ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න 9ට පිළිතුරු

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න 9ට පිළිතුරු

1.විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?

විද්‍යාඥයන් කියන්නේ විශ්වයේ බුද්ධිමත් ජීවයක් බිහි වීමට අවශ්‍ය තත්වයන් ඇති, එවැනි ජීවියකුට මතු වීමට හැකියාව ඇති, තවත් ග‍්‍රහ ලෝක පද්ධති රැසක් තිබිය හැකි බවයි. කෙසේ වෙතත්, එවැනි ජීවියකු ඇත් නම් ඔවුන් සොයා ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතට යන්නට, ඔවුන් හා සබඳකම් පවත්වන්නට ප‍්‍රමාණවත් තාක්ෂණික දැනුම හා හැකියාව තවමත් අප විසින් ඇති කර ගෙන නැහැ.

2. පිළිකාව සුව කළ හැකි පිළියමක් කවදා හෝ සොයා ගත හැකිවේද?

මේ සම්බන්ධව විස්මිත නව ප‍්‍රතිකාර ක‍්‍රම පර්යේෂණ මගින් නොකඩවා සොයා ගනිමින් තියෙනවා. ඒවා භාවිත කරමින් වැඩි කලක් දිවි රැක ගෙන සිටීමේ හැකියාව දැන් තියෙනවා. ඒත් තවමත් පිළිකා නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හෝ එක රැයින් පිළිකාව තුරන් කළ හැකි ක‍්‍රමයක් තවමත් සොයා ගෙන නැහැ. හැබැයි, රෝගීන්ගේ ජීවත්ව සිටීමේ කාලය එන්න එන්න ම වැඩි කළ හැකි පිළියම් නම් සොයා ගනිමින් තියෙනවා.

3.විශ්වය කෙතරම් විශාල ද?

සමහර තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශ්වයට සීමාවක්, ප‍්‍රමාණයක් නැතැයි කියායි. අනෙක් අය පිළිගන්නේ බිග් බෑන් හෙවත් මහා පිපිරුමෙන් පසු විශ්වය විශාල වෙමින් ගොස් දැන් ආලෝක වර්ෂ බිලියන 150ක් තරම් දුරකට පැතිර ඇති බවයි.

4.පෘථිවිය මත ජීවය ආරම්භ වූයේ කෙසේ ද? කොතැන ද?

ජීවයේ ආරම්භය ගැන පළ කළ මත ගණනාවක් තියෙනවා. විවිධ බැක්ටීරියාවන් සංජීවි සම්බන්ධතා ඇති කර ගනිමින් සංවහන ප‍්‍රවාහ ඔස්සේ පෘථිවි පෘෂ්ඨය පසා කර ගෙන යාමෙන් ජීවය බිහි වීමට මග පෑදුණු බව තමයි, ඉන් බොහොමයකින් ම කියැවෙන්නේ.

5.කාල චාරිකාව (time travel) සැබෑ කළ හැක්කක් ද?

අභ්‍යවකාශ කාල වියමන තුළ ‘පණු සිදුරු’ (wormholes) යනුවෙන් හැඳින්වෙන කෙටි මං තියෙනවා, න්‍යායාත්මකව කාල චාරිකාවෙහි යෙදිය හැකි. කොහොම වුනත්, මේ පණු සිදුරු ඇති තැන් කෙළින්ම දැක ගන්න බැහැ. එවැනි එකක් විවෘත කර ගන්න විකර්ෂ ගුරුත්වයක් ඕනෑ වෙනවා. එවැන්නක් ඇති කර ගැනීමට ක‍්‍රමයක් තවමත් පෑදී නැහැ.

6.අපට කවදා හෝ අභ්‍යවකාශයෙහි ජනාවාසයක් ඇති කර ගත හැකි වෙයි ද?

සමහර විට හැකි වේවි. ඇතැම් අය කියන්නේ අපට මේ පෘථිවියෙහි ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වුවහොත් අප අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ වෙනත් තැනක ජනාවාස පිහිටුවීම ගැන බරපතල ලෙස සිතිය යුතුය කියායි. ඇමරිකාවේ නාසා ආයතනය දැනටමත් වෙනත් ග‍්‍රහ ලෝකවල හා චන්ද්‍රයන්වල පරිසරය වෙනස් කොට පෘථිවි පරිසරයට සමාන අයුරින් සකස් කිරීම සඳහා සාකච්ඡා පවත්වා තියෙනවා.

7.තෙල් වෙනුවට එන විකල්පය කුමක්ද? එන්නේ කවදාද?

විකල්ප බල ශක්ති සම්පත් ගණනාවක් ම තියෙනවා. ඒත් ඒවා තෙල් වෙනුවට විකල්ප වශයෙන් යොදා ගැනීමට තරම් වියදම් අඩු කාර්යක්ෂම ඒවා නොවෙයි. ඒත් දැන් නැනෝ තාක්ෂණ විද්‍යාව ඔස්සේ දියුණු කර ගෙන යන නව ක‍්‍රමවලින් මෙයට පිළිතුරක් ලැබේවි කියලා හිතන්න පුළුවන්.

8.විශ්වය අවසන් වන්නේ කෙසේ ද?

විශ්වයේ අවසානය ගැන දක්වපු න්‍යායික මත අතර විශ්වය විශාල වෙමින් ගොස් එසේ විශාල වීම නවතින මොහොතේ විශ්වයේ විනාශය ඉබේම සිදු වෙනවා යන මතය ප‍්‍රධානයි. එසේ වන්නේ එය විශාලනය වීමත් සමග ම ක‍්‍රමයෙන් ශීතල වෙමින් යාමයි. විශාල වීම නවතින්නේ උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යය වන විටයි; එනම් කෙල්වින් අගය බින්දුව (-273.15°c) වන විටයි. එහි දී අඳුරු ශක්තිය (dark energy) විසින් ගුරුත්ව ශක්තිය ගිල ගන්නවා කියලයි විශ්වාස කරන්නෙ.

9.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?

දැනට මීයන් ආදී සතුන් ගැන කරන ලද අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව සමහර විද්‍යාඥයන්ට ඒත්තු ගිහින් තියෙනවා, නුදුරු අනාගතයේ දී ම සාමාන්‍ය මිනිසාගේ ජීවිත කාලය අවුරුදු සියය ඉක්ම විය හැකි බව. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නවීන දැනුම, නව ඖෂධ හා ප‍්‍රතිකාර ක‍්‍රම නිසා මීට වසර 50කට පෙර තිබුණාට වඩා මිනිසාගේ ජීවිත කාලය දැනටමත් වසර ගණනාවකින් වැඩිවෙලයි තියෙන්නෙ.

meya malkakulu blog pituwen uputagath lipiyaki

  • Like
Reactions: ZULFAAN

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔතනට තව මේ ප්‍රශ්නෙට උත්තර දීලත් තිබුණා.
    මම දන්නේ නැහැ ඇයි උබ ඒ ප්‍රශ්නය මෙතන දෙම්මේ නැත්තේ කියලා

    3.සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ කියා කෙනෙක් සිටීද?
    දෙවියන් වහන්සේ සිටිතැයි ඔප්පු කළ හැකි හෝ තහවුරු කළ හැකි, විද්‍යාත්මක සාක්ෂි පර්යේෂණ මගින් හෝ නිරීක්ෂණ මගින් හෝ සොයා ගෙන නැහැ.

    http://www.malkakulu.com
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔතනට තව මේ ප්‍රශ්නෙට උත්තර දීලත් තිබුණා.
    මම දන්නේ නැහැ ඇයි උබ ඒ ප්‍රශ්නය මෙතන දෙම්මේ නැත්තේ කියලා

    3.සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ කියා කෙනෙක් සිටීද?
    දෙවියන් වහන්සේ සිටිතැයි ඔප්පු කළ හැකි හෝ තහවුරු කළ හැකි, විද්‍යාත්මක සාක්ෂි පර්යේෂණ මගින් හෝ නිරීක්ෂණ මගින් හෝ සොයා ගෙන නැහැ.

    http://www.malkakulu.com

    :lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒ කියන්නේ මේ විශ්වයේ තැටියක් වගේ රොටි ගොඩාක් තියෙනවා කියෙන එකනේ?:P
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Copy/Paste මහත්තය කොපි කරල පේස්ට් කරනකොට හැලුන කෑල&#

    කෝ ඔයා බාගෙටනෙ මේක දාල තියෙන්නෙ? Copy/Paste මහත්තය කොපි කරල පේස්ට් කරනකොට හැලුන කෑල්ල මෙන්න මම දැම්මා.... :D

    මේවගේ තමා අර ත්‍රස්තවාදී නායකය ගැනත්, විනාශකාරී පොත ගැනත් මෙයාල කියන්නේ... තමන්ට හිතෙනවිදිහට දේවල් අයින් කරල ගැලපෙන විදිහට හදා ගන්නව.... මේ පාරනම් ඇදගෙන නෑව නේද ගොය්යො? අනික මේකෙ ඔබ තුමාම දාල තියෙන දේවල් මොහොමඩ්ගෙ කියමන් වලට විරුද්ධයිනේ... අල්ලා ඔයාව අල්ල ගනීද දන්නෙ නෑ....:rolleyes:

    ..... පිළිකා නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හෝ එක රැයින් පිළිකාව තුරන් කළ හැකි ක‍්‍රමයක් තවමත් සොයා ගෙන නැහැ. හැබැයි, රෝගීන්ගේ ජීවත්ව සිටීමේ කාලය එන්න එන්න ම වැඩි කළ හැකි පිළියම් නම් සොයා ගනිමින් තියෙනවා.

    3.සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ කියා කෙනෙක් සිටීද?
    දෙවියන් වහන්සේ සිටිතැයි ඔප්පු කළ හැකි හෝ තහවුරු කළ හැකි, විද්‍යාත්මක සාක්ෂි පර්යේෂණ මගින් හෝ නිරීක්ෂණ මගින් හෝ සොයා ගෙන නැහැ.

    4.විශ්වය කෙතරම් විශාල ද?
    සමහර තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශ්වයට සීමාවක්, ප‍්‍රමාණයක් නැතැයි කියායි...........
     
    me prashne digin digatama me thread eke inna sahodarayo boho denek magen ahapu nisa mama me prashneta piliuthrak denna theeranaya kara.

    dewiyan wahanse gana ahala thiyene prashne mama meken ain karey eka nisa methana anawashaya agamika wali athi wenna puluwan nisa. habai oyagollo eka kohama hari hoyagena methana prashnayak athi karannai uthsaha karagena inne.

    hari mama ehenam me prashne gana mage mathayath prakasha karala innam.

    3.සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ කියා කෙනෙක් සිටීද?
    දෙවියන් වහන්සේ සිටිතැයි ඔප්පු කළ හැකි හෝ තහවුරු කළ හැකි, විද්‍යාත්මක සාක්ෂි පර්යේෂණ මගින් හෝ නිරීක්ෂණ මගින් හෝ සොයා ගෙන නැහැ.

    ithin harine. dewiyan wahanse gana hoya ganna tharam thaakshanayak vidyawata naha. ekane vidyawen ada dewiyan wahanse gana hoya ganna bari wela thiyenne. :)

    me loke vidyawen pilithuru denna bari boho dewal thiyenawa. :)