ලොව_විශාලතම_පවුල

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ලොව_විශාලතම_පවුල

    ලොව විශාලතම පවුල

    1644519105family2.jpg



    ලෝකයේ විශාලතම පවුල ලෙස ලෝක වාර්තාවකට හිමිකම්කීමේ අවස්ථාව උදාවී ඇත්තේ අපේ රටට අසල්වාසී ඉන්දියාවේ පවුල් ඒකකයකටය. එම පවුලේ ගෘහ මූලිකයා වන සිඕනා චනා නම් 67 වියැති පුද්ගලයාය. ඔහුට බිරින්දෑවරුන් 39 දෙනෙක් :baffled:, දරුවන් 94 :oo:දෙනෙක් හා මුණුපුරු මිණිපිරියන් 33 :eek: දෙනෙක් සිටින අතර මෙම දැවැන්ත පවුල ජීවත්වන්නේ ඉන්දියාවේ මිසොරම් ප්‍රාන්තයේ බක්ට්වන්ග් නගරයේ සිට 100 km පමණ දුරින් පිහිටි රමණීය ග්‍රාමයකය.

    මෙම සියලුම සාමාජිකයින් කාමර 100 න් සමන්විත එකම නිවසක වාසය කරන අතර ඔවුනගේ සාමාන්‍ය දිවා ආහාර වේලක් සඳහා කුකුළන් 30 දෙනෙකු හා අර්තාපල් රාත්තල් 132 ක් පමණ අවශ්‍ය වන බව සඳහන්ය. එමෙන්ම ඔවුන්ගේ එක් වේලක් සඳහා සහල් රාත්තල් 220ක් පමණ පිසින බව ද පැවසෙයි. සිඕනා ප්‍රථම වරට විවාහ වන විට ඔහුගේ වයස 17 ක් පමණක් වී ඇති අතර තවත් කිහිපවරක් වුවද විවාහ වීමට තමා පසුබට නොවන බව ඔහු සඳහන් කරයි.:oo:

    >>>>