌ද පවතී. අපරාධ, මිනී මැරුම් සම්බන්ධ ඉතාම පහළ වාතාවරණයක් පවතී. අසල්වැසි රටවල් සමග යහපත් සබඳතා පවත්වන ජපානයට පවතින්නේ එකම ආරක්‍ෂක බලකායකි. එය ජාත්‍යන්තර ආරක්‍ෂාව සඳහා වුවත්, වෘත්තීමය වශයෙන් බලකායන් නොපවතී. ලොව ඉහළ පෙළේ ප්‍රවාහන පද්ධතියක් ලෙස ප්‍රකට එරට ප්‍රධානම ගමනාගමනය වන්නේ "දුම්රිය ප්‍රවාහනයයි" ජපානයේ වේගවත්ම අධිවේගී දුම්රියෙහි වේගය පැයට කිලෝ මීටර් 350 කි.
(7) කැනඩාව
මෙරට GPI අගය 1.287 කි. තම රටේ පුරවැසියන්ට ඉහළ ආරක්‍ෂාවක් සැලසීමට කැනඩා රජය සමත්වී සිටී. අපරාධ, මිනීමැරීම් අවමය. එරට පුරවැසියන්ගේ ජීවන තෘප්තිමත් භාවය 7.6 අගයක පවතී. (සාපේක්‍ෂ අගය 10 න්) කැනඩාව අධ්‍යාපනය අතින් ලොව ප්‍රමුඛ රටක් ලෙස පිළිගනී. කැනඩාවේ රැකියා විරහිත භාවය 6.6% පහළ අනුපාතයක පවතී.
(6)ෆින්ලන්තය
ලොව සෙසු රටවලට සාපේක්‍ෂව කෲර, දූෂණය, අපරාධ අතින් පහළම තැනක පසුවෙයි. GPI අගය 1.277 කි. ෆින්ලනත්යට පවතින එකදු ආරක්‍ෂක බලකාය වන්නේ එක්‌සත් ජාතීන් විසින් යෝජිත අන්තර් ජාතික හමුදාව (සාමය සම්බන්ධව) පමණි. ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන පද්ධතියක් හිමිය. අධ්‍යාපන ගාස්‌තු අය නොකෙරේ. ෆින්ලන්ත ජාතිකයන්, ගණිතය, විද්‍යාව, කියෑවීම් අතින් සහජ කුසලතාවයන් දක්‌වති. මෙරට මාතෘ මරණ අනුපාතයද, ඉතාම පහළ අගයක දැක්‌වේ.
(5)ස්‌විට්‌සර්ලන්තය
සුන්දර, සුපිරිසිදු නගර, අවම අපරාධ දර්ශක මෙන්ම ඉහළ ප්‍රමිතියෙන් යුතු ආහාරපානවලින්, සමන්විත ස්‌ට්‌සර්ලන්තය, ලොව සාමකාමී බවින් ප්‍රීතිමත්ම රටකි. පුරවැසියන්ගේ දක්‍ෂතා ඔප්නංවන ඉහළ අධ්‍යාපන පද්ධතියක් හිමියි. පුද්ගල ආදායම ඉහළ අගයක් ගන්නා අතරම බදු ප්‍රතිශතය පහළ අගයක් ගනී. එහෙයින් බදුවලින් රැකවරණය ලබන ලොව ප්‍රමුඛම රට ස්‌විට්‌සර්ලන්තයයි. පාරිසරික හිතෛෂී බවින්ද ලොව ප්‍රධානම රාජ්‍යයයි.
(4) නවසීලන්තය
GPI අගය 1.221 කි. සමාජීය වර්ධනය, පුද්ගල සිරගත කිරීම අවම අගයක පැවැත්ම මෙන්ම, තම අසල්වැසි රටවල් සමග මිත්‍රශීලී සබඳතා පැවැත්වීම කැපී පෙනෙයි. මෙරටට ශක්‌තිමත්, ස්‌වාධීන අධිකරණ පද්ධතියක් හිමිය. එවැනිම ශක්‌තිමත් තම සේවයට කැපවුණු පොලිස් නිලධාරී සේවයක් හිමිය. ලොව පිළිගත් අධ්‍යාපන පද්ධතියක් මෙන්ම ඉහළ සෞඛ්‍ය සුරක්‍ෂිත භාවයක් පවතී.
(3) ඔස්‌ට්‍රියාව
යුරෝපය තුළ ප්‍රධානතම සහ ජීවත් වීමට සුදුසු ප්‍රමුඛම රට ඔස්‌ට්‍රියාවයි. මන්ද අපරාධ සහ මිනී මැරුම් අතින් මෙරට පසුවන්නේ පහළ ස්‌ථානයෙනුත් පහළය. ඔස්‌ට්‍රියාව ලොව ප්‍රමුඛ වන්නේ එරට පවිත්‍රතාව සහ පාරිසරික හිතෛශී බව අතිනි. GPI අගය 1.198 ක් වන අතරම ලොව පොහොසත්ම රාජ්‍යයකි. තෘප්තිමත් ජීවන තත්ත්වය, අනර්ඝ ප්‍රවාහන පද්ධතියක් මෙන්ම ඓතිහාසික සුන්දරත්වයෙන් පිරුණු ගෘහ නිර්මාණවලින් සමන්විතය. වසරකට සංචාරකයින් මිලියන ගණනින් පැමිණෙති.
(2) ඩෙන්මාර්කය
සාමකාමීත්වය අතින් ලොව දෙවනතැනපසුවන මෙරට GPI අගය 1.150 කි. මෙය ලොව ප්‍රීතිමත් රටවල් අතරද, ප්‍රමුඛස්‌ථානයක් හිමිකරගෙන සිටී. ඉහළ සෞඛ්‍යාරක්‍ෂිත බව, ඉහළ සාක්‍ෂරතාව සහිතව සුඛෝපභෝගී ලෙස ජීවත් වීමට සැලසෙන ප්‍රමුඛම රටකි. ඩෙන්මාර්කය තුළ ස්‌ත්‍රී පුරුෂ දෙපළම එක හා සමානව පිළිගනී. එය එරට කාන්තාවන් හට දේශපාලනික, අධ්‍යාපනික සහ සෞඛ්‍ය අතින් ඉදිරියට පැමිණීමට හේතු වී තිබේ. ඩෙන්මාර්කය නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ලබාදීමට එරට පුරවැසියන් හට පොරොන්දු වී තිබේ. එරට වැඩිම ජනගහනය සිටින Copenhagen නගරයේ පුරවැසියන් ඒ නරගයේ තම රැකියා ස්‌ථානවලට සහ පාසල් වියෙහි පසුවන්නන් තම අධ්‍යාපන ආයතන කරා ගමන් කරන්නේ පාපැදියෙන් හෝ පයින් ගමන් කිරීමෙනි. එයට හේතුව 2025 වන විට Copenhagen නගරය "කාබන්වලින් තොර නගරයක්" බවට පත් කිරීමේ අරමුණෙනි.
(1) අයිස්‌ලන්තය
මේ ඔබ කවුරුත් බලාපොරොත්තු වූ රටයි. එනම් සංචාරය කිරීමට සුදුසුම රටයි. නැතහොත් ගෝලීය සාමකාමී දර්ශකය 1.1148 ලබාගත් ලොව සාමකාමී ම රාජ්‍යයි. මෙරට ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිතයි. අයිස්‌ලන්තය යැයි කියූ පමණින් ඇඟ සීතල වී ගියත්, ජීවන තෘප්තිමත් භාවය ඉහළයි. සාක්‍ෂරතාව 99% කි. ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය එක හා සමානව සලකන අතරම සෑම අංශයකම කාන්තා නියෝජනය සහිතය. තම ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්‌ථාවක පෙනී සිටින පුරවැසියන් සිටින ලොව හොඳම රට අයිස්‌ලන්තයයි. අපරාධ අවම රාජ්‍යයක් වන අතරම 1980 දී Vigdís Finnbogadóttir ජනාධිපතිනිය ලෙස පත්කර ගනිමින් යුරෝපයේ පළමු කාන්තා ජනාධිපතිනිය පත්කරගත් රටයි. ඩෙංගු උවදුරින් සම්පූර්ණයෙන්ම නිදහස්‌ය.
සතුටින් මෙලොව කොහේ හෝ ජීවත් වීමට හැකිනම් අගනේ යෑයි, ඇතැම් පුද්ගලයන් සිතන්නේ තම ජීවිතයේ බොහෝ කලක් ගෙවුණු පසුවය. එහෙත් තම ජීවිත කාලය පුරාම සතුටින් මෙන්ම සාමකාමීව ලෝකයේ වාසය කිරීමට සුදුසු පරිසරයක ජීවත්වීම සෑම මිනිසෙකුම භාග්‍යක් කොට සලකන බව නොරහසකි. වර්තමානයේ ඇතැම් රටවල පවතින යුද්ධ කෝලාහල නිසා එම රටවලින් සාමකාමී බව පළා ගොස් ඇතිබව දැන් ලොවම දනී. ඒ කෙසේ වෙතත් 2016 වසරේ "ගෝලීය සාමය සම්බන්ධ ලේඛනය" ට (Global Peace Index) අදාළ වාර්තාවට අනුව රටවල් 162 සාමය සම්බන්ධව ලේඛනගත කරනලදී. මෙම ලේඛණයට අදාළව මැන බලන්නේ අපරාධ අවම වීම, අසල්වැසි රටවල් සමග යහපත් සබඳතා, යුද ගැටුම්වලින් තොරවීම, අධ්‍යාපනික දියුණුව ආදී බොහෝ කරුණුය. පහත දැක්‌වෙන්නේ, ගෝලීය සාමය සම්බන්ධ මැන බලන දර්ශකවලින්, අඩුම අගය හිමි ලොව සාමකාමීම රටවල් දහයයි.

Last edited: