ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    19827_logo.jpg

    පහනට තෙල් නැති කමින් කළුවරේ දුක් විඳින අසල්වැසියාට එළිය දිය යුතුය. එය ප්‍රතිමාවකට ආහාරපාන පිදීමට වඩා විශාල බුද්ධපූජාවකි. නිකරුනේ අසූහාර දහසක් දැල්වීමට වඩා විශාල පින්කමකි.

    'ජගදුපකෘතිරෙව බුද්ධපූජා,
    තදපකෘතිස්තව ලෝකනාථ, පීඩා'

    "ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි. ලෝකනාථයන් වහන්ස, ලෝකයාට වරදක් කිරීම නුඹවහන්සේට කරන පීඩාවකි."
     
    Last edited:

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මෙහෙම ණුවන තියෙන ඇත්තන් මේ රටේ ඉන්න එකම මට සතුටක්. මේක අන්ධ භක්තිකයාට කියූ විට "මෙන්න බුද්ධ විරෝධී" කියා කියයි.

    එහෙත් බුදුන් කෙරෙහි අචල භක්තිය ඇති කෙනා මෙය ණුවනින් නිවැරදිව දකියි. අපි අද බුදුන් කියා දකින්නේ ගලින්, මැටියෙන් තැනූ බුද්ධ ප්‍රතිරූපකයයි. ධර්මය කියා දකින්නේ මන්ත්‍ර වගේ ජප කරන පිරිතටයි. එහෙත් එවායේ සැබෑ අර්ථය මිනිසුන් දකින්නේ කවදාද. අන්න එදාට රහතුන් බිහි වේවි.

    ධර්මය ණුවනින් අවබෝධකරගත් තැනැත්තා සැබෑ බුදුන් දකියි
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    පන්සලේ හාමුදුරුවොවත් මෙහෙම බණක් කියන්නෙ නැහැනෙ. ගිහි අපිට මේවා මෙහෙම තේරෙනවනම් ඇයි අපේ හමුදුරුවන්ට ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි. විහාරය මමත්වයෙන් බදාගෙන. විහාර නායකත්වයෙන් මමත්වය අභිනන්දනය කරමින්, කහ සිවුරට ඇයි මෙතරම් නින්දා කරන්නේ.

    අද නිවන් යන්න බණපදයක් කියන හාමුදුරු නමක් ඉන්නවනම් 0.001% ටත් වඩා අඩුයි. ඉතින් අනිත් අය ධර්මය කියා දෙසන්නේ කවි බණ, සුමුදුර බණ, කාලීන බණ ....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    19827_logo.jpg

    පහනට තෙල් නැති කමින් කළුවරේ දුක් විඳින අසල්වැසියාට එළිය දිය යුතුය. එය ප්‍රතිමාවකට ආහාරපාන පිදීමට වඩා විශාල බුද්ධපූජාවකි. නිකරුනේ අසූහාර දහසක් දැල්වීමට වඩා විශාල පින්කමකි.

    'ජගදුපකෘතිරෙව බුද්ධපූජා,
    තදපකෘතිස්තව ලෝකනාථ, පීඩා'

    "ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි. ලෝකනාථයන් වහන්ස, ලෝකයාට වරදක් කිරීම නුඹවහන්සේට කරන පීඩාවකි."

    මම පුද්ගලිකව ඕකට එකගයි...,,තමන්ට කෑමති දෙයක් තමන් කරන්න... නමුත් බුද්දාගමට අලුත් නිර්වචන දාන්න එපා...... නිකන් බොරුවට පාලි කෑල්ලක් දෑම්ම කියල..... එක බුද්ද දෙශනා වෙන්නේ නෑ........
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පූජාව දුන්නාට වැඩක් නැත.

    ලබන්නා සිල්වතෙකු විය යුතුයි.

    දුස්සීලයන් ලක්ෂයකට දෙන දානයට වඩා එක සිල්වතෙකුට දෙන දානය උතුම්ය.

    ඉන්දක හා අංකුර දිව්‍ය පුත්‍රයන්ගේ කතා ඇසුරින් බුදුන් වහන්සේ මෙය පැහැදිළි කර ඇත.

    බුද්ධ දේශනාව අසන්නට පැමිණි දෙවියන් අතරින් බුදුන් ළගින්ම සිටි අංකුර දිව්‍ය පුත්‍රයාට දොළොස් යොදුනක් පසු බසින්නට සිදු වූයේ දුස්සීලයන් ලක්ෂ ගණනකට නිතිපතා දුන් දානයේ පින් බලය මදි වීම නිසාය. එක් සිල්වතෙකුට ආහාර හැන්දක් පමණක් දුන් ඉන්දක දිව්‍ය පුත්‍රයා නොසැලී සිටියේය.

    (මා මෙය ලීවේ බුදු දහම විකෘති කරමින් දවස් ගණනකින් නිවන් දකින සැටි ලියන, කට වැසීමෙන් ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන අයට නොවන බව කරුණාවෙන් සළකන්න...):rolleyes:
     
    • Like
    Reactions: chanaka chana

    දවස් ගනනකින් නිවන් දකින්න පුලුවන් වෙන්නේ පාරමී පිරිල තිබුනොත් පමණයි. නිවනට පින පාරමියි. ඉතින් කල්ප ලක්ෂගනන් ඉපිද ඒ ඒ භවයන් තුල අප පුරව ගන්නා පාරමි බලයයි නිවනට පින. ඉතින් පාරමී පිරී නැති ඇත්තන් තව සංසාරේ දුක් සයුරේ පීන පීනා පාරමී පුරවගන්න. දුක් සයුරේ පීන පීනා කිව්වේ භවයක් ලැබුවොත් දුක් විඳීම අනිවාර්ය නිසයි. ඉතින් ඒ දුක දුකක් ලෙස හරිහැටි අවබෝධකරගෙන පාරමී පුරා නිවන් යන්න. අද නෙමෙයි හෙට කිය කියා ඉන්න කම්මැලියන්ට නිවන දුරයි.

    අප්පමාදෝ අමත පදං - පමදෝ මච්චුනෝ පදං
    අප්පමත්ථාන මීයන්තී - යේ පමත්ථා යථා මථා

    අප්පමාදෝ අමත පදං -
    අප්රයමාදය අමෘත පදයයි... එනම් අප්ර මාදය තිබිය යුත්තේ නිවන් මාර්ගය උදෙසායි...

    පමදෝ මච්චුනෝ පදං -
    ප්ර්මාදය මරණය මාර්ගය උදෙසායි...

    අප්පමත්ථාන මීයන්තී -
    යමෙක් ලෞකික දියුණුව උදෙසා කොතරම් කඩිසර වුවත්... අප්රයමාදව කටයුතු කරමින් සිටියත් හේ ආර්ය මාර්ගයට එළඹ නිවන් මාර්ගය අනුගමනය නොකරන තාක් ඔහු ජීවත්ව සිටින මළමිනියක් වැනිය...

    යේ පමත්ථා යථා මථා -
    යමෙක් ලෝකෝත්තර දියුණුව උදෙසා කටයුතු කිරීම අරඹා හේ ඵලය හෙවත් නිර්වාණය ලබාගන්නට කොතරම් ප්රටමාදවූවත් එම පුද්ගලයා නියම අප්රමමාද පුද්ගලා වේ. නියමාකාර ජීවිතය සහිත පුද්ගලයා වේ.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    විදර්ශනාවේදී නිකම්ම කට වහගෙන ඉන්නෙ නැති බව මේ ඇත්ත දන්නේ නැතුව ඇති
    විදර්ශනාව නිවන ඉක්මන් කරයි. එහිදී නිකන්ම කරවහගෙන ඉන්නෙ නැහැ. මෛත්‍රියෙන් ශරීර කොටස් වලට අනුපස්සන කරනවා. ඒක තේරෙන්නේ නැති මේ ඇත්තන්ගේ මෝහය, මෝඩකම මෙහිදී ප්‍රදර්ශනය කිරීම වැරදිය.

    පාරමී පිරී නැති ඇත්තන් මෙසේ සිතීම සාදාරණයි. මොකද ඒ අයට ඉක්මනට නිවන් යන්න බැහැනේ, තව සංසාරේ දුක් විඳින්න ඕනේ

    ඉක්මනට නිවන් දකින්න හිතුවාට කමක් නැත. එහෙම සිත් ඇත්තන්ගේ පාරමී පිරී ඇත. ඔහුන්ගේ නිවන දුර නැත. කේලාම් කීම, බොරු කීම, සම්ප්‍රප්පලාප කීම වැනි දේ මුවින් පිට කිරීමට වඩා කට වහගෙන සිටීම කෙතරම් අගනේද. හරිදේට විතරක් කට ඇර, අකුසල් වලට කට වසා තැබීම කෙතරම් අගනේද, එය වටහනොගත් මෝඩයාගේ පාරමී පිරී නැත.

    දෑන් ඔයාගේ පාරමි පිරිලද තියෙන්නේ....
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    දෑන් ඔයාගේ පාරමි පිරිලද තියෙන්නේ....

    හැමෝම තම තමන් ගැන ධනාත්මකට සිතීමට හැකිනම් මෙවැනි ප්‍රශ්ණ අසන්නේ නැත. තම තමන්ගේ ශක්තිමට්ටම් ගැන අනුන්ට හැඟවීමට උත්සහ කිරීම මෝඩකමක් ලෙස මම දකිනවා. ඒ මොකද මම කරගන්න දේ මට, ඔයා කරගන්න දේ ඔයාට. මට සෙන් කතාවක් මතක් උනා.

    එක්තරා ස්වාමින් වහන්සේ නමක් පින්ඩපාතයේ නියරක් දිගේ යනවිට එක්තර පුද්ගලයෙක් උන්වහන්සේව මඩට තල්ලු කරමින් ගියා, උන්වහන්සේ කිසිත් නොකියා ගියා, එය දැකපු තවකෙනෙක් උන්වහන්සේව මඩෙන් එලියට අරගෙන මඩ සෝදා දැම්ම, එහෙත් උන්වහන්සේ කට පියාගෙන තම ගමන ගියා. අවිට උන්වහන්සේට උදව් කල මනුස්සයා උන්වහන්සේගෙන් ඇහුව්වා ඇයි මම මෙච්චර උදව් කරලත් ස්තුතිවත් නොකලේ, ඇයි අරූ මඩට තල්ලු කරලත් බැන්නේ නැත්තේ. උන් වහන්සේ කිව්ව "උ ඌට කරගත්තා, උඹ උඹට කරගත්තා" කියලා...

    ඉතින් මට කියන්න තියෙන්නේ මම මට කරගන්නවා, උඹ උඹට කරගන්නවා. ඉතින් අපි හමෝටම අනුන්ගේ පාරමී ගැන නොහිතා තම තමන්ගේ ගැන තම තමන් වබෝධයක් අරගෙන සතුටින් ජීවත් වෙන්න. මට මම ගැන සතුටුයි!!!
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අනුන්ට ඇඟිලි දික් කිරීමට පෙර තමන් තමාට කැඩපතක් වී තමා ගැන අවබෝධයක් ලබා ගන්න. තමන්ට තමන් ගැනම සතුටු විටහැකිනම් එය අන් අය සමඟ බෙදා හදා ගන්න. මම කිව්වෙ ලෝකෝත්තර සතුට ගැන.
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    19827_logo.jpg

    පහනට තෙල් නැති කමින් කළුවරේ දුක් විඳින අසල්වැසියාට එළිය දිය යුතුය. එය ප්‍රතිමාවකට ආහාරපාන පිදීමට වඩා විශාල බුද්ධපූජාවකි. නිකරුනේ අසූහාර දහසක් දැල්වීමට වඩා විශාල පින්කමකි.

    'ජගදුපකෘතිරෙව බුද්ධපූජා,
    තදපකෘතිස්තව ලෝකනාථ, පීඩා'

    "ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි. ලෝකනාථයන් වහන්ස, ලෝකයාට වරදක් කිරීම නුඹවහන්සේට කරන පීඩාවකි."

    ප්‍රශ්නයක් අහන්න ඕනේ, ඇහුවට වරදක් හිතන්න එපා. මට මෙහෙම පාලි පාඨයක් කොහෙවත් හමුවෙලා නෑ. මේ සංස්කෘත නේද?

    එක එක සත්ත්වයාගේ ශ්‍රද්ධාව විවිදය්. සමහරු කැමති පිරිවර පිටින් දහමේ යෙදෙන්න. ඒ අයට පිරිවර සම්පත්තිය ලැබෙනවා. සමහරු කැමති තනියෙය් දහමේ යෙදෙන්න. ඒ අය ඉක්මන් නිවන් දකිනවා. කෙනෙකුට බුදු පිළිම වහන්සේ මැටි/ගල් වුනාට තව කෙනෙකුට ඒ පිළිම වහන්සේ ශ්‍රද්ධාවට හේතු වෙනවා. දහම හරි ගැඹුරුය්. හරියට වදන සමත විදර්ශන මට්ටම් වගේ. මම හිතන්නේ දානය අතිශය පෞද්ගලික දෙයක්.
     
    "නහී වේරෙන වේරානි" ගාථා පාඨය බුදුන් වේදේහයෙන් උපුටා ගත්තේ අහි ඇති අර්ථවත් කම නිසාවෙන් බව අමතක නොකරන්න

    තම තමන් ගැන හොඳ අවබෝධයක් ලැබීමටනම් ප්‍රඥාව තිබිය යුතුය. ප්‍රඥාව වැඩීමටනම් ආර්ය මාර්ගයට පිවිස බුදුන් කියාදෙනලද ප්‍රතිපදාව අනුගමනය කරන්න. අනුපස්සනා කර තමාගේ ප්‍රඥාව වැඩි දියුණු කර තම තමන් තමා ගැන සහතිකයක් ලබා ගන්න. අනුන්ගේ සහතිකේට වඩා තමන් ලඟ තියෙන සහතිකේ වටිනවනේ.

    බුදුන්ගේ මාර්ගය (ධර්මය ) පහුර කරගන්න, තමාට තමා ගුරුවරයා කරගන්න. එතකොටයි ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්!

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    එදවස ජීවමාන බුදුන් දෙස ඇස් පිය නොහෙලා බලා සිටි කෙනෙකුට බුදුන් දෙසූයේ "මගේ දිහා බලා ඉන්න එකේ තේරුමක් නැහැ, මාගේ ධර්මය (සිතෙහි නොඇලීම ) දෙස බලන්න, එවිට ඔබ මා දකියි". අද පණ නැති පිලිම දෙස බලා සිටින්නවුට අද බුදුන් ජීවමානව සිටියිනම් කියන දේ හිතා ගන්න පුළුවන් නේද?

    ගලකට, මැට්ටකට බුදුන්ව සමාන කර වැඳීමම අපාගත වන වැඩක්. ධර්මය දකින්න බුදුන් දකින්න
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අනුපස්සනාවේ අනුහස්

    පැයක් නිවැරදිව අනුපස්සනා කිරීම මහත්ඵල මහනිසංස දෙන පින් කමකි. සමාධියෙන් නැගිටුනු රහතුන්ට කරන දානයකට සමාන වෙයි. එය අපි එදිනෙදා කරන පින් කම් වලට වඩා මහත් ප්‍රභලත්වයකින් යුක්තවේ. ඒ ප්‍රභලත්වය කොතරම්ද යත් මෙමගින් පාරමී, උප පාරමී, පරමත්ථ පාරමිතාවන් පිරෙයි. මෙම පාරමිතා අනුපස්සනාවේදී සම්පූර්ණකරන්නේ කෙසේද යන්න මම දැනට විස්තර නොකරමි. පින් ඇති අසන්නෙක් සිටියිනම් සවිස්තරව දක්වමි.

    ප්‍රඥ්ඥාව වැඩීමට අනුපස්සනා කරමු :yes:

    කායානුපස්සනාව = කය කොටස් වලට බෙදා මෛත්‍රි කිරීම (මෙමගින් මමත්වයෙන් අභිනන්දනය කල කය ගැන හොඳ අවබෝධයක් ඇති වේ )
    වේදනානුපස්සනාව = පර්යංකයෙන් සිටිනවිට පාද, කලවා වල ඇති වන වේදනාවන්ට මෛත්‍රි කිරීම. විඤ්ඤාණයට කකුල දිග හැරීමට ඉඩ නොදීමට වග බලා ගන්නේ නම් වේදනානුපස්සනාව නිවැරදිව කළ හැක. මෙමගින් සිත දුකේදී ඉපිද, දුකේදී මැරී යන බව අවබෝධ වෙයි.
    චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව = කායානුපස්සනාවෙන් හා වේදනානුපස්සනාවෙන් ඉස්මතුකරගත් ප්‍රඥ්ඥාවෙන් බලන්න පුරුදු පුහුණු වෙයි. ධර්මය ඇති සැටියෙන් දකියි. තෙවැනි ඇස පහල වෙයි (චක්ඛුං උදපාදී ) චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව වැටහෙන්නේ තෙවැනි ඇස පහල වූ විටයි. එම නිසා එය ගැන දීර්ඝ විස්තරයක් නොකරමි.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    කවුද මෙහෙම කියල දුන්නේ? :shocked::shocked:

    ඔබ බලාපොරුත්තු වූ කායානුපස්සනාව මේකද?

    කායානුපස්සනාව

    කායානුපස්සනාව කොටස් 14 කින් යුක්තය. ඒවා නම් ආනාපාන පබ්බ, ඉරියාපථ පබ්බ, සම්පජඤ්ඤ පබ්බ, පටික්කුල මනසිකාර පබ්බ, ධාතු මනසිකාර පබ්බ හා කොටස් නවයකින් යුක්ත වූ නව සිවථිකා පබ්බ යි.

    කායානුපස්සනාවේ මේ දේවල් ගැන අවබෝධයක් ලබන්න මුලින් කයේ කොටස් වලට මෙත් වැඩිය යුතුයි. නැත්තන් බැහැ.

    ප්‍රායෝගිකව අනුපස්සනාව පුරුදු පුහුණු වෙන්න ඕනේ. ප්‍රයෝගිකව නොකර පොතේ තියෙන දේ බලගෙන ප්‍රශ්ණ අහල වැඩක් නැති වෙනවා. ඇත්තද බොරුද කියල දැනගන්න ප්‍රායෝගිකව කරන්නම ඕනේ. ප්‍රායෝගිකව නොකරන තාක්කල් අනුපස්සනාව ගැන අවබෝධයක් ඇති නොවේ. ප්‍රායෝගිකව කලොත් අනුපස්සනාව කියන්නෙ මොකක්ද, ඇයි අනුපස්සනා කරන්නෙ කියල තේරුම් ගනියි.

    166827_124574004280790_122535447817979_179439_8190099_n.jpg

    168137_124573940947463_122535447817979_179438_4263618_n.jpg
     
    Last edited: