වංචාවකට අතුරලියේ රතන හිමි අත් අඩංගුවට

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
වංචාවකට අතුරලියේ රතන හිමි අත් අඩංගුවට

Rathana-himi.jpg


මේ දිනවල රජයට එරෙහිව හඬක් නගමින් විපක්ෂය හා අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරන ‘පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව රජයේ මුදල් අයථා පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම හා ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීම යටතේ නඩු පැවරීම සඳහා රජයේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.



රුපියල් මිලියන 4.73 ක මුදලක්( රුපියල් හතලිස් හත් ලක්ෂ තුන්දාහක්) බෞද්ධ කටයුතු හා පුනර්ජීවන මධ්‍යස්ථානයක් ගොඩනගන බවට හඟවා රජයෙන් ලබාගෙන එම මුදල තම සුඛවිහරණය සඳහා පුද්ගලික ආවාස ගොඩනැගිල්ලක් තැනීමට යෙදවීම තුලින් රජයේ මුදල් අයථා පරිහරණය කිරීමට ලක්කළ බවට රතන හිමියන්ට එරෙහිව පැහැදිලිවම සාක්ෂි ඇති නිසා ඒ පිළිබඳව විමර්ශන කටයුතු අරඹන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දී තිබේ.

මෙම උපදෙස් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී එල්.ආර්. රණවීර මහතාට පසුගිය සතියේ ලබාදී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහුට දැනුම් දී ඇත්තේ රතන හිමිගෙන් මේ පිළිබඳව කට උත්තර ලබා ගැනීම හෙට (10) සඳුදා දහවල් 12 වන තුරු පමා කරන ලෙසයි.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කන්න ඕන වෙනකොට අර කබර............. එක්කෝ ඕන් නැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙකට නැමිලා බලපන් දෙක හතර වෙලාද කියලා :frown:
    සිගිති ආතල් දෙක කොහොමද මැට්ටො හතර වෙන්නෙ,නිකන් වැඩක් බලාගෙන හිටපන් බන් නයට කහින් නැතුව, බූරුව.:rofl: