ලෝකය තනි යායක් නොවන නිසා....
පහුගිය දවස්වල රනිල් ලෝකෙ පුරා ඇවිද්ද ලංකාණ්ඩුවෙ වැරදි කිය කිය, අනික් රටවලට අපේ 'පවුල් ප්‍රශ්න' වලට මැදිහත් වෙන ලෙස ඉල්ලමින්. ඒ වගේම 88-89 කාලෙදි මහින්දත් ලෝකෙ පුරා ඇවිද්ද අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙන ලෙස අනික් රටවලින් ඉල්ලමින්.
බාමියන් බුදු පිළිම විනාශ කරනකොට ලොව බොහෝ රටවල් කම්පා වුණා මේ ලෝක උරුමයන් තමන්ගෙ හිතු මනාපෙට විනාශ කිරීමට ඒ බිමේ උපන්න අයට ඉඩ තියෙනවද කියල. දැන් වුණත් ඇෆ්ඝනිස්තානෙ ඇති පුරා වස්තු බොහොමයක් විනාශ කරනවා එහෙ ඉන්න කට්ටිය.
ඒ වගේම අපේ රට ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේදී අනික් රටවල් කියපු බණ අහන්න ගියානම් තවමත් රට පුරා බෝම්බ පුපුරනවා; අහිංසකයින් කපා කොටා මරනු ලබනවා.
සුනාමි ආව වෙලේ බොහෝ රටවල් අපට ආධාර දුන්නා. ඒ වගේම ආධාර කරන්න ඇවිත් තමන්ගෙ මත ප්‍රචාරය කරන අයත් ඉන්නවා. එහෙම නොකළත්, අපි කාගෙන් හරි උදව්වක් ගත්තම 'ණයක්' හිටිනවා- ඉතින් ලෝක බැංකුවෙන් ණය ගත්තම වුණත් ඒ අය දාන නීතිවලට බෑ කියන්න බැරි වෙනවා.
රටක හෝ සංවිධානෙක අභ්‍යන්තර කටයුතුවලට එල්ල වන බාහිර බලපෑම්වල සීමාවක් තිබිය යුතුයි. සීමාව තීරණය කරන්නෙ කොහොමද? අපට හොඳ දේ සහ අනෙක් අයට හොඳ දේ අතර ඇති වෙනසින් වඩා සුදුසු දෙය අපි තෝර ගන්නෙ කොහොමද?