ලෝකයටම ගහන්න හදපු පුටින්ගෙ මිසයිල
රුසියාව විසින් නිපදවා ඇති නව මිසයිල් හා නවීනතම අවි ආයුධ සම්බන්ධයෙන් මේවනවිට ලොවපුරා දැඩි කතා බහක් ඇතිවී තිබේ.
සාමාන්‍ය මිසයිල බොහෝමයක් ද්‍රව ඉන්ධන හා පෙට්‍රල් එන්ජින් වලින් බල ගැන්වෙන ඒවා වූවද මෙම නව රුසියානු මිසයිලවල විශේෂත්වය ඒවා න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වීමය.
එසේම යුද ගුවන්යානා රැගෙන යන නැව් වලට මෙන්ම ලොව ආරක්ෂිත පද්ධති වලින් ආරක්ෂා කර ඇති ප්‍රධාන නගර වලට පවා මේ මිසයිල මගින් පහරදිය හැකි බව සඳහන්ය.
රුසියානු ජනාධිපති වැලැඩ්මියර් පුටින් පසුගියදා රුසියානුවන් සතු නව මිසයිල ගණනාවක් ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කළේය.
අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල, දිගු දුර මිසයිල, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන කෲස් මිසයිල, කින්සාල් හයිපර් සොනික් මිසයිල ඒ අතර විය.
රුසියානු මිසයිල වලින් ආරක්ෂාවන්නට ඇමෙරිකාව පුරා ඇමෙරිකානු මිසයිල ආරක්ෂක පද්ධති පැවැතියද රුසියාවේ නව මිසයිල පද්ධති වලට එම ඇමරිකානු ආරක්ෂක පද්ධති අභිබවා යාහැකි බව පැවසේ. එම නිසා ඇමෙරිකාවට මෙම රුසියානු නව මිසයිල පද්ධතිවලට මුහුණ දිය හැකි නව මිසයිල ආරක්ෂණ පද්ධති නිර්මාණය කරන්නට සිදුව තිබේ.
rusia1
රුසියාව විසින් නිපදවා ඇති කින්සාල් හයිපර් සොනික් මිසයිලය මිග් - 31 ප්‍රහාරක යානාවලින් නිකුත් කෙරෙන අතර සැතපුම් 1242 ක් දුරකට ඒ මගින් ප්‍රහාර එල්ල කළ හැක. මෙම මිසයිලය පැයට කිලෝමීටර් 3069 වේගයෙන් ගමන් කරන බව සඳහන්ය. මේ වේගය හේතුවෙන් එවැනි මිසයිලයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පහසු නැත.
rusia2
එසේම න්‍යෂ්ටික යුද්ධයකදී ඇමෙරිකාවට පහරදිය හැකි නව න්‍යෂ්ටික අවි රැසක්ද රුසියාව විසින් නිපදවා තිබේ.
අනෙක් ප්‍රධානතම කරුණ නම් රුසියානු නව මිසයිල වලින් ඇමෙරිකාවේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමට රුසියාවට ඇති හැකියාවයි. මේ නිසා ඇමෙරිකාවේ සමස්ත ආරක්ෂාව බරපතල ගැටලුවකට මුහුණ පෑමය.
එපමණක් නොව ලොව ඕනෑම ස්ථානයකට රුසියානු මිසයිල මගින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී. මේ නිසා රුසියාවේ යුද ශක්තිය ලොව පුරා අලුතින් කතාබහට ලක්වන්නට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙවර රුසියානු ජනාධිපතිවරණයද අතළඟය. මෙවර පුටින්හට ප්රතිවාදියකුද නොමැති තරම්ය. ඔහුගේ ප්‍රධාන ප්රතිවාදියාහට ජනාධිපතිවරණයට තරග කළ නොහැකි පරිදි පනවා ඇති නීතිමය බාධා නිසා පුටින්හට ජනාධිපතිවරණය පහසුවෙන් ජයගන්නට හැකිවනු ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස්කර මුළු ඇමෙරිකාවම උඩුයටිකුරු කළ පුටින් තම න්‍යෂ්ටික අවි හා මිසයිල පද්ධති හරහා ඇමෙරිකාවට කරන්නට හදන්නේ කුමක්දැයි ලොවම බලා සිටී.
ජනිත සෙනවිරත්න - දිවයින


