ලෝකයේ ප්‍රසිද්ධම හාදුව .......

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලෝකයේ ප්‍රසිද්ධම හාදුව .......

    kiss.jpg

    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මෙතෙක් ලෝකයේ මිනිසෙකු කාන්තාවකට දුන් වඩාත්ම ආන්දෝලනාත්මකම හාදුවයි, එසේම එය 20වන ශතවර්ශයේ සුප්‍රසිද්ධම ඡායාරූප වලින් එකකි.
    V-J Day in Times Square යනුවෙන් හැදින්වෙන මෙය ඡායාරූපයට නගා ඇත්තේ Alfred Eisenstaedt නම් ඡායාරූප ශිල්පියායි. V-J Day නමින් හදුන්වන්නේ දෙවන ලෝක යුද්ධයට නැවතීමේ තිත තබමින් ජපානය යටත් වූ 1945 අගෝස්තු 14 වන දිනයයි.
    දෙවන ලෝක යුද්ධයේ නිමාව එවකට ඇමරිකානු ජනාධිපති Harry S. Truman නිවේදනය කල විට ප්‍රීති ප්‍රමෝදයට පත් ඇමරිකානු නාවිකයෙකු පාරේ ගමන් කරමින් සිටි හෙදියක් සිප ගන්නා ආකාරය මෙම ඡායාරූපයෙන් නිරූපනය වේ. ඉන් සතියකට පසු මෙම ඡායාරූපය Life සගරාවේ පල විය.
    ඉන්පසු දශක ගණනාවක් පුරා බිලියන ගණනක් ලෝක වාසීන් නරඹා ඇති මෙම සුප්‍රසිද්ධ ඡායාරූපයේ සිටින හෙදිය සහ නාවිකයා හදුනා ගැනීමට වසර ගණනාවක් ගත විය.
    1970 දශකයේ අග භාගයේදී Edith Shain නම් කාන්තාව ඡායාරූප ශිල්පියා වන Eisenstaedtට ලියූ ලිපියකින් ඡායාරූපයේ සිටින්නේ තමා බව ප්‍රථමයෙන් හෙලි කලාය. වසර 91ක් ආයු වලදා 2010-06-20 වන දින ඇය මිය ගියාය.

    2005 අගෝස්තු මාසයේදී George Mendonça නමැත්තා මෙම ඡායාරූපයේ සිටින නාවිකයා බවට හදුනා ගත් අතර ඒ සදහා Mitsubishi Electric Research Lab නම් ආයතනය මෙම ඡායාරූපය විශ්ලේෂනය කර ඡායාරූපයේ නාවිකයාගේ සිරුරේ ඇති කැලැල් සහ පච්චා සලකුනු George Mendonçaගේ සිරුර සමග සැසදුවේය.

    රීපෝස්ට් නම් සමාවෙන්න..

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka

    ලංකාවේ යුද්දේ ඉවරවුන වෙලාවේ පාරේ යන නාවිකයෙක් ලංකාවේ හෙදියෙක්ව සිප ගත්තනම් ? :shocked::shocked:

    මොනවා වෙයිද ?

    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ලංකාවේ යුද්දේ ඉවරවුන වෙලාවේ පාරේ යන නාවිකයෙක් ලංකාවේ හෙදියෙක්ව සිප ගත්තනම් ? :shocked::shocked:

    මොනවා වෙයිද ?

    මේකනේ වැඩේ, ලංකාවේ සංස්කෘතිය තුල එහෙම හැසිරීමකට ඉඩක් නෑ. ඇමරිකාවේ ඒවා සාමාන්‍ය දේවල්. ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
     
    ntkisuru

    Member
    Jul 17, 2007
    122
    2
    0

    ලංකාවේ යුද්දේ ඉවරවුන වෙලාවේ පාරේ යන නාවිකයෙක් ලංකාවේ හෙදියෙක්ව සිප ගත්තනම් ? :shocked::shocked:

    මොනවා වෙයිද ?

    tawa yuddayak patan ganeewi :D :D :P:P:D:D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මේකනේ වැඩේ, ලංකාවේ සංස්කෘතිය තුල එහෙම හැසිරීමකට ඉඩක් නෑ. ඇමරිකාවේ ඒවා සාමාන්‍ය දේවල්. ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

    :yes::yes:
     
    sansunstu

    Member
    Dec 6, 2010
    429
    43
    0
    37
    Maharagama
    මේකනේ වැඩේ, ලංකාවේ සංස්කෘතිය තුල එහෙම හැසිරීමකට ඉඩක් නෑ. ඇමරිකාවේ ඒවා සාමාන්‍ය දේවල්. ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

    pattai elazzzz