ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන GOOGLE LOONS

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන GOOGLE LOONS


    අපි අන්තර් ජාලයට විවිද ක්‍රම මගින් සම්බන්ද වෙනවා. එත් තවමත් ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට අන්තර්ජාල සම්බන්දතාවය නැහැ. ඒ අතින් අපි වාසනාවන්තයි. වැඩිපුර ගානක් ගත්තත් අපිට ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්.

    මේ ගැන හිතලා google එකෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේකේ මුලික පරමාර්ථය තමා ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශ වල ඉන්න ජනතාවට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීම හෑ ආපදා තත්ත්ව වලදී ඉක්මනින් සහන සැලසීමට හැකියාව ලබාදීම. මේ සඳහා google ආයතනය භාවිතා කරන්නේ බැලුන් (balloons) වේ.

    how-loon-works--project-loon--google.png
    පරිවර්ති ගෝලය තුල එනම් පෘතුවි පෘෂ්ටයේ සිට කිලෝමීටර් 20 ක් ඉහලින් මේම බැලුන ස්ථාන ගත කර තිබෙනවා. එහි තිබෙන විවිද ස්තරවල විවිද වෙගමට්ටම් වලින් සුලන් ප්‍රවාහයන් හමාගෙන යනවා. project loon වල බැලුන ගමන් කරවීමට අවශ්‍ය වූ විට එහි ඇති විවිද වූ ගණිතකර්ම හෑ මෘදුකාංග යොදාගෙන බැලුන නිවැරදි මාර්ගයට ගන්නවා.

    කිලෝමීටර් 10-60 ත් අතර වන පරිවර්ති ගෝලය තුල විවිද වූ කාලගුණික තත්ත්ව පවතිනවා. මුහුදු මට්ටමේ සිට බලන විට මෙහි වායු පීඩනය 1% පමණ වෙනවා. විටක ඉතාමත් උෂ්ණ පරිසරයක් ඇතිවන අතර තවත් විටක සෙල්සියස් අංශක -80 (සෘණ 80) දක්වා පහල යනවා. එමෙන් ම සූර්යයාගෙන් පිටවන අහිතකර කිරණ (අදොරක්ත තරංග වැනි )UV කිරණ වැනි දෙවලින්ද මේ ස්තරය සපිරියි. ඒ නිසා මේම බැලුන වලට විශේෂිත ආරක්ෂක උපක්‍රම භාවිතා කර තිබෙනවා.

    බැලුමේ වාතය පිරවීමට හැකි කොටස විශේෂිත ආකාරයෙන් සකසා තිබෙනවා. දින 100ක කාලයක් දරුණු පාරිසරික තත්ත්ව වලට මුහුණ දීමට හැකිවන අයුරින්. මෙහි වාතය පිරවීමට හැකි කොටස ප්ලාස්ටික් හා පොලිතින් මිශ්‍ර සංයෝගයගින් නිමවා තිබෙනවා. මෙය සම්පුර්ණයෙන් පුම්බා ඇතිවිට මීටර 12ත් 15 ත් අතර උසක් ගන්නවා. මෙය සේවා අවශ්ශතා සඳහා පහලට ගැනීමේදී බැලුම තුල අතිවාතය පිටතට නිකුත් කර පහලට ගන්නවා. මෙවිට වේගයෙන් පොලවට ලන්ගාවෙන බලුනයේ වේගය පාලනය කිරීමට පැරෂුටයක් භාවිතා කරනවා.

    මේවට බලය ලැබෙන්නේ සුර්ය කෝෂ වලිනි රාත්‍රී කාලයේදී බලය ලබා ගැනීමට මේ සුර්යකෝෂ වලින් ලබාගන්න බලය බැටරි වල ගබඩා කරගෙන භාවිත කරනවා. මෙහි වොට් 100ක පමණ බලයක් ලබාදියහැකි සුර්ය පැනල සවිකර තිබෙනවා.

    මේම එක් බලුනයකට LTE තාක්ෂනය යොදාගනිමින් 40 km පමණ දුරකට සම්භාන්දතාව ලබා දීමට පුළුවන්.
    එමනිසා මහජනයාට තමන්ගේ lte උපකරණ වලින් මේම අන්තර්ජාල පහසුකම ලබාගැනීමට පුළුවන්. එසේම මේ ක්‍රමයෙන් ජනතාවට උපරිම වේගයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.lte භාවිතයේදී සන්නිවේදන සමාගම් වල සහයෝගයෙන් අන්තර්ජාලය ලබාදීමට කටයුතු කරනවා.​
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    නමුත් ඔය ව්‍යාපෘතියේ ප්‍රාෙයා්ගික ගැටලු බොහොමයි. ඒ නිසා අන් ආකාරයන්ට අන්තර්ජාලය ලබාගැනීමට නොහැකි ප්‍රෙද්ශවලට පමණක් මේක ප්‍රයෝජනවත් වේවි.