ලෝකෝත්තර භාවනා මෙන්න

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බෞද්ධ භාවනා නමින් අද භාවන මධ්‍යස්ථාන වල කරන, කරවන භාවනා නිවන් දකින භාවනා නෙවෙයි.
    වචන වල උඩින් පේන බාල, නොගැඹුරු, ලෞකික, බමුණු අර්ථ මත පදනම් වෙමින් කරන ඒවා තාවකාලිකව කෙලෙස් යටපත් කරන භාවනායි

    නිවන් දකින ලෝකෝත්තර භාවනා සියල්ලගේම තියෙන්නේ එකම එක දෙයයි.
    18,000කට ආසන්න සූත්‍ර දේශනා සියල්ලගේම තියෙන්නෙත් අන්න ඒ දෙයයි.
    එවන් භාවනා කිහිපයක ලෝකෝත්තර අර්ථයයි මේ
    ඉතිරියේදී තවත් ලෝකෝත්තර අර්ථයන් සහිත භාවනා එක්කරනු ඇත
    -----------------------------------------------------------
    1)


    ත්‍රිපිටකයේ "සිහිය" කියන වචනය තරම් වරද්දගත්ත වචනයක් වෙන නෑ.
    සතිය තියෙන්න ඕනේ වර්තමාන අරමුණ සමඟයි...
    අද මැරෙයි හෙට මැරෙයි කියලා හිත හිත ඉන්න එක "බමුණන්ගේ මරණසතිය"යි.
    "බුද්ධ දේශනාවේ මරණසතිය" කියන්නේ ස්කන්ධ පංචකය අරමුණක් අරමුණක් පාසා මියයෑම සිහියෙන් දැකීමයි.

    -----------------------------------------------------------
    2)


    අරමුනේ නොඇල්මට තමයි අනිත්‍ය කියන්නේ. අරමුණක් අරමුණක් පාසා අනාගතයට නොතබා අවසන් කරද්දී මම මැරෙනවා.
    අන්න ඒකයි "මරණ සති භාවනාව" කියන්නේ.
    හේතු ඉතුරු වී අවසන් වීම ප්‍රමාදයයි. හේතු ඉතුරු නොවී අවසන් වීම "අප්‍රමාදය" යි.
    -----------------------------------------------------------
    3)



    සියළු සත්වයෝ නිදුක්වෙත්වා, බඩේ අමාරු හොඳ වෙත්වා කියන එක බමුණන්ගේ මෛත්‍රී භාවනාවයි...
    නිවන් දකින "මෙත්තා චේතෝවිමුක්තිය" හෙවත් "ලෝකෝත්තර මෛත්‍රී භාවනාව" මෙන්න....
    -----------------------------------------------------------
    4)


    "අසුබය" වඩනවා කියලා ඇටකටු, මලමිනී දිහා බලන් ඉන්න භාවනා බමුණන්ගේ ඒවා...
    බුද්ධ දේශනාවේ "සුබ නිමිත්ත" කියන්නේ රූප අරමුණට ඇලෙන ගැටෙන එකටයි.
    "අසුබය වඩනවා" කියන්නේ ඒ රූප අරමුණේ ඇලෙන්නේ, ගැටෙන්නේ නැති එකටයි.
    -----------------------------------------------------------
    5)


    සතර සතිපට්ඨානය දේශනා කලේ පෘතජනයාට නෙවෙයි සෝවාන් වුන කෙනාටයි...
    අද කාලේ අත පය හොල්ලමින් බොහෝ දෙනෙක් වඩන්නේ බමුණු සතිපට්ඨානයක්...
    නිවැරදි සතිපට්ඨානයට අනුව "කය" කියන්නේ ඇඟ නෙවෙයි දොරවල් 6න් ගන්න අරමුණු වලටයි...
    සිහිය කියන්නේ ඒ අරමුණු වලට බැඳෙන්නේ නැතුව ඉන්න එකටයි...
    වැරදි පරිවර්තනයන් වල එලිලා අර්ථ නොදැන කරන ඉරියව් පවත්වන සතිපට්ඨානය "අංගවිකල සතිපට්ඨානය"ක්.
    "සිහිය" තියෙන්නේ සෝවාන් වත් වුන කෙනාටයි.
    බුදුන් වහන්සේ දේශනා කළ "සතිය" කියන්නේ පංච උපාධානස්කන්ධයේ උපාධානය නැති කිරීමට දේශනා කරපු එකක්.
    සතර සතිපට්ඨානය කියලා 4ක් වඩන්න නෑ එකයි වඩන්න තියෙන්නේ...
    -----------------------------------------------------------
    බුදුන් වහන්සේට පෙර තිබුණු බමුණන්ගේ භාවනා සේරම අද "බෞද්ධ භාවනා" කියලා පොත් වල ලියලා...
    ඔය භාවනා එකකටවත් කිසිම ධර්මයක් ඕනේ නෑ.

    https://www.youtube.com/watch?v=5UmtwyWJNa4
    -----------------------------------------------------------
    අද කාලේ ඇහෙන බොහෝ ලෞකික ධර්ම දේශනා අතරේ "ලෝකෝත්තර අර්ථයෙන්" ධර්මය දේශනා කරනා මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් ප්‍රඥා TV නාලිකාව ඔස්සේ දිනපතා විකාශනය වන ධර්ම දේශනා වලින් උපුටාගන්නා ලදි.

    සසුන්ගතවී වසර 40ක කාලයක් පාලි ත්‍රිපිටකය ඔස්සේ ධර්ම ගවේශනයේ යෙදුණු මුන්වහන්සේ උපසම්පදාවෙන් වසර 35ක් සපුරා තිබේ

    සියළු දෙනා වීඩියෝ වල උන්වහන්සේ පවසන දේ ශ්‍රවණය කර කමෙන්ට් කිරීම මැනවි.
    -----------------------------------------------------------

    අනෙකුත් සැබැඳි
    1. සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
    2. භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා
    3. ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

    4. සතර සතිපට්ඨානය දේශනා කළේ සෝවාන් වුන කෙනාටයි
    5. ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි
    6 "අනිච්ච නම් දුකයි" කියන්නේ වැරදි පරිවර්තනයක්. අනිච්ච කියන්නේ දුකින් මිදීමයි

    7 නිවන් දකින "ලෝකෝත්තර මෛත්‍රී භාවනාව" මෙන්න
    8
    ලෝකෝත්තර භාවනා මෙන්න
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සතර සතිපට්ඨානයේ ලෝකෝත්තර අර්ථය විස්තර කෙරෙන නවතම ධර්ම දේශනාව