ලෝකයේ වේගවත්ම අන්තර්ජාල පහසුකම් ඇති රටවල්

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,663
    7,024
    113
    United States
    ලෝකයේ වේගවත්ම අන්තර්ජාල පහසුකම් ඇති රටවල් 🌍

    d85d251df50717635493f.jpg

    ලෝකයේ අපි හැමෝවම එකිනෙකාට සම්බන්ධ කරවන අපූරු තාක්ෂණයක් තමයි අන්තර්ජාලය කියන්නෙ. අන්තර්ජාලයෙන් එකිනෙකාව සම්බන්ධ කරවනවා කිව්වේ තොරතුරු හරහා අපි එකිනෙකාට සම්බන්ධ කරවනවා කියන එකයි. ඉස්සර කාලේ රටවල් අතර තොරතුරු හුවමාරුව සිද්ද වුණේ ඉතාම මන්දගාමීවයි. ඒත් දැන් අන්තර්ජාලයට පින් සිද්ද වෙන්න ලෝකේ ඕනම අස්සක මුල්ලක වෙන ඕනම දෙයක් අපිට ඒ ක්ෂණයෙන් දැනගන්න හැකියාව ලැබිල තියෙනවා. හැබැයි ඉතින් ඕනම දෙයක වාසි අවාසි කියල කොටස් දෙකක් තියෙනවනේ. අන්න ඒ වගේ මේ කාරණාව සම්බන්ධයෙනුත් වාසි සහ අවාසි කියල කොටස් දෙකක් තියෙනවා. හැබැයි අපි අද කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. අපි අද කතා කරන්නේ ලෝකයේ වැඩිම වේගයකින් අන්තර්ජාල පහසුකම් ලබාදෙන රටවල් ගැන. ඉතින් කවුරුවත් ලංකාව කියන රට එහෙම මේ ලිස්ට් එකේ හොයන්න ඔට්ටු නෑ ඔන්න. ලිස්ට් එකට යන්න කලින් කියන්න ඕනේ මෙන්න මේ දේත්. ඒ තමයි ඕනම රටක අන්තර්ජාල සම්බන්ධතාවල වේගය තීරණය වෙන්නෙ සාධක කිහිපයක් මත. ඒ යටිතල පහසුකම්, සබ්මැරීන් කේබල්, රටේ විශාලත්වය සහ ඒ සඳහා වන ආයෝජන වගේ සාධක. ඉතින් ඒ සාධක ඉහළින්ම සම්පුර්ණ කරපු රටවල් තමයි මේ ලිස්ට් එකේ තියෙන්නෙ.



    1. සිංගප්පූරුව

    0be9d4b8fa28efc0a0cf4.png

    සිංගප්පූරුව කියන්නෙ ඉතාම කෙටි කාලයකදී සීග්‍ර දියුණුවක් අත්පත් කරගත්තු රටක්. විශේෂයෙන් ඉතා ඉහළ ඒක පුද්ගල ආදායමක් සහිත රටක් තමයි සිංගප්පූරුව කියන්නෙ. ඉතින් මේ ලිස්ට් එකේ පළවෙනි තැනට ආවා කියන එකේ පුදුමෙකුත් නෑ ඒක අතකට. ඉතින් සිංගප්පූරුවේ අන්තර්ජාල වේගය (ස්ථාවර) 226.6 mbps වගේ ඉහළ අගයක පවතිනවා. සිංගප්පූරුවේ ජනගහණය මිලියන 5.9කට කිට්ටුයි. මේ රටේ මොබයිල් ස්පීඩ් එකත් 60.52 mbps වගේ අගයක පවතිනවා. ඒ වගේම සිංගප්පූරුව ඉතාම කුඩා රටක් වීමත් මේ විදිහට වේගවත් අන්තර්ජාල පහසුකම් සඳහා බලපාලා තියෙනවා.



    2. හොංකොං

    03cd8f18947c4cd542db3.png

    ලෝක ජනගහණ දර්ශකයේ අංක 104 තැන ඉන්න හොංකොං රාජ්‍යය තමයි මේ ලිස්ට් එකේ දෙවෙනි තැන අරන් තියෙන්නෙ. හොංකොං වල ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයේ (Fixed Broadband) වේගය 210.73 mbps ක් වෙනවා. මොබයිල් ස්පීඩ් එක 5.96 mbps ක් වෙනවා. හොංකොං වල ජනගහණය මිලියන 7.5ක් වගේ තමයි වෙන්නෙ. හොංකොං වල 5G තාක්ෂණයත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මේ රටේ අන්තර්ජාල සේවාවන් වෙනුවෙන් කරලා තියෙන විශාල ආයෝජන ප්‍රමාණයත් මේ සඳහා ප්‍රබල සාධකයක්.



    3. රුමේනියාව

    4e9da8d435f2857278ace.png

    මේ රටේ වැසියන් රට අතහැර යාම නිසා ජනගහණ වර්ධන වේගය ඍණ අගයක් වෙලා තියෙන රටක් තමයි රුමේනියාව කියන්නෙ. කොහොම වුණත් මේ රට වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන රටවල් අතරින් තුන්වෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා. රුමේනියාවේ ස්ථාවර අන්තර්ජාල පහසුකම් වල වේගය 193.47 mbps ලෙස සඳහන් වෙනවා. ඒ වගේම ජංගම අන්තර්ජාල පහසුකම් වල වේගය 40.35 mbps ලෙසත් සඳහන් වෙනවා.



    4. ස්විට්සර්ලන්තය

    2cfc6622d25cbb0ca74d5.png

    අපි හැමෝම දන්න කියන ඉතාම දියුණු රටක් විදිහට ස්විට්සර්ලන්තය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතාම හොඳ මානව සංවර්ධන දර්ශකයක් තියෙන රටක් තමයි ස්විට්සර්ලන්තය කියන්නෙ. ඊටත් අමතරව, ස්විට්සර්ලන්තය කියන්නෙ ලෝකයේ හොඳම පාස්පෝට් එක තියෙන රටවල් වලින් එකක්. ඒ වගේම අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් ලොකු ආයෝජන කරන රටක්. ඉතින් ස්විට්සර්ලන්තයේ ස්ථාවර අන්තර්ජාල පහසුකම් වල වේගය 178.81 mbps පමණ වෙනවා. ඒ වගේම ජංගම අන්තර්ජාල පහසුකම් වල වේගය 64.1 mbps වගේ වෙනවා.



    5. තායිලන්තය

    c4bc2a811af267cbe0600.png

    තායිලන්තය තමයි අපි මේ සඳහන් කරපු ලැයිස්තුවේ වැඩිම ජනගහණයක් ඉන්න රට. ඒ මිලියන 69ක්. ඉතින් කුඩා රටක් වුණත්, ජනගහණයත් සාපේක්ෂව වැඩි වුණත් අන්තර්ජාල පහසුකම් සැපයීම වෙනුවෙන් වැඩි ආයෝජනයක් කරලා තියෙන රටක්. තවමත් රාජාණ්ඩු ක්‍රමය පවත්වාගෙන යන තායිලන්තයේ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවල වේගය 175.22 mbps විදිහට දැක්වෙනවා. ඒ ලෝකයේ පස්වෙනි තැනට වේගවත්ම අන්තර්ජාල වේගය තියෙන රට විදිහට. තායිලන්තයේ ජංගම අන්තර්ජාල වේගය 34.38 mbps පමණ වෙනවා.



    6. ප්‍රංශය

    b00c63b6ff0b73f95b3e6.png

    අයිෆල් කුළුණ කියන්නෙ ප්‍රංශයේ හැඳුනුම්පත වගේ කියලා කිව්වොත් වඩා නිවැරදියි. ප්‍රංශය කියන්නෙත් ඉතාම හොඳින් සංවර්ධනය වෙච්ච දියුණු රටක්. ඒක පුද්ගල අදායම ඩොලර් 40000ට වඩා වැඩියි. ඉතින් එච්චර දියුණු රටක අන්තර්ජාල පහසුකම් නොදියුණු තත්ත්වයක පවතින්න විදිහක් නෑනේ. ඉතින් ප්‍රංශයේ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වල වේගය 173.05 mbps පමණ වෙනවා කියලා වාර්තා වල සඳහන් වෙනවා. ඒ වගේම ජංගම අන්තර්ජාල පහසුකම් වල වේගය 49.82 mbps පමණ වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ විදිහට ගත්තම මේ ලැයිස්තුවේ හය වෙනි ස්ථානය ප්‍රංශයට හිමි වෙනවා.



    7. ඩෙන්මාර්කය

    4b23ef437964563f1316e.png

    ඩෙන්මාර්කය කියන්නෙත් ඉතාම ඉහළ ආර්ථික ස්ථායීතාවයක් තියෙන ගොඩක් දියුණු රටක්. ඉහළම ජීවන තත්ත්වයක් තියෙන රටවල් අතරින් මුල් ස්ථානවල තියෙන රටක් තමයි ඩෙන්මාර්කය. ඉතින් වේගවත්ම අන්තර්ජාල පහසුකම් තියෙන රටවල් අතර හත් වෙනි ස්ථානය ලබාගන්න ඩෙන්මාර්කය සමත් වෙලා තියෙනවා. ඒ 2021 නවතම වාර්තා වලට අනුව. ඉතින් ඒ වාර්තා වලට අනුව ඩෙන්මාර්කයේ ස්ථාවර අන්තර්ජාල පහසුකම් වල වේගය 162.08 mbps පමණ වෙනවා කියල දක්වලා තියෙනවා. ජංගම අන්තර්ජාල වේගය 63.86 mbps පමණ වෙනවා.

    උපුටා ගැනිමකි . 🙂

    ලංකාව තියෙන්නේ 124 වෙනි තැන :rolleyes2:

    https://www.speedtest.net/global-index
    https://www.speedtest.net/global-index/sri-lanka#fixed

    a526d7b0afb1057a17548.png
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    තායිලන්තය නම් සිරා සිද්දිය. Clints මට එවලා තියෙනවා 1GB ඒවා තත්පර ගානෙන්
     
    • Wow
    Reactions: inspiron

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Me NZ wala. Fiber. මගේ කලින් තිබුණ wifi ඩොන්ගල් එක මාරු කරලා 5G සපෝර්ට් එකක් දාගත්තා. දැන් ස්පීඩ්

    Capture.JPG
     
    Last edited:
    • Like
    Reactions: shenat