සමහර අයියලා අක්කලාට පුළුවන් පපුව රත්වෙලා අමාශේ ඇකිලිලා අක්මාව උණුවෙන සැර බීම ජාති වතුර බොනවා වගේ ලේසියෙන් ශරීරගත කරගන්න. අන්න ඒ යටත් බොන්න සැහෙන්න අමාරු වෙන ලෝකේ තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය වැඩිම මත්පැන් වර්ග 10 මේ. මේ ලයිස්තුවේ විවිධ රටවල් හදන විවිධ විස්කි වර්ග විවිධ වොඩ්කා වර්ග සහ විවිධ රම් වර්ග තියෙනවා වගේම ඔයගොල්ලෝ අහපු නොහාපු බිම වර්ග ගොඩක් තියෙනවා. ඒවගේම කියන්න ඕන මේ මත්පැන් වර්ග වැඩි හරියක් පාවිචි කරන්නේ කොක්ටේල් වලට නැත්තන් වෙනත් බිම වර්ග හෝ ආහාර වර්ග හදන්න, මොකද මේ බීම අමුවෙන් බොන්න සැහෙන්න අමාරුයි මොකද මේවගේ සැර එච්චරට වැඩි යි .
මේ ලිස්ට් එකේ අනුපිළිවල හදල තියෙන්නේ සැර කුඩා එකේ ඉදල වැඩි වන පිලිවලට
කින්ග් ඔෆ් ස්පිරිට්ස් ඇබ්සින්ත් නිෂ්පාදනය කරන්නේ චෙක් ජනරජයේ. Grand wormwood ශාකය මෙන්ම තවත් ශාකසාර ද්‍රව්‍ය වලින් අවුරුදු 200 පැරණි ස්විස් වට්ටෝරුවක ට අනුව තමයි මේ බීම වර්ගය හදන්නේ. මේ බීම වර්ගය අධික තිත්ත රසයක් ගන්නවා මේකේ පැහැය කොළ පාටට හුරු කහ පැහැයක්.
සුප්‍රසිද්ධ බකාඩි සන්නාමය යටතේ එන රම් වර්ගයක් තමයි මේ. මේ බීම වර්ගය වහා ගිනිගන්නා සුළුයි ඒ ගැන මේ බෝතලේ අසුරුමේම සඳහන් කරල තියෙනවා. මේ බීම වර්ගය ගොඩක් ම යොදා ගන්නේ Cuba Libre වගේ කොක්ටේල් වර්ග හදන්න. මේ බීම වර්ගයේ සැර ගැන කියනවා නම් වරක් ලතින් ඇමෙරිකානු තරුණයෙක් එයාගේ 19වන උපන් දිනයේ දී බකාඩි 151 බෝතලයක් ම පානය කරපු නිසා මිය යනවා. මේ බීම වර්ගයේ ඇති අධික ගිනි ගන්න ස්වාභාවය අනතුරු රැසකට මුල් වුනා, මේ නිසා වගේම තවත් හේතු ගනණාවක් නිසා බකාඩි සමාගම 2016 දී බකාඩි 151 නිෂ්පාදනය කරන එක නවත්නවා. අන්තර්ජාතික වෙළදපොලේ මෙම බීම වර්ගය $23 මුදලකට ගැනීමේ හැකියාවක් පැවතුනා.
ශාක වර්ග හා පලතුරු වර්ග ඇතුලත් රහස් වට්ටෝරුවකින් ඔස්ට්‍රියාවේ තමයි ස්ට්‍රෝ රම් හදන්නේ. මේ බීම වර්ගය මුලින් ම හදල තියෙන්නේ 19 වන සියවසේදීයි. මේ බීම වර්ගය බොන්න විතරක් නෙමෙයි කේක් වගේ කෑම වර්ග හදන්නත් පාවිචි කරනවා. ලෝකේ තියෙන සැරම රම් වර්ග වලින් එකක් විදියට හදුන්වන්න පුළුවන් ඉතින් මේ ස්ට්‍රෝ රම් බිලා වෙච්ච රසවත් සිදුවීමක් අපේ ක්‍රිකට් වීරයෝ වෙච්ච මුරලි සංගක්කාර දෙන්නටත් තියෙනවා මේ ලිපිය කියවලා මේ වීඩියෝ එකත් බලන්න.
මේ රම් වර්ගය නිෂ්පාදනය කරන්නේ කැරබියානු සාන්ත වින්ස්ටන් දුපතේ වැවෙන අනර්ඝ උක්දඩු වලින්. මේ බීම වර්ගය තේරෙන සිංහලෙන් කිව්වොත් අමුවෙන් බොන එක මාර අහිතකරයි සන්සෙට් රම් බෝතලයේ ලේබලේයම යම් දෙයක ට මික්ස් කරලා බොන්න කියල නිෂ්පාදකයෝම අවවාද කරල තියෙනවා.
සිතල සර්බියානු කදුකරයේ වැවෙන ධාන්‍ය වර්ග 5කින් හදන මේ වොඩ්කා වර්ගය බල්ගේරියාවේ නිෂ්පාදනයක්. බෝල්කන් 176 දැනට ලෝකේ නිෂ්පාදනය කරන සැරම වොඩ්කා වර්ග වලින් එකක් මේ වොඩ්කා බෝතලයේ ලේබලයේ මේ බීම නිතර බිව්වොත් වෙන හානි 13ක් බ්‍රේල් භාෂාව ඇතුළු භාෂා කීපයකින් අවවාද කරල තියෙනවා. බල්ගේරියාවේ නිෂ්පාදනය වුනත් මේ බීම වර්ගය වැඩියෙන් ජනප්‍රිය දකුණු අමෙරිකාවෙයි.
මේක ලෝකේ මිල අධිකම වොඩ්කා වර්ග වලින් එකක්. පින්සර් ෂැංහයි ස්ටේන්ග්ත් හදන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර. චීන පාරම්පරික වෛද්‍ය විද්‍යාවට අනුව අක්මාවට හොඳයි කියල සැලකෙන wild elderflower ශාකයෙනුත් milk thistle ඔෟෂධ ශාකයෙනුත් සාරය අරන් රහස් වට්ටෝරුවකින් තමයි නිර්මාණය වෙන්නේ. අන්තර්ජාතික වෙළදපොලේ 136$ මුදලකට මේ බිම වර්ගය මිලදී ගන්න පුළුවන්, ඒවගේම ෂොට්ස් 65 ක් පමණ මේ බෝතලයෙන් බොන්න පුළුවන්.
චෙක් ජනරජයේ නිෂ්පාදනය වෙන තවත් ඇබ්සින්ත් වර්ගයේ බිමක් තමයි මේ. කිසිදු නීතියක් නැත “There are no rules” මේ වැකිය හැප්ස්බර්ග් ගෝල්ඩ් ලේබල් ප්‍රිමියම් ඇබ්සින්ත් බෝතලයේ ලේබලයේ ප්‍රින්ට් වෙලා එනවා , එත් මේ බීම බොද්දි අපි නම් කියන්නේ එක රිතියක් අනුගමනය කලොත් ඇඟට ගුණයි කියල මොකද මේ බීම අමුවෙන් බිව්වොත් විශේෂයෙන් අක්මාවට ලොකු හානියක් වෙන්න පුළුවන්. සාමන්‍යයෙන් සියලුම ඇබ්සින්ත් වර්ගයේ බීම නිසා මනොවිකාර තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසාම 19 වෙනි සියවසේදී පමණ මේ බිම වර්ගය යුරෝපයේ තහනම් කරනවා, 20 වෙනි සියවසේදී පමණ යුරෝපයේ තහනම් ඉවත් වුනත් අදටත් එක්සත් ජනපදයේ මේ බීම විකිණීම තහනම්.
මේ බීම වර්ගය අවුරුදු 250 ඉතිහාසයක් තියෙන එයටම අවේණික වෙච්ච රසයක් තිබෙන වටිනා සුදු රම් වර්ගයක්. මේ බීම වර්ගය හදන්නේ කැරබියානු දුපත් වල ග්‍රෙනේඩා වල වැවෙන රසවත් උක්වලින්. මේ බීම වර්ගය පෙරන්නෙත් ඉතා මන්දගාමි ඉපැරණි සුවිශේෂී ක්‍රමවේදයකටයි. මේ වගේ අවේණික ලක්ෂණ නිසාම මේ බීම වර්ගයේ මිල ඉතා අධිකයි.
ධාන්‍ය වලින් පෙරන මේ බීම නිෂ්පාදනය කරන්නේ එක්සත් ජනපදයේ. මේක කිසිම රහක් නැති බීමක්, මේ එවර්කිල්යර් නිෂ්පාදන වල 60% 75 % සැර ප්‍රතිශතය දරන තවත් සාමාජිකයන් ඉන්නවා. එව(ර්) ක්ලියර් වල තියෙන ප්ලේන් රස නිසා ම වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේකේ තියන මේ අධික ඇල්කොහොල් සාන්ද්‍රණය ශරීරයට ඉතා අහිතකරයි කොච්චරද කියනවා නම් එව(ර්) ක්ලියර් ෂොට්ස් තුනකට ඇල්කොහොල් විෂ බාවයෙන් මනුස්සයෙක් මරන්න හැකියාවක් තියෙනවා. මේ නිසාම එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්ත මේ බිම තහනම් කරලා තියෙනවා.
මෙයා තමයි මේ ලිස්ට් එකේ රජතුමා ඒ කියන්නේ මෙයා තමයි දැනට තියෙන සැරෙන් අධිකම මත්පැන් වර්ගය. ස්පිරිටස් ස්ට්වස්කි කියන්නේ පෝලන්තයේ ධාන්‍ය වලින් නිෂ්පාදනය කරන මත්පැන් විශේෂයක්. මේ බීම වර්ගය ගොඩක් වෙලාවට ඇල්කොහොල් මිශ්‍ර බිම හදන්න තමයි යොදා ගන්නේ අමුවෙන් බොන්න නම් කොහොමටත් ගන්නේ නැහැ. එත් බීපු සම-හරක් නම් කියන්නේ බිව්වට පස්සේ තඩි පොල්ලකින් බඩට ගහනවා වගේ මාර සනීපයක් දැනුනා කියලයි. ඒවගේම මේකේ සැර නිසාම එක්සත් ජනපදයේ මේ ස්පිරිටස් ස්ට්වස්කි අඩංගු කරලා හදපු Four Loko වගේ බීම වර්ග තහනම් කරලා තියෙනවා.

10) කින්ග් ඔෆ් ස්පිරිට්ස් ඇබ්සින්ත් (King Of Spirits Absinthe) Vol 70%
කින්ග් ඔෆ් ස්පිරිට්ස් ඇබ්සින්ත් නිෂ්පාදනය කරන්නේ චෙක් ජනරජයේ. Grand wormwood ශාකය මෙන්ම තවත් ශාකසාර ද්‍රව්‍ය වලින් අවුරුදු 200 පැරණි ස්විස් වට්ටෝරුවක ට අනුව තමයි මේ බීම වර්ගය හදන්නේ. මේ බීම වර්ගය අධික තිත්ත රසයක් ගන්නවා මේකේ පැහැය කොළ පාටට හුරු කහ පැහැයක්.
9) බකාඩි 151 (Bacardi 151) Vol 75%
සුප්‍රසිද්ධ බකාඩි සන්නාමය යටතේ එන රම් වර්ගයක් තමයි මේ. මේ බීම වර්ගය වහා ගිනිගන්නා සුළුයි ඒ ගැන මේ බෝතලේ අසුරුමේම සඳහන් කරල තියෙනවා. මේ බීම වර්ගය ගොඩක් ම යොදා ගන්නේ Cuba Libre වගේ කොක්ටේල් වර්ග හදන්න. මේ බීම වර්ගයේ සැර ගැන කියනවා නම් වරක් ලතින් ඇමෙරිකානු තරුණයෙක් එයාගේ 19වන උපන් දිනයේ දී බකාඩි 151 බෝතලයක් ම පානය කරපු නිසා මිය යනවා. මේ බීම වර්ගයේ ඇති අධික ගිනි ගන්න ස්වාභාවය අනතුරු රැසකට මුල් වුනා, මේ නිසා වගේම තවත් හේතු ගනණාවක් නිසා බකාඩි සමාගම 2016 දී බකාඩි 151 නිෂ්පාදනය කරන එක නවත්නවා. අන්තර්ජාතික වෙළදපොලේ මෙම බීම වර්ගය $23 මුදලකට ගැනීමේ හැකියාවක් පැවතුනා.
8) ස්ට්‍රෝ රම් (Stroh Rum) Vol 80%
ශාක වර්ග හා පලතුරු වර්ග ඇතුලත් රහස් වට්ටෝරුවකින් ඔස්ට්‍රියාවේ තමයි ස්ට්‍රෝ රම් හදන්නේ. මේ බීම වර්ගය මුලින් ම හදල තියෙන්නේ 19 වන සියවසේදීයි. මේ බීම වර්ගය බොන්න විතරක් නෙමෙයි කේක් වගේ කෑම වර්ග හදන්නත් පාවිචි කරනවා. ලෝකේ තියෙන සැරම රම් වර්ග වලින් එකක් විදියට හදුන්වන්න පුළුවන් ඉතින් මේ ස්ට්‍රෝ රම් බිලා වෙච්ච රසවත් සිදුවීමක් අපේ ක්‍රිකට් වීරයෝ වෙච්ච මුරලි සංගක්කාර දෙන්නටත් තියෙනවා මේ ලිපිය කියවලා මේ වීඩියෝ එකත් බලන්න.
7) සන්සෙට් රම් (Sunset Rum) Vol 84.5%
මේ රම් වර්ගය නිෂ්පාදනය කරන්නේ කැරබියානු සාන්ත වින්ස්ටන් දුපතේ වැවෙන අනර්ඝ උක්දඩු වලින්. මේ බීම වර්ගය තේරෙන සිංහලෙන් කිව්වොත් අමුවෙන් බොන එක මාර අහිතකරයි සන්සෙට් රම් බෝතලයේ ලේබලේයම යම් දෙයක ට මික්ස් කරලා බොන්න කියල නිෂ්පාදකයෝම අවවාද කරල තියෙනවා.
6) බෝල්කන් 176 (Balkan 176) Vol 88%
සිතල සර්බියානු කදුකරයේ වැවෙන ධාන්‍ය වර්ග 5කින් හදන මේ වොඩ්කා වර්ගය බල්ගේරියාවේ නිෂ්පාදනයක්. බෝල්කන් 176 දැනට ලෝකේ නිෂ්පාදනය කරන සැරම වොඩ්කා වර්ග වලින් එකක් මේ වොඩ්කා බෝතලයේ ලේබලයේ මේ බීම නිතර බිව්වොත් වෙන හානි 13ක් බ්‍රේල් භාෂාව ඇතුළු භාෂා කීපයකින් අවවාද කරල තියෙනවා. බල්ගේරියාවේ නිෂ්පාදනය වුනත් මේ බීම වර්ගය වැඩියෙන් ජනප්‍රිය දකුණු අමෙරිකාවෙයි.
5) පින්සර් ෂැංහයි ස්ට්‍රෙන්ග්ත් (Pincer Shanghai Strength) Vol 88.88%
මේක ලෝකේ මිල අධිකම වොඩ්කා වර්ග වලින් එකක්. පින්සර් ෂැංහයි ස්ටේන්ග්ත් හදන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර. චීන පාරම්පරික වෛද්‍ය විද්‍යාවට අනුව අක්මාවට හොඳයි කියල සැලකෙන wild elderflower ශාකයෙනුත් milk thistle ඔෟෂධ ශාකයෙනුත් සාරය අරන් රහස් වට්ටෝරුවකින් තමයි නිර්මාණය වෙන්නේ. අන්තර්ජාතික වෙළදපොලේ 136$ මුදලකට මේ බිම වර්ගය මිලදී ගන්න පුළුවන්, ඒවගේම ෂොට්ස් 65 ක් පමණ මේ බෝතලයෙන් බොන්න පුළුවන්.
4) හැප්ස්බර්ග් ගෝල්ඩ් ලේබල් ප්‍රිමියම් ඇබ්සින්ත් (Hapsburg Gold Label Premium Reserve Absinthe) Vol 89.9%
චෙක් ජනරජයේ නිෂ්පාදනය වෙන තවත් ඇබ්සින්ත් වර්ගයේ බිමක් තමයි මේ. කිසිදු නීතියක් නැත “There are no rules” මේ වැකිය හැප්ස්බර්ග් ගෝල්ඩ් ලේබල් ප්‍රිමියම් ඇබ්සින්ත් බෝතලයේ ලේබලයේ ප්‍රින්ට් වෙලා එනවා , එත් මේ බීම බොද්දි අපි නම් කියන්නේ එක රිතියක් අනුගමනය කලොත් ඇඟට ගුණයි කියල මොකද මේ බීම අමුවෙන් බිව්වොත් විශේෂයෙන් අක්මාවට ලොකු හානියක් වෙන්න පුළුවන්. සාමන්‍යයෙන් සියලුම ඇබ්සින්ත් වර්ගයේ බීම නිසා මනොවිකාර තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසාම 19 වෙනි සියවසේදී පමණ මේ බිම වර්ගය යුරෝපයේ තහනම් කරනවා, 20 වෙනි සියවසේදී පමණ යුරෝපයේ තහනම් ඉවත් වුනත් අදටත් එක්සත් ජනපදයේ මේ බීම විකිණීම තහනම්.
3) රිවර් ඇන්ටෝයින් රෝයල් ග්රනේඩියන් රම් (River Antoine Royale Grenadian Rum) Vol 90%
මේ බීම වර්ගය අවුරුදු 250 ඉතිහාසයක් තියෙන එයටම අවේණික වෙච්ච රසයක් තිබෙන වටිනා සුදු රම් වර්ගයක්. මේ බීම වර්ගය හදන්නේ කැරබියානු දුපත් වල ග්‍රෙනේඩා වල වැවෙන රසවත් උක්වලින්. මේ බීම වර්ගය පෙරන්නෙත් ඉතා මන්දගාමි ඉපැරණි සුවිශේෂී ක්‍රමවේදයකටයි. මේ වගේ අවේණික ලක්ෂණ නිසාම මේ බීම වර්ගයේ මිල ඉතා අධිකයි.
2) එව(ර්)ක්ලියර් (Everclear) Vol 95%
ධාන්‍ය වලින් පෙරන මේ බීම නිෂ්පාදනය කරන්නේ එක්සත් ජනපදයේ. මේක කිසිම රහක් නැති බීමක්, මේ එවර්කිල්යර් නිෂ්පාදන වල 60% 75 % සැර ප්‍රතිශතය දරන තවත් සාමාජිකයන් ඉන්නවා. එව(ර්) ක්ලියර් වල තියෙන ප්ලේන් රස නිසා ම වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේකේ තියන මේ අධික ඇල්කොහොල් සාන්ද්‍රණය ශරීරයට ඉතා අහිතකරයි කොච්චරද කියනවා නම් එව(ර්) ක්ලියර් ෂොට්ස් තුනකට ඇල්කොහොල් විෂ බාවයෙන් මනුස්සයෙක් මරන්න හැකියාවක් තියෙනවා. මේ නිසාම එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්ත මේ බිම තහනම් කරලා තියෙනවා.
1) ස්පිරිටස් ස්ට්වස්කි (Spirytus Stawski) (Vol 96%)
මෙයා තමයි මේ ලිස්ට් එකේ රජතුමා ඒ කියන්නේ මෙයා තමයි දැනට තියෙන සැරෙන් අධිකම මත්පැන් වර්ගය. ස්පිරිටස් ස්ට්වස්කි කියන්නේ පෝලන්තයේ ධාන්‍ය වලින් නිෂ්පාදනය කරන මත්පැන් විශේෂයක්. මේ බීම වර්ගය ගොඩක් වෙලාවට ඇල්කොහොල් මිශ්‍ර බිම හදන්න තමයි යොදා ගන්නේ අමුවෙන් බොන්න නම් කොහොමටත් ගන්නේ නැහැ. එත් බීපු සම-හරක් නම් කියන්නේ බිව්වට පස්සේ තඩි පොල්ලකින් බඩට ගහනවා වගේ මාර සනීපයක් දැනුනා කියලයි. ඒවගේම මේකේ සැර නිසාම එක්සත් ජනපදයේ මේ ස්පිරිටස් ස්ට්වස්කි අඩංගු කරලා හදපු Four Loko වගේ බීම වර්ග තහනම් කරලා තියෙනවා.
Photo Gallery
-
Barcadi 151 හි ලේබලයේ ගිනිගන්නා සුළු බව අවවාද කර ඇති සටහන
-
Balkan වොඩ්කා ලේබලයේ භාෂා 13කින් ඇති අවවාද සටහන
-
රිවර් ඇන්ටෝයින් රෝයල් ග්රනේඩියන් රම් නිපදවන ඉපැරණස්කාගාරය
-
Pincer shanghai strength නිපදවීමට
භාවිතා කරන Wild Elderflower -
Pincer shanghai strength නිපදවීමට
භාවිතා කරන -
Absinthe නිපදිවමට භාවිතා කරන
grand wormwood ශාකය