ලෝකෙ පරණම ලෙජන්ඩරි රොක් බෑන්ඩ්ස්

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,360
    1,557
    113
    32
    Earth-Cj025
    ලෝකෙ පරණම ලෙජන්ඩරි රොක් බෑන්ඩ්ස්

    1. මෙටැලිකා (Metallica)
    Great-Old-Hard-Rock-aniwa-01.jpg

    ලෝකෙ රොක් සංගීත කණ්ඩායම් කිවුවම තාම අංක එක විදියට ඉන්න අය තමයි මේ. ඇමරිකාවෙන් අසූවෙ මුල පටන් අරන් අවුරුදු තිස් පහකට එහා පැත්තෙ ස්ටේජ් දෙදරන්න වැඩ කරපු, අංකුර බෑන්ඩ් ගණනාවකට නැගී හිටින්න තරමේ ජවාත්මක උත්තේජනයක් දීපු මෙටැලිකාවලින් මේ සටහන පටන් ගත්තෙ නැත්තං හරි නැහැ. යුනිවර්සල්, වර්ටිගෝ, මර්කරි, වෝනර් බ්‍රදර්ස් වගේ රෙකෝඩ් ලේබල් එක්ක වැඩ කරපු මෙයාලා ගැන රෙකෝඩ් ලේබල් වලින්ම හිතාගත්තෑකිනෙ. දැන් බෑන්ඩ් එකේ ඉන්නෙ පටන්ගමුද කියල අහල පත්තර ඇඩ් එක දාපු ඩ්‍රමර් ලාර්ස්, ඒකට රිප්ලයි කරපු වෝකල්ස් විත් ගිටාරිස්ට් ජේම්ස්, ලීඩ් ගහන කර්ක් සහ බේස් ගහන රොබර්ට්. පරණ අය ටික දෙනෙකුත් ඉන්නව. හෙවි මෙට්ල් සහ ත්‍රෑෂ් මෙට්ල් ඇතුළෙ වෙනස් තාල හොයාගෙන ගිහින් වැඩදාපු මෙයාලගෙ වැඩවලට ලැබිච්ච සම්මානත් ඕනතරං. කියන්න දේවල් ගොඩක් තිබ්බත් අනිත් අයටත් ඉඩ ඕන නිසා අපි යනව මෙයාලගෙ ජනප්‍රියම සින්දුවක් තමයි”සේන්ට් ඇන්ගර්“.

    2. ලෙඩ් සෙප්ලින් (Led Zeppelin)
    Great-Old-Hard-Rock-aniwa-02.jpg

    වෙනස් වෙනස් සද්ද තිබ්බ බෑන්ඩ් එකක්. ලන්ඩන්වල පටන්ගත්තු බෑන්ඩ් එක තිබ්බෙ අවුරුදු දොළහයි. අසූවෙදි ඉවරයි. හැබැයි තාම රොක් අහන මිනිස්සුන්ගෙ කාමරවල විස්කි ඩිංගිත්තක් එක්ක හොල්මන් කරනව. ඒ ඒ මිනිස්සු ගාව තිබ්බ සංගීතයේ විවිධත්වය හින්දයි. ඊටත් හපං දෙයක් මෙයාලව ජනප්‍රිය වෙන්න බලපෑවා. ඒ එයාලා සතුව තිබ්බ ඉලෙක්ට්‍රික් අත් දෙක. ජිමී පේජ් කියන්නෙ මේ ලෝකෙට පහළ වෙච්ච අග්‍රගණ්‍ය සංගීතකාරයෙක්. ගිටාර්වාදකයෙක්. සින්දු කිවුවෙ රොබට් ප්ලාන්ට්. හාඩ් රොක්වලට බේස් ගැහුවෙයි, ෆෝක් රොක්වලට කීබෝඩ් ගැහුවෙයි ජෝන් පෝල් ජෝන්ස්. ඩ්‍රම්ස් ගැහුවෙ ජෝන් බොන්හැම්. බෑන්ඩ් එකේ විතරක් නෙමෙයි රොක් ලෝකෙම ප්‍රසිද්ධ එයාලගෙ හිට් සිංගල් එක තමයි “ස්ටෙයා වේ ටු හෙවන්.”

    3. ක්වීන් (Queen)
    Great-Old-Hard-Rock-aniwa-03.jpg

    ක්වීන් කියල ගූග්ල් එකේ ගැහුවොත් උඩිම්ම එන්නෙ එංගලන්තෙ හොට බිම ඇනිච්ච ආච්චි අම්ම නෙමෙයි. අති විශිෂ්ට බ්‍රිටිෂ් රොක් බෑන්ඩ් එක. දත් ඉස්සරහට එන එක අවුලක් විදියට දැකපු මිනිස්සු අතරෙ ඒකෙන් ගොඩ ගිය එවුන් ඉන්නවද කියල පෙන්නන්න කිවුවොත් ලංකාවෙන් ඉන්ද්‍රානි පෙරේරා පෙන්නන්න පුළුවන් වගේම එංගලන්තෙන් ෆ්‍රෙඩී මර්කරි පෙන්නන්න පුළුවන්. ඒක ගැන ආයෙ දෙකක් නෑ. පියානො පාරක් ගගහා “වී ආද චැම්පියන්ස්” කියද්දි පිපෙන හිරිගඩුම රතු සාරිය ඇඳලා “මතකය ඇසුරින්“කියද්දිත් එන්නෙ ඒ කටවල්වලින් ආපු දිව්‍යමය සද්දෙ නිසා. ෆ්‍රෙඩී මලාට මොකද බෑන්ඩ් එකනං තාම තියෙනව. දැන් කවුරු කවුරු හිටියත් එයාලගෙ ක්ලැසික්ම ලයින්අප් එක විදියට හඳුන්වන්නෙ ෆ්‍රෙඩී එක්ක ලීඩ් ගිටාර් ගගහ සින්දු කියපු බ්‍රයන්, ඩ්‍රම්ස් ගගහ සින්දු කියපු රොජර් සහ බේස් ගහපු ජෝන්. රොක් කියන ෂැනර් එකේ වෙනිං ඉමවල් අල්ලපු අය විදියට මෙයාලගෙ හිට් සිංගල් එක තමයි “බොහිමියන් රැප්සඩි.”

    4. පින්ක් ෆ්ලොයිඩ් (Pink Floyd)
    Great-Old-Hard-Rock-aniwa-04.jpg

    පින්ක් ෆ්ලොයිඩ් කියන්නෙ අඩියක් ගහපු වෙලාවට අහන්න කියාපුම බෑන්ඩ් එකක්. ඒකට ඒගොලොන්ගෙ වචන වගේම ඒව ඇඟට කාවද්දපු විදියත් හොඳ හේතුවක්. රොක්වල පොඩි කලාත්මක පැත්තක් ඇල්ලුව කට්ටියක් කියල හඳුන්වන්න පුළුවන්. මියුසික් ඇතුළෙ ලොකු ‍ලොකු පර්යේෂණ කරපු, ඒදේවල් ඉතා හොඳින් මිනිස්සු පිළිගත්තු නිර්මාණකාරයො ටිකක්. නිකමට එයාලගෙ ලයිවු ෂෝ එකක් බැලුවොත් ඒ දේවල් එච්චර පරණද කියල හිතාගන්නත් බැරි වේවි. සින්දු කිය කිය ගිටාර් ගැහුවෙ බැරට්, මේසන් තමයි ඩ්‍රමර්, රොජර් වෝටර්ස් බේස් ගගහ සින්දු කිවුව, රචර්ඩ් රයිට් කීබෝඩ් ගගහ සින්දු කිවුව. අතරින් පතර ප්‍රශ්න හින්ද බෑන්ඩ් එක කැඩුනට සින්දු විකිණෙන්නෙ නැති වෙන්න ඒක හේතුවක් වුනේ නැහැ. “අනදර් බ්‍රික් ඉන් ද වෝල්” තමයි අපිට අනුව නං හිට් සිංගල් එක

    5. ද බීට්ල්ස් (The Beatles)
    Great-Old-Hard-Rock-aniwa-05.jpg

    ඔන්න බෑන්ඩ් එක. ෆැබියුලස් ෆෝ කියලයි මේ බෑන්ඩ් එකේ හතර දෙනාව හැඳින්නුවෙ. වැඩිය ඕන නෑ ජෝන් ලෙනන්, පෝල් මැකාර්ට්නි, ජෝජ් හැරිසන්, රින්ගෝ ස්ටාර් කියන හතරදෙනා තමයි ඒ. රොක් බෑන්ඩ් විදියට මේ ලිස්ට් එකට ගත්තට එයාලා පොප් සින්දුත් කිවුව. රොක් ලෝකෙ සිද්ධ වෙච්ච නම ගිය වැඩක් විදියට එයාලව හැඳින්නුව. ඒ ඔවුන් ඇති කරපු වෙනසින් සිද්ධ වෙච්ච කතාබහ නිසාමයි.මෙයාලගෙ ප්‍රසිද්ධ ශෛලීන් දෙකට එන්න කලින් අතොරක් නැති මියුසිකල් පර්යේෂණ කරල තියෙනව. කොටින්ම හාඩ් රොක් කියලත් තියෙනව ඉන්දියන් සංගීතෙටත් අඩිය ගහල තියෙනව. ඒවටනං ශංකර්ලගෙ ප්‍රසිද්ධියත් හේතුවක්‍ වෙන්න ඇති. අසූවෙ ජෝන් ලෙනන්ව මැරුවනෙ. ඒ මොනව වුනත් අපිට එයාලගෙ හිට් සිංගල් එක තමයි “ලෙට් ඉට් බී!”



    6. ගන්ස් ඇන්ඩ් රෝසස් (Guns N’ Roses)
    Great-Old-Hard-Rock-aniwa-06.jpg

    තුවක්කු සහ රෝස මල් ගැනයි මේ කතාව. බෑන්ඩ් එක ගැන කතා පස්සට දාලා මුලින්ම කතාව පටන් ගන්න ඕන ඇක්සල් රෝස්ගෙන්. මේලොකෙ මෙතෙක් පහළවුනු පට්ට රේන්ජ් එකක් තිබ්බ විශිෂ්ටතම ගායකයෙක් විදියට ඇක්සල් රෝස් දක්වන්න පුළුවන්. තාමත් නොනැසී යන බෑන්ඩ් එකෙන් අතරින් පතර ඇවිත් හැලිලා ගිය අය ගොඩයි. තාම සින්දු කියන්නෙ ඇක්සල් රෝස්, ලීඩ් ගිටාර් ස්ලෑෂ්, රිදම් ගහන්නෙ ඉසී, බේස් ගහන්නෙ ඩෆ්, ඩ්‍රම්ස් ගහන්නෙ ස්ටීවන් ඇඩ්ලර්. හොඳ අලෙවියක් තිබ්බ මේ බෑන්ඩ් එකේ හිට් සිංගල් එක විදියට අපි කියන්නෙ නං “නොවෙම්බර් රේන්“. තවත් එක තුරුම්පුවක් දෙන්නං. අහල බලන්න ඇක්සල් රෝස් මිය ගිය විශිෂ්ට ගායක ෆ්‍රෙඩී මර්කරිට උපහාරයක් විදියට නොකිං ඔන් හෙවන්ස් ඩෝ කියන ලස්සන.



    7. අයන් මේඩ්න් (Iron Maiden)
    Great-Old-Hard-Rock-aniwa-07.jpg

    ඇල්බම් තිස් අටක් ගහනව කියන එක ලේසිත් නැහැ. ඒව වාර්තා තියල විකුණනව කියන එක ලේසිත් නැහැ. අවුරුදු හතලිස් දෙකක් බෑන්ඩ් එකක් නොවැටී කරගෙන එනව කියන එක ලේසිත් නැහැ. සීයලගෙත් මුණුපුරාලගෙත් ආදරේ එක පාර දිනාගන්න එකලේසිත් නැහැ. අලුත් රැළි පටන් ගන්න එක ලේසිත් නැහැ. ඊට ලේසියි මෙයාලගෙ නම කියන එක. අයන් මේඩ්න් බෑන්ඩ් එකට දැන් ඉන්නෙ බේස්ගහන සින්දු ලියන ස්ටීව් හැරිස්, ගිටාර් ගහන ඩේව් මරේ, ගිටාර් ගගහා වෝකල්ස් බැක් කරන ඒඩ්‍රියන්, ලීඩ් ‍වෝකලිස්ට් විදියට බෲස් ඩිකින්සන්, ඩ්‍රම්ස් ගහන නිකෝ සහ ගිටාර් ගහන ජැනික් ජර්ස්. අපි ඉතිං හිට් සිංගල් එක විදියට තෝරන්නෙ “වේස්ටඩ් ඉයර්ස්” තමයි.

    Copy By Aniwa.lk :P
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    ela

    metallica nam pattama nothing else matters & fade to black :love:
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    Beatles lata gahanta band ekak,Musical act ekak enne nathiwei kawadawath......:baffled::baffled:Un karapu de marai...aurudu 7k wage kalekin(1963-70) karapu nirmana..,e tika kaledi wechcha wenas weem..,paryeshana.....,Social Impact eka..(Un USSR eka kadentath hethuwak una kiyalai kiyanne)..pissuwa.. katawath karanta lesi na........!marama blend ekak,combination ekak...Lennon,McCartney,Harrison supirima mix ekak...Ringo star samanya dial ekak..eth uth Beatles band ekene..uth porak thama......
    Ilagata man asa LEdzeplin,Queen...!


    THE BEATLES: EIGHT DAYS A WEEK – THE TOURING YEARS. Official UK Trailer
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මෙන්න තවත් සුපිරි රොක් බෑන්ඩ් සෙට් එකක්

    9018a5c3392b33150398af0dfedd6d9c.jpg


    ed3f29b8043684807231e9910c4fba27.png


    3be6d2054b44d1849c351c8b137b7ea3.jpg


    2520855b95cfae046a002445a531edcc.jpg


    1488846683934


    fd34bdbdb434b44616cfb2e7ecde695d.jpg


    Uriah-Heep-%E2%80%93-Boston-1976.jpg
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,360
    1,557
    113
    32
    Earth-Cj025
    Beatles lata gahanta band ekak,Musical act ekak enne nathiwei kawadawath......:baffled::baffled:Un karapu de marai...aurudu 7k wage kalekin(1963-70) karapu nirmana..,e tika kaledi wechcha wenas weem..,paryeshana.....,Social Impact eka..(Un USSR eka kadentath hethuwak una kiyalai kiyanne)..pissuwa.. katawath karanta lesi na........!marama blend ekak,combination ekak...Lennon,McCartney,Harrison supirima mix ekak...Ringo star samanya dial ekak..eth uth Beatles band ekene..uth porak thama......
    Ilagata man asa LEdzeplin,Queen...!


    THE BEATLES: EIGHT DAYS A WEEK – THE TOURING YEARS. Official UK Trailer

    ඔය කාට කාටත් Heavy Metal උගන්නපු Black Sabbath ගැන දාලා නෑනේ? :angry:


    මෙන්න තවත් සුපිරි රොක් බෑන්ඩ් සෙට් එකක්

    9018a5c3392b33150398af0dfedd6d9c.jpg


    ed3f29b8043684807231e9910c4fba27.png


    3be6d2054b44d1849c351c8b137b7ea3.jpg


    2520855b95cfae046a002445a531edcc.jpg


    1488846683934


    fd34bdbdb434b44616cfb2e7ecde695d.jpg


    Uriah-Heep-%E2%80%93-Boston-1976.jpg

    Thanks
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com


    මමත් ඉස්සර පිස්සෙක් වගේ පිස්සෙක් වගේ rock ඇහුවේ , දැන්නම් නැහැ.හැබැයි කලවමේ අහන්නේ alternative , hard , heavy metal , black metal ඔක්කොම වගේ ඇහුව.

    මම ආසම band සෙට් එක තමයි.

    Iron Maiden
    Metallica
    Cradle of Filth
    Dimmu Borgir
    Linkinpark
    Breaking Benjamin
    Evanescence
    S.O.A.D
    Korn

    ඔය වගේ හෙන සෙට් එකක් ඇහුව බන් , දැන් නම් නමුත් මතක නැහැ.