ලෝකේ වෙනස් වෙලා

dxcharith

Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    ලෝකේ වෙනස් වෙලා





    මං මේ ලෝකෙට එද්දී අපේ ගෙදර තිබ්බේ පරණ fm විතරක් වැඩ කරන radio එකක් විතරයි. මට මතකයි අපේ ගෙදර අය කොයි තරම් එකට ආදරේ කලද කියල. ඔන්න ටිකක් කාලෙකින් ජෝන් ලොගි බේයර් හොයාගත්ත රුපවාහිනිය ජපන්නු අපේ රටට ගේනවා. ඉතින් රුපවාහිනී නැත්තම් tv අපේ රටට ඇවිත් අව්රුද්දක් දෙකක් ගියාට පස්සේ අපේ තාත්තත් කොහෙන්ද මන්ද ලොකු national කියල ගහපු tv 1 ක් උස්සන් අව. ඉස්සර කන තියාගෙන හිතින් රුප මාවන් රේඩියෝවෙන් කතන්දර අහපු අපේ අයට කනෙන් අහන ගමන් අහිං බලන්න පුළුවන් කළු සුදු tv එකක් හම්බුනා. අම්මෝ අපේ ගෙදර tv එකට තිබ්බ සැලකිල්ල. එහෙම කියල redioyawa ඇත ඇරියේ නම් න. මොකද රුපවාහිනිය පටන් ගන්නේ හවස 4.30 ට විතර. රෑ 10.30 ට විතර ඉවරයි. ඉතින් rediowath විසික් කලේ නම් නෑ. ඔහොම ඉද්දි කළු සුදු ට්ව එකට පාට වැටෙන්න ගත්ත. දැන්නම් හරි ෂෝක්. ඇත්තට බලනවා වගේ. කළු සුදු tv එක හෙමින් ඇද යටට විසික් කලා. පස්සේ කලෙක මට මතකයි econ උගන්නද්දී අච්චර දෙවියෝන්ට වගේ සලකපු කලුසුදු tv එක අපේ sir බාල බණ්ඩයක් විදියට හැදින්නුවා. tv එකෙත් බලන්න තිබ්බේ කෝකටත් තෛලය වගේ අපේ ජාතික නාලිකාව විතරයි. ඔහොම ඉද්දි අපේ තාත්තට ආරංචි උන තව අලුත් channel වගයක් පටන් ගන්න යනවා කියල. ඉතින් අපේ තාත්ත ගේනවා අලුත්ම අලුත් UHF තියෙන ඇන්ටනාවක් . මෙන්න බොලේ තව චැනල් දෙකක් වැඩ. අපිට හරිම හරි සතුටුයි. අපි ටිකක් ලොකු වෙද්දී චනෙල් 5 ක් විතර තිබ්බ. ඔහොම ඉද්දි alexender ග්‍රැහැම් බෙල් හොයා ගත්ත ෆොනේ එකත් අපේ ගෙදරට සේන්දු උන. එකේ අංක කරකවන්න තිබ්බේ. මං o /l කරද්දී අපේ ආච්චිට කොන්දේ අමාරුවක් ආවා. අම්මා මාව යැව්වා ආච්චිත් එක්ක බෙහෙත් ගන්න. දොස්තර private බෙහෙත් දුන්නේ. දොස්තර ගාවට ගියාම එයාගේ කාමරේ තියෙනවා tv එකක්. එත් එක යට අකුරුයි ඉල්ලක්කමුයි තියෙන දිග බෝඩ් එකකුත් තිබ්බ. එහා පෙත්තේ දිග මොකද්ද මන්ද අමුතු එකකුත් තිබ්බ. පස්සෙයි මං දන්නේ එක තම computer එක කියන්නේ කියල. ( මට ඒ සිද්දිය අදටත් මතක් වෙද්දී හිනා යනවා). අහ කියන්න අමතක උනානේ. redio එකෙන් පස්සේ තාත්ත කැසට් recorder එකක් ගේනවා. කැසට් එක cd ප්ලයෙර් එකක් උනේ අපිවත් වයසට යවන ගමන්මයි. ට්ව එකෙත් සිළෙඑක ලොකු උන. අලුත් චන්නෙල් එන එන සැරේට අපේ ගෙදර අන්ටනවත් මාරු උන. ඔහොම ඉද්දි කොලබට celltel ආවා කියල ආරංචි උනා. ( ඉස්සර මොබිලේ ෆොනේ හැදින්නුවේ ඒ නමින්) අපේ බාප්පා කොහෙන්ද මන්ද අලි ගඩොල් කැටයක් වගේ size phone එකක් ගේනවා.අපි පුදුම වෙලා බලන් හිටිය. අපිට එකට අතවත් තියන්න දුන්නේ නැතුව එයා එක අල්මාරිය අස්සට දැම්මා. එත් හිනා යන වැඩේ කියන්නේ බාප්පා phone එක ගේද්දී අපේ පැත්තට signel නෑ.බාප්පා phone එක ගෙනල්ල අවරුද්දකට පස්සෙයි signel ආවේ. සිග්නෙල් අපු ගමන් අපේ තාත්තත් ගේනවා phone එකක්. මරේ මාරු දැන්නම්. එකට call එකක් එනකම් කට්ටියම වට වෙලා බලන් ඉදපු විදිය මතක් වෙනවා තවමත්.ඔහොම යද්දී අපේ තාත්ත අපිට pentium 2 computer එකක් අරන් දුන්න. එකට ගිය ලක්ෂයක් විතර. ගත්ත කියල දන්නා මගුලක් තියෙනවය. තිබ්බෙත් widows 98. එත් දවසෙන් දවස අපේ ලෝකෙට අලුත් දේවල් එකතු උන. ඔහොම කාලයක් යද්දී මගේ අතටත් hand phone එකක් හම්බුනා. එතකොට මං campus . ( දැන්නම් ළමයෙක් ඉපදුනු ගමන් hand phone එකක් හම්බ වෙනවා) campus එකෙත් handphone තිබ්බේ කීප දෙනාටයි. කාලයක් යද්දී ඕකට camara , game , එක එක මගුල් එකතු උන. tv එකත් ඇද වෙන කොට LED වෙලා. ඇන්ටන මාරු කර කර channel බලපු අපේ තාත්ත ඇද dialog tv connection එක අරන් channel 79 ක් බලනවා හොදට. දොස්තර ගාවට ආච්චිත් එක්ක බෙහෙත් ගන්න ගිහින් මුලින් computer එකක් දැකපු මං ඇද මේ වචන මගේ acer ලැප්ටොප් එකෙන් type කරනවා. ඉපදෙද්දී හිතපුවත් නැති facebook twitter ඇද ළමයෙක් ඉපදෙද්දීම උට profile එක හදල. හෙටමොනවා වෙඉද?අපි මැරුණට පස්සේ????මගේ pentum 2 මචිනේ එක කොහෙද?
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පට්ට........
    ලෝකේ වෙනස් වෙනවා..........
    කියා ගන්න බැරි ගොඩක් දේවල් හිත් අතුලෙම හිර වෙනවා..............
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කාලය මැවූ වෙනසක අරුමේ මචං
    අපේ ගෙදරත් තියෙන්නේ national එකක්
    තාම වැඩ