ලෝම මැමොත්ලව නැවත ගේමු
අතීතයේ හිටපු විවිධ සත්තුන් විවිධ හේතු නිසා වදවෙලා ගිහින් තිබෙන බව වර්තමානයේ පොසිල සාධක සාක්ෂී දරනවා, මේ හිටපු නමුත් දැන් වදවෙච්ච සත්ව කොට්ඨාසයක්
තමයි ලෝම මැමොත්ලා කියන්නේ, මෑතකදි සයිබිරියාවේ පැත්තෙන් අඩි 100 ක් යට තිබිලා හම්බ වෙලා තියෙනවා ලෝම මැමොත් කෙනෙකුගේ පටක කොටස්, කෙදි,ඇට මිදුලු කොටස් මේ පරික්ෂණය කරපු කණ්ඩායම පවසන්නේ මොවුන්ට මේ හම්බ වෙලා තිබෙන කොටස් වල ජීවමාන සෛල තිබෙන බවට තහවුරු කරන්න තවත්
පරික්ෂණ කරන්න ඕන බවයි (සයිබිරියව කියන්නේ ලෝකයේ ශීතලම පැති වලින් එකක් ,ඒ පැත්තේ උෂ්ණත්වය -40C පහළටත් වඩා යන්න පුලුවන්, සාර් රජතුමාවත් අන්තිමට පිටුවහල් කරේ මෙහෙට, ඒ වගේම ස්ටාලින් යුධ සිර කරුවන් පවා පිටුවහල් කරේ මෙහෙට, කලින් thread එකක දාලා තිබ්බ යුරෝපානු බෞද්ධ රාජයේ මිනිස්සුන්ව පවා ස්ටාලින් සයිබිරියාවට පිටුවහල් කරා නාසි සමග සම්බන්ධ කම් පවත්වනවා කියලා), මේ සෛල සාමාන්‍යයෙන් ගන්නේ ක්ලෝනීකරණයටයි. ක්ලෝනීකරණයේදි කරන්නේ සෛලයක තියෙන DNA කොටස්
අදුන ගෙන මේ තුළ ඇති ජාන කියවා සත්වයෙකු නිර්මාණය කිරිම සදහා පදනම දැමීමයි, මිනිස්සුන්ගෙත් මේ DNA තියෙනවා. සාමාන්‍යයෙන් ක්රෝම සෝම මිනිස්සුන්ගේ නම්
46 ක් තියෙනවා (යුගල් වශයෙන් 23 ගාණේ)මේ ක්‍රෝමසෝම හැදිලා තියෙන්නේ DNA සහා ප්‍රෝටීන වලින් (හැම සත්වයකුගේම හැම සෛලයම න්‍යෂ්ටියේ (හරයේ) මේ ක්‍රෝමසෝම තියෙනවා - මිනිස්සුගේ නම් පිරිමින්ගේ නම් XY ,ගැහැණුන්ගේ XX ඒ කියන්නේ අමතර පිටපතක් තියෙනවා කාන්තාවන්ට නම්), මේ DNA වල තමයි ජාන තියෙන්නේ, මේ ජාන වල තමයි අදාළ සත්වයාගේ ගති ලක්ෂණ තියෙන්නේ, මේ ලක්ෂණ එන්නේ දෙමව්පියගෙන්. දැන් හිතන්න මිනිස්සුන්ගේ කොණ්ඩයේ පාට, කොණ්ඩය මොන වගේද(සිනිදුද, ගොරෝසුද, ක්රේල්ද), ඇස් දෙක මොන වගේද කියන
එක ගැන? මේක එතකොට තීරණය කරන්නේ මේ DNA තුළ තිබෙන ජාන මගින්. (මේ DNA ඇත්තටම හැදිලා තියෙන්නෙත් හයිඩ්රජන්, ඔක්සිජන්, නයිට්රජන්, කබන්, පොස්පරස් වලින්)
ඉතින් අපිට පුලුවන් නම් ඕනෙම සතෙකුගේ මේ DNA කොටස් එකතු කරගන්න ඒ අදාළ සත්වයාව ඒ විදියටම ප්‍රති නිර්මාණය කරන්න අපිට පුලුවන්, මේක හරියට
Hard Disk එකක තිබෙන දත්ත Copy Paste කරනවා වගේ වැඩක්. මැමොත්ලා වදවුනේ මීට අවුරුදු 10,000 කට කලින් කියලා සාමාන්‍යයෙන් කියන්නේ
මීට හේතුව වශයෙන් දක්වන්නේ අයිස් යුගයේ අවසන් වීමෙන් පරිසරයෙට අනුවර්තය වීමට නොහැකි වීම, මානවයන් විසින් දඩයම් කිරිම් , අහාර සොයා ගැනීමට නොහැකි වීම වගේ හේතුන්, ඉතින් අනාගතයේදි මොවුන්ට පුලුවන් වුනොත් මේ සයිබිරියාවේදි සොයාගත්ත සෛල ක්ලෝනීයකරණය කරලා මැමොත්ලව නිර්මාණය කරන්න
ඔයගොල්ලොන්ටත් පුලුවන් වේවි මේ සතෙක්ව Zoo එකකදි දැකගන්න..
මේ සම්බන්ධව පවත්වන පර්යේෂණ වලට දෙන්න නෝබෝල් තෑග්ග වගේ තෑග්ගක් තියෙනවා මේක දෙන්නේ X Prize Foundation කියන ආයතනයකින්, මොවුන් කියන හැටියට
කවුරු හරි ප්රාග් ඓතිහාසික යුගයේ සතෙක්ව (වදවෙච්ච) වර්තමානයට ගෙනාවොත් (පනපිටින්) මොවුන් සුදානම් මොවුන්ගේ Jurassic Park prize කියන
තෑග්ග පිරිනමන්න..
//bigtop

echchara kal?