ලෝව අංක එකේ මාරක මත්ද්‍රවය

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ලෝව අංක එකේ මාරක මත්ද්‍රවය

    ලෝව අංක එකේ මාරක මත්ද්‍රවය
    ලංකාවේ හැමෝම දන්න භාෂාවෙන් කිව්වොත්
    #අයිස් ICE
    නොහොත් ක්‍රිස්ටල්මෙත් crystal meth

    මිදුනු අයිස් වල පෙනුම එන්න ආපු නිසයි අයිස් කියලා ප්‍රසිද්ධ උනේ.. ඒත් දැන්නම් වෙනස් ස්වරූප වලිනුත් එනවා , ලංකාවෙනම් දැන් පෙති වලිනුත් විකුනනවා.

    මිල අතිනුත් ගොඩක් වැඩී ගොඩාක් ජනතාව අතර ප්‍රචලිත නොවීමට ඒක හේතුවක් උනත් අනිත් මත්ද්‍රව්‍ය එක්ක බලපුවාම හොද ඉල්ලුමක් හදාගන්න ක්‍රිස්ටල් මෙත් ICE සමත් වෙලා තියනවා...

    ක්‍රිස්ටල් මෙත් ශරීරගත කරගැනීමෙන් පසුව තාවකාලික සන්තෝෂයක්, ආත්ම විශ්වාසයක්, ශක්තිමත් සහ ප්‍රබෝධමත් හැඟීමක් ඇති වෙන බවට තමයි දැනගන්නට ලැබෙන්නෙ.

    හැබැයි මේ තාවකාලික මායාවට මුවාවෙලා මිනිස් ශරීරෙට විශාල හානියක් කරන්න මේ භයානක මත්ද්‍රව්‍යයට පුලුවන්... නින්ද නැත්තටම නැති කරලා දාන්න කිසි දෙයක් කන්න බැරි තත්වෙට අපිරියාවක් ඇති වීම නිතරම වමනය යාමට ඒම වගේ ලෙඩ ඇති කරගෙන

    දැන් ඒ ටික කියවලා හිතුවා නේද මේ මොන බයානක ලෙඩද කියලා .. නෑ තාම කියන්න ගත්තේ නෑ

    ඒ පොඩි පොඩි පොයින්ට් වලින් පටන් අරගෙන ඉතා කුඩාම කුඩා කාලෙකදි දත් වැටෙන්න ගන්න එකත් එක්ක ඔය ඇගේ තියන්නේ පටක කියලා ඒවා .... ඒ පටක විනාශවෙලා යනවා ගොඩක් ඉක්මනට ඊට පස්සේ මනස විකෘති වෙනවා තමන්ට තමන් අමතක වෙන සීමාව පනින තාක්.(සිරගෙවල් වල ඔබට දැක ගැනීමට පුලුවන් මෙවැනි පුද්ගලයන්).. හෘදයාබාද කියන එක හැදෙන එක වලක්වන්න ක්‍රමයක් ඇතිවෙන්නේ නෑ කොහොමත්..

    අයිස් බිංදුවේ අවසාන ඉලක්කය මොළය පටක ලේ හැම දෙයක්ම විනාශ කරගෙන යන ගමනේ අවසානය වෙන්නේ මොළය.. මොළයට තද හානි කරලා අවසානයට මරණය ගේන එක නවත්තන්න සර්වබලධාරී දෙවියන් වහන්සේවත් අවසානයේදී ඉදිරිපත් වෙන්නේ නෑ මොකද ඒ වෙනකොට ක්‍රිස්ටල්මෙත් දෙවියන්වහන්සේත් අභිබවා ශරීරය ඇතුලේ ගමන් කරලා ඉවරයි...

    විශේෂයෙන් පළවෙනි පන්තියේ මාරක මත්ද්‍රව්‍යක්...

    අයිස් වල තවත් ප්‍රතිවිපාක ගොඩක් තියෙනවා, දරුවන් හදන්න හිතාගෙන ඉන්නවනම් අයිස් ගහන අය ඒ ආශාවත් දැන්මම නැතිකරගන්න එක හොදයි, අනිත් පැත්තෙන් ඉක්මනට වයසට යනවා , රූපය බලාගෙන හිටියදීම වෙනස් වෙනවා. කෑම අප්‍රිය වෙන නිසා ආයෙත් ශරීරයක් ගැන හිතන්න ලැබෙන්නේ නැහැ.ලිංගය අප්‍රානික වෙලා ලිංගිකව එකතුවීමේ ශක්තිය නැතිවෙනවා.මොකද අයිස් වැඩියෙන්ම බලපාන්නේ රුධිරය ගෙන යන නාල වලට. අරක කෙලින් වෙන්නෙත් රුධිර නාල වල ක්‍රියාකාරී වීම නිසානේ.අයිස් වලට ඇබ්බැයි වුනාම ටික කාලයකින් ඒකෙත් ප්‍රානිකත්වය නැතිවෙනවා . අයිස් වල කෙටි කාලීන සහා දිගුකාලීන බලපෑම් ලිපිය අවසානයේ ලියලා තියෙනවා. මේ කරුනු අන්තර්ජාතික සෞඛය සංවිධානය විසින් නිකුත් කරපුවා .ලින්කුවත් පහතින්ම ඇති

    ☣☣☣☣☣☣..

    අයිස් ගන්න හැබ්බැයි වුනාම වැඩිකල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ,අනිවාර්යෙන්ම මැරෙනවා.පුනුරුත්තාපනය වෙලා ඒක අත හැරියොත් හැරෙන්න නැත්නම් ජීවීත් වෙන්න තියෙන ආශාව නැතිකරගන්න එක හොදයි.මොකද මොන වෙලාවේ හර්දාබාධයක් ඇවිත් මැරෙයිද දන්නේ නැහැ.

    අද ලංකාවේ තරුණයින් බොහෝමයක් අයිස් වලට ඇබ්බැයි වෙලා තියෙනවා.ඒක හරියට තමන්ගේ වල තමන්ම කපා ගන්නවා වගේ.ඒවට ඇබ්බැයි වූ අය තමන්ගේ ජීවීත විතරක් නෙමෙයි විනාශ කරගන්නේ තමන්ගේ පවුලේ අයගෙත් , ඒ වගේම තමන් වටේ ඉන්න අයගෙත්,මේ හේතුව නිසාම ඔබ මත්ද්‍රවයට යොමුවුනු මිතුරන්ව ආශ්‍රය කරනවනම් මේ මොහොතෙම ඔහුන්ගෙන් ඈත්වෙන්න.මොකද ඔහුන්ගේ වල ඔහුන් කපාගෙන ඉවරයි.ඔබ කැමති වුනත් නොමැති වුනත් ඔබවත් ඒ වලට මොනම වෙලාවක හරි ඇද වැටෙන්න පුලුවන්.

    අන්තීමටම මේකත් කියන්න ඕනේ.ඔබේ පවුලේ මත්ද්‍රවයට ඇබ්බැයි වුනු කෙනෙක් ඉන්නවනම් ඔහු නිසා ඔබේ ජීවීතය විනාශ වෙන්න පෙර ඔහුව පුනුරුත්තාපන කදවුරකට දාන්න.මොකද ඇබ්බැයි වීම නතර වෙන තාක් ඔහුන් මත්ද්‍රවය භාවිතයෙන් වලකින්නේ නැහැ -
    මත්ද්‍රවය හිදලා හිටලා ගත්තත් , හැමදාම ගත්තත් මත්ද්‍රවය මත්ද්‍රවයමයි ඒකේ වෙනසක් නැහැ.ඒ නිසා ආතල් එකටවත් මත්ද්‍රව‍ය ගන්න එපා.ඔබේ ජීවීතයේ වගකීම තියෙන්නේ ඔබේ අතේ.මොකක් හරි වාසනාවකට ලැබුනු මේ මනුස්ස ජීවීතය මත්ද්‍රව‍ය නිසා විනාශ කරගැනීමට පෙර , මොහොතකට සිතන්න !
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,137
    113
    අද ලංකාවේ තරුණයින් බොහෝමයක් අයිස් වලට ඇබ්බැයි වෙලා තියෙනවා

    I don't think so :rolleyes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Oya ICE wala seen ekaka thiyana machan. oka adina kota oke ena sudu duma machan badenawa ikmnta layer ekaka widiyata. eka godak hoda na lungs walata.

    ICE gana ayage diwe thiyanwa eka badila. eka ywanna diwa madinna ona keliyata. hitahan ithin lungs wala kohomata thiyewida kiyala..