ලෝකයට ණය පුබ්බෝරුවන්....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ලෝකයට ණය පුබ්බෝරුවන්....


    අපේ රටේ මුල්තැන දෙන්නේ වැඩ කිරීමට නොව නිවාඩු ගැනීමටය. විවිධ ආගමික හා ජාතික උත්සව නිමිතිකොට වසරේ දින 21 ක්‌ නිවාඩු ලැබෙන අතර පෝය නිවාඩුවට වසරට දින 12 ක්‌ වෙන් වේ. සති අන්ත නිවාඩු දින 54 කි. පෞද්ගලිකව ලබාගත හැකි නිවාඩු දින ගණන 45 කි. මේ දින ගණන් එකතු කළ විට දින 182 ක්‌ එනම් අවුරුද්දේ දිනවලින් බාගයක්‌ම රාජ්‍ය නිලධාරීහු නිවාඩු පිට සිටිති. රටක්‌ හදන්නට, රටට වැඩ කරන්නට ජනතාවගෙන් වැටුප් හා වරදාන ලබා ගන්නා මේ පිරිස අවුරුද්දේ බාගයක්‌ම නිවාඩු පිට වැඩ නොකර සිටිති.

    දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පොළවට සමතලා වී ගිය ජපානයේ හිරෝෂිමාව යළි ආර්ථිකයේ මුදුන් හිනිපෙත්තටම පය තැබූයේ නොනැවතී එක හුස්‌මට වැඩ කිරීමෙනි.

    "පුතේ... දුවේ උඹට බඩගිනි දැනෙනවාද? එහෙම නම් ආහාරපාන අවශ්‍යය. ආහාරපාන ගැනීමට මුදල් වුවමනාය. මුදල් අතට ගැනීමට නම් අතපය වෙහෙසා වැඩකළ යුතුය. යන්තම් හය හතර තේරී පොළවට පය තැබූ හැම ජපන් දරුවෙකුටම මෙය මන්ත්‍රයක්‌ සේ කටපාඩම් කරවීය. බාල කාලේ හිතට කාවැදුණ මේ සංකල්පය තුළින් නැගී සිටියේ නොනැවතී වැඩකරන ජපන් මිනිසෙකි. නිර්මාණ වැඩවල යෙදී සිටින ජපන් සමාගම් අපේ රටේ වැඩ කරද්දීත් මේ ජාතික ලක්‍ෂණය ඔවුන් කෙරෙන් ගලායයි. ඉංජිනේරු, අධ්‍යක්‍ෂ, කළමනාකාර එබඳු තනතුරු භේදයක්‌ නැත. හැමදෙනාම වැඩබිමේ කඩියන් සේ වැඩ කරති. මේ වැඩ කිරීමේ සංකල්පය නිසාම බිමට වැටී සිටි ජපානය කෙටි කලකින් නැගිට්‌ටේය. අපට නිදහස ලැබී දැන් වසර 68 ක්‌ ගෙවී ඇත. අපි අදත් ලෝකයට අතපාමින් සිටිමු. වරද කාගෙද? කොතැනද?

    අප සමඟ එකදා නිදහස ලබාගත් ඉන්දියාව අද අහසට රොකට්‌ විදිති. අපේ රට ඔවුන්ගේ යාන වාහනවලින් පුරවා ඇත. නිදහස ලැබූ ගමන් ඉන්දීය නායක මහත්මා ගාන්ධි දණහිසට රෙදිකඩක්‌ ඇඳගෙන බක්‌කි කරත්තයෙන් වැඩබිමට ගොස්‌ වැඩකරුවන් දිරි ගන්වමින් තමන්ද ඔවුන් සමඟ වැඩ කළේය. ආහාර හා භාණ්‌ඩ නිෂ්පාදනයෙන් ඔවුහු පොහොසත් වූහ. ඔවුන් නිපදවන ආහාර භෝග අදටත් අපි ණයට කමු. රටක්‌ හා ජනතාවක්‌ හැටියට අපට ලඡ්ජා බය තිබේද?

    සුද්දා අපේ මව්බිම අපට බාරදෙන විට ලෝකයට රුපියලක්‌ වත් ණයවී තිබුණේ නැත. 1948 සිට අපේ රට බාරගත් ස්‌වදේශීය පාලකයන් ගෙන් බහුතරය කළේ මොනවාද? ණයට කෑමය. තමන්ගේ බලය හා පක්‍ෂය ශක්‌තිමත් කර ගැනීම සඳහා ලෝකයෙන් ණයට ගෙන ජනතාවට නිකං බෙදීම ඔවුන්ගේ දීන පිළිවෙත වී තිබුණි. අද වන විට අපේ රටේ සෑම පුරවැසියෙක්‌ම රුපියල් ලක්‍ෂ හතරක්‌ පමණ ලෝකයට ණය වී සිටිති. රට සංවර්ධනය කළ හැටි කදිමයි නේද?

    ඉන්දීය යාන වාහන අද වන විට අපේ රටේ මහාමාර්ග බදුගෙන තිබේ. බැලු බැලු තැන ඉන්දීය වාහනය. අපේ රටට තවමත් පාගන බයිසිකලවත් හරියට හදා ගැනීමට හැකිවී තිබේද? විවිධ මෝස්‌තරවල වාහන ලක්‌ෂ ගණනින් නිපදවන ඉන්දීය නායකයෝ අදත් ගමනට බිමනට යොදා ගන්නේ ඒ රටේ නිපදවන "ඇම්බෙසඩර්" වැනි කුඩාම මෝටර් රථය. නමුත් හරියට බයිසිකලවත් හදා ගැනීමට බැරි අපේ රටේ නායකයන්ට රුපියල් කෝටි දෙක තුන වටිනා සැප වාහන නැතිව ගමන් බිමන් යා නොහැකිය. මේ අප යන්නේ සංවර්ධනයටද?

    අපේ රටේ මිනිසුන් බහුතරය වැඩ කරන්නේ නැත. වැඩ කිරීමට දිරි ගැන්වීමක්‌ද නැත. ජනතාවගෙන් වැටුප් ලබමින් රට හා ජනතාව ගොඩගැනීමට බැඳී සිටින රාජ්‍ය නිලධාරීන්ගෙන් රජයේ කාර්යාල පිරී ඇත. රාජ්‍ය කළමනාකරුවන්ට අවශ්‍ය යාන වාහන හා සැප පහසුකම් ජනතාව විසින් සපයා ඇත. පසුගිය වසරවල උපාධිධාරීන් ලක්‌ෂ ගණනින් රජයේ සේවයට බඳවාගෙන කාර්යාල පිරවූහ. නමුත් රටේ සංවර්ධනයක්‌ හෝ ජනතාවගේ සුව පහසුවක්‌ පෙනෙන්නට තිබේද? අදටත් අපි ආහාරපාන සඳහා ලෝකයට දිව දික්‌ කරමින් සිටින්නෙමු.

    ජපානයේදී වාහනයක්‌ පදවාගෙන යන මිනිසා දිවා ආහාරය ළංවූ විට පාර හරහා දුම්රියක්‌ පැමිණේ නම් වාහනය නවත්වා ඒ සුළු මොහොතට ආහාර කටවල් කීපයක්‌ ගිල දමා වතුර උගුරු දෙක තුනක්‌ බී පාර නිදහස්‌ වූ විට වාහනය පණ ගන්වා ගමන් කරයි. ඒ සුළු මෙහොත පවා ඔහු අපතේ යවන්නේ නැත. පාර හරහා වැටී තිබූ ජල නළයක්‌ පුපුරා යැමෙන් දෙපසේ වාහන නැවතී තිබියදී ඒ ළඟම පදිංචිව සිටි පුරවැසියා වහාම අවශ්‍ය කරන උපකරණ ගෙනැවිත් ජල නලය සකස්‌ කොට වාහන ගමනා ගමනයට මඟපාදයි. ඒ ජපනාගේ දේශීය උරුමයයි. ජපනා හපනා වූයේ මේ අන්දමට වැඩ කිරීමෙනි.

    අපේ රටේ මුල්තැන දෙන්නේ වැඩ කිරීමට නොව නිවාඩු ගැනීමටය. විවිධ ආගමික හා ජාතික උත්සව නිමිතිකොට වසරේ දින 21 ක්‌ නිවාඩු ලැබෙන අතර පෝය නිවාඩුවට වසරට දින 12 ක්‌ වෙන් වේ. සති අන්ත නිවාඩු දින 54 කි. පෞද්ගලිකව ලබාගත හැකි නිවාඩු දින ගණන 45 කි. මේ දින ගණන් එකතු කළ විට දින 182 ක්‌ එනම් අවුරුද්දේ දිනවලින් බාගයක්‌ම රාජ්‍ය නිලධාරීහු නිවාඩු පිට සිටිති. රටක්‌ හදන්නට, රටට වැඩ කරන්නට ජනතාවගෙන් වැටුප් හා වරදාන ලබා ගන්නා මේ පිරිස අවුරුද්දේ බාගයක්‌ම නිවාඩු පිට වැඩ නොකර සිටිති. වැඩි පඩි, වැඩි වරදාන ඉල්ලා පෙරළි කිරීමට රාජ්‍ය වෘත්තීය සමිති නිතර උනන්දු වන නමුත් වැඩියෙන් වැඩකොට රට ගොඩගැනීමට කතා කරන හෝ උනන්දුවන වෘත්තීය සමිතියක්‌ පෙනෙන තෙක්‌ මානයක නැත.

    දවසේ පැය 24 න් අප රටට වැඩ කිරීමට බැඳී සිටින්නේ පැය අටකි. අවුරුද්දට පැය 8760 ක්‌ පවතී. නමුත් යටකී වැඩ කිරීමට නියමිත දින 182 තුළ රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ පැය 1456 ක්‌ පමණි. ඒ අනුව පැය 7304 ක්‌ම රාජ්‍ය සේවකයෝ නිවාඩු පිට කල්ගත කරති. අපේ මේ රට දවසින් දවසම අගාධයට යැම පුදුමයක්‌ද?

    රටට හා ජනතාවට සේවය කරන්නට ජනතා සේවයට බැඳෙන වෛද්‍යවරු හා ගුරුවරු වැනි තනතුරු දරන අයගෙන් සමහර අය ජනතාවගෙන් වැටුප් ගන්නා කාලය කොල්ල කාගෙන දොස්‌තර කඩ, උපකාරක පංති ආදී වශයෙන් බාහිරව මුදල් ඉපැයීමේ මාර්ගවලට පිවිසී සිටිති.

    බලයට කෑදරකමින් දඟලන මේ රටේ දේශපාලන පක්‍ෂ රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා රාජ්‍ය මුදලින් ජනතාවට තෑගි බෝග දෙමින් ජනතාව මුළාකොට ජනතාවගේ මනාපය ලබා ගනිති. ජනසවිය නමින් පටන්ගෙන පසුව සමෘද්ධිය ලෙස පවත්වාගෙන එන රටේ මුදල් නිකං බෙදන දේශපාලන ව්‍යාපාරයට රටේ පවුල්වලින් 51% ක්‌ පමණ සම්බන්ධ කරගෙන සිටිති. මේ රටේ ජනාධිපති පදවියට පත්වීම සඳහා ද ලබාගත යුතුව ඇත්තේ ජන මනාපයෙන් 51% කි. ලෝකයේ කොයි රටක වත් වැඩකරන අයට මිස නිකං සිටින අයට රජයේ මුදල් බෙදාදීමක්‌ නැත. දුප්පත්කම තුරන් කරන්නට යෑයි වෙස්‌ මුහුණු බැඳගෙන කරගෙන යන මෙම නිකං සල්ලි බෙදන ව්‍යාපාරය ආරම්භ කොට දැනට වසර 25 කට වැඩිය. මේ වන විට කී දෙනකු දුප්පත්කමින් ගැලවී ගොස්‌ සිටීද? මෙය තනිකරම බලයේ රැඳී සිටීම සඳහා යොදාගත් දේශපාලන උප්පරවැට්‌ටියකි. රටේ සල්ලි නිකං බෙදාදී රට ගොඩනැඟිය හැකිද?

    මේ වන විට පාසල් දරුවන්ට පොත්පත්, ඇඳුම් ආදිය අවුරුදු පතා නොමිලේ බෙදා දෙති. මව්වරුන්ට පෝෂණ මලු නිකං බෙදාදෙති. සමෘද්ධිය, උදළු තල, සිල් රෙදි, පොහොර මලු, වැඩිහිටියන්ට මුදල් ආදිය බෙදති. මේ කොතැනක වත් රට සංවර්ධනය කිරීමේ අරමුණක්‌ නැත. හැම තැනම තැවරී ඇත්තේ රටේ බලය ලබාගන්නා දේශපාලන මායම්ය. මෙවැනි නිකං බෙදීමේ ව්‍යාපාර නිසා රට දවසින් දවසම ප්‍රපාතයට ඇද වැටේ. මුලදීද සඳහන් කළ පරිදි සුද්දා අපේ රට අපට බාර දෙද්දී ලෝකයට රුපියලක්‌ වත් ණයවී තිබුණේ නැත. නමුත් අපේ දේශපාලන නායකයන් රට බාර ගැනීමෙන් පසු වසර 68 ක්‌ තිස්‌සේ දේශපාලන අරමුණු දිනා ගැනීමට ජනතාවට නිකං බෙදීම පිණිස ලෝකයට ණයවීමේ හේතුවෙන් මේ වන විට මේ රටේ සෑම පුරවැසියෙක්‌ම ලෝකයට රුපියල් ලක්‌ෂ ගණන් ණයවී සිටිති. අපේ දේශපාලකයන් රට කරගෙන ආ අපූරුව මෙයින් පැහැදිලි වේ.

    අපේ රටේ කිසිම කරුණකට ස්‌ථාවර ජාතික ප්‍රතිපත්තියක්‌ නැත. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල කවර පක්‍ෂයක්‌ බලයට පත්වුවත් නොසෙල්විය හැකි ස්‌ථාවර ජාතික ප්‍රතිපත්ති පවතී. අපේ රටට නිදහස ලැබී වසර 68 ක්‌ ගෙවීගියත් අදටත් ජාතික ප්‍රතිපත්තියක්‌ නැත. විශේෂයෙන් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රවාහනයට ඇමැතිවරුන් පත් කිරීමට කිසිදු ප්‍රතිපත්තියක්‌ නැත.

    ජනාධිපතිතුමාගේ අභිමතය අනුව රට බංකොළොත් කිරීමට එක්‌ හේතුවක්‌ වන ඇමැතිවරුන් පත් කිරීම ඕනෑ තරමක්‌ කළ හැකිය. ලංකාව මෙන් හැට ගුණයක්‌ විශාල ඉන්දියාවේ ඇමැති මණ්‌ඩලය 31 කි. ඉන්දියාවට වඩා හැට ගුණයකින් කුඩා ලංකාවේ අද ඇමැති මණ්‌ඩලය 94 කි. බලයට පත්වන දේශපාලන පක්‍ෂවලට ඇමැතිවරුන්ට, ජාතික ප්‍රතිපත්තියක්‌ නැතිව තමන්ගේ කැමැත්තට වැඩ කළ හැකිය.

    මේ රට හදන්නට ජීවිතය කැපකළ අනගාරික ධර්මපාලතුමාගේ අවසාන ප්‍රාර්ථනය වූයේ තමන් යළිත් ලංකාවේ නූපදීවා යන්නයි. පුරා වසර 68 ක්‌ තිස්‌සේ අපේ මව්බිම දේශපාලකයන් විසින් කෑල්ලෙන් කෑල්ලම අනුභව කිරීම නිසා අද ජීවත් වන රටේ සාමාන්‍ය පුරවැසියන්ටත් ප්‍රාර්ථනය කිරීමට සිදුව ඇත්තේ දේශපාලන පුබ්බෝරුවන් ගිලගෙන ඇති මේ රටේ යළිත් නූපදීවා යන්නයි.

    From fb
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මට අනන්තවත් හිතිලා තියනවා සුද්දෝ තාම හිටියනම් හරි කියලා, සුද්දෝන්ව එලෙව්වේ ජාතිය හා සංස්කෘතිය රැක ගන්න ඕනි කියලනේ කෝ දැන් එක තියනවද ?
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    රටේ බහුතරයකගේ ඔලු හැදුනු දාට හරිහමන් දේශපාලන නායකයෝ මේ රටේ ඉදියි.. එතකන් මෙහෙම තමා.. පුළුවන් තරම් රටේ එවුන්ගේ මොළ හදපල්ලා කියන්නේ ඒකයි..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට අනන්තවත් හිතිලා තියනවා සුද්දෝ තාම හිටියනම් හරි කියලා, සුද්දෝන්ව එලෙව්වේ ජාතිය හා සංස්කෘතිය රැක ගන්න ඕනි කියලනේ කෝ දැන් එක තියනවද ?
    Indeed. That's why some British islands in Caribbean still celebrate Queens b'day more cheerful than Britons.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    රටේ බහුතරයකගේ ඔලු හැදුනු දාට හරිහමන් දේශපාලන නායකයෝ මේ රටේ ඉදියි.. එතකන් මෙහෙම තමා.. පුළුවන් තරම් රටේ එවුන්ගේ මොළ හදපල්ලා කියන්නේ ඒකයි..

    Lankawe minissu ipadichcha dawase indan hama dema nikan anduwen ganna purudu wela thiyenne.
    Lankawe minissu chande denne Rs1 hari thamange wasiya balala rata gana hithala nemei. Ada lankawe salli wisi nokara chanda ganna bari tharam.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට අනන්තවත් හිතිලා තියනවා සුද්දෝ තාම හිටියනම් හරි කියලා, සුද්දෝන්ව එලෙව්වේ ජාතිය හා සංස්කෘතිය රැක ගන්න ඕනි කියලනේ කෝ දැන් එක තියනවද ?

    :yes::yes::yes::yes::yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Lankawe minissu ipadichcha dawase indan hama dema nikan anduwen ganna purudu wela thiyenne.
    Lankawe minissu chande denne Rs1 hari thamange wasiya balala rata gana hithala nemei. Ada lankawe salli wisi nokara chanda ganna bari tharam.
    ඔය කතාව දවසක් මම කියලා මට හොදටම බැන්නා.. පොහොහර සහනාදාරෙයි, විශ්ව විද්යාල අද්යාපනෙයි ගැන ත්ඩ් එකක.. ඔයාගේ නම් ඉතින් රෙප් කපන්න බැරි හින්දා හොදා..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැදියාව බල්ලට ගියාම, ඒ නිසාම හට ගන්න ප්‍රශ්න වලින් මිනිසුන්ගෙ ඔලු පීඩනයට පත් උනාම, ඒ නිසා මුළු පරිසරයම (quantum level) නපුරු සිතුවිලි වලින් පිරුණම, එන පාලකයාගේ ඉඳල ඔක්කොම අප්සෙට්. ලංකාවට වෙලා තියෙන්නෙ අන්න ඒක තමයි.

    මේ රට හදන්න නම් මුළු රටේම හැදියාව හදන්න ඕනේ. සිංගප්පූරුව වගේ හැම දේටම නීති රීති දාල, තියෙන ඒවා හරියට ක්‍රියාත්මක කරලා, රටේ මිනිස්සු පීඩනයට පත් වන තැන් සියල්ල නැති කරන්න ඕනේ. දැනටමත් මේ වගේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙන බටහිර හෝ වෙනත් සංවර්දිත ඕනෙම රටකින් මේකට උදාහරණ ගන්න පුළුවන්. ඒ රටවල් සියල්ලෙහිම ක්‍රමය (system ) උපරිමයෙන් වැඩ කරනවා. සංවර්දිත කියන සෑම රටකම තියෙන පොදු ලක්ෂණය තමයි මිනිස්සු පීඩනයට පත් වන කරුණු හරිම අඩුයි. අපේ රටේ මොන මට්ටමක පුද්ගලයෙකුට උනත් රටේ ජීවත් වෙනවා කියන්නේ ලොකු පීඩනයක්. මම දකින විදියට නම් අපේ ප්‍රශ්න සියල්ලටම හේතුව නිසි ක්‍රම වේදයක්, හැදියාවක් නැති එක.


    ඉතින් මේ රට වලපල්ලට යන එක පුදුමයක් නෙමෙයි.

     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    හැදියාව බල්ලට ගියාම, ඒ නිසාම හට ගන්න ප්‍රශ්න වලින් මිනිසුන්ගෙ ඔලු පීඩනයට පත් උනාම, ඒ නිසා මුළු පරිසරයම (quantum level) නපුරු සිතුවිලි වලින් පිරුණම, එන පාලකයාගේ ඉඳල ඔක්කොම අප්සෙට්. ලංකාවට වෙලා තියෙන්නෙ අන්න ඒක තමයි.

    මේ රට හදන්න නම් මුළු රටේම හැදියාව හදන්න ඕනේ. සිංගප්පූරුව වගේ හැම දේටම නීති රීති දාල, තියෙන ඒවා හරියට ක්‍රියාත්මක කරලා, රටේ මිනිස්සු පීඩනයට පත් වන තැන් සියල්ල නැති කරන්න ඕනේ. දැනටමත් මේ වගේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙන බටහිර හෝ වෙනත් සංවර්දිත ඕනෙම රටකින් මේකට උදාහරණ ගන්න පුළුවන්. ඒ රටවල් සියල්ලෙහිම ක්‍රමය (system ) උපරිමයෙන් වැඩ කරනවා. සංවර්දිත කියන සෑම රටකම තියෙන පොදු ලක්ෂණය තමයි මිනිස්සු පීඩනයට පත් වන කරුණු හරිම අඩුයි. අපේ රටේ මොන මට්ටමක පුද්ගලයෙකුට උනත් රටේ ජීවත් වෙනවා කියන්නේ ලොකු පීඩනයක්. මම දකින විදියට නම් අපේ ප්‍රශ්න සියල්ලටම හේතුව නිසි ක්‍රම වේදයක්, හැදියාවක් නැති එක.


    ඉතින් මේ රට වලපල්ලට යන එක පුදුමයක් නෙමෙයි.


    :yes::yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    suddo hitiyanam meka melahata demala kolaniyak karala...


    මට අනන්තවත් හිතිලා තියනවා සුද්දෝ තාම හිටියනම් හරි කියලා, සුද්දෝන්ව එලෙව්වේ ජාතිය හා සංස්කෘතිය රැක ගන්න ඕනි කියලනේ කෝ දැන් එක තියනවද ?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    suddo hitiyanam meka melahata demala kolaniyak karala...
    එහෙම නම් ඉතින් ඒක සින්හල මිනිහගේ වැරැද්ද මචො.. අරූට මූට වැරැද්ද කියලා හරියන්නේ නැ.. තායිලන්ඩ් ආදර්ශෙට ගනින්. ආසියාවේ යටත් විජිතයක් නොවුනු එකම රට. හැබැයි උන් සුද්දට ගේම දෙන්න හැදුවේ නැ. උන්ගේන් ගන්න පුලුවන් දේ අරගෙන රට ගොඩ දාගත්තා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    මට අනන්තවත් හිතිලා තියනවා සුද්දෝ තාම හිටියනම් හරි කියලා, සුද්දෝන්ව එලෙව්වේ ජාතිය හා සංස්කෘතිය රැක ගන්න ඕනි කියලනේ කෝ දැන් එක තියනවද ?

    owa kiyanna epa sinhalunta ridenawa :(
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ කතාව සහතික ඇත්ත. ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ නිකන් කකා බිබී ඔක්කොම හම්බකරගන්න. කැම්පස් එවුන් රටේ සල්ලි වලින් ඉගනගෙන පාරවල්වල පිස්සු නටනව. වැඩ කරන එවුනුත් හරි කම්මැලියි. අනිත් රටවල වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඔක්කොම වැඩ කරනව. ලංකාවෙ මිනිහ හම්බ කරල ගෙනත් දෙනකන් ගෑනි ගෙදර බුදියනව. ඉතින් රට කොහොමද සංවර්ධනය වෙන්නෙ.