ලෝක උරුමයක් වූ තායි ආදි සම්බාහනය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලෝක උරුමයක් වූ තායි ආදි සම්බාහනය

    ලෝක උරුමයක් වූ තායි ආදි සම්බාහනය

    OIH95C0-480x320.jpg


    benefits-of-thai-massage.png


    සම්බාහන ක්‍රමයක් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීම තරමක් අමුතු සිද්ධියක් ලෙස සැලකිය හැක්කකි. නමුත් පසුගියදා එවැනි අපූරු සිදුවීමක් සිදුවිය. යුනෙස්කෝව හෙවත් එක්සත් ජාතීන් ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය තායිලන්තයේ පවතින සම්ප්‍රදායික සම්බාහන ක්‍රමයක් වන ‘නුආද් තායි’ නමැති සම්බාහන ක්‍රමය අනාගත පරපුර වෙනුවෙන් රැකගත යුතු සංස්කෘතික උරුමයක් ලෙස නම් කළේය. යුනෙස්කෝ සංවිධානය සෑම වසරකම මේ ආකාරයෙන් විවිධ රටවල සුවිශේෂී සංස්කෘතික අංග ලෝක සංස්කෘතික උරුමයන් ලෙස නම් කරන අතර මේ වසරේ එසේ නම් කරන ලද අංග අතරට මෙම සම්බාහන ක්‍රමයද ඇතළත්ව තිබිණි.

    මෙම නුආද් තායි සම්බාහන ක්‍රමය එරට ඉතා පැරණි සම්බාහන ක්‍රමයක් ලෙස සැලකෙන්නකි. ඈත අතීතයේ තායි ජනයා ගොවිතැන් කටයුතුවල නියැළීමෙන් පසු ඇති වන කායික පීඩාවන් සමනය කර ගැනීම සඳහා මෙම සම්බාහන ක්‍රමය භාවිත කළ බව සඳහන් වේ. මේ නිසා සෑම ගමකම වාගේ මේ පිළිබඳ විශේෂඥයන් වාසය කර ඇති බවද පැවසේ.

    බොහෝ රටවල පවතින සම්බාහන ක්‍රමවලට වඩා මෙම තායි සම්බාහන ක්‍රමය වෙනස් එකක් ලෙස සැලකේ. සාමාන්‍ය සම්බාහන ක්‍රමවල දක්නට ලැබෙනවාට වඩා බොහෝ චලනයන් මෙන්ම විවිධ අසීරු ඉරියව්ද මෙහි දක්නට ලැබේ. ඒ නිසා මෙය එක්තරා විදියක ‘ඉල ඇදෙන’ සම්බාහන ක්‍රමයක් ලෙසද හැඳින්විය හැකිය. සම්බාහන චිකිත්සකයෝ තමුන්ගේ අත් සහ ඇඟිලි පමණක් නොව වැලමිටි, දණහිස්, පාද ආදියද සම්බාහන කාර්යය සඳහා භාවිත කරති. එමෙන්ම තෙල් වර්ග භාවිතා කිරීමක් මෙහි දක්නට නොලැබෙන බැව්ද සඳහන් වේ.

    යුනෙස්කෝව මේ ආකාරයෙන් වර්ග දෙකක උරුමයන් නම් කර පවත්වාගෙන යයි. එක් වර්ගයක් නම් ලෝක උරුම (World Heritage) යනුවෙන් හඳුන්වන වර්ගයයි. එයට ඇතුළත් වන්නේ ස්ථාන, ඉදිකිරීම්, ගොඩනැගිලි ආදි භෞතික උරුමයන්ය. එයට අමතරව භෞතික නොවන සංස්කෘතික උරුමයන් (Intangible Cultural Heritage) පිළිබඳවද වෙනම ලැයිස්තුවක් ඔවුහු පවත්වා ගෙන යති. තායි සම්බාහන ක්‍රමයද ඇතුළත් කර ඇත්තේ මෙම ලැයිස්තුවටයි. මේ වනවිට විවිධ රටවල සංස්කෘතික අංග 550 ක් පමණ මෙයට ඇතුළත්ව තිබෙන බැව් සඳහන් වේ.

    නුආද් තායි යන යෙදුමෙහි අරුත තායි සම්බාහනය (Thai Massage) යන්නය. මෙය නාඩි ශාස්ත්‍රය, ඉන්දියානු ආයුර්වේද මූලධර්ම, යෝගා මූලධර්ම ආදී අංග සම්මිශ්‍රණයෙන් සැදුණු සම්බාහන ක්‍රමයක් ලෙස සැලකේ. බොහෝ සම්බාහන ක්‍රමවලදී මෙන්ම මෙහිදීද කායික සුවය මෙන්ම මානසික සුවයද ලබා දීම අරමුණ වෙයි. මෙය මුලින්ම ආරම්භ වූයේ ඉන්දියාවේ බවට මතයක් තිබේ. එය තායිලන්තයට රැගෙන විත් ඇත්තේ වෙදුන් සහ භික්‍ෂූන් බව විශ්වාස කෙරේ. නමුත් මෙම සම්බාහන ක්‍රමය වඩාත් ජනප්‍රිය වන්නට පටන්ගෙන ඇත්තේ ලෝකයේ වෙනත් රටවලින් ද පැමිණෙන චිකිත්සකයන්ට මෙම ක්‍රමය ඉගැන්වීම සඳහා නවසිය හැට ගණන්වල තායිලන්තය තුළ පාසලක් ආරම්භ කිරීමෙන් පසුවය. මුල් කාලයේ එය ගුරුවරුන්ගෙන් ගෝලයන්ට වශයෙන් පරපුරෙන් පරපුරට පැවත ආ බව සැලකෙන අතර පසුව එය පවුල් තුළ පවා ක්‍රියාවට නැගෙන සම්බාහන ක්‍රමයක් බවට පත්ව ඇත.

    උසස් පුහුණුවක් ලැබූ නුආද් තායි සම්බාහන චිකිත්සකයෙකුට අද විශාල ආදායමක් ඉපැයීමට හැකියාව තිබේ. විශේෂයෙන් බටහිර රටවලදී ඔවුන්ට ඉහළ ගෙවීම් කරන බැව් පැවසේ. නමුත් මෙම ශිල්පයෙහි කෙළ පැමිණීම සඳහා ඉතා වෙහෙසකර පුහුණුවීමක නිරත විය යුතුව ඇති බවද සඳහන් වේ.


    අරුණ පුවත්පතේ පලවූ ලිපියකින් උපුටාගන්නා ලදි..
     
    Last edited: