ලෝකෙන්ම මෙරට පමණක් ඇති කොවිඩ් විකෘතියක් හමුවේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
    මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ යනු ඇත.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙයට පෙර ඩෙල්ටා ආසාදිතයයෝ 117 දෙනෙක් සොයා ගනු ලැබූහ.
    ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය හමුවූ සාම්පලවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා බව පැවසූ ආචාර්යවරයා ඩෙල්ටා හමුවූ සෙසු සාම්පල මහනුවර මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මහරගම, මාලඹේ, ගම්පහ යන ප්‍රදේශවලින් ලැබී තිබුණු ඒවා බවද සඳහන් කළේ‍ය.

    ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

    මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු පැවසීය.

    ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.
    මෙම විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මෙම විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.
    මෙම ප්‍රභේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ සිදුකරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේය.

    මෙම නව ඩෙල්ටා ආසාදිතයන් 84 දෙනා සම්බන්ධයෙන්වූ වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (20) බාරදෙනු ලැබීය.


    - lankadeepa.lk
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපේ රටේ මිනිස්සුන්ට අත දෙන්ඩ කටයුතු කරෙ අපෙ ආණ්ඩුව විතරයි. වෛරස් එකක් වුනත් අලුත් ඒකක් හදන්නෙ අපෙ ඒවුන්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    විස්මිත් ලෙස ලොව මවිතකරා එහෙනම්​


    Dana eka hariyata dapanko
    Title eke kiyanawa ශ්‍රී ලංකාවෙන් පමණක් kiyala

    body eke kiyanawa මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් kiyala
    mokakda hari
    මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු පැවසීය
    ------ Post added on Aug 20, 2021 at 6:18 PM
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    Dana eka hariyata dapanko
    Title eke kiyanawa ශ්‍රී ලංකාවෙන් පමණක් kiyala

    body eke kiyanawa මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් kiyala
    mokakda hari

    ඇස් පෙන්නේ නැද්ද? නැත්තම් අකුරු කියවන්නබැරිද?

    ලොකු අකුරින් පාට කරලාම දාලා තියනවා 7015 ලංකාවේ විතරයි කියලා

    මැලේසියා ලංකා තියෙන්නේ 1078
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    අඩේ මේක මරු චාන්ස් එකක් කොවින් ටෙස්ට් එක බේස් කරල මෙඩිකල් ටුවරිසම් කම්බයින් කරල පේපර් එකක් පබ්ලිශ් කරා නන් ලෝකෙ පළවෙනි පේපර් එක වෙනව නන් එඩුයුකේටඩ් කෙනෙක් රිලීස් කරපු.

    එරෝසන් රිසර්ච් කරන ජුමා එකට දුන්න නන් වැඩේ ගොඩ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මල සුට්ටයි.
    සුද්දගේ බෙහෙතුත් නැහැ ඕවට දැන්.
    ධම්මික පැණිය නැත්නම් අර බෝර්ඩ් ලෑලි උස්සන් රස්සාවල් ඉල්ලන නිදහස් අද්යපනයේ අයින්ස්ටයින්ල බෙහෙතක් හැදුවොත් තමයි දැන් ඉතින්.
     
    • Haha
    Reactions: pga and Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ඔහෙට පස්නයක් නෑනෙ
    ගේ ඇතුලෙමනෙ ඉන්නෙ :nerd:
    shame GIF