කරේ පිටට මරේ කියාගෙන ගෝලීය ආර්ථික අවපාතනයක් එන්න හදන්නේ.
මේ තියෙන්නේ OECD රටවල් 26 ආර්ථිකය හැසිරුණ ආකාරය. ඔය ලා පාටට තියෙන පටි වගේ කාල වල තමයි මෙතෙක් පැවති අවපාතන පැමිණියේ. ආර්ථිකය ගැඹුරටම වැටුනේ 2008 ඇමෙරිකාවේ පටන් ගත්ත ගෝලීය මූල්‍ය අර්බුදය නිසා. ඊට පස්සේ 2021 කොරොනාව නිසා.
ඔය නිල් පාට රේඛාව 100 පසු කරන්න්පහළ බහින කොට ආර්ථිකය හැකිළීමකට ලක් වෙනවා. අවපාතයක් එනවා. ඒවා ලෝකයේ සාමාන්‍යයෙන් සොදු වෙන රටාව.
කොරෝනාවට ලෝකයේ රජය යන් ගොඩක් සල්ලි අච්චු ගැහැව්වා, ව්‍යපාර අලාභ උනා, රැකියා නැති උනා, රාජ්‍ය ණය ඉහළ ගියා, සැපයුම් ජාල බිඳ වැටුනා, නිශ්පාදන ඇණ හිටියා. මේ කාරණාවට දීර්ඝකාලීන බලපෑමක් තියෙනවා. ඒ නිසා ලෝකයේ සමස්ථ ආර්ථික වර්ධන වේගය 1%කටත් අඩුයි. එවිට යලිත් ලෝකයේ මූල්‍ය ස්ථාවරත්වයක් එනවා.
ඒකට හරි යන්න ඇමෙරිකාවේ මහ බැංකුව වන Federal Reserve එක මේ මාසේ 27 සිට යලිත් පොළී අනුපාතය ඉහළ දාන්න පටන් අරගෙන. එවිට ඇමෙරිකාව තුල ඇති වන මූල්‍ය වෙනස් කම් නිසා ගෝලීය වෙළඳපොළ තුල ඩොලර් සංසරණය වීම අඩු වෙනවා. මෙය දකින්න ලැබුනා 1998 දී සිදු වුන අග්නිදිග ආසියාවේ මූල්‍ය අර්බුදය තුල. එහි ප්‍රතිඵලය උනේ තායිලන්තය සහ ඉන්දුනීසියාවේ වගේ රට වල් වල ඇති උන ආර්ථික කඩා වැටීම.
කෙසේ වෙතත් මේ ගෝලීය තත්ත්වය නිසා එය අපේ රටටත් වැඩිපුර බලපාන්න ඉඩ තියෙනවා. අපේ වැඩිපුරම තියෙන ඩොලර් ණය වලට සහන අරගෙන ප්‍රතිව්‍යුහගත කිරීම මේත් එක්කම තවත් දුෂ්කර වෙනවා. ඒ වගේම රට තුල ඩොලර් සංචිත ගොඩ නගන්නත් මේ එක්ක අමාරු වෙනවා. මොකද ඩොලර් ඇමෙරිකාව පැත්තට ඇදෙන තත්ත්වයක් මින් ඇති වෙන්නේ.
බංකොලොත් භාවයට පත් රටක් වෙලා, ඒකත් ගෝලීය මූල්‍ය අවපාතයක් ඇතුලේ උනොත් අපිට විසඳුම් හොයන්න තියෙන අමාරුව තවත් වැඩි වෙනවා. මේ අවපාතය ලබන වසර දක්වාත් ඇදී යාමේ වැඩි ඉඩක් තියෙනවා. ඒ නිසා ඉක්මනින් අපේ රටේ තත්ත්වය විසඳෙයි කියලා හිතන්න අමාරුයි.
මූලාශ : Economist සඟරාවේ ලිපි Debt in Developing Countries සහ Dr හොවාඩ් නිකොලස් ගේ දේශන.
පැතුම් කර්නර්