ලෝකයේ උසම කුලූන Sky City China Project.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලෝකයේ උසම කුලූන Sky City China Project.

    ඔබට චීනය පරාද කරන්න ඕනැ නම් ඉක්මන් කරන්න වෙනවා.

    චීනය මෙවර හදන්නේ කාලයත් අවකාශයත් දෙක ම ජය ගන්නයි. මීටර් 838ක් උස ලෝකයේ උස ම කුලූනු ගොඩනැගිල්ල ඉදිකරන අභියෝගයට ඔවුන් දැන් අත ගහලා ඉවරයි.


    තට්ටු 220කින් යුත් ‘ආකාශ නගරය’ යනුවෙන් හැඳින්වෙන මේ ගොඩනැගිල්ල ඉදි කෙරෙන්නේ චීනයේ හුනාන් පළාතේ චන්ග්සා නම් ප‍්‍රාන්ත අගනුවරයි. එය ඉදිකර අවසන් වූ වහා ම ලෝකයේ උස ම ගොඩනැගිල්ලට හිමි කිරුළ ඊට හිමි වනු ඇති.


    3.jpg
    චීනයේ හුනාන් පළාතේ චන්ග්සා නගරයේ ඉදි කෙරන මෙම ගොඩනැගිල්ල දින 90ක් ඇතුළත් සාදා නිම කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙහි කොටස් පෙර සවි ක‍්‍රමයට සකස් කරලයි තියෙන්නෙ.

    ඒ අනුව ලෝකයේ දැනට උසම ගොඩනැගිල්ල ලෙස කීර්තිය අත් කර ගෙන සිටින ඩුබායිහී බර්ජ් ඛලීෆා දෙවැනි තැනට පත් වේවි. ඒ ගොඩනැගිල්ල හදන්න වසර පහක් ගත වුණා. ඒත් චීන ජාතිකයන් මේ වඩාත් උස ගොඩනැගිල්ල ඉදිකරන්න ගත කරන්න යන්නේ මාස තුනක් විතරයි.

    4.jpg
    දින 90ක් තුළ ලොව සියලූ ම ගොඩනැගිලි අබිබවන්නයි ඔවුන්ගේ බලාපොරොත්තුව. වමේ සිට දකුණට: යෝජිත ‘සකයි සිටි’, ‘බර්ජ් ඛලීෆා’, ‘ටෝකියෝ ස්කයි ටී‍්‍ර’, ‘ෂැංහයි ටවර්’, ‘අබ්රාජ් අල් බේට් ටවර්’.

    5.jpg
    දැනට ඇති ලොව උසම ගොඩනැගිල්ල මීටර් 828ක් උසයි. ඩුබායිහී ඇති මේ ගොඩනැගිල්ල හැඳින්වෙන්නේ බර්ජ් ඛලීෆා කියලයි.

    හුනාන්වල පිහිටි බීඑස්බී නමින් යුත් ඉදිකිරීම් සමාගමක් මෙය දින 90ක් ඇතුළත නිම කිරිමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා වැය වන මුළු මුදල ඩොලර් මිලියන 628ක්. මෙය නිම වූ පසු චීනයේ දැනට ඇති ලොකුම අහස සූරණ මැඳුරු අතර රජා වූ මීටර් 632ක් උස ෂැංහයි කුලූනු ගොඩනැගිල්ලට වඩා ගොඩක් උසින් වැඩි වෙනවා.

    චන්ග්සා නගර අධිකාරිය මෙය ඉදිකිරීමට අවසර දී තිබුණත් තවම මධ්‍යම රජය අනුමැති දී නැහැ. එය ලැබුණු පසු මෙහි වැඩ පටන් ගන්නා බව සමාගම කියනවා. බීඑස්බී ප‍්‍රධාන විධායක සැන් යූ කියන්නේ මෙහි වැඩ කටයුතු නොවැම්බරයේ ආරම්භ කර 2013 ජනවාරියේ දී අවසන් කරන බවයි.


    මේ සමාගම මේ ගොඩනැගිල්ල යොදා ගන්නා කටයුතු ගැන නිහඬයි. 2010 දී මෙය මීටර 666කට සැලසුම් කළ වේලේ ඔවුන් කීවේ 70,000කටත් 110,000කටත් නිවැසියන් පිරිසකට මෙහි ඉඩකඩ සලසන බවයි.


    ඔවුන්ගේ ගොඩනැගිලි ඉදිකිරීමේ වාර්තා අතර 2010 ජූනි මාසයේ දී දින හයක් ඇතුළත තට්ටු 15ක ගොඩනැගිල්ලක් තනා තියෙනවා. තට්ටු 30ක ගොඩනැගිල්ලක් පැය 360කින් සාදා නිම කළා.


    6.jpg
    ලෝකයේ උසම ගොඩනැගිල්ල ඉදිකෙරන්නේ චීනයේ හුනාන් පළාතේ චන්ග්සා නගරයේයි.

    ඔවුන් මේ තරම් ඉක්මනට ගොඩනැගිලි ඉදිකිරීමේ රහස පෙර සවි ක‍්‍රමයේ කොන්ක‍්‍රීට් භාවිත කිරීමයි. ගොඩනැගිලිවල විශාල කොටස් කර්මාන්ත ශාලා තුළ නිමවා පසුව එකලස් කිරීමයි කරන්නේ. ඒ නිසා ඉදිකිරීම සඳහා පදනම සකසන්නට පොළොව විදින්නට පෙර මේ කුලූනේ සියලූ කොටස් තාක්ෂණිව තනා නිම කරනවා.

    මෙම සමාගම හරියට ජර්මනියේ හෆ් හෝස් ඉදිකිරීම් සමාගම ඉදිකිරීම් කරන ආකාරයටයි මේ කටයුතු කරන්නේ. ඒ සමාගමත් ඉදිකිරීම් බිමට යන්නට පෙර නිවෙස්වල සියල්ල ඔවුන්ගේ කර්මාන්ත ශාලා තුළ සම්පූර්ණයෙන් ම සාදා නිම කරනවා.


    මේ නව ගොඩනැගිල්ල සඳහා විදුලි සෝපාන 104ක් සවි කෙරෙනවා. වර්ග මීටර් මිලියනයක බිම් ඉඩකඩක් තියෙනවා.


    http://www.malkakulu.com/2012/06/blog-post_17.html


     
    • Like
    Reactions: Thilantdm