ලෝකේ හිටපු දරුණුම මිනිස්සු 10
1. හන් වංශයේ ඇටිලා.
හන් අධිරාජ්‍යයේ නායකයා වශයෙන් ක්‍රිස්තු වර්ශ 434 සිට 453 දක්වා මොහු බලයේ හිටියා. මොහුගේ පාලනය යුරෝපයේ විශාල ප්‍රදේශයක පැතිරුනා. ඒ යුරල් නදියේ සිට රයින් නදිය දක්වාත් ඩැනියුබ් නදියේ සිට බෝල්ටික් මුහුද දක්වාත් ඇති ප්‍රදේශය. රෝමානු අධිරාජ්‍යය පුරා මිනිසුන් දහස් ගණනක් මරණයට පත් කරපු ඇටිලා අධිරාජ්‍යයාව “දෙවියන්ගේ කස පහර” යන නමින් ප්‍රසිද්ධ වුනා. අන්තිමේදි කොන්ස්තන්තිනෝපලය හා රෝමය යටත් කරගන්න බැරි වුනත් රෝමානු අධිරාජ්‍යය ගොඩක් අසරණ තත්වයකට පත් කරපු දරුණු කෙනෙක් හැටියට මොහුව හැඳින්වෙනවා.
2. ඉඩි අමින්.
“ද ලාස්ට් කිංග් ඔෆ් ස්කොට්ලන්ඩ්” කියන හොලිවුඩ් චිත්‍රපටයෙන් නූතන ලෝකයේ ජනප්‍රිය වුන ඉඩි අමින් යුගැන්ඩා වල තුන්වන ජනාධිපති හැටියට කටයුතු කලා. මොහුගේ අමානුශික පාලන ක්‍රම යටතේ 100,000 හා 500,000 අතර ජීවිත ගණනක් විනාශ වූ බවට විශ්වාස කරනවා. මානව අයිතිවාසිකම් ඉතාමත් දරුණු විදිහට කඩ කරපු ඉඩි අමින්ගේ පාලන කාලයේදි පවා යුගැන්ඩාව එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිලිබඳ කොමිසමේ සාමාජිකයෙක් හැටියට කටයුතු කලා.
3. පොල් පොට්.
කැම්බෝඩියාවේ දරුණුම ජනඝාතයට වගකිය යුතු පුද්ගලයා වූයේ පොල් පොට්. කෙමර් රූජ් කියන දරුණු සමාජවාදී පක්ෂයේ නායකයා හැටියට 1963 සිට 1981 දක්වා ක්‍රියා කලෙත් මොහු. කැම්බෝඩියාවේ අගනුවර තමන් යටතට ගැනීමෙන් පසු නගරයේ ජීවත්වුන ජනතාව ගම් වලට පිටුවහල් කරලා බලහත්කාරයෙන් සමාජවාදී සාමුහික ජීවත්වීමේ ක්‍රමයකට මොහු පුරුදු කලා. මොහුගේ පාලන සමයේදී කැම්බෝඩියාවේ ජනගහනයෙන් 25% ක්, මිලියන 1ත් 3ත් අතර මිනිසුන් ප්‍රමාණයක්, මරණයට පත් වුනා.
4. ජෙන්ගිස් කාන්.
ක්‍රිස්තු වර්ශ 1162 ටෙමුජින් කියන නමින් ඉපදුන මොහු ජෙන්ගිස් කාන් කියන නම ලබා ගත්තේ උතුරු ආසියාවේ පැතිරී හිටපු නෝමැඩ් ගෝත්‍ර එක්සත් කිරීමෙන් අනතුරුවයි. මොන්ගල් අධිරාජ්‍යයේ නායකයා ලෙස යුරේශියාව යටත් කරගැනීමේදී මිලියන ගණනක ජනගහනයක් මොහු විනාශ කලා. මොන්ගෝලියාව හා ටර්කිය වැනි රටවල් වල මොහු වීරයෙක් හැටියට ප්‍රසිද්ධ වුනාට මැද පෙරදිග ජනතාවට මොහු ඉතා අමානුශික දරුණු පුද්ගලයෙක්. මොහු අතින් මිලියන් 10ත් 15ත් අතර පුද්ගලයන් ප්‍රමාණයක් මරණයට පත්වුනා. ඒ ඉරාන ජනගහනයෙන් තුන්කාලක් පමණ. තවද මොහු නූතන චීනය, හංගේරියාව, පොලන්තය, යුක්රේනය, කොරියාව වැනි රටවලත් ප්රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදු කලා.
5. දරුණු ඉවාන්.
1547ත් 1587ත් අතර රුසියාවේ අධිරාජ්‍යයා වශයෙන් කටයුතු කල මොහු “ද ටෙරිබල්” නමින් ප්‍රසිද්ධයි. නමුත් සමහර නූතන ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ඉවාන් රටේ කරපු වෙනස්කම් රුසියාවේ දියුණුවට හේතු වුනා කියලා. ඉවාන්ට මානසික ආබාධයක් තිබ්බා. ඒ නිසා ඔහුට තරහ පාලනය කිරීමේ හැකියාවක් තිබ්බේ නැහැ. එක අවස්ථාවක මොහු තමන්ගේම පුතාව ඝාතනය කලා. ඔහු වයසට යද්දි ඔහුගේ ආබාධයත් ටිකෙන් ටික දරුණු වුනා. 1565දී ඔහු රුසියාවේ පලමු රහස් පොලිසිය නිර්මාණය කලා.මේ රහස් පොලිසිය මගින් මොහු 1570දී රුසියාවේ නොව්ගොරොඩ් නගරයේ මිනිස්සුන් දහ දහස් ගනන් මරණයට පත් කලා.ඒ රට පාවා දීමේ වරදට.
6. මාඕ සෙඩොන්ග්.
20 වන සියවසේ ඉතා වැදගත් චරිතයක් වෙන මොහු චීනයේ ආර්ථිකය වර්තමානයේ අපි දකින දියුණු තත්වයට පත් කිරීමට ක්‍රියා කලා. නමුත් ඔහුගේ පාලන සමයේදී මානව අයිතිවාසිකම් කඩකිරීම් හා බලහත් කාරයෙන් මිනිසුන්ගෙන් වැඩ ගැනීම වැනි දරුණු ක්‍රියාත් සිදුවුනා. මොහුගේ පාලන කාලයෙදී ස්වාබාවික ආපදා වගේම මොහුගේ ක්‍රියා නිසා ඉතිහාසයේ විශාලම දුර්භීක්ෂය ඇතිවුනා. මේ හේතු නිසා පුද්ගලයන් මිලියන 40ත් 70ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වුනා.
7. නීරෝ.
රෝමය ගිණිගනිද්දී සතුටු වුන රෝමානු අධිරාජ්‍යය ලෙස ප්‍රසිද්ධ මොහු රෝම ඉතිහාසයේ සිටි දරුණුම පාලකයෙක්. තමාගේ අම්මගේ මරණයටත් අණ දුන්නු මොහු තමාට අවශ්‍යය දේපල ලබා ගැනීමට මුලු රෝම නගරයම ගිණි තියන්නත් අණ කලා. ක්‍රිස්තියානින්ව ඉතා අමානුශිකව මරණයට පත් කල මොහු, ඔවුන්ව තමාගේ ගෙවත්ත එලිගන්වන්න පහන් විදිහට තෙල් වලින් නාවලා ගිණි තිබ්බා.
8.ව්ලැඩ්.
ඩ්රැකියුලා චරිතය උපත ලැබුවේ ව්ලැඩ් කියන ඉතා කුරිරු පුද්ගලයාගෙන්. මොහු නැගෙනහිර යුරෝපයේ ක්‍රිස්තියානින්ව ආරක්ශා කිරිමේ හමුදාවක් වුන “ඕර්ඩර් ඔෆ් ද ඩ්‍රැගන්ස්” වල සාමාජිකයෙක්. 1456 සිට 1462 දක්වා නූතන රොමේනියාව පාලනය කල මොහු තමන්ගේ හතුරන්ව ලීයකට සවි කරලා වධ හින්සා දී මරණයට පත් කිරීමට ප්‍රසිද්ධයි. මේ ක්‍රමයෙන් මොහු මිනිස්සු 40,000ත් 100,000 අතර ප්‍රමාණයක් මරණයට පත් කලා. ඊට අමතර පොඩි ළමයින්ව ගින්නෙන් පිච්චීමෙන් අනතුරුව ඔවුන්ගේ අම්මලාට කෑමට බල කිරීම වගේ ඉතාමත් දරුණු ක්‍රියා ඔහු සිදු කලා.
9.ඇඩොල්ෆ් හිට්ලර්
1939දී දෙවන ලෝක යුද්ධය පටන්ගත් ඇඩොල්ෆ් හිටලර් ලෝකේ හිටපු දරුණුම පුද්ගලයන් අතර ඉහළ තැනක් ගන්නවා. නට්සිවාදය යටතේ යුදෙව්වරු දස දහස් ගණනක් ඉතාමත් අමානුශික විදිහට විනාශ කිරීමට මොහු සමත් වුනා. යුදෙව්වරු මිලියන් 6කට වඩා ප්‍රමාණයක් මේ ආකාරයට වායු කුටීර වලට පණ පිටින් දාලා මරණයට පත් කලා. මොහු මේ සියලු දේ කලේ ජර්මනිය නැවත බලවත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අධිෂ්ටානයෙන්.
10. ජෝසෆ් ස්ටාර්ලින්
රුසියාව කාර්මිකරණය වූ ආර්ථිකයක් බවට පත් වූයේ ස්ටාර්ලින්ගේ නායකත්වය යටතේ. නමුත් මේ කාලයේදී ඔහු යටතේ හිටපු ජනතාව ගොඩක් වද වින්දා. ඔහුගේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති යටතේ 1932 සිට 1933 දක්වා යුක්රේනය වැනි රටවල් වල විශාල සාගතයක් ඇතිවුනා. මේ නිසා සමහර අම්මලා තමන්ගේ ළමයින්ව ආහාරයට ගත්තා. 1922 සිට 1953 දක්වා ඔහුගේ පාලන සමයේදී 800,000 ආසන්න ජීවිත ප්‍රමාණයක් විනාශ වුනා. ස්ටාලින්ගේ දරුවන් දෙන්නෙක් තමන්ගේ තාත්තාගේ කුරිරු වද විදි දරාගැනීමට නොහැකිව සියදිවි හානි කරගත්තා.
ගෙඩිපිටින් ඉස්සුවෝ හොද නිසා දැම්මා.

බම්පියක්වත් දාපියෝ 

.අපි නොදන්න දෙන්නෙකුත් හිටියනේ 