අන්න චීන්නු රොකට්ටුවක් ඇරලා ගෙන්න ගන්න බැරුව ඉන්නවාලු. ඕක කඩා වැටෙන්න නියමිත ලු. ලංකාවටත් ඒ පාත් ඒකේ තියනවා ලු. ඔවුන් කරොත් කරන්නේ ඔය වගේ වැඩක්ම තමා. චිචිට කියමු වැටෙන්නේ කොහෙද බලන්න කියලා. මේ වගේ කතා ගොඩක් ඊයේ පේරේදා එලකිරියෙත් ගියා. ඇත්තටම මොකද්ද මේ කතාව
චීන්නු ගිය 29 වෙනිදා තමුන්ගේ තුන්වන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගුවන් ගත කරනවා. ඇත්තටම ඒක අතකින් ලොකු ජයග්‍රහණයක්. මොකද දැනට රටවල් දෙකයි එක අභ්‍යවකාෂ මධ්‍යස්ථානයකට වඩා යවලා තියෙන්නේ. අනික ඇමරිකාව චීන්නුන්ට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පාවිච්චි කරන්න දෙන්නේ නැහැ චීන්නුන්ට ලෑන්ඩ් කරන්න පුළුවන් යානා තිබිලත්. අභ්‍යාවකාශ ගත කරන්න ගන්නේ ලොර්න් සර්ච් 5 කියන රොකට්ටුව. මේක ඇවිල්ලා ජාත්‍යන්තර මට්ටමේ heavy lifting රොකට්ටුවක්. දැනට ලෝකේ මේ මට්ටමේ රොකට් කිහිපයයි තියෙන්නේ. ඒකෙනුත් ප්‍රෝටොන් රොකට්ටුව
විශ්‍රාම ගන්වන්න නියමිතයි. හැබයි මේ රොකට්ටුවේ තියෙන්නේ පලමු අදියර විදිහට බුස්ටර් දෙකක් එක්ක දෙවන අදියර විදිහට සම්පුර්ණ රොකට්ටුව. තවත් තුන්වන අදියරක් තියනවා හැබයි මේ ගමනට ඒක අදාල නැහැ. 29 වෙනිදා යවපු මේ රොකට්ටුව එදාම අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිදහස් කරනවා.
හැබයි දැන් තමා මේ කියන ගැටලුව ඇති වෙන්නේ.ලෝන්ච් මාර්ච් 5 රොකට්ටුව හදලා තියෙන්නේ දෙවන අදියර low earth orbit එකට යන විදිහට. හැබයි මේක පාලිතව ගෙන්න ගන්න පුළුවන්ද කියන එක ගැටළුවක්. මොකද මේ රොකට් එක තාම මේ විදිහට යවලා තියෙන්නේ දේපාරයි හැබයි දෙපාරම uncontrol entry තමා වෙලා තියෙන්නේ හැබයි කාර්මික දොශයක් වෙන්න පුළුවන් ඉඩකඩත් සෑහෙන්න වැඩී. දැනට තියන තත්වය අනුව චීනයට කිසිම පාලනයත් නැහැ මේ අදියරත් එක්ක හැබයි අන්තිම මොහොත වෙනකම් මේක යන පාත් එක ගණනය කරලා තියෙන්නේ. හැබයි වායුගෝලීය බලත් එක්ක වැටෙන තැන වෙලාව කාටවත් නිවැරදිව කියන්න බැහැ.
ඇත්තට මේ විදිහට පොළවට එන පලවෙනි වත් ආපු විශාලතම එකවත් මේක නෙමේ. 2001 දී ටොන් 128 ක් බර මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පොළවට පතිත වෙනවා. හැබයි සම්පූර්ණ කියාවලියම පාලිතව. ඒ වගේම ඇමරිකානු sky lab අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පොළවට කඩා වැටෙනවා. ඒකේ කොටස් ඔස්ට්‍රේලියාවට පතිත වෙනවා. ඒ වාගේම ඒක යවන්න පාවිච්චි කරපු Saturn 2 රොකට්ටුවේ දෙවන අදියර පොලවට තඩා වැටෙනවා. දෙකම ටොන් 30ට වැඩි බරක් ලෝන් මාර්ච් රොකට්ටුව ටොන් 22 යි. ඒ වගේම මේ අවුරුද්දේ මස්ක්ගේ ෆැල්කන් 9 රොකට්ටුවේ දෙවන අදියර කාර්මික දෝෂයක් හින්දා uncontrol entry එකක් සිදුකරනවා කැනඩාවට. ඒ වගේම රුසියානු Kosmos 1402 චන්ද්‍රිකාව කඩා වැටෙනවා කැනඩාවට න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයකුත් එක්ක.
දැන් කොහෙද මේකේ බිල්ලා? මේ නිවුස් එක මම දැක්කේ දැනට සතියකට විතර කලින්. සාමාන්‍ය දෙයක් හින්දා එච්චර ගනන් ගත්තේ නැහැ. හැබයි අපේ මීඩීයා වල නිවුස් කියන ඩිවිෂන් වල ඉන්න බූරු හැතිකරේ( එහෙම නැහැ කියන්න එපා මම උන් එක්ක වැඩ කරලා තියන හින්දා අත්දැකීමෙන් කියන්නේ) මේක දැක්ක ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේක ලොකු නිවුසු එකක් විදිහට පල කරා . මේකේ ගමන් මාර්ගය කිසිම විදිහක ලංකාව ඇතුලට නැහැ. ආසන්නම ගමන් පථය තියෙන්නේ යාපනයට නුදුරෙන් ඉන්දියාවට. දැනට බලාපොරොත්තු වෙන්නේ ඉන්දියානු සාගරයට කියලා. අනික් කරුන තමා වැටෙන්න පුළුවන් පොඩි කොටස් කිහිපයක් විතරක් වීම බරපතලම වුනොත් කිලෝ 20 ක විතර කොටස් දෙකක් තුනක් විතරයි. ඒ වගේම සාගරයට පතිත වෙන්න තියන ඉඩ කඩ 70% විතර. හැබයි දැනට තියන දත්ත වල හැටියට වැටෙන්න තියෙන පාත් එකට ලංකාව කොහොමවත් නැහැ.