ලෝකෙ ලොකුම සතුට

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    👇🏻ශ්‍රද්ධාව සහ භක්තිය🙏🏻

    බුද්ධ වචනයට අනුව ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කෙනෙක් අපාගත නොවේ යනුවෙන් සදහන්.

    කෝසල මල්ලිකා දේවිය අසදෘෂ මහා දානය දුන්නා. අද අප හිතන ආකාරයට නම් ඇයට කොච්චර ශ්‍රද්ධාවක් තියෙන්න ඇතිද...

    එහෙත් කෝසල මල්ලිකා දේවිය මරණින් පසු අපාගත වුනා. එහෙනම් බුද්ධ වචනයට අනුව ඇයට ශ්‍රද්ධා මාත්‍රයක් වත් තිබිලද?

    එතකොට ශ්‍රද්ධාව යනු භක්තිය නොව "ස්ව අද්ධා" හෙවත් මමත්වය ඇද දැමීම එනම් මමත්වය බැහැර කිරීම වියයුතුයි නේද?

    -වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ.