ලෝක ඉතිහාසය A to Z වඩා නිවැරදි මුලාශ්‍ර

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,349
    20,924
    113
    ලෝක ඉතිහාසය මානව ශිෂ්ටාචාරවල මුල ඉදන් මේ දක්වා කියවන්න, බලන්න පුළුවන් සාපේක්ෂව නිවැරදි sources ටිකක් කියාගෙන යන්න දන්න අය. ගොඩක් අයට වැදගත් වෙයි. සිංහල ඒවත් තියෙනවා නම් දාන්න විශේෂයෙන්ම 🙂
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    අධ්‍යාපනික අර්ථයෙන් සිංහල කියවන්නෙකු සදහායි මේ.

    මෙතනදි මෙතනින් මේකේ පටන් ගන් ඕනා කියලා නැතත් මුලින්ම මම කියන්නේ පදනම දාගන්න ඕනි කියන එක.

    ලංකා ඉතිහාසය ගැන හා ලෝක ඉතිහාසය ගැන පටන් ගන්නවානම් අනිවා මහාවංශය කියවලා තියෙන්න ඕනා. දිපවංශය ඊටත් පරණයි. කතාව තියනවා. ගුනසේන එකෙන් ගහපු ශ්‍රි ලංකේය ඉතිහාසය කියලා වෙලුම්ගානක පොත් බන්ඩලේත් හොදයිඉහත දෙක හොයාගන්න බැරිනම්. එකේ ඉතාම ඇත අතිතයේ සිට කතාව තියනවා.

    සිංහලෙන් මානව සම්භවය ගැන මුල්ම අඩිතාලම දාගන්න හරියන්නේ, මිනිසාගේ සම්භවය හා මිනිස් ඉතිහාසයේ කතන්දරය. දෙකම රුසියන් පරිවර්තන පොත්. නුතන පොත් අතුරින් ආධුනික පාඨකයෙන්ට ගැලපෙනම එක සේපියන්. නමුත් සේපියන් වලත් ⁣අයිසින් වැඩියි. නමුත් කියවන්නම ඕනා.

    පොඩිම ලමයෙකුට මෙතනදි දෙන පොත තමයි,මිනිසා යෝධයෙකු වූයේ කෙසේද කියන පොත. ( ගිය සතියේ මරදාන දයාවංශ ජයකොඩි එකේ උඩ දෙවැනි තට්ටුවේ ඉදිරි පස කොනේ ශෙල් එකේ පොත් තිබුනා)

    ඔයා ඔය ටිකෙන් පස්සේ සිංහලෙන් ඉදිරිය අධ්‍යාපනයට කියවන්න යන්න ඕනානම් අධ්‍යාපන ප්‍රකාශණ එකට යන්න වෙනවා. එතන තියනවා ඉතිහාසය ගැන විවිධ අවධි වල විවිධ තැන්වල පොත්. එතනින් කන්ටිනිව් කරන්න යතැකි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    🤣🤣🤣 true history. Joke of the year. Remember one thing, there is no true history. Hstory has always been written by the victor.

    1696838997366.png