ලොව_වැඩියෙන්ම_වටින_ආභරණ

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ලොව_වැඩියෙන්ම_වටින_ආභරණ

    1. ඩයනා කුමාරිකාවගේ මුද්ද.
    Princess-Diana-Engagement-Ring.jpg

    මේ මුද්ද ඩයනා කුමාරිකාවට චාල්ස් කුමාරයා දුන්නේ ඒ දෙන්නගේ විවාහ ගිවිසුම ගන්න දවසේ. දියමන්ති 14කින් වටවුන කැරට් 12ක ඉන්ද්‍රනීල ගලක් සුදු රත්තරන් වල තියල තමයි ඒක හැදුවේ. මේ මුද්ද හදපු කාලයේදී එහි වටිනාකම ස්ටර්ලින් පවුන්ඩ් 28,000යි. ඩයනා කුමාරිකාවගේ මරණයෙන් පස්සේ මේ මුද්ද ලැබුනේ හැරී කුමරුට. ඒත් මෑතකදී එයා මුද්ද විලියම් කුමරුට දුන්නා. විලියම් කුමරු මේ මුද්ද ඔහුගේ බිරිඳ වන කේට් කුමරියට ඒ දෙන්නා විවාහ ගිවිසුම ගත්ත දවසේදී තෑග්ගක් හැටියට දුන්නා.

    2. මාරි ඇන්ටනට්ගේ මාලය.
    marie.jpg

    ඔස්ට්‍රියාවේ පාලකයෙක් වූ පළවන ෆ්‍රැන්සිස් රජ්ජුරුවන්ගේ දුවෙක් වූ මාරි ඇන්ටනට් සතුව තිබ්බ මේ මාලය වෙනස් ජාතියේ දියමන්ති වර්ග වලින් හදපු එකක්. වැඩි වශයෙන් සුදු දියමන්ති වලින් සමන්විත මේ මාලයේ ගොඩක් දුලබ ගනයේ කහ දියමන්ති දෙකක් වගේම අපූරු රෝස දියමන්තියකුත් තියනවා. මේ මාලේ වටිනාකම ඩොලර් මිලියන 3.7ක් වෙනවා.

    3. මරියා රැජිණගේ මාලය.
    images

    ඩොලර් 1,828,224 වටින මේ මාලය අයිති වුනේ එංගලන්තයේ පළමු ගැහැණු පාලකයා වූ මරියා රැජිණියට. මේ මාලයේ හරිත වර්ණයේ මැණික් වෙන එමරල්ඩ් ගල් 50ක් වගේම දියමන්ති විශාල ප්‍රමාණයක් තිබ්බා.

    4. හොං කොං වල නිල් දියමන්ති මුද්ද
    blue-diamond-sothebys-HK-Oct-2011.png

    මේ මුද්ද හොං කොං වල පවත්වපු වෙන්දේසියකදී ඩොලර් මිලියන 20කට විකුණුණා. කැරට් 6කට වැඩි මේ මුද්දේ මැද නිල් දියමන්ති ගලක් එක්ක රෝස දියමන්ති ගල් දෙකක් තියනවා. මේ මුද්ද හදලා තියෙන්නේ ප්ලැටිනම් වලින්.

    5. ගොල්කොන්ඩා වල දියමන්ති අරුංගල්.
    Golconda-Diamond-Earrings.png

    Golconda Diamond Earrings 19 Most Expensive Pieces of Jewelry on the Planet

    ඉන්දියාවේ ගොල්කොන්ඩා පතල් වලින් ලබාගත් දියමන්ති වලින් තමා මේ අරුංගල් ජෝඩුව හදලා තියෙන්නේ. මේ අරුංගල් ජෝඩුවේ වටිනාකම ඩොලර් මිලියන 9.3යි. එක අරුංගලයක බර කැරට් 23කට වැඩි අගයක් වෙනවා.
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Princess-Diana-Engagement-Ring.jpg

    මේ මුද්ද හදල තියෙන්නෙ ලංකාවෙ. ඩයනා කුමරිය අනතුරට පත් වෙනකොට ත් මේ මුද්ද දාගෙන ඉඳල තියෙන්නෙ. චාල්ස් කුමරය බ්‍රිතාන්‍ය ඔත්තු සේවා එක්ක අනතුරෙන් පස්සෙ ලංකාවට හොරෙන්ම ඇවිල්ලත් තියෙනව ලු මුද්ද හදපු එක්කෙනාව හම්බෙන්න investigation කටයුතු වලට

    more info:
    http://www.bbc.com/news/world-south-asia-13214228
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Princess-Diana-Engagement-Ring.jpg

    මේ මුද්ද හදල තියෙන්නෙ ලංකාවෙ. ඩයනා කුමරිය අනතුරට පත් වෙනකොට ත් මේ මුද්ද දාගෙන ඉඳල තියෙන්නෙ. චාල්ස් කුමරය බ්‍රිතාන්‍ය ඔත්තු සේවා එක්ක අනතුරෙන් පස්සෙ ලංකාවට හොරෙන්ම ඇවිල්ලත් තියෙනව ලු මුද්ද හදපු එක්කෙනාව හම්බෙන්න investigation කටයුතු වලට

    more info:
    http://www.bbc.com/news/world-south-asia-13214228

    :shocked: අඩෝ.. ඇත්ත නේන්නන්
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-

    :yes::yes: