~~ ලෝකයේ හොඳම පුස්තකාල ~~

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ~~ ලෝකයේ හොඳම පුස්තකාල ~~

    ඔන්න ඉතින් තවත් අලුත් පෝස්ට් එකක් දාන්න තමයි හදන්නෙ. හැබයි මේක නම් උස්සපු එකක්.

    දැනුම බෙදා හැරීම සඳහා මිනිස් ලෝකයේ භාවිතා වන සාර්ථකම උපාය මාර්ගය ලෙසින් පුස්තකාල හැඳින්විය හැකියි. අන්තර්ජාලය පැමිණෙන්නට පෙර නොදන්නා කරුණක් සොයා ගන්නට ඔබටත් මටත් අනිවාර්යයයෙන්ම ලඟම පිහිටි පුස්තකාලය වෙත යන්නට සිදුව තිබිණි. දැනුම් ගබඩා ලෙස සැලකෙන පුස්තකාල විශේෂ වන්නේ ඒවායේ ඇති අතිවිශාල පොත් සම්භාරය නිසා පමණක් නොවේ. යම් පුස්තකාලයක ඇති පොත්වල දුර්ලභ හා පැරණි බවත්, පවතින පොත් වල ගුණාත්මක බවත්, පුස්තකාලයේ අනන්‍ය බවත් යන සාධක එක්ව ගත් කළ පුස්තකාලයක් යනු වෙනමම සංස්කෘතියක් ලෙසින් ද ගත හැකියි. ලෝකයේ ඇති විශිෂ්ඨතම පුස්තකාල අතරින් හොඳම පුස්තකාල 10ක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම් පොතට තවත් නැවුම් දැනුමක් එක් කරමිනි.

    ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය
    ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව

    1Alexandria.jpg


    ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ඉතා පුරාණ කාලයේ පටන් පැවතෙන අති විශාල පුස්තකාලයකි. මෙය ලෝක පුදුමයන් අතරින් එකක් ලෙස පවා ගැනේ. දැනට පවතින පුස්තකාලය මෑතකදී නැවත ගොඩනැගුවක් වන අතර, අතීත ශ්‍රී විභූතිය තවමත් එහි දැකිය හැකියි. ඩොලර් මිලියන 220 ක් වැයකරමින් ඉදිකරන ලද මෙම දැවැන්ත පුස්තකාලය තනා නිම කරන ලද්දේ 2002 වසරේදීයි. සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙසත් භාවිතායට ගැනෙන මෙහි ග්‍රහලෝකාගාරයක්, පැරණි අත් පිටපත් ප්‍රතිෂ්ඨාපනය කරන පර්යේෂණාගාරයක්, කළා භවනක් හා සම්මන්ත්‍රණ ශාලා පහසුකම් මෙන්ම කෞතුකාගාරයක් ද අඩංගු වේ. කුඩා දරුවන්ට, තරුණයින්ට, අන්ධ අයට වෙන වෙනම තැනූ පුස්තකාල මෙහි ඇත. දැනට මෙහි පොත් ලක්ෂ 05 ක් පමණ තිබේ.

    ජෝර්ජ් පීබොඩි පුස්තකාලය
    බැල්ටිමෝර්, මේරිලන්තය

    2Peabody.jpg


    ජෝන්ස් හොප්කින්ස් සරසවියේ පර්යේෂණ පුස්තකාලය වන මෙය 1878 සිට 1967 දක්වා පීබොඩි නම් ආයතනය සතු පුද්ගලික පුස්තකාලයක් විය. එයින් පසුව මෙම පුස්තකාලය බැල්ටිමෝර් නගර පාලනය සතු වූ අතර 1982 දී ජෝන්ස් හොප්කින්ස් සරසවියට පවරන ලදී. දැන් එම පුස්තකාලයේ සරසවිය සතු පොත්පත් ද ඇතුළුව විශේෂ හා දුර්ලභ පොත් රාශියක් පවතී. ලොව අග්‍රගණ්‍ය පොත් මාලාවක් වන Don Quixote හි සංස්කරණ සඳහා මෙම පුස්තකාලය ප්‍රසිද්ධියක් උසුලයි. එසේම 19 වැනි සියවස තරම් පැරණි පොත්පත් පවා මෙහි අඩංගු වේ. මෙම පුස්තකාලය ‘පුස්තක දෙව් මැදුර’ යන නමින් පවා හැඳින්වෙන්නේ එහි ඇති ගාම්භීර හා මහේශාඛ්‍ය නිමාව නිසායි. මෙහි මැද කොටස අඩි 61 ක් උස පුළුල් ආලින්දයකින් සමන්විත වේ. කිරිගරුඬෙන් තැනූ කළු හා සුදු පොළොව පා පහසින් ඔපවත්ව ඇති අතර, ස්වර්ණ වර්ණයෙන් දිලිසෙන කුළුණු අතරින් දිස්වෙන බැල්කනි බොහෝ ගණනක් ඇති මේ පුස්තකාලය රජ මැදුරක් මෙන් තේජාන්විත, පාඨකයන්ගේ නෙත් මෙන්ම සිතත් පිනවන ස්ථානයකි.

    ජේ වෝර්කර් පුද්ගලික පුස්තකාලය
    කනෙක්ටිකට්

    3Jay_Walkers_Library.jpg


    ඇමෙරිකානු නව නිපැයුම්කරුවෙක් සහ ව්‍යවසායකයෙක් වූ ජේ වෝර්කර් විසින් සිය පෞද්ගලික ධනය යොදා තනන ලද පුද්ගලික පුස්තකාලයක් වන මෙය ඉතා සුවිශේෂී එකකි. ජේ වෝර්කර් විසින් සිය පුස්තකාලය පිළිබඳව හඳුන්වන ලද්දේ “මිනිස් පරිකල්පනයේ ඉතිහාසය පිළිබඳව වූ වෝර්කර් පුස්තකාලය” යන නමිනි. මෙහි පොත් 50,000 ක පමණ එකතුවක් දක්නට ලැබේ. ඉතා පැරණි හා දුර්ලභ පොත් ඇතුළත් වන මෙම පුස්තකාලය ලොව ප්‍රමුඛ පුස්තකාලයක් ලෙසින් හඳුන්වාදිය හැකියි. වරක් Wired නම් සඟරාව විසින් මෙම පුස්තකාලය හැඳින්වූයේ ලොව විස්මයජනකම පුස්තකාලය ලෙසයි. මෙය පුද්ගලික දේපලක් නිසා පුස්තකාලයේ පොත් පරිහරණය සඳහා පොදු ජනතාවට ඉඩ නොලැබුනත්, පුස්තකාලයේ නිමාව හා පොත් පත් හි දුර්ලභත්වය නිසා විශිෂ්ඨ පුස්තකාලයක් ලෙස පිළිගැනේ.

    ශාන්ත ගෝල් ආශ්‍රම පුස්තකාලය
    සෙන්ට් ගැලන්, ස්විට්සර්ලන්තය

    4Abbey_Library.jpg


    මෙය ස්විට්සර්ලන්තයේ ඇති පැරණිතම පුස්තකාලයයි. පොත් 160,000 ක් පමණ අඩංගු වේ. පූජකාරාමයක් සතු ලොව පැරණිතම පුස්තකාලය වන්නේද මෙයයි. ක්‍රි.ව. අටවැනි ශත වර්ෂය තරම් පැරණි කාලයේ ලේඛන පිටපත් පවා මෙහි අන්තර්ගත වන බව පැවසේ. 1983 දී මෙම පුස්තකාලය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ මෙහි ඇති සුවිශේෂී බව නිසාමයි. පුස්තකාලය සතු පැරණි ලියකියවිලි අන්තර්ජාලය මගින් පවා කියැවිය හැකි අතර, මෙම පුස්තකාලය මහජනයා සඳහා විවෘතව පවතින එකක් වීම ද විශේෂයකි. කෙසේ වෙතත් 1900 වසරට වඩා පැරණි පොත්පත් බැහැර නොදෙන අතර, පුස්තකාලය තුළදී පමණක් කියවීමට අවසර ලැබේ.


    නිව්යෝක් මහජන පුස්තකාලය
    නිව්යෝක් නගරය, ඇමෙරිකා එක්සත් ජනපදය

    5New_York_Library.jpg


    ලෝ ප්‍රකට නිව්යෝක් මහජන පුස්තකාලය එහි සැකැස්ම, නිමාව සහ සුවිශාලත්වය නිසාම දුටුවන් විස්මයට පත් කරවන සුළු පුස්තකාලයකි. උතුරු ඇමරිකාවේ ඇති තෙවැනි විශාලතම පුස්තකාලය වන මෙය සතුව විවිධ ග්‍රන්ථ අයිතමයන් මිලියන 50 ක් ඇතැයි කියවේ. මෙය පුස්තකාල 87 කින් සමන්විත සංකීර්ණයක් වන අතර මිලියන 3.5 ක පමණ ජනතාවක් එය භාවිතා කරයි. අති විශාල ප්‍රධාන කියවීම් ශාලාව හා එහි සිට පොත් කියවන සුවහසක් ජනතාව දැකීම නෙතට මෙන්ම සිතට ද සොඳුරු දසුනකි. මුද්‍රණ යන්ත්‍රයේ පියා වන ගුටෙන්බර්ග් විසින් මුද්‍රණය කරන ලද ලොව පළමු මුද්‍රිත බයිබලයක් ද මෙහි ඇති දුර්ලභ පොත් එකතුව අතර වෙයි. මෙම පුස්තකාලය ලොව පුරා බොහෝ දෙනාගේ ජනාදරයට පත් ව ඇති තවත් හේතුවක් වන්නේ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට සඳහා මෙය යොදා ගෙන ඇති නිසාවෙනි. “The Day After Tomorrow”, “Ghostbusters” යනු එවැනි චිත්‍රපට සඳහා උදාහරණයි.

    සියැටල් මධ්‍යම පුස්තකාලය
    සියැටල් නගරය, වොෂිංටන්

    6Inside_of_Seattle_Library.jpg


    2004 වසරේදී මහජනයා සඳහා විවෘත වූ මේ ආශ්චර්යමත් පුස්තකාලය නූතන ඉදිකිරීම් තාක්ෂණයේ විස්මය විදහා පෙන්වයි. වානේ සැකිල්ල මත වීදුරු වලින් නිමවුනු මෙම පුස්තකාලය එහි නිමාව නිසාම සුවිශේෂී වෙයි. ඉඩ ඇහිරුණු, අඳුරු ස්ථාන වශයෙන් සාම්ප්‍රදායිකවම පුස්තකාල සඳහා හිමිව තිබුණු පිළිගැනීම මේ සියැටල් පුස්තකාලය මගින් බිඳ හෙලා තිබේ. මෙය හොඳින් ඉඩකඩ ඇති ස්ථානයක් වන අතර වීදුරු යොදා තිබීම නිසා එලිමහනේ සිට කියවන්නාක් මෙන් හැඟීමක් ලැබේ. මිලියන 1.5 ක් පමණ වූ ග්‍රන්ථ ප්‍රමාණයක් මෙහි ගබඩා කළ හැකි අතර වසරකට මිලියන දෙකක පමණ පිරිසකට මෙම පුස්තකාලය සිය සේවය සපයයි.

    බොස්ටන් මහජන පුස්තකාලය
    ඇමෙරිකා එක්සත් ජනපදය

    7Boston_Public_Library.jpg


    මෙම පුස්තකාලය 1848 දී විවෘත කෙරිණි. දැනට මෙහි විවිධ අයිතමයන් මිලියන 22 ක් පමණ ඇති බව කියැවේ. මේ දැවැන්ත අගය නිසාම මෙය එක්සත් ජනපදයේ ඇති දෙවැනි විශාලතම පුස්තකාලය ලෙස හැඳින්වේ. 1895 දී ඉදිකරන ලද මැක්කිම් ගොඩනැගිල්ල දර්ශණීය බිතු සිතුවම් හා බිත්ති කැටයම් වලින් අලංකෘත වේ. එසේම එහි ඇති බේට්ස් ශාලාව එහි කෝෂමය ආකාරයේ වක්‍රාකාර උස් සිවිලිම නිසා විශේෂත්වයක් ගනී. මධ්‍ය කාලීන යුගයේ ලියවිලි, ආදීතම මුද්‍රණ පිටපත්, ශේක්ස්පියර් ගේ මුල් කෘතීන් හා තවත් දුර්ලභ කෘතීන් රාශියකින් මේ පුස්තකාලය සමන්විත වේ.

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රධාන කියැවීම් ශාලාව
    ලන්ඩනය, එංගලන්තය

    8.jpg


    ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ පිහිටි මෙය අති දැවැන්ත කියවීම් ශාලාවකි. මෙහි වහලය ගෝලාකාර ආකාරයෙන් තනා ඇත. අතීතයේදී මෙම පුස්තකාල ශාලාවට පිවිසිය හැකි වූයේ ලියාපදිංචි වූ පාඨකයන්ට පමණි. මේ කියවීම් ශාලාවේ සේවය ලබාගත් කීර්තිමත් පුද්ගලයන් අතර කාල් මාක්ස්, ඔස්කාර් වයිල්ඩ්, මහත්මා ගාන්ධි, රයියාඩ් කිප්ලිං, මාක් ට්වේන්, ලෙනින් හා H.G. වේල්ස් යන අය කැපී පෙනෙයි. වර්ෂ 2000 දී මෙහි අඩංගු පොත්පත් බොහෝමයක් නව බ්‍රිතාන්‍ය පුස්තකාලයට යැවුණු අතර වර්තමානයේ මෙහි අඩංගු වන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට අදාලව ඇති ඉතිහාස ලේඛණ සහ එබඳු වෙනත් ලිපිලේඛණයි.

    බොඩ්ලියන් පුස්තකාලය
    ඔක්ස්ෆර්ඩ්, මහා බ්‍රිතාන්‍යය

    9Reading_Room_at_British_Museum.jpg


    ලෝ ප්‍රකට ඔක්ස්ෆර්ඩ් සරසවියේ පුස්තකාලය වන මෙය 1602 තරම් ඈත කාලයේදී පිහිටුවන ලද පුරාණතම පුස්තකාලයකි. මෙය යුරෝපයේ පැරණිම පුස්තකාලයකි. මිලියන 11 කට අධික පොත්පත් හා ලිපිලේඛණ මෙහි අඩංගු බව සඳහන් වේ. ඒ අතර ‘මැග්නා කාර්ටා’ හි පිටපත් හතරක් හා ගුටෙන්බර්ග් බයිබලයක්ද , ශේක්ස්පියර් ගේ First Folio මුල්කෘතීන් ද අඩංගු වේ. ලොව මුල්ම කවාකාර පුස්තකාල ගොඩනැඟිලි අතර මෙය ද ඇති අතර මෙම පුස්තකාල ගොඩනැඟිල්ල “Young Sherlock Holmes”, “The Saint”, “The Red Violin” සහ “The Golden Compass” ආදී සිනමා පට රාශියකට පසුබිම් වී තිබේ.

    කොංග්‍රස් පුස්තකාලය
    වොෂිංටනය

    10Congress_Reading_Room.jpg


    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික පුස්තකාලය වන මෙය ලෝකයේ ලොකුම පුස්තකාලය ලෙසද පිලිගැනේ. එය අති විශාල ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ. මෙය මහජනයාට විවෘත නමුත්, කොංග්‍රස් මන්ත්‍රීවරු හා වෙනත් උසස් රාජ්‍ය නිළධාරින්ට පමණක් පොත් පරිහරණය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙකුත් සියළුම පුස්තකාලයන්හි ප්‍රධාන කාර්යාලය ලෙසින් ක්‍රියාකරයි. මෙහි විවිධ ග්‍රන්ථයන් මිලියන 32 ක්, විවිධ ලේඛණයන් මිලියන 61 ක් සමගින් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශණයේ පිටපතක් ද ඇති අතර ලොව ඇති හොඳම තත්ත්වයේ ගුටෙන්බර්ග් බයිබල හතරෙන් එකක් ද මෙහි ඇත. පසුගිය සියවස තුනට අයත්වන විවිධ පුවත්පත් මිලියනයක් පමණ ද, සංගීත ප්‍රස්ථාරයන් මිලියන 06 ක් පමණ ද, විවිධ ඡායාරූප හා මුද්‍රණයන් මිලියන 14 ක් පමණ ද මෙම පුස්තකාලයේ අඩංගු වන අතර ලොව ඇති හොඳම එකතුවක් ලෙසින් මෙය දැක්විය හැකියි...


    ඔන්න මේක ඉස්සුවෙ මගේ අතිජාත මිත්‍රයා චතූගෙ බ්ලොග් එකෙන්. මෙහි පූර්ණ අයිතිය ඔහු සතුයි. http://www.chathucn.blogspot.com/2013/09/best-libraries.html#axzz3oKkFU3Nb

    ඒ උනාට කමක් නැහැ රෙප් දීල යන්න හොඳේ..
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    කොංග්‍රස් පුස්තකාලය
    වොෂිංටනය

    10Congress_Reading_Room.jpg


    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික පුස්තකාලය වන මෙය ලෝකයේ ලොකුම පුස්තකාලය ලෙසද පිලිගැනේ. එය අති විශාල ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ. මෙය මහජනයාට විවෘත නමුත්, කොංග්‍රස් මන්ත්‍රීවරු හා වෙනත් උසස් රාජ්‍ය නිළධාරින්ට පමණක් පොත් පරිහරණය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙකුත් සියළුම පුස්තකාලයන්හි ප්‍රධාන කාර්යාලය ලෙසින් ක්‍රියාකරයි. මෙහි විවිධ ග්‍රන්ථයන් මිලියන 32 ක්, විවිධ ලේඛණයන් මිලියන 61 ක් සමගින් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශණයේ පිටපතක් ද ඇති අතර ලොව ඇති හොඳම තත්ත්වයේ ගුටෙන්බර්ග් බයිබල හතරෙන් එකක් ද මෙහි ඇත. පසුගිය සියවස තුනට අයත්වන විවිධ පුවත්පත් මිලියනයක් පමණ ද, සංගීත ප්‍රස්ථාරයන් මිලියන 06 ක් පමණ ද, විවිධ ඡායාරූප හා මුද්‍රණයන් මිලියන 14 ක් පමණ ද මෙම පුස්තකාලයේ අඩංගු වන අතර ලොව ඇති හොඳම එකතුවක් ලෙසින් මෙය දැක්විය හැකියි...[/SIZE]

    ලංකාවෙ පාලිමෙන්තුවෙ පුස්තකාලෙ කොහොමද දන්නෙ නැහැ. එකෙ තියෙන පොත් කවුරුවත් කිය්වනවද ? ඇමරිකාව නරක රටක් වෙන්න පුලුවන්. එත් උන්ගෙ කොන්ග්‍රස් පුස්තකාලෙ දැක්කම අපිට වහ කන්න හිතෙනවා.

    එල මචන්. එත් රෙප් දෙන්න බැහැනෙ :(
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ සිඞ්හලු ලඞ්කාවෙ පුස්තකාල :( :(
    අපිට පුළුවන් පුස්තකාල ගිණිතියන්න විතරයි :( :(
    ආඩම්බරයි :( :(
    රෙප්
    සිරාවට අපේ පාර්ලිමේන්තුවෙ පුස්තකාලෙ මොනාද දන්නෑ තියෙන්නෙ :sorry: :sorry:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ පාර්ලිමේන්තුවේ උන් මොනවද දන්නේ නෑ පරිශීලනය කරන පොත් ..
    පුස්තකාලේ තියන තැනවත් දන්නවද දන්නේ නෑ .. :lol:
    canteen එක නං දන්නවා ඇති sure එකට :lol:
     

    waligamaya

    Well-known member
  • කෝ සිඞ්හලු ලඞ්කාවෙ පුස්තකාල :( :(
    අපිට පුළුවන් පුස්තකාල ගිණිතියන්න විතරයි :( :(
    ආඩම්බරයි :( :(
    රෙප්
    සිරාවට අපේ පාර්ලිමේන්තුවෙ පුස්තකාලෙ මොනාද දන්නෑ තියෙන්නෙ :sorry: :sorry:

    ආයෙත් කියලා. අකුණු ආසියාවේ හොදම පුස්තකලෙත් ගිනි තියපු උන්නේ :(:(:(
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    කොංග්‍රස් පුස්තකාලය
    වොෂිංටනය

    10Congress_Reading_Room.jpg


    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික පුස්තකාලය වන මෙය ලෝකයේ ලොකුම පුස්තකාලය ලෙසද පිලිගැනේ. එය අති විශාල ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ. මෙය මහජනයාට විවෘත නමුත්, කොංග්‍රස් මන්ත්‍රීවරු හා වෙනත් උසස් රාජ්‍ය නිළධාරින්ට පමණක් පොත් පරිහරණය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙකුත් සියළුම පුස්තකාලයන්හි ප්‍රධාන කාර්යාලය ලෙසින් ක්‍රියාකරයි. මෙහි විවිධ ග්‍රන්ථයන් මිලියන 32 ක්, විවිධ ලේඛණයන් මිලියන 61 ක් සමගින් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශණයේ පිටපතක් ද ඇති අතර ලොව ඇති හොඳම තත්ත්වයේ ගුටෙන්බර්ග් බයිබල හතරෙන් එකක් ද මෙහි ඇත. පසුගිය සියවස තුනට අයත්වන විවිධ පුවත්පත් මිලියනයක් පමණ ද, සංගීත ප්‍රස්ථාරයන් මිලියන 06 ක් පමණ ද, විවිධ ඡායාරූප හා මුද්‍රණයන් මිලියන 14 ක් පමණ ද මෙම පුස්තකාලයේ අඩංගු වන අතර ලොව ඇති හොඳම එකතුවක් ලෙසින් මෙය දැක්විය හැකියි...[/SIZE]

    ලංකාවෙ පාලිමෙන්තුවෙ පුස්තකාලෙ කොහොමද දන්නෙ නැහැ. එකෙ තියෙන පොත් කවුරුවත් කිය්වනවද ? ඇමරිකාව නරක රටක් වෙන්න පුලුවන්. එත් උන්ගෙ කොන්ග්‍රස් පුස්තකාලෙ දැක්කම අපිට වහ කන්න හිතෙනවා.

    එල මචන්. එත් රෙප් දෙන්න බැහැනෙ :(


    ha ha ha