ලෝක ඉතිහාසයෙන් වඩා ප්‍රසිද්ධ හිරෙන් පලා &#3514

Pubudith

Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    ලෝක ඉතිහාසයෙන් වඩා ප්‍රසිද්ධ හිරෙන් පලා &#3514

    [/SIZE]
    ඇල්කට්‍රාස් බන්ධනාගාරයෙන් පලා යෑම

    ඇල්කට්‍රාස් හිර ගෙයින් පලායෑම පිළිබඳව කියන්න කලින්, ඇල්කට්‍රාස් හිර ගෙදර ගැන කියන්න ඕනෙ. අධි ආරක්ෂිත ඇල්කට්‍රාස් ෆෙඩරල් බන්ධනාගාරය පිහිටා තිබුනේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ ගොඩබිමින් කිලෝමීටර දෙකක් පමණ දුරින් මහ මුහුද මැද පිහිටා ඇති ඇල්කට්‍රාස් දිවයිනේ යි. මෙය දැනට වසා දමා, බන්ධනාගාර ගොඩනැගිල්ල කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යන නමුත් 1934 සිට 1962 දක්වා කාලයේ දී මෙහි සිරකරුවන් 1545 දෙනෙකු රඳවා තබා තිබුණා. ඇල්කට්‍රාස් සැලකුණේ ඇමරිකාවේ තිබූ ආරක්ෂිතම සහ පලා යා නොහැකිම සිරගෙයක් ලෙසයි.

    EUHSp8Q.png


    අල්කට්‍රාස් බන්ධනාගාරයේ සිරකරු අංක 1441, ෆ්‍රැන්ක් ලී මොරිස්ගේ තොරතුරු කාඩ්පත (alcatrazhistory.com)

    1962 ජූනි 11 වන දා ෆ්‍රෑන්ක් ලී මොරිස්, ජෝන් විලියම් ඇන්ග්ලින්, සහ ක්ලැරන්ස් ඇන්ග්ලින් පලා ගියේ මේ බිඳ පලා යා නොහැකි ආරක්ෂිතම බන්ධනාගාරයෙනු යි.

    BE0Bx3m.jpg


    ක්ලැරන්ස් ඇන්ග්ලින් සොයාදෙන ලෙස ඉල්ලා FBI විසින් නිකුත් කළ පෝස්ටරය (home.nps.gov)

    ඔවුන් බන්ධනාගාරයේ දී ම නිපදවාගත් සිමෙන්ති, සබන්, සහ වැසිකිළි කඩදාසිවලින් මිනිස් හිස් තුනක් සාදනු ලැබුවා. බන්ධනාගාරයේ අත් වැඩ සඳහා ලබා දුන් සායම් වලින් ඒවා වර්ණ ගැන් වූ අතර මිනිස් හිසකෙස් ඒවායේ හිස් වලට ඇලවූවා. ඒවා තම ඇඳන් මත තබා තමා ඇ‍ඳෙහි නිදා සිටින බවට පෙනෙන ලෙස සකස් කළ මේ තිදෙනා 1962 ජුනි 11 වන දා තම සිර කුටිවල තිබූ අඟල් 6 x 9 ප්‍රමාණයේ වා කවුළු හරහා සිර කුටිවල ඉහළින් දුවන වා දොර සංකීර්ණයට තමන් මාස ගණනාවක් තිස්සේ හාරා තිබූ උමං දිගේ පලා ගියා. අපද්‍රව්‍ය නලයක් දිගේ ඉදිරියට බඩ ගෑ ඔවුන් චිමිනියක් දිගේ අඩි 30ක් උඩට බඩ ගා වහළයට නැග, බිත්තිවල තිබූ පයිප්ප දිගේ පහළට බඩ ගා වෙරළට යෑමට සමත්වූ බව කියැවෙනවා.

    mKOrWHb.jpg


    සාදන ලද මිනිස් හිසක් (Mail Online)

    මෙම සැලැස්මට ඇලන් වෙස්ට් නම් සිව්වැනියෙකුත් ඇතුලත් වුවත්, ඔහුගේ වා කවුළුව විවර නොවීම නිසා ඔහු දමා පලා යෑමට මොරිස් සහ ඇන්ග්ලින් සහෝදරයින්ට සිදුවෙනවා. පසුව ඔහු විසින් බන්ධනාගාර නිලධාරීන්ට දුන් කට උත්තරයට අනුව, බන්ධනාගාරයෙන් ලබා දුන් රබර් වැහි කබා, සහ ලී කැබලි ආධාරයෙන් පහුරක් සකස් කරගත් බව පැවසෙනවා.

    zmXIdy7.jpg


    1962 දී බන්ධනාගාර නිලධාරියෙක් ඔවුන් පලා ගිය වා කවුළුවක් නිරීක්ෂණය කරමින් (Getty Images)

    FBI ආයතනය විසින් මෙම සිරකරුවන් තිදෙනා පලා යමින් සිටිය දී මුහුදේ ගිලී මියයන්නට ඇතැයි ප්‍රකාශ කරනු ලැබුවත්, ඔවුන් නිරුපද්‍රිතව ගොඩබිමට සේන්දු වී පලා ගියා දැයි කිසිවෙකුත් දන්නේ නැහැ.


    හෙලිකොප්ටරයෙන් පලා යෑම​

    ප්‍රංශ ජාතික පැස්කල් පායේ ප්‍රසිද්ධ වුණේ තෙවරක්ම සිරෙන් පලා යාම නිසා විතරක් නොවෙයි, පලා ගිය ඒ තෙවරම හෙලිකොප්ටරයකින් පලා ගිය නිසයි!

    පායේ මිනී මැරුමකට වරදකරු වී 30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටි අයෙක්. ඔහු පළමු වරට සිරෙන් පලා යන්නේ 2001 දී යි. පලා යෑමෙන් අනතුරුව එම හෙලිකොප්ටරයම භාවිත කරමින් තමා සිටි සිරගෙදරින් තවත් සිරකරුවන්ට පලා යෑමට ඔහු උපකාර කරනවා. නැවත අල්ලා සිරගත කරනු ලැබුවත් 2003 දී ඔහු නැවතත් සිරෙන් පලා යනවා. නැවතත් පොලිසියට හසු වී සිර භාරයට ගැනුණත්, වෙස් මුහුණු පැළඳි මිනිසුන් සිව්දෙනෙකු විසින් ගුවන් තො‍ටුපළකින් පැහැරගත් හෙලිකොප්ටරයක නැගී ඔහු නැවතත් 2007 වසරේ දී සිරෙන් පලා යනවා. ප්ලාස්ටික් සැත්කමක් සිදු කර හැඩරුව වෙනස් කරගෙන සිටි ඔහු නැවතත් ස්පාඤ්ඤයේ දී පොලීසියට කො‍ටු වෙනවා.


    9KU346L.jpg


    පැස්කල් පායේ (CNN)

    පායේ මේ තෙවතාවේ දී ම හෙලිකොප්ටරය පැද වූ ගුවන් නියමුවාව කිසිම හානියකින් තොරව නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.


    එල් චැපෝ පලා යාම​

    ජෝකින් එල් චැපෝ ගුස්මන් නම් පාතාල නායකයා පිළිබඳව නම් ඔබ ඇතැමෙක් අසා ඇති. මත්ද්‍රව්‍ය වෙළඳාම පිළිබඳව වැරදිකරු වී බන්ධනාගාර ගත කර සිටි ඔහු 2001 දී අධි ආරක්ෂිත බන්ධනාගාරයකින් පලා ගියේ කිළිටි රෙදි පිරවූ කරත්තයක රිංගා සැඟවීමෙනු යි. ආරක්ෂක අංශ විසින් වසර 13ක් තිස්සේ උත්සාහ කර 2015 දී ඔහු අල්ලා ගත්තත්, නැවතත් 17 මසකට පසු 2016 දී සිරෙන් පලා යෑමට ඔහු සමත් වෙනවා.

    FidzQEy.jpg


    එල් චැපෝ (pinterest)

    බන්ධනාගාරයේ දී ‘කොටා’ යනුවෙන් නම් කර තිබූ එල් චපෝ සිරුරෙන් මිටි, කුඩා ප්‍රමාණයේ පුද්ගලයෙක්. නාන කාමරයක හාරා තිබූ සිදුරක් හරහා ඔහු වෙනුවෙන්ම සාරා තිබූ උමඟකට ළඟා වූ ඔහු කිලෝමීටර එකහමාරක් පමණ දුර බඩ ගා පලා ගොස් තිබුණා.

    ඔහුගේ සිර කුටියෙහි ඇති නාන කාමරයෙන් හාරා තිබූ අඟල් 20 x 20 සිදුරකින් රිංගා ගිය ඔහු මීටර 10ක් පමණ පොළව යටට බඩ ගා ගොස්, ඉන් පසු හිනිමගක් ආධාරයෙන් අඩි 5 1/2 පමණ උස, අඩි 2ක් පමණ පළල, කිලෝමීටර 1 1/2ක් පමණ දිග උමඟක් දිගේ පලා ගොස් තිබුණා. එල් චැපෝ ජනවාරියේ දී නැවතත් අල්ලාගනු ලැබුවා.


    pJPRdiI.jpg


    2017 ජනවාරියේ දී අත්අඩංගුවට ගැනීම. (ABC News)


    Thanks to Roar Sinhala

    https://roarsinhala.com
     
    Last edited:

    Pubudith

    Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    බන්ධනාගාරයේ දී ‘කොටා’ යනුවෙන් නම් කර තිබූ එල් චපෝ


    supiri machan rep ++

    :shocked: T F S ;)


    අපේ කොටා!




    Thanx all