ලෝකෙ තියෙන වැදගත්ම දේ අයිති කරගන්නෙ නැතුව
එකෝමත් එක රටක කුරුල්ලෙක් හිටියා.. එයා දිලිසෙන , වර්ණවත් , විස්මය දනවන පිහාටුවලින් යුතු පරිපුර්ණ අත්තටු දෙකකින් සැරසිලා හිටියා.. ටික කාලෙකින් එයා අහස පුරා නිදහසේ පියාඹන දකින හැම කෙනෙකුටම සතුට ගේන සතෙක් බවට පත් උනා..
දවසක් එක ගැහැණියක් මේ කුරුල්ලව දැකලා එයත් එක්ක ආදරෙන් බැඳුනා..එයාගෙ ගුවන් ගමන බලන් හිටපු ඇගේ මුව විස්මයෙන් ඇරුනා.. ඇගේ හදවත වේගයෙන් ගැහුණා. විස්මය නිසා ඇගේ ඇස් දිළිසුනා..ඇය ඒ කුරුල්ලව වර්ණනා කලා..පූජනීය කොට සැලකුවා,, සැමරුවා.. මේ හැමදේම කලා..
ඒත් ඇය ඊලගට මෙහෙම හිතුවා;
එයාට ඈතින් අර පේන කඳුවලට පියාබන්න ඕනෙ ඇති.! ඉතින් ඇය බය උනා..
බය වුනේ ඇයට මේ වගෙ හෑඟිමක් කවදාවත් ආයි වෙනත් කුරුල්ලෙක් ගැන ඇති නොවේවි කියලයි.. ඉතින් ඇයට ඊර්ෂ්‍යා හිතුනා..එතැන් පටන් ඒ කුරුල්ලගෙ පියාඹන්න පුලුවන් හැකියාවට ඇය ඊර්ෂ්‍යා කලා..
ඇය මුලින්ම ආදරේ කලේ ඒ ලස්සන පියාසැරියට කියන එක අමතක වෙන තරමටම ඇය ඒකට ඊර්ෂ්‍යා කලා..
මේ ඊර්ෂ්‍යාව ඇගේ හිතේ තනිකමක් ඇති කලා.. ඒ වගේම ඇය හිතුවා;
" මම උගුලක් අටවන්න ඕනෙ. ඊ ලග පාර කුරුල්ලා ආවට පස්සෙ එයා ආපහු කවදාවත් යන එකක් නෑ..,ඔව් මම එයාට යන්න දෙන්නෙත් නෑ"
ආදරෙන් බැඳිලා හිටපු ඒ කුරුල්ලත් පහුවෙනිදා ආපහු ඇවිත් උගුලට අහු වෙලා කූඩුවක හිර උනා..
ඔන්න දැන් ඇය ආස කරපු කුරුල්ලා ඇගේ කූඩුවෙ.. ඇය හැමදාම කුරුල්ලා දිහා බලාගෙන හිටියා.. මෙන්න දැන් ඌ ඉන්නවා.. ඇය ආස කරන වස්තුව..
" මට ඕනෙ උන හැමදේම දැන් මගෙ ලග තියෙනවා"
ඇයට එහෙම හිතුනා..කොහොම උනත් එතන අමුතු පරිවර්තනයක් සිද්ධ වෙන්න පටන් ගත්තා..
; දැන් කුරුල්ලා ඇය ලගම ඉන්න නිසා තව දුරටත් ඔහුව ආදරෙන් හොයාගෙන යන්න ඇයට ඕනෙ උනෙ නෑ.. ඌ කෙරෙහි ඇගේ උවමනාව අඩු වෙන්න ගත්තා..
පියාබන්න බැරිවුනු හින්දා ජිවිතේ සැබෑ අරුත ප්‍රකාශ කරගන්න බැරි උන කුරුල්ලා නාස්ති වෙලා යන්නත් , එයාගෙ පිහාටු වල දිස්නය නැති වෙලා යන්නත් පටන් ගත්තා.. එයා කැත උනා..
අර ගැහැනිය එයාට කෑම දාන එකත් කූඩුව සුද්ධ පවිත්‍ර කරන එකත් ඇරුනම තව දුරටත් කුරුල්ලා කෙරෙහි කිසිම අවධානයක් යොමු කලේ නෑ..
එක දවසක් ඒ කුරුල්ලා මිය ගියා.. !
ඒ ගැහැනිය අතිශයින්ම දුකට පත් වෙලා ඇගෙ මුලු කාලයම ඔහු ගැන හිතමින් ගෙවලා දැම්මා.. ඒත් ඇය කූඩුව ගැන මතක් කලේ නෑ.. ඇය නැවත නැවත මතක් කලේ පලමු වරට ඔහු තුප්තියෙන් වලාකුලු අතර පියාබනවා දැකපු දවස ගැන විතරමයි!!
ඇය තවදුරටත් ඇය ඇතුලටම එබිලා බැලුවා නම් තේරුම් යාවි,, ඇය උද්ධාමයට පත් උනෙ කුරුල්ලාගෙ නිදහස නිසාත් තටු ගසද්දි ඒවායෙ තිබුන ශක්තිය නිසාත් මිසක උගෙ භෞතික ශරිරය ගැන නෙමේය කියලා..
කුරුල්ලා නැතුව ඇගේ ජිවිතයේත් කිසිම අර්ථයක් නැතුව ගියා..
ඇය මරණයේ දොරකඩ ඉද්දි කල්පනා කලා
" මම ඔහුට ඇවිත් යන්න ඉඩ දුන්නා නම් මට තිබුනා ඔහුට තව තව ආදරය කරන්න , ඔහුව තව තව අගය කරන්න , මට දැන් අවශ්‍යයි ඒ කුරුල්ලාව නැවත හොයාගන්න!!
ඒත් ඒ ගෑනි හොදටම පරක්කුයි!!
අපි අපේ ජිවිත වලදි ආදරේ කරනවා කියලා ඇත්තටම කරන්නෙ මොකක්ද??
තව කෙනෙක්ගෙ ජිවිතය මත ආධිපත්‍යය පතුරවලා ඒක තමන්ගෙ අධිරාජ්‍යයක් කරගන්න.. තමන්ට අයිති කරගන්න..
මම එයාගෙන් දැකපු ලස්සනට මම ආදරය කලා.. මම පිස්සු වැටුනා.. මම එයාගෙන් දැකපු පෞරුශත්වයට වශි උනා.. මම එයාට ආදරේ කලේ මොකක්ම හරි හේතුවකට..
ඒත් අයිතිකරගන්න දගලන පලවෙනි තප්පරේදි මට එයාගෙ ලස්සන මහ හිසරදයක් වෙනවා..
" ඔයා ඔය තරම් ලස්සන වෙන්න ඕනෙ නෑ.. ඔයා ඔය තරම් දිස්නෙ ගහන්න ඕනෙ නෑ.. ඔයා කැතට ඉන්න.. වෙන කවුරු ඔයා දිහා බලන්නද? වෙන කවුරු ඔයා ගැන උනන්දු වෙන්නද ? දැන් ඔයා මගෙයි"
කියලා හිතන්න ගන්න පලවෙනි තැනදිම ඔයා එයාට ආදරේ කරන්න පෙලබුන හේතුවටම පෙරලා වෛර කරනවා..
අයිති කරගන්න හදන කිසිම මනුස්සයෙක්ට ගෑනියෙක්ට කවදාවත් හිතන්න බෑ..
මම මගේ ඉස්සරහා ඉන්න මේ මනුස්සයට ආදරය කරනවා.. මොකද මම ඔහුව අයිති කරගන්නවත් ඔහු මාව අයිතිකරගන්නවත් හදන්නෙ නැති නිසා.. අපි එකිනෙකාට ඇති බැඳිමෙන් නිදහස්.. මම අවසානයේ මගේම වචනය විශ්වාස කරනතාක් මට ඔහු හෝ ඇය සමග හිටපු හැම මොහොතක්ම නැවත නැවත සිහිපත් කරන්න පුලුවන්..
පසුතැවිලි නොවී සිහිපත් කරන්න පුලුවන්!!
ඔබ ආදරය කලේ පියාඹපු කුරුල්ලෙකුට මිස කූඩුවක් ඇතුලෙ අසරණ උන කුරුල්ලෙකුට නෙමෙ කියලා අවසානය තෙක් මතක තියාගන්න පුලුවන් නම්????
ලෝකෙ තියෙන වැදගත්ම දේ අයිති කරගන්නෙ නැතුව ලබා ගැනීම කියලා වැටෙහෙන දවසක් එනවා..
එදාට මට වගේම ඔයාටත් තේරෙන්න ගන්නවා..,
කාටවත් කවුරුවත් අහිමි වෙන්නෙ නෑ කියලා, මොකද? කාටවත් කවුරුවත් අයිති නැති නිසා!!
ලියැවිල්ලේ අයිතිය - ©චාන්යා හේරත් ට ❤