ලෝකයේ පැරණිම සංස්කෘතිය
ලෝකයේ පැරණිම සංස්කෘතිය
අනියම් මාර්ගවලින් ඕස්ට්‍රේලියාවේ යාමෙන් වැළකෙන්න” රූපවාහිනිය දෙස බලා සිටින මම දිනපතා මෙම දැන්වීම් දකිමි. එයට මාගේ සිත නිරායාසයෙන් ඇදී යන්නේ මාගේ දරුවන් දෙදෙනාත් වැඩිමහල් සෙහොයුරාත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන බැවිනි.
ලොකු දුව වීනා වෛද්‍යවරියකි. ඇය විවාහ වී සිටින්නේද වෛද්‍යවරයකු සමගය. ඔවුන් දෙදෙනාම ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් තැස්මේනියාව නම් වූ දූපතේය. පොඩි දුව සිතාරා දන්ත ශල්‍ය වෛද්‍යවරියකි. ඇය විවාහ සිටින්නේද විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරයකු සමගය. ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි තවත් විශේෂ නගරයක් වූ බෙන්ඩිගෝ හීය. මගේ ලොකු අයියා බන්දු ලංකාවේදී බැංකු කළමනාකරුවෙකි. ඔහු විවාහ වී සිටින්නේද වෛද්‍යවරියක් වන අසෝකා සමගය. දැනට වසර විස්සකට පමණ පෙර ඔවුහු නවසීලන්තයට සංක්‍රමණය වූහ. ඔවුන්ට දරුවන් දෙදෙනකු විය. ඔවුන් ජීවත් වන්නේ එංගලන්තයේය. දැනට වසර පහකට පමණ පෙර බන්දු සහ අසෝකා ඕස්ට්‍රේලියාවට පැමිණියේ නවසීලන්ත ජාතිකයන් ලෙසය. අසෝකා වික්ටෝරියා ප්‍රාන්තයේ කෙළවරක පිහිටි ඊඩ්න්හෝප් නම් ග්‍රාමීය ප්‍රදේශයේ පිහිටි රෝහල් භාර වෛද්‍යවරිය ලෙස සේවය කරන්නීය.
මගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම ඕස්ට්‍රේලියාවට ඇතුල් වී ඇත්තේ දැනට ඕස්ට්‍රේලියාවේ පවතින රජයේ නීති රීතිවලට අනුකූලවය. එහෙත් දැනට වසර පන්සියයකට පමණ පෙර පෘතුගීසි, ලන්දේසී ප්‍රංශ ජාතිකයන් සහ ඉංග්‍රීසින් වැනි යුරෝපා ජාතිකයන් ඕස්ට්‍රේලියාවට ඇතුල් වුණේ කිනම් අවසරයක් පිටද යන්න සොයා බැලීමට සිතුණි.
දැනට වසර පන්සියයකට පමණ පෙර පෘතුගීසින් පළමු වරට ලංකාවට පැමිණි විට අප රටේ විවිධ කොටස් රජවරුන් විසින් පාලනය කරමින් තිබුණි. එමනිසා ඔවුනට අප රට තුළට ඇතුල් වීමට සහ පසුව ඉඩම් කඩම් අත්පත්කර ගැනීම සඳහා ගිවිසුම්වලට එළඹීමට සිදුවිනි.
ඕස්ට්‍රේලියාව මුලින්ම සොයා ගත්තේ ලන්දේසීින් විසිනි. බතාවිය හෙවත් ඉන්දුනීසියාවේ ජකර්තාහි ප්‍රධාන කාර්යාලය පිහිටුවාගත් VOC හෙවත් නැගෙනහිර ඉන්දියානු වෙළෙඳ සමාගම මගින් උතුරු සහ බටහිර ඕස්ට්‍රේලියාවට ගොඩ බැස එය නව ඕලන්දය (New Holland)ලෙස නම් කළෝය. ඒ 1596 වසරේදීය.
රන් රිදී, සඳුන් ලී සහ කුළු බඩු සොයමින් පැමිණි යුරෝපා ජාතිකයින් අතුරින් ඕලන්ද ජාතිකයෙකු වූ ඇල්බට් ටැස්මන් (1642-44) ටැස්මේනියාව සොයා ගනු ලැබුවේය. ඒ කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් කරමින් එම රට හෙවත් මහද්වීපය ලොවට හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි ජාතික කපිතාන් ජේම්ස් කූක් (1765/71/7680) විසිනි.
යුරෝපා ජාතිකයන් හෙවත් සුදු ජාතිකයන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ස්වදේශිකයන් හැඳින්වූයේ කළු හෙවත් නිගේරා් ජාතිකයන් ලෙසය. ඔවුන් බොහෝ ප්‍රදේශවල ජීවත් වූයේ නිරුවතිනි. සමහරු විලි වසා ගැනීම සඳහා ගස්වල පොතු භාවිතා කරන ලදී. පසු කලෙක ඇබොරිජින්වරු ලෙස හැඳින්වූ මෙම ස්වදේශිකයො ජීවත් වුණේ විසිදෙනකුගේ සිට හතලිස් දෙනෙකු දක්වා වූ කණ්ඩායම් වශයෙනි. ඕස්ට්‍රේලියා මහද්වීපයෙ විවිධ ප්‍රදේශවලින් හමු වූ ඇබොරිජින්වරුන්ගේ බොහෝ දුරට සමාන වූ ගති ලක්ෂණ තිබුණු අතර ඔවුන් ජීවත් වූ පරිසරයට අනුව වෙනස් වූ ගති ලක්ෂණ ද දක්නට ලැබුණි.
ඇබොරිජින්වරුන්ට ජීවත් වීම සඳහා නිවාස නොවිය. ඔවුන් ගත කළේ සංක්‍රමික ජීවිතයකි. අල, කොළ, පලවැල කමින් දඩයම් කරමින් ගත කළ ජීවිතයකි. වෙනස් ජන සමාජවල මෙන් හිලෑ කරගත් බල්ලන් බළලුන් හරකුන් එළුවන්, බැටළුවන් හෝ අශ්වයන් වැනි සතුන් ඔවුන් සතුව නොතිබුණි. ඔවුන් විසින්ම තනාගත් නිවාස හෝ වෙනත් ගෘහ නිර්මාණ ශිල්පයක්ද නොවිය. ඔවුන් සතුව ගෙවත්තක් හෝ ගොවිපළක්ද නොවිය. ඇබොරිජිනුවෝ පළතුරු වර්ග ද වගා නොකළෝය. ඕස්ට්‍රේලියාවේ මුහුදුබඩ ප්‍රදේශවල පොල් ගස් වැඩුන ද ඔවුන් ඒවා ආහාරයට ගත්තේ නැත. එබැවින් බෝගයක් ලෙස ඔවුන් පොල් වගා කිරීම සඳහා කිසිදු උත්සාහයක් දරා තිබුණේ නැත.
වසර ලක්ෂයකට පමණ පෙර සිට මිනිස් සමාජ විකාශනය වූ ආකාරය දෙස බලන විට ඔවුන් පළමුව කණ්ඩායම් වශයෙන්ද දෙවනුව ගෝත්‍ර වශයෙන්ද පසු කලෙක රාජ්‍යයන් ලෙසද වර්ධනය විය. එහෙත් මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින්වරුන් ජීවත් වූයේ ඉතාමත්ම ප්‍රාථමික වූ ජන කණ්ඩායම් වශයෙනි. ඔවුන් අතර පිරිමින් ගැහැනුන් සහ දරුවන් විය. සතුන් සහ මසුන් දඩයම් කිරීම සඳහා විවිධ ප්‍රමාණයේ හෙල්ල (ලී දඬු) සහ බූමරංග තනා ගත්තෝය. හෙල්ල භාවිතා කරමින් කැන්ගරුන් හා ඉමු වැනි විෂ වූ කුරුල්ලන් දඩයම් කොට උන්ගේ මස් අනුභව කළ අතර උන්ගේ හම සීත සෘතුවේදී සිරුර උණුසුම් කර ගැනීමට භාවිත කළෝය. එහෙත් එම සතුන් හීලෑ කර ගැනීම සඳහා කිසිදු උත්සාහයක් ගෙන තිබුණේ නැත. ආසියාවේ සහ යුරෝපයේ මෙන් ඇබොරිජින්වරුන් දඩයම්, එඩේර, කෘෂිකාර්මික සහ කාර්මික යන යන යුගයන් පසුකරගෙන ගොස් තිබුණේ නැත.
මේ අනුව බලන කල වසර දස දහස් ගණනකට පෙර අප්‍රිකාවෙන් සංක්‍රමණය වූ නිගේරායික ප්‍රාථමික මිනිසුන් කොටසක් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවලට දිය පොකුණු ගංගා, ඇළ දොළ වැනි ජලය සහිත ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් ආරම්භ කළ කණ්ඩායම් ජීවිතය හෙවත් පැරණිම සංස්කෘතිය ඒ අයුරින්ම අද දක්වා පවත්වාගෙන ආ බව පෙනේ. බටහිර ජාතීන් ඔවුන් හමුවන තුරු ගත වූ අවුරුදු දස දහස් ගණන තුළම වෙනත් කිසිදු ජාතියක් හෙවත් විදේශිකයෙකු සමග ඔවුන් ගැටී තිබුණේද නැත. ඒ අනුව ඇබොරිජින්වරුන්ට අයත් වන්නේ ඉතාමත්ම නොඉඳුල් ඉතාමත්ම ඉපැරණිම සංස්කෘතියකි. ගස්වල කඳෙන් මදය ඉවත් කොට තනාගත් නලාවන් මගින් උත්පාදිත සංගීතයකට හිමිකම් කියන ඔවුන් සුදු, රතු, සහ කළු වැනි මූලික වර්ණ පරිසරයෙන් උකහා ගනිමින් ශරීරය පුරා මෙන්ම දිරා ගිය ගස්වල වාසය කළ ස්ථානවල පිහිටි ගල් සහ ගුහාවල්වලද ඔවුන්ටම ආවේණික වූ චිත්‍ර ඇන්දෝය.
ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන්ට බටහිර සුදු ජාතීන්ගේ පැමිණීම විස්මය දනවන්නක් විය. ඔවුන්ගේ සංස්කෘතියට හා ජනශ්‍රැතියට අනුව සුදු මිනිසුන් යනු ඇබොරිජින්වරුන් මියයාමෙන් පසු එලොවදී බිහිවන මළගිය ප්‍රාණකාරයෝය. නැතහොත් බූතයෝය. ඔවුන් කල්පනා කළේ ඇබොරිජින්වරුන්ගේ මළගිය ඇත්තන් ජීවමාන වී නැවත ඔවුන් වෙත එන ලෙසය. ඉන් පෙර ඔවුන් විශාල නෞකා දැක තිබුණේද නැත. ඔවුන් නෞකාවක් නම් කළේ පාවෙන දූපත් ලෙසය. කුඩා දූපත්වලින් පාවී ආ තම මළගිය මුතුන්මිත්තන් ඇබොරිජින්වරුන් විසින් හඬ නගා නටමින් සුහදව
පිළිගත්තෝය.
එහෙත් එම සුහදතාව වැඩිකල් පැවතුණේ නැත. සුදු ජාතිකයන් ඇබොරිජින්වරුන්ට සැලකුවේ තවත් වනචාරී සතුන් කොටසක් ලෙසය.