ලෝක ගුරු දිනය අදයි

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ලෝක ගුරු දිනය අදයි


    හවස් වෙලා දාන්නෙ අමතක උනාට එහෙම නෙවෙයි :(

    ගුරු සිත නොරිදවා
    වේලාව නොවරදවා
    බැතිපෙම් උපදවා
    අකුරු උගනී කුමරු සොදවා



    thinking.jpg


    මූසිලයන් බිහිවීම දකිනු රිසියෙන් ,සෙනෙහසින්……



    මොකා උනත් කමක් නෑ කියල කකුලෙන්ම අදින්නම බලාගෙන ඉන්නෙ මේ
    කුරිරු ලෝකයේ තමන්ට දාව ඉපදුනේ නැතත් තමන්ගෙ ලමයි වගේ අපි
    පොඩිකාලෙ බලාගත්තු උගන්නල මිනිහෙක් කරපු ඒ නිහතමානී රත්තරං
    මිනිස්සුන්ට අපි කොච්චර කරත් ණය ගෙවන්න බෑ,
    ඒක නිසාම වෙන්නෙ ඇති ගුරුවරු අපේ දෙවෙනි දෙමව්පියො කියන්නෙ.

    අපිට උගන්වන්න ගිහිල්ල ඒ මිනිස්සු කොච්චර හිත් රිදව ගන්න ඇත්ද?
    අපි එකට එක කතා කරණ හැටි අහගෙන ඉදල ඔවුන්ට කොතරම් හිත රිදෙන්න ඇතිද?
    අපි ඔවුන්ගෙන් කාපු කම්මුල්පාරවල් එදා නම් දැනුනේ නිකං මුළු ආත්මයටම කළ නිගාවක් වගේ.

    වැරැද්දක් කරල බැනුම් ඇහුවම ගුටි කෑවම කිව්වෙ "මම කරන දැන් ඔයාට
    වැරදියට නැත්තම් යකෙක් වගේ පෙනුනට පස්සෙ කාලෙක තේරුම් ගනීවි"
    කියල. හිත යටින් හිනා උනාට දැන් ඇත්තටම තේරුම්ගන්න පුලුවන්
    අපිව
    හදන්න තමයි ඒක කරේ කියල
    අද ඒ තරවටු කිරීමේ ප්‍රතිඵල අපි භුක්ති විදිනව


    සාමලා අමරලා දැං නෑ, එයාල ලොකු වෙලා..
    දැන් ඉන්න ලමයි ගුරු දිනේ අපේ ඉස්කෝලෙ අද සමරනව ඇති.
    එදා මිස්ගෙ සර්ගෙ ලගට අපි ගිහින් බුලත් දීල තෑගි දුන්නම කිව්වෙ ඒව ඕන නෑ
    එයාලග සතුට තියෙන්නෙ අපි හොද මිනිහෙක් වෙනව දකින එකලු.



    මම කොටන සිංහල වචනයක් ගානෙ උගන්නපු මිනිස්සුන්ට පිං ලැබෙනව ඇති.
    හැමෝම දිසාපාමොක් පරපුරේ අය නොවුනට රත්තරං මිනිස්සු හැමදාටම ඉන්නව


    මගේ ජීවිතේ මට හම්බවෙච්ච හොදම ගුරුවරු දෙන්න කුරුප්පු සර්ටයි චමත් සර්ටයි,
    වචනයක් හරි උගන්නපු හැම ගුරුවරයටයි, රිලිෆ් හරි පන්තියට ආපු
    ගුරුවරුන්ටයි මගේ ගුරු උපහාරය!



    teachers%20day%202011.jpg



    ලඟ නැතත්, දෙන්න සිහිවටන මල් නැතත් හිතෙන් හරි ඒ මිනිස්සුන්ට පතන්නෙ
    දීර්ඝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වෙන්නෙ ලැබෙන්න කියල!!


    teachers_day_card-p137019919246512431q0yk_400.jpg
     
    • Like
    Reactions: kellsupun

    kaduwa

    Member
    Sep 20, 2010
    95
    21
    0
    maligawa
    ලඟ නැතත්, දෙන්න සිහිවටන මල් නැතත් හිතෙන් හරි ඒ මිනිස්සුන්ට පතන්නෙ
    දීර්ඝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වෙන්නෙ ලැබෙන්න කියල!!
    :cool::cool::cool:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ලඟ නැතත්, දෙන්න සිහිවටන මල් නැතත් හිතෙන් හරි ඒ මිනිස්සුන්ට පතන්නෙ
    දීර්ඝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වෙන්නෙ ලැබෙන්න කියල!!
    :cool::cool::cool:
    :cool: