ලෝකයේ දිගම පාලම් 10
[/LEFT]
10 Seven Mile Bridge
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හී පහත් බිම් හරහා ඉදිවි ඇති මේ පාලම සැතපුම් හතේ පාලම ලෙස හැදින්වේ. මෙක්සිකෝ බොක්ක හා ෆ්ලොරිඩා සමුදු සන්ධිය අතර පටු ඹිඩය මතින් ඉදිවී ඇති මෙය එවකට (1982) දිගම පාලම ලෙස සැලකිනි. දිගින් කිලෝමීටර 10.8 ක් පමණ වන මෙම පාලම 1982 මැයි 24 වැනි දින විවෘත විය.
09 San Mateo - Hayward Bridge
ඇමෙරිකාවේ කැලිෆෝනියා හි සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක හරහා ඉදිවි ඇති මේ පාලම කිලෝමිටර 11.3 ක් පමණ වේ. 1967 ඹක්තෝම්බර් මස විවෘත විය. මංතිරු 6 කින් යුතුව ඉදිකර තිබේ.
08 Confederation Bridge , Canada
කැනඩාවේ නෝර්තම්බර්ලන්ඩ් සමුදු සන්ධිය හරහා ප්‍රින්ස් එඩිවඩි දිවයින හා පුධාන භුමියේ පිහිටි නිවි බුන්ක්ස්වික් යා කරමින් ඉදි කර ඇත. 1993 දි වැඩ ාරම්බ කළ මෙම පාලම 1997 මැයි 31 වැනිදා විවෘත විය. මේ සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක් වැයවී ඇත. මේ පාලම දිග කිලෝමිටර 12.9 ක් වේ.
07 Rio - Niteroi Bridge , Brazil
බ්‍රසිලයේ රියෝ ද ජනෙයිරෝ හි ගුවනබරා බොක්ක හරහා ඉදි කර ඇති මේ පාලම කොන්‍ක්‍රීටි වලින් සවි ගන්වා ඇත. රියෝද ජනෙයිරෝ නයිටෙරෝයි නගර යා කරමින් මෙම පාලමේ වැඩ ඇරඹුනේ 1968 අග භාගයේ එංගලන්ත රාජකීයන්ගේ සහභාගිත්වයෙනි. දිගින් කිලෝමිටර 13.3 ක් වන අතර 1974 දී විවෘත විය.
06 Penang Bridge , Malayasia
[LEFT][CENTER][URL]http://adlankhalidi.com/wp-content/gallery/blogpix02/penang-bridge.jpg[/URL][/CENTER][/LEFT]
මැලේ අර්ධද්වීපයේ පිහිටි සෙබරැන්ග් ප්‍රායි සහ පිනැන්ග් දුපතේ ගෙලුගර් යාකරමින් දිවෙන මේ පාලම එම අන්ත දෙකම යා වන පරිදි තනා තිබේ. 1995 සැප්තැමිබර් 14 වන දින මහජනතාවට විවෘත වුනු මේ පාලම දිගින් කිලෝමිටර 13.5 ක් වේ.
05 Vasco da Gama Bridge , Portugal
පෘතුගාලයේ පිහිටි මෙම පාලම 'වස්කෝ ද ගාමා පාලම' ලෙස නමි කර ඇත. පතුගාලයේ අගනුවර වන ලිස්බන් හි ටාගස් ගංගාව හරහා දිවෙන මේ පාලම කේබල් අකාරයේ පාලමකි. සම්පුර්ණ දිග පුමාණය අනුව යුරෝපයේ දිගම පාලම ලෙස මෙය සැලකේ. කිලෝමිටර 17.2 ක් දිගකින් යුත් මේ පාලම 1998 මාර්තු 29 වන දින විවෘත විය. වස්කෝ ද ගාමා පෙරදිග මුහුදු මාර්ගය සොයාගෙන 500 වැනි සංවත්සරය සදහා ඉදිවිය.
04 Chesapeake Bay Bridge , Maryland , USA
ද්විත්ව සමාන්තර පාලමක් ලෙස ඉදිකර ඇති මෙම පාලම ඇමෙරිකාවේ මේරිලන්ඩි හි ඉදිකර ඇත. කිලෝමිටර 28.3 ක් දිගකින් යුතු අතර ලෝකයේ දිය මත ඉදිකල දිගම වානේ ඉදිකිරීම ලෙස මෙය සැලකේ. මුල් පාලම 1952 ජුලි 30 විවෘත කළ අතර දෙවැනි පාලම 1973 දී ඉදිකරන ලදි.
03 King Fahd Causeway , Saudi Arabia
සවුදි අරාබිය හා බහරේනය යා කරමින් බහරේන් බොක්ක හරහා ඉදිවි ඇති මේ පාලම වේලි හා පාලම් කිපයක් ඒකාබද්ධ කිරිමෙන් සම්පුර්ණ වී තිබේ . 1986 නොවැමිබර් 25 විවෘත කර තිබේ. කිලෝමීටර 25 ක දිගින් යුතු අතර පළල මීටර 23 ක් වේ. මෙය ඉදිකිරීම සදහා මුල් වු සවුදී අරාබියාවේ ෆාහඩ් රජුගේ නමින් මෙම පාලම නමි කර තිබේ.
02 Donghai Bridge , China
පෙරදිග සයුරේ මහා පාලම යන අරුතින් නම් කර ඇති මේ පාලම නමේ හැටියටම දැවැන්ත නිර්මානයකි. එය ආසියාවේ විශාලතම පාලම වන අතරම මුහුද හරහා ඉදිවුනු ලෝකයේ විශාලතම පාලම ද වේ. 2005 වසරේදි දෙසැමිබර් 25 වන දින වැඩ නිමවන ලද මේ පාලමේ දිග කිලෝමීටර 32.5 කී . ෂැංහයි හා යැංෂෑන් අතර ඉදිවී ඇති මෙය විශාල නැවි ගමනා ගසනයටද හැකි වන ලෙස තනා තිබේ.
. . . . . . . . .
01 Lake Pontchartrain Causeway , Louisiana
කිලෝමීටර් 38.42 ක දිගින් යුත් මෙය ලෝකයේ දිගම පාලම යන විරුදාවලිය අත් කර ගෙන ඇති දැවැන්ත නිර්මාණයකි . සමාන්තර පාලම් දෙකක් ලෙස ඉදිකර ඇති ඇමෙරිකාවේ ලුසියානා හි prontchartrain විල හරහා ඉදිකර ඇති මෙම පාලම කොන්ක්‍රීටි කනු 9500 ක් මත රැදි ඇත. ද්විත්ව පාලමේ පළමු කොටස 1956 දී ද අනෙක් කොටස 1963 දී ද අවසන් කරන ලදී.
කමක් නැත දුන්නට රෙප්


