අපේ ලෝකයේ කොයි කාලවලත් වසංගත වලින් නම් අඩුවක් නැහැ. ඉතිහාසයේ ඉදලම විවිධ කාල වකවානු වල තිබුනු ඉතාම දියුණු මානව ශිෂ්ඨාචාර පවා හදිසියේම අතුරුදහන් වෙලා ගිහින් තියෙන්නේ වසංගත හේතුවෙන් ලක්ෂ ගණනින් මිනිසුන් මිය යාම නිසා කියලා විශ්වාස කරනවා. කෙටියෙන්ම කියනවා නම් වසංගතයක් කියන්නේ ජන ගහනයෙන් විශාල පිරිසකට සති දෙකක් වැනි ඉතාම කෙටි කාලයක් තුල බෝවෙන රෝගයක් ඉතාම වේගයෙන් ව්‍යාප්ත වීමයි. බොහෝ වෙලාවට මේ වසංගත එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැහැ. රටින් රටටත් ව්‍යාප්ත වෙලා වෙනත් මහාද්වීම වලටත් පැතිරිලා මුළු ලෝකයම ගිලගත්ත වසංගත ඕනෑ තරම් අතීතයේ ඇතිවෙලා තියෙනවා. ඉතින් මේ දවස් වල ලෝකයම භීතියෙන් සලිත කරමින් නව කොරෝනා.. එහෙමත් නැතනම් කොවිඩ් නයින්ටීන් (COVID-19) නම් වුනු වසංගතය ලොව පුරා බොහෝ රටවල් ආක්‍රමනය කරමින් සිටිනවා.