ලෝක‍යේ_පුංචිම_කාර් එක...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝක‍යේ_පුංචිම_කාර් එක...

    ලෝක‍යේ පුංචිම කාර් එකට හිමි ගිනස් වාර්ථාවට හිමිකම් කි‍යන්නේ 1960 දශක‍යේ මැද භාග‍යේ නිර්මාණ‍ය වුන peel p50 කි‍යන කාර් එක. මේ ති‍යෙන්නේ....:rofl::rofl::rofl:

    smallest-car-on-planet-peel-p50-492x390.jpg


    දැක්ක ගමන් තේරෙනවා නේද හුන්ඩුවක් වගේ කි‍යලා..... මේ කාර් එකේ ‍යන්න පුලුවන් එක පුද්ගල‍යෙකුට විතර‍යි.... තව ගමන් මල්ලක් ති‍යාගන්න විතරක් බොහොම පුංචි ඉඩක් ති‍යනවා....:oo::oo::oo:

    smallcars01.jpg


    මේකේ දිග අඟල් 53ක් සහ පළල අඟල් 39ක්.... ඉතින් කොහෙද දෙන්නෙකුට ‍යන්න ඉඩක්.....:rofl::rofl::rofl:

    smallcars07.jpg


    කාර් එකේ බර කිලෝ 59‍යි.... මහලොකු බරකුත් නෙවෙ‍යිනේ... Drive කරන්න බෑ කි‍යලා හිතුනොත් මෙන්න මේ වගේ ඇදගෙන ‍යන්නත් පුලුවන්...:lol::lol::lol:

    peel-p50.jpg


    මේකේ ති‍යෙන්නේ අශ්ව බල 4.5 කින් ‍යුතු 49cc 2-stroke එන්ජිමක්....(මදුරුවෙක්ගේ එන්ජිමට ගොඩක් දුරට සමාන‍යි වගේ නේද....) ඔන්න එන්ජිමේ පින්තූර‍යකුත් ති‍යනවා...

    world_smallest_car_www.wahfunny.com_12.jpg


    ගි‍යර් පද්ධති‍යේ ඉදිරි‍යට ගමන් කල හැකි ගි‍යර් තුනක් ති‍යනවා...හැබැ‍යි පොඩි අවුලක් ති‍යනවා.. මේකේ reverse gear එකක් නෑ...:baffled::baffled::baffled:
    කාලා වරෙන්කෝ....එතකොට reverse කරන්න ඕනේ තැන් වලදී මොකද කරන්නේ...:oo::oo::oo:
    එතකොට කරන්න ති‍යෙන්නේ ඔ‍ය උඩින් පින්තූරේ ති‍යන විදි‍යට පිටි පස්සේ ති‍යන handle එකෙන් උස්සලා ඇදගෙන ‍යන්න. (විහිලුවට නෙවෙ‍යි.... ඇත්තටමත් කරන්න ති‍යෙන්නේ ඒ වැඩේ තම‍යි...):eek::eek::eek:

    අනිත් වාහනත් එක්ක බලනකොට නම් නිකම් කුරුමිණි‍යෙක් වගේ නේද....:rofl::rofl::rofl:

    worlds+smallest+car+peel+p50-02.jpg


    මේවගේ වාහන‍යක් drive කරනකොට මොන වගේ හැඟීමක් එනවද දන්නේ නෑ නේද...:rofl::rofl::rofl:

    smallcars09.jpg


    කොහොම වුනත් මේවා ලංකාවේ පාරවල් වල නම් දුවන්න අමාරුවෙ‍යි... මොකද අපේ රටේ සමහර බස් ‍යන්නේ පාරවල් තමන්ගේ බූදල‍යක් කි‍යලා හිතාගෙන නේ..... මේ වගේ ඒවා දැක්කාම ආසාවටත් එක්ක හප්පලා දාවි රොටි‍යක් වගේ තැටි‍යක් වෙන්නම.:dull::dull::dull:

    homepage_r1_c3.jpg


    ඔන්න ඔ‍යටික තම‍යි ලෝක‍යේ පුංචිම කාර් එක ගැන කි‍යන්න ති‍යෙන්නේ....

    අන්තර්ජාල‍යෙන් ලබාගත් තොරතුරු ඇසුරෙනි.

    Repost නම් sorry...

    (Thread එක අවසාන‍යි කි‍යවූ ඔබට ස්තූති‍යි.:):):))