ලෝකේ වෙනස් බන්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ලෝකේ වෙනස් බන්

    උදේ අටේ ඉඳන් 2 වෙනකල් තිබ්බ රිවිෂන් ක්ලාස් එක ඉවර වුණහම තියෙන්නෙ පුදුම සනීපයක්, අම්මෝ ඉඳගෙන ඉඳලා කොන්දත් රිදෙනවා, අද ක්ලාස් ඇවිල්ලා තිබ්බේ අපේ සෙට් එකේ ඉන්න කොල්ලන්ගෙන් හත් දෙනයි මමත් එක්ක , ක්ලාස් ඉවර වෙලා කට්ටියම කොහොමත් විනාඩි 20 විතර පංතිය ලඟ කැරකි කැරකි ඉන්නේ අනිත් ක්ලාස් ඉවර වෙලා එන කෙල්ලෝ බලන්න එතනින් එහාට මෙහාට යන සමහර කෙල්ලෝ දැක්කාහම මට එහා පැත්තේ ඉන්න එකා අතින් ඇනලා හිමින් සැරේ කියනවා " අර බලහන්කෝ අරකි නම් පට්ට කෑල්ලක්" මමත් ඉතින් "ඔව් බන් සුපිරි කඳ" කියලා කියන්නේ මොකුත් නොකියා බැරිකමට මිසක් ඒකිගේ ඇති ලස්සනක් දැකල නෙමෙයි , අනිත් එවුන් ඔක්කොම වගේ කෙල්ලෝ දිහා වෂී වෙලා වගේ බලන් ඉන්න අතරෙ මම කරන්නේ ක්ලාස් ඉවර වෙලා යන ලස්සන කොල්ලෝ දිහා බලන් තනියෙම ආතල් එකක් ගන්න එක ඇයි ඉතින් කාට කියන්නද "අර බලහන්කෝ අර කොල්ලාගේ ලස්සන" කියලා, මම ඉතින් මටම කියා ගන්නවා , මම දන්නවා මම සමලිංගික කියලා ඒත් මම දන්නේ නෑ මේක ලෙඩක් ද නැත්තන් උපතින්ම එන දෙයක්දා කියලා හැබැයි මම දන්න කාලේ ඉඳලාම මම ආස කළේ කොල්ලන්ට මම වැඩිපුරම ආස කළෙත් කොල්ලෝ ලඟට වෙලා ඉන්න අනිත් එවුන් කෙල්ලෝ ගැන කිය කිය සෙට් වෙලා ආතල් ගන්න කොට මම ඒ හැම දේකටම "හ්ම් හ්ම්" කිව්වා ඇරෙන්න මට ඒවාට ආසාවක් තිබ්බෙ නෑ , උඹලා ගොඩක් එවුන් විෂම ලිංගික නේ උඹලාට පුලුවන් උඹලා හිතෙන් ලව් කරන කෙල්ලව කවදා හරි සෙට් කරගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුලුවන් කියන බලාපොරොත්තුව තියා ගන්න, ඒත් හිතලා බලපන් සමලිංගික වෙලා ඉපදුන අපිට අපි දකින කොල්ලෝ සෙට් කරගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුලුවන් කියන බලාපොරොත්තුව හීනෙකින්වත් හිතන්න පුලුවන්ද අපිට හිත යන ගොඩක් කොල්ලෝ විෂම ලිංගික එවුන් ඉතින් උන් ජීවිතේට කොල්ලෝ ගහන්න සෙට් වෙන්නෙ නෑ නේ, ඔක්කොටම වඩා දුක අපි හිතින් ආදරේ කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් කරන් ආතල් එකේ ඉන්නකොට අපි හිතින් දුක් වෙවී දවස ගානේ මැරි මැරි උපදිනවා, මේ ලෝකේ ගොඩාක් වෙනස් මචන්ලා මේකේ ඉන්න මිනිස්සුත් එහෙමයි එකෙකුට එකෙක්ගේ ආසාවල් වෙනස් සමහරු ආස කෝපි බොන්න, සමහරු ආස කිරි බොන්න ඒ අතර තවත් සමහරු ආස කිරියි කෝපියි එකට දාලා කිරිකෝපි බොන්න ඔය අතර ඔය දෙකෙන් එකක්වත් නොබොන අය ඉන්නවා ඒක නිසා කෙනෙකුගේ හිත රිදෙන දෙයක් කියන්න කලින් ඒ ගැන පොඩ්ඩක් හිතපල්ලා , සමහර විට උඹලා නොදන්නවා වුනාට උඹගේ හොඳම යාළුවත් සමලිංගික වෙන්න පුළුවන්

    මම දන්නවා මේක කිව්වා කියලා සමහරු මගේ රෙප් කපයි , කුණුහරපෙන් බණියි ඒත් මේක තමා ඇත්ත
     
    • Like
    Reactions: creed1 and krizta

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry: :sorry:

    අඩෝ දුක හිතුන බන් කියවද්දී...

    උබ පුර්ණ සමලින්ගිකයෙක්...

    ඒ කියන්නේ උබ කායිකව හා මානසිකව ආකර්ෂණය වෙන්නේ කොල්ලන්ට විතරයි... :sorry:

    උබ සුද්දන්ට ආස නැද්ද.? පිටරටකට ගිහිල්ල සුද්දෙක් බැඳලා ඉන්න පුලුවන්නේ... :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    KasunKDP:20119786 said:
    :sorry: :sorry:

    අඩෝ දුක හිතුන බන් කියවද්දී...

    උබ පුර්ණ සමලින්ගිකයෙක්...

    ඒ කියන්නේ උබ කායිකව හා මානසිකව ආකර්ෂණය වෙන්නේ කොල්ලන්ට විතරයි... :sorry:

    උබ සුද්දන්ට ආස නැද්ද.? පිටරටකට ගිහිල්ල සුද්දෙක් බැඳලා ඉන්න පුලුවන්නේ... :yes:
    උඹලා වගේ හොඳ හිත් හැමෝටම නෑ බන් මම, උදවු ඉල්ලලා දාපු පෝස්ට් වලටත් සමහරු බැන්නා රෙප් කැපුවා ඔහොමයි බන් ලංකාවේ තත්වේ, මට රට යන්න නම් ආසාවක් නෑ ඒත් මම දන්නවා අනිත් උන්ට වගේ ජීවිතයක් මට තියෙන එකක් නෑ කියලා නම්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරුත් කියන ඒවා ගණන්ගන්න එපා බන්... කෝකටත් උබ ඩොකෙක් හම්බෙලා බලපන් ට්‍රිට්මන්ට් කරන්න පුලුවන්ද කියල... සමහර උන්ගේ හිත වෙනස් වෙලා තියනවා කියල මම අහල තියනවා... පුදුමයි බන් හැබැයි උබට කෙල්ලෝ ගැන හැගීම් එන්නේ නෑ කිව්වම... :baffled:
     

    blue_in_rio

    Well-known member
  • අඩෝ, උබ සිරාවටද කියන්නේ ? උබ තාම ඉස්කෝලේ යන එකෙක්ද ? එහෙනම් ඉස්සෙල්ල හොඳට ඉගෙනගනින්.පස්සේ ජීවිතේ ගැන හිතපන්.එතකම් කොල්ලෙක් මතක් කරලා, අතේ පාරක් ගහලා, ආතල් එකේ හිටපන්. :sorry::sorry:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    blue_in_rio:20119839 said:
    අඩෝ, උබ සිරාවටද කියන්නේ ? උබ තාම ඉස්කෝලේ යන එකෙක්ද ? එහෙනම් ඉස්සෙල්ල හොඳට ඉගෙනගනින්.පස්සේ ජීවිතේ ගැන හිතපන්.එතකම් කොල්ලෙක් මතක් කරලා, අතේ පාරක් ගහලා, ආතල් එකේ හිටපන්. :sorry::sorry:
    ඔව් බන් ඉස්කෝලේ යනවා , thanks reply ekata
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අඩෝ, උබ සිරාවටද කියන්නේ ? උබ තාම ඉස්කෝලේ යන එකෙක්ද ? එහෙනම් ඉස්සෙල්ල හොඳට ඉගෙනගනින්.පස්සේ ජීවිතේ ගැන හිතපන්.එතකම් කොල්ලෙක් මතක් කරලා, අතේ පාරක් ගහලා, ආතල් එකේ හිටපන්. :sorry::sorry:

    Yeah.. first do your studies then you might be able to move to a country where your sexual preference is accepted. Till that day be strong and live your life... :cool:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    djnick:20119857 said:
    ada awa gamanma uba rep kiyana ekat dannawa neh
    okata hoda scurvy uwa se kara ganin

    මම මේකට ආවෙ අද ඊයෙ නෙමෙයි බන් ලොල් account එක ෆේක්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    KasunKDP:20119813 said:
    කවුරුත් කියන ඒවා ගණන්ගන්න එපා බන්... කෝකටත් උබ ඩොකෙක් හම්බෙලා බලපන් ට්‍රිට්මන්ට් කරන්න පුලුවන්ද කියල... සමහර උන්ගේ හිත වෙනස් වෙලා තියනවා කියල මම අහල තියනවා... පුදුමයි බන් හැබැයි උබට කෙල්ලෝ ගැන හැගීම් එන්නේ නෑ කිව්වම... :baffled:

    ආසාවල් බලෙන් ඇති කර ගන්න බෑ නේ බන් , anyway thanks macho