ලෝමස් මූදේ ගියහැටි !
මම මුලින්ම පාසැල් ගියේ වතුගෙදර ආඳාදොළ ඉස්කෝලෙට...ගුරුවරියක්වූ අම්මත් එක්ක ඉස්කෝලෙ ගියේ අවරුදු තුනේ ඉඳන්. පන්තියේ ඉඳල ඇති උනාම මං අඬනවා...ඉතිං ඉස්කෝලෙ ලොකු ළමයි දෙන්නෙක් මාව ගෙදරට ගෙනැත් දාලා කුසුමා කියන වැඩකාරිට බාර දෙනවා...හරි හරි...ඒ වචනෙ හොඳනෑ තමයි...ඔව්...ගෘහසේවිකාවට බාර දෙනවා...ඉතිං ඊළඟට මං බොහොම අඩු වයසෙන් හෝඩියේ පන්තියට ඇතුල් වුණා අම්බලංගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට...ඒක ඒදවස්වල සැලකුනේ අඩුකුලේ ඉස්කෝලයක් විදියට. උසස් කුලේ කොලීජිය තමයි ධර්මාශෝක විද්‍යාලය. දේවානන්දේ...80%ක් විතර හිටියේ මාළුකාරයොන්ගේ(FB භාෂාවෙන්...අඩුකුලේ පර හැත්තගේ) ළමයි. අනිත් උන් "කන්ද" කියන අඩු ආදායම් කොළනියේ (කොරියාවේ) ළමයි...මේ ළමයි කුණුහරුප කියන්නේ කටේ තොලේ තැරවෙන්නේ නැතුව. උඹෙ අම්මට හුඟක් ආදරේ කරපං කියන එක...හරිම සාමාන්‍ය දෙයක්...මුලින් මේ නසරාණි කොල්ලෝ කුණුහරුප කියමින් මට හිරිහැර කලත්...මං හැමදාම පංතියේ පළවෙනියා වෙන්න පටන් ගත්තම උන් මට ගරු කරන්න පටන් ගත්තා...මාත් එක්ක යාළු උනා. ඉස්කෝලෙ අයිනෙන් ඇලක් ගලාගෙන ගියා...ඒකෙ දන්ඩියෝ, කට රත්තෝ, නළ හඳයෝ වගේ මාළු හිටියා. මාළු පැටව් අල්ලාගෙන හෝර්ලික්ස් බෝතලේක දාලා...හයිඩ්‍රිල්ලා පැලයක් දාල කොට තාප්පේ උඩින් තියලා තිබුනා...සමහර ටීචර්ලා පංතිය තිබ්බේ ඇල ළඟ තිබුන යෝධ කොට්ටම්බාගහ යට...
ක්‍රෝටන් අත්තක් හරි වදමල් කිනිත්තක් හරි ටීචර්ගේ මේසෙඋඩ තිබීමත් පංති නායකයාගේ රාජ කාරියක්. කළු ලෑල්ල කළු කරන්න එඬරුකිරියි පාන්දැලියි එකතු කරන් එන එක පිරිමි ළමයින්ට වරින් වර පැවරුන රාජකාරියක්. ගෑණු ළමයින්ට කළු ලෑල්ල මකන්න කොට්ට මහන් එන්න උනා. ටිකක් මැර ටයිප්එකේ හොඳින් වැඩුන එකෙකුට තමයි පංති නායක කම දුන්නේ. තුනේ පංතියේදී අපේ පංති නායකයා උනේ තිලකසිරි කියල එකෙක්...ඌ උගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට නම් කළේ හිරේවත්තේ ඥානසීලි...නමුත් ඥානසීලි දන්නෙ නෑ තිලකසිරිය එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියල...අන්න එහෙමයි මහතුනේ ඒ දවස්වල සිඟිති පාතාලේ ලව්. කොට්ටම්බා ගහයට ටීක් බෝල ගැසීම, ගල් කූරු කෙටීම, බට්ටෝ පැනීම, බස් ටිකට්, ගිනිපෙට්ටි එකතුකිරීම වගේ විනෝදාංශ හුඟක් තිබුනා අපට.
ඔයින් මෙයින් මං පහේ පංතියට වෙනකං ඉගෙන ගත්තා දේවානන්දේ....හයේ පංතියෙදි ඇතුල් උනා ධර්මාශෝකෙට. දවසක්දා කොල්ලෙක් (උගේ නම දැන් මතකනෑ) මට කිව්වා උගේ තාත්තට ලොකු මාළු බෝට්ටුවක් තියෙනවා ඒකෙන් මිනිස්සු පටවගෙන මූද මැද්දේ කැඩිලා ඇන්කර් දාගෙන තියෙන ලොකු යුද්ධ නැවක් බලන්න යනවා කියල. ඉතිං මං ඇහුවා මාත් එන්නද කියල...ඔයාට ගෙදරින් එන්න දෙයිද ? නෑ කිසි ප්‍රශ්නයක් නෑ මං එන්නං...මං ලොක්කා වගේ කිව්වා. එහෙනං ඉරිදා දෙකට විතර හිරේවත්තේ ධීවර වරායට එන්න...ඉතිං පිට්ටනියට යනවා කියල මං ගෙදරින් පැනගත්තා...වැල්ල දිගේ කෙලින්ම ගියේ මාළු බෝට්ටුව ඇන්කර් කරලා තිබුන තැනට. ගෑණු මිනිස්සු විස්සක් විතර හිටියා ට්‍රිප්එක යන්න...බෝට්ටුවට පොඩි පිලා ඔරුවකින් ගෙනිහින් සෙනග පැටෙව්වා...මං යාළුවත්එක්ක කයිය ගගහ හිටපු නිසා කව්රුවත් ඇහුවෙ නෑ මං කාගෙ කව්ද කියල...ඉතිං කුචු කුචු...ජග ජග...ජිගි ජිගි...ගගා බෝට්ටුව රැල්ල කපාගෙන දියඹට යන්න පටන්ගත්තා...යනවා යනවා කෙළවරක් නෑ...දියඹට ගියහම මූද නිල්ම නිල් පාටයි. බෝට්ටුවට ඉස්සරහින් පියාමැස්සෝ මතුවලා උඩගිහින් ආයෙත් යට යනවා දැක්කේ එදා තමයි.
හුටා...ගොඩබිම පැත්ත බැලුවම ගොඩබිම පේන්න නෑ මගේ බොක්ක රත්උනා. මුන්ට ගොඩබිම හොයාගන්න බැරි උනොත් මළකෙළියක් වෙනවා...මට එහෙම හිතුනා...යාළුවට මං මේක කිව්වම...
අපේ තාත්ත දන්නවබං මූදේ පාරවල්...බයනැතුව හිටපං. ඔන්න යන්තමට නැව පේන්න ගත්තා...බෝට්ටු කාරයෝ සුදු කොඩියක් බෝට්ටුවේ දැම්මා...එන්න එන්නම නැව ලොකු වෙන්න පටන් ගත්තා ලඟට ගියහම... අළුපාට පත මෝල් යුධ නැවක් ඒක... බෝට්ටුව පැත්තට නැව පැද්දෙන කොට බය හිතෙනවා. නැවේ වැට ගාව සුද්දෝ හුඟක් හිටියා....බෝට්ටු කාරයෝ කෙහෙල් කැන් පැපොල් ගෙඩි උන්ට පෙන්නුවා ලොකු බාල්දියක් කඹේක ගැට ගහලා උන් බෝට්ටුවට දැම්මා...බෝට්ටු කාරයෝ දඟලලා බාල්දිය අල්ල ගෙන කෙහෙල් කැන් පැපොල් වරින් වර නැවට යැව්වා...සුද්දෝ ඒ වෙනුවට දුඹුරු පාට ලෝම ඇති තොප්පි, වැහි කබා කාසි වගේ දේවල් බෝට්ටුවට එව්වා...එයින් තොප්පියක් හැමෝටම වගේ ලැබුනා...ගනුදෙනු ඉවරවෙලා ඔන්න බෝට්ටුව ආපහු එන්න පටන්ගත්තා...කොයි ලෝකේ යනවද මන්දා යනවා යනවා ගොඩබිමක් පේන්නට නැත...කෝ බං ගොඩබිම ? කළුවරත් වැටීගෙන එනවා...කෑ නොගහ යමං...ගොඩට තමයි යන්නේ යාළුවා ගෙරෙව්වා...අර තියෙන්නේ කොළකන්ද යන්තමට පේන ගොඩබිම යාළුවා මට පෙන්නුවා...රෑ උනොත් ගෙදරට මොනවද කියන්නේ...මේ මළ ඉලව් බෝට්ටුව ගාටනවා...මගේ බොක්ක රත්වෙලා උණුවෙනවා...මං හිතින් ලෑල්ලටම පාගනවා බෝට්ටුව...
බෝට්ටුව හාබර්එකට ආව විතරයි...කෙලින්ම පස්ස නොබලා ගෙදර දිව්වා. කොල්ලගේ වෙලාව හොඳයි තාත්තා ගෙදර ඇවිත් නෑ...අම්මා කුස්සියේ ඉඳියාප්ප තම්බමින් සිටී. හොරපූසා වගේ රිංග ගත්තා කාමරේට. මාර ට්‍රිප්එක කිසි අවුලක් නෑ. පහුවදා අම්මා ඇහුවා කොහෙන්ද මේ කාසියි තොප්පියයි...ආරියපාලවෙස් මුණූ කඩෙන් බඩුගන්න ආපු සුද්දෙක්දුන්න.මං හිතුව කතන්දරේ ඉවරයි කියල...යාළුවොන්ටත් මුහුදු ගමන ගැන කයිය ගැහුව. තව දවස් දෙකකට පස්සේ තාත්තා ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් පේර ගහෙන් කෝටුවක් කපල ගත්ත...මට වැඩේ ක්ෂණිකව මීටර් උනා...උඹ බෝට්ටුවකින් ලෝමස් මූදේ ගියාද ? ඇත්තකියපං...ඔව් ගියා. කලිසම පාත්කරපන්...පුක හරහට වැදුන පාරවල් වලට පුකෙන් දුම් පිට වුනා...කව්රුවත් බේරුවේ නෑ. කේළම කියල තිබුනේ කව්ද කියා මා අදටත් දන්නේ නැත.
##ලෝමස් මූද කියන්නේ ලොකු මසුන් ඇති මුහුද##
source https://4s7sw.blogspot.com/2017/06/blog-post.html