ලොව_විශාලතම

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොව විශාලතම සක්‌මන් මුද්‍රාව සහිත
    බුද්ධ ප්‍රතිමාව නිරාවරණය 5 දා




    buddha.jpg
    වාරියපොල ශ්‍රී සුමංගල මහා පිරිවෙන් විහාරස්‌ථාන භූමියේ රුපියල් ලක්‍ෂ 300 ක්‌ පමණ මුදලක්‌ වැය කර ඉදිකෙරෙමින් පවතින ලෝකයේ විශාලතම සක්‌මන් මුද්‍රdව සහිත බුද්ධ ප්‍රතිමාව ලබන සැප්තැම්බර් මස 05 වැනි දින විවෘත කිරීමට නියමිතව ඇත.

    බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම තායිවානයේ ලියුකොන් ස්‌වාමීන් වහන්සේ අතින් සිදු කෙරෙන බව වාරියපොල ශ්‍රී සුමංගල මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ උප කුලපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රීලක්‌ඛන්ධ නායක හිමියෝ "දිවයින"ට පැවසූහ.

    මා අනුරාධපුරයේ භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිටින කාලයේ අනුරාධපුර ප්‍රදේශයේ චාරිකාවල යෙදුනා. එAවායේ තිබෙන සිද්ධස්‌ථාන නටබුන් ආදිය බොහෝදුරට නැරඹුවා. දැනටත් මා නටඹුන් ගොඩක්‌ මැදයි ජීවත් වෙන්නේ. දිනපතා උදේ සවස සිද්ධස්‌ථානවල වන්දනා මාන කටයුතුවල යෙදුනා. දිනපතාම රුවන්වැලි සෑයට, ලෝවාමහපාය වැනි ස්‌ථානවලට යනවා.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ,

    මේ බුදු පිළිමය අඩි 92 ක්‌ උසයි. මෙයට වියදම් කළ මුදල කොපමණ ද කියල තවම තක්‌සේරු කරල නැහැ. දැනට කෙසේ වෙතත් රුපියල් කෝටි 03 ක්‌ පමණ මුදලක්‌ වැය වෙලා තිබෙනවා. විවෘත කිරීමේ අවස්‌ථාවට ස්‌වාමීන් වහන්සේලා 1200 ක්‌ සහභාගි වෙනවා. එA භික්‍ෂූන් වහන්සේලා 800 ක්‌ හා මෙහෙණින් වහන්සේලා 400 ක්‌ වශයෙනුයි.

    තායිවානයේ මහාචාර්ය ලියුකොන් ස්‌වාමීන් වහන්සේ මෙම බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 35 ක පමණ මුදලක්‌ ලබාදී තිබෙනවා. මෙය ඉදිකළ ශිල්පියා කුරුණෑගල ප්‍රභාත් චින්තකයි. ජයන්ත සමරකෝන් මහතාත් මෙයට මුදල් පරිත්‍යාග කොට තිබෙනවා.

    ඡායාරූපය - දුම්මලසූරිය - සෝමවීර ගම්ලත්


    divaina
     
    • Like
    Reactions: dgvirajm