ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙහෙමයි මචන්. තියන ගාන ඉලක්කම් සසඳන එකේ කිසි තේරුමක් නෑ ඔතන. උදාහරණයක් විදිහට stealth bomber එකයි පරණ mig එකයි දෙකම එකක් කියල තමයි ඔතන ගණන් හදල තියෙන්නේ.
කොහොමවුනත් වලියක් ඇදුනොත් ඇමෙරිකාව දිනුවත් නොසෑහෙන්න ගුටිකන්න වෙනව.:P
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇමරිකවට දැන්ම ගහන එකක් නෑ කියන එක නම් මම පිළිගන්නවා. මොකද මීට කලින් ලිබියාවේ ප්‍රශ්නයට උනත් ඇමරිකාව මැදිහත් වෙනකොට ඊට විරුද්ධව අනිත් රටවල් මොකවත් කලේ නෑ. සිරියාව කියන්නේ ලෝක යුද්ධයකට තරම් ලොකු දෙයක් නෙවෙයි. සිරියාව වගේ ලෝක මට්ටමේ නොවැදගත් දෙයක් නිසා තමන්ගේ හමුදා යවාගන්න මොක රටක්වත් කැමැති නෑ. සිරියාවට ඉරානේ ඉන්නවා. නමුත් ඉරානේත් එක්ක අනිත් මැදපෙරදිග රටවල් තරහයි. sunni රටවල් ඔක්කොම වගේ ඉන්නේ ඇමරිකාවේ සාක්කුවේ. ඉතින් ඇමරිකන් කාරයා කරන්නේ මුලින්ම ඉරානේ ආවත් අනිත් මැදපෙරදිග රටවල් මෙහෙයවලා ඒ ප්‍රශ්නේ නිරාකරනය කරන එක. එහෙම නැතුව අර පලවෙනි ලෝක යුද්දේ වගේ එකෙක්ට ගැහුවා කියලා ඔක්කොම ගේමට එන්නේ නෑ.

    ඊලඟ කාරනේ තමයි, අනාගත යුද්ධ එන්නේ ආයුධ බලයෙන් නෙවෙයි ආර්ථික බලයෙන්. රුසියාව ලොකු බලපෑමක් නොකලාට චීනය ආර්ථික වශයෙන් බලවතෙක් වෙනවා. දැනගත් ජපානේ පරද්දලා ලෝකේ දෙවෙනි ආර්තික බලවතා චිනය. චීනයට තව වැඩෙන්න සම්පත් තියෙනවා. ඇමරිකාව යන්නේ බහින කලාවට. යුරෝපේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒක ඉවර වෙලා ගොඩක් කල්. ඉතින් තව අවුරුදු 10 ක් විතර ගියාම ලෝකේ බලවතා ඇමරිකාව නෙවෙයි චීනේ හා ඉන්දියාව. යුධමය අතිනුත් එහෙමයි. චීනේ කරන්නේ කල් මරන එක විතරයි.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    oin ekak illaganna baida danna panadurata athaarina :oo:

    :lol::lol::lol::lol::lol: ඇයි උඹට පානදුර හිලක් හදාගන්න ඕනෙද? එහෙනම් පෑන් clip එක්කක විතර එකක් කියලා හදව ගනින්! :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තුන්වන ලෝක යුද්දෙදි බවිතාවන ආයුද ගැන කියන්න මට නොහැකි.නමුත් හතරවන ලෝක යුද්දෙදි සටන් කරනුයේ ගල් මුගුරු භාවිතයෙනි

    ඇල්බට් අයින්ස්ටයින්​

    පට්ට කතව මචන්! :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mr. mmaxx post එක නම් නියමයි මචන්! නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. Thanks... :yes:
     
    • Like
    Reactions: mmaxx

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මෙහෙමයි මචන්. තියන ගාන ඉලක්කම් සසඳන එකේ කිසි තේරුමක් නෑ ඔතන. උදාහරණයක් විදිහට stealth bomber එකයි පරණ mig එකයි දෙකම එකක් කියල තමයි ඔතන ගණන් හදල තියෙන්නේ.

    kohoma hari nuclear power thiyena kisima rata kata americawa ho kisima ratak pahara denne ne. ekane north korea eun ochchara sadde daddi kisima action ekak ganne neththe
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය න්‍යෂ්ටික බලය ඒ තරම් වැදගත් වෙන්නෙ නෑ. සක්‍රිය යුධ ශිර්ෂ ගනන බොරු අගයන් වෙන්නත් පුළුවන්. කොහොමත් රුසියාව සහ ඇමරිකාව අතර න්‍යෂ්ටික ප්‍රහාර වෙන්නෙ නෑ. මොකද මේ රටවල් දෙකේම න්‍යෂ්ටික අවි රැගත් සබ්මැරීන මුළු ලෝකේ පුරාම තියෙනවා. ඒ නිසා අපි හිතමු රුසියාව ඇමරිකාවම ඉවර වෙන්න න්‍යෂ්ටික බෝම්බ 1000 විතර දැම්මත් යහතින් ඉන්න බෑ. මොකද සාගර වල තිබෙන සබ්මැරීන වලින් පෙරලා පහර දෙන්න පුළුවන් ගොඩබිම සම්බන්ධ නැතුව. අනිත් පැත්තට ඇමරිකාව රුසියාවට ගැහුවත් වෙන්නෙ ඕකයි.

    ඒ නිසා න්‍යෂ්ටික බලවත්තු එම න්‍යෂ්ටික අවි එසේ නොවන රටවල් වලට එරෙහිව පමණක් භාවිතා කිරීමේ සම්බවිතාවක් පවතී.

    සිතල යුධ සමයේ රුසියව සහ ඇමරිකාව තමන්ගේ යුධ සහ තාක්ෂණික බලය පෙන්වන්න තමා ඔය තරම් යුධ ශිර්ෂ හැදුවේ. මේක ඉවරයක් වෙන්නෙ නැති ඒ වගේම යුද්ධයකදී දෙගොල්ලොන්ටම කෙලවෙන තත්වයක් දැකපු නිසා තමයි යුධ ශිර්ෂ සිමා කිරීමේ ගිවිසුමක් ගහල අඩු කරේ. ඉස්සර ඔයිට වඩා ගොඩක් තිබ්බ.

    දැන් නම් බොහෝ රටවල් තමන්ගේ යුධ ශක්තිය පෙන්වීමේ නිර්නායකයක් විදිහට න්‍යෂ්ටික අවි භාවිතා කරති.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Cu6E0wI.png
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අමෙරිකාවයි රුසියාවයි යුද්ධයක් එයාලගේ රටවල් වලට ගෙන්නේ නෑ.ඕනිනම් න්‍යෂ්ටික ප්‍රහාර අරාබියට සීමා කරගෙන එහේ ගහගනී. රුසියාව ඒ කාලේ ගඩා‍ෆිටත් සපෝට් කරා. අසාඩ් කියන්නේ මිනිමරුවෙක්. රසායනික අවි ගැහුවේ අසාඩ් වෙන්න බෑ.කැරලිකාරයන් වෙන්නත් බෑ.කවුරුත් නොදන්න තුන්වැනි පාර්ශවයක්.:D
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔච්චර වියදම් කලා කියලා වැඩක් නෑ. වැඩ කරන nuke 5,6 තිබුනනම් හොඳටම ඇති. දැනට තියෙන nuke වලින් ලෝකේ කීප පාරක්ම විනාශ කරන්න පුලුවන්. ආරක්ශාවට වියදම කරන ගාන ඒ වගේ රටවල් වලට වැඩක් නෑ. අනික ඇමරිකාවේ තියෙන්නේ බොරු වියදම්, උතුරු කොරියාවට ප#යක් ගියත් ඇමරිකාව බිලියන ගානක් වියදම් කරනවා. රුසියාව චීනේ එහෙම බොරු වියදම් කරන්නේ නෑ..

    ඔන්න මගේ මතය

    අනීවා මචන් , මුන්ට ඉරානාය උ කොරියාව පඩයක් ඇරියත් මුන්ට defense issues . අනික සිරියාවට ගහල මුන් උදව් කරන්න යන්න හදන්නේ කාටද අර සෞදි බල්ලගේ කටුකන අන්තවාදි ත්‍රස්තවාදි රැලක්. මම මේ වෙලාවේ නම් සිරියාවේ පැත්තේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අමෙරිකාවයි රුසියාවයි යුද්ධයක් එයාලගේ රටවල් වලට ගෙන්නේ නෑ.ඕනිනම් න්‍යෂ්ටික ප්‍රහාර අරාබියට සීමා කරගෙන එහේ ගහගනී. රුසියාව ඒ කාලේ ගඩා‍ෆිටත් සපෝට් කරා. අසාඩ් කියන්නේ මිනිමරුවෙක්. රසායනික අවි ගැහුවේ අසාඩ් වෙන්න බෑ.කැරලිකාරයන් වෙන්නත් බෑ.කවුරුත් නොදන්න තුන්වැනි පාර්ශවයක්.:D
    න්‍යෂ්ටික මිසයිල් ගහන්නෙ නෑ බන්. අනික ඔය සිරියාවෙ රසායන ප්‍රහාරය එල්ල කලේ සෞදි අරාබියෙ උදව් ඇතුවලු. එහෙම බැලුවම මේකට ඇමෙරිකාවෙ සම්බන්ධයක් නැත්තෙම නෑ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    න්‍යෂ්ටික මිසයිල් ගහන්නෙ නෑ බන්. අනික ඔය සිරියාවෙ රසායන ප්‍රහාරය එල්ල කලේ සෞදි අරාබියෙ උදව් ඇතුවලු. එහෙම බැලුවම මේකට ඇමෙරිකාවෙ සම්බන්ධයක් නැත්තෙම නෑ.

    මේ කෙමිකල් ඇටෑක් එක ගැන විවිධ මත නෙට් එකේ යනවා. :D
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    Heh heh

    ඇමරිකාව ඇයි උතුරු කොරියාවට ගහන්නේ නැත්තේ ? ලිබියාවට ඉරාකයට වඩා ඇමරිකාවට කොච්චර තර්ජනයක්ද උතුරු කොරියාව. නෙට් එකේ දත්ත වලින් 90% ඇමරිකාවට පක්ෂ කට්ටිය දාපුව. ඇමරිකාවට ගහලා රුසියාවට දිනන්නත් බෑ රුසියාවට ගහල ඇමරිකාවට දිනන්නත් බෑ. මේ දෙගොල්ලෝ ගහගත්තොත් මුළු ලෝකෙටම ලොකු damage එකක් වෙන්නේ. එක මේ දෙගොල්ලොම දන්නවා ඉතින් මම හිතන්නේ නෑ මෙතන ලෝක යුද්දයක් යය් කියල
     

    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    මේ දවස් වල යන ලොකු මාතෘකාවක්නේ මේ ඇති වෙන්න යනවා කියන ලෝක යුද්ධයක් ගැන. ඉතින් එළකිරියේ ගොඩක් අය කියන දේවල් අහන ඉන්න කොට මේ දේ ගැන ඇත්ත නොකිය ඉන්නම බැරි උනා.

    NATO-Preparing-For-World-War-3-1.jpg


    මම දැක්ක එලකිරියෙ ගොඩක් අය කැමතියි රුසියාව ඇමරිකාවට ගහනව දකින්න. ඇමරිකාවට සහයෝගය දක්වන අයත් බොහෝවිට ඇමරිකාවට සහයෝගය දෙන්නේ සිරියාව මුස්ලිම් රටක් වන නිසා. ලංකාවේ අය ගොඩක් ඇමරිකානු විරෝධි ප්‍රතිපත්තියක් දැරීමට හේතු අතේ ඇඟිලි ගන්නට වඩා තියනවා.

    ඒත් මම දැක්ක තවම ගොඩදෙනෙක් ඇත්ත තත්වය තවම හරි හැටි තේරුම් අරගෙන නෑ. නැත්නම් ඇත්ත දකින්න කැමති නෑ. වරදක් කියන්න බෑ, කොහොමත් අපි අකමැති දේවල් පිළිගන්න වැඩිය කැමති නෑනේ.:P කවුරු හරි නිකන් කියන එකක් අහල හරි, රුසියාවේ හා චීනයේ යුධ බලය ගැන youtube video කිහිපයක් බලල හරි හුඟ දෙනෙක් හිතන් ඉන්නවා මේ රටවල් දෙකට ඇමරිකාව යුධමය අතින් පරාජ කරන්න පුළුවන් කියල.

    images


    එහෙම පුළුවන් කමක් තියනවනම් ලෝකේ සාධාරණ භාවය මිට වඩා හොඳට ක්‍රියාත්මක වෙයි. හරියට එක හා සමාන බලයකින් යුක්ත ආණ්ඩුවක් හා විපක්ෂයක් රටක තියනව වගේ. නමුත් ඇත්ත තත්වය මිට වඩා බොහොම වෙනස්.:(

    රටක යුධ බලය මනින ප්‍රධානම මිනුම් දණ්ඩ තමයි ඒ ඒ රටවල් යුධ බලය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය. මොකද රටක සොල්දාදුවන් ගණන කොච්චර වැඩි උනත් වැඩක් නෑ ඒ අයට සහය දෙන්න තාක්ෂනය හා යුධ සැපයුම් හරි හැටි නැතිනම්. දුකෙන් හරි කියන්න ඕන දැන් ලෝකේ හැටියට වැඩියෙන් වියදම් කරන කෙනා යුද්ධය දිනනවා.:angry:

    • හරි, දැන් ඉස්සෙල්ලම බලමු වාර්ෂික යුධ වියදම අතින් ලෝකේ ඉදිරියෙන්ම ඉන්න රටවල් 5 අරගෙන.

    7c3a76ef4b71fa459ad880349b0ff667.png


    පසුගිය දශකයේදී රුසියාව හා චීනය යුධමය අතින් බලවත් උනා තමයි. ඒත් මතක තියාගන්න ඕන ඇමරිකාවත් ඒ කාලයේදී හොරෙන්ම යුධමය බලය වැඩි කලා. විශේෂයෙන්ම bushගේ පාලන කාලයේ. ඇමරිකාව ඒ කාලයේ යුද්ධ කිහිපයක් කලත් මම හිතන්නේ ඒ අය වියදම් කලාට වඩා සල්ලි ප්‍රමාණයක් ඉරාකෙන් තෙල් ගත්ත.

    • මේ වෙනස හොඳටම පේනවා මේකෙන්.

    defence-budgets-and-expenditure---iiss.jpg


    හිතන්න ඕන දෙයක් තමයි මේ එක අවුරුද්දක වෙනස. එතකොට පහුගිය අවුරුදු 10 යේ එකතුව ගත්තොත් කොච්චර වෙනසක් තියෙන්න ඕනෙද කියල හිතාගන්න පුළුවන්නේ. අනික තමයි ඇමරිකාවේ චීනයට සාපේක්ෂව ඉන්න සොල්දාදුවන් ගණන අඩුයි. ඒ කියන්නේ මේ මුදල් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ තාක්ෂනික් දියුණුවට හා ආයුද රැස් කරගැනීමට. ඒ කියන්නේ මේ සල්ලි වලින් වැඩි ප්‍රමාණක් ඉදිරියට එකතු වන ආයෝජන.

    රටක් ලෝක යුද්ධයක් වැනි යුද්ධයකට අවතීර්ණ වන්නේ ඒ අයට ජයගැනීම සඳහා සාධාරණ ප්‍රතිශතයක් තියනවනම් විතරයි. දැන් පවතින තත්වය අනුව චීනය, රුසියාව, ඉරානය, උතුරු කොරියාව හා කියුබාව එකතු වුවත් ඇමරිකාවේ තනි යුධ බලය ඒ වගේ දෙගුණයකටත් වඩා වැඩි වනවා.

    global-military-spending1.png


    ඇමරිකාව රුසියාවට හා චීනයට බය ලෝකයේ රටවල් අතරින් ඇමරිකාවට රිදෙන්න ගහන්න පුළුවන් ලෝකයේ එකම රටවල් දෙක වන නිසා. ඒත් දැන් පවතින තත්වය අනුව ඒ අයට කීයටවත් ඇමරිකාවට ගහල දිනන්න බෑ. අනික ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකයේ බලවත් රටවල් වැඩි ප්‍රමාණයක් ඇමරිකාව පැත්තේ ඉන්නේ.

    ඉතින් මේ තියෙන්නේ මම මේ සිද්දිය දකින විදිහ. ඇමරිකාවේ බලය ඕනවට වඩා වැඩියි තමයි. ඒක ලෝකයේ සමතුලිත තාවයට ප්‍රශ්නයක්. ඒත් එක්කම හොඳ දෙයක් තමයි ඒක ලෝක යුද්ධයක් වෙන ඒකත් නවත්තනවා. හොඳ හා නරක දෙකම තියනව. කොහොම හරි දැන් තියන තත්වය අනුව ඇමරිකාව යුධමය අතින් පරාජය කරන්න බෑ. ඒක නිසා රුසියාව හා චීනය දැන්ම ලෝක යුද්දෙකට බහින්නේ නෑ. ඒක ඉල්ලන් කනව වගේ වැඩක් වන නිසා.

    වෙනස් අදහසක් තියන ඕන කෙනෙක් ඉදිරිපත් කරන සාධක සාදරයෙන් පිලිගන්නවා. අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පුලුවන්නම් ලොකු දෙයක්නේ.:yes:


    මේ ටික පසුව එකතු කලෙමි.;)



    කට්ටිය කියනවනේ රුසියාවට nuke power එක වැඩියි කියල. මේවයින් active ඒවා විතරයි මේ දැන් පාවිච්චි කරන්න පුළුවන්.

    මේ තියෙන්නේ 2013 වෙනකොට ලෝකේ තියන nuke data.

    country ..................Active/Total

    USA .................................... 2,150/7,700
    Russia ................................. 1,800/8,500
    UK..........................................160/225
    France ................................... 290/300
    China .................................unknown/250
    Israel ................................ unknown/80




    Great post Thank you very much