ලෝකේ භයානකම හිරගෙවල්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ලෝකේ භයානකම හිරගෙවල්

    1. කෑම්ප් 22, උතුරු කොරියාව

    Camp-22.jpg

    හොරියන්ග් බන්ධනාගාරය නමින් ප්‍රසිද්ධ මේ හිරගෙය චීනය සහ රුසියාව, කොරියාව හමුවන දේශ සීමාවේ පිහිටලා තියෙනවා. අවුරුද්දකට පොඩි ළමයි ඇතුළත්ව පුද්ගලයන් 1,500ක් පමණ මන්දපෝෂණය හේතුවෙන් මෙහිදී මිය යනවා. මේ හිරගෙදර ඉන්න සිරකරුවන්ව බලවත් හිංසාවට දිනපතා ලක් කරනවා.



    2. ගිටාරාමා මධ්‍යම බන්ධනාගාරය, රුවන්ඩාව

    Gitarama-Central-Prison.jpg

    මේ හිරගේ හදල තියෙන්නේ සිරකරුවන් 400කට හරියන ඉඩ ප්‍රමාණයක. නමුත් මේකේ හිරකරුවන් 1000කට වඩා ජීවත් වෙනවා. මෙහිදී ජිවත්වීමට තියෙන ගොඩක් දරුණු තත්ව නිසා සමහර සිරකරුවන් මිනීමස් කන්නත් යොමු වෙලා තියෙනවා.



    3. ටඩ්මෝ හමුදා බන්ධනාගාරය, සිරියාව

    Tadmor-Military-Prison.jpg

    ඩැමැස්කස් වල සිට කිලෝ මීටර් 200ක් පමණ ඈතින් කාන්තාරය මැද තියෙන මේ බන්ධනාගාරය අවුරුදු 10ක් වහල තිබ්බට පස්සේ 2011දී නැවත විවෘත කලා. 1980 සිරියාවේ හිටපු ජනාධිපති අසාඩ් මේ හිරගේ හිටපු හැම සිරකරුවාවම මරන්න නියෝග කලා. මෙහිදී පුද්ගලයන් 2,400ක් මරණයට පත් වුනා.



    4. පෙටාක් දූපත් බන්ධනාගාරය, රුසියාව

    Petak-Island-Prison.jpg

    රුසියාවේ දරුණුම අපරාධකරුවන් ජීවත්වෙන්නේ මේ බන්ධනාගරයේ. මෙහෙ ඉන්න සිරකරුවන් විශාල ප්‍රමාණයක් අධික සීතල නිසා මරණයට පත් වෙනවා.



    5. ඩියාර්බකීර් බන්ධනාගාරය, ටර්කිය

    Diyarbak%C4%B1r-Prison.jpg

    1980 සිට විවෘත මේ බන්ධනාගාරයේ ලොකේ හැම තැනින්ම ආපු භයානකම සිරකරුවන් ඉන්නවා.



    6. ලා සබනෙටා බන්ධනාගාරය, වෙනිසියුලාව

    La-Sabaneta-Prison.jpg

    මුරකරුවන්ගේ අඩුවක් තියෙන මේ බන්ධනාගාරයේ සිරකරුවන් නිතරම එකිනෙකාට එරෙහිව දරුණු ක්‍රියා කරගන්නවා. ඒ වගේම ගොඩක් ලෙඩ මේ හිරගේ පුරා පැතිරෙනවා.



    7. බැන් ක්වැන් බන්ධනාගාරය, තායිලන්තය

    Bang-Kwang-Prison.jpg

    බැන්කොක් වල සිට සැතපුම් 8ක් උතුරින් පිහිටලා තියෙන මේ බන්ධනාගාරයේ ඒඩ්ස් ඇතුලුව ගොඩක් අහිතකර ලෙඩ බහුලව දකින්න ලැබෙනවා.



    8. කොටොනු සිවිල් බන්ධනාගාරය, බෙනින්

    Cotonou-Civil-Prison.jpg

    මේ බන්ධනාගාwoරයේත් ඉඩ තියෙන්නේ සිරකරුවන් 400කට විතරයි. ඒත් දැනට සිරකරුවන් 2,500කට අධික ප්‍රමාණයක් ඒකේ ජීවත්වෙනවා. මේ නිසා ලෙඩ රෝග, ප්‍රචණ්ඩතාව වගේ දේවල් ඉතා බහුලයි.


    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මේ විස්තර ට්‍රාන්ස්ලේට් කරලද ගත්තේ?
    මේක තනිකරම මඩ ලිපියක් ඇමරිකාවේ.ඇමරිකාවේ තමයි වැඩිම හිංසාකාරී හිරගෙවල් තියෙන්නේ ඒ එකක්වත් මේකේ දාලා නෑ
     
    කවුරුත් එලියකන්ද සිර කදවුර කියන පොත කියවලා නෑද්ද??
    88 89 කාලෙ ගාල්ල පෑත්තෙ කරන් ගියපු වදකාගාරයක්, හිත කීරිගෑහෙනවා කියවපුවාම