වංචාවට_හා_අපරාධවලට_එරෙහිව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වංචාවට_හා_අපරාධවලට_එරෙහිව

    ‘සක්‍රීය ජවිපෙ සහ හිරිවැටී ඇති මෛත්‍රී පාලනය“


    10933811_786418191434181_7883678689894463898_n.jpg


    මහින්ද රාජපක්ෂ ඇතුළු වංචා වලට සම්බන්ධ පිරිස් වෙත නීතිය හමුවට නොබියව ඉදිරිපත් වූයේ ප්‍රගතිශීලී ජවිපෙ පමණි. මර්වින් එසේ කරනුයේ රාජපක්ෂ විරෝධයෙන් කීර්තියක් ලබා ව්‍යාජ ප්‍රගතිශීලීත්වයක් පෙන්වා තමන් සිදුකළ වැරදි වලින් ගැලවීමේ අරමුණින් යැයි හැගේ.
    අද කේපී ට එරෙහිව ද පැමිණිලි කරන ලද්දේ ද ජවිපෙ ය. රන්ජන් රාමනායක වැන්නන් තනි තනිව යම් ක්‍රියාමාරග ගනු ලැබූව ද රජයක් වශයෙන් මෛත්‍රී හෝ රනිල් කිසිදු සාධනීය පියවරක් මේ දක්වා සිදු නොකිරීම ද උග්‍ර සැකයක් සමාජය තුළ නිර්මාණය කරයි. 18 අහෝසි කොට 17 යළි ක්‍රියාත්මක කරන බව මැතිවරණයට පෙර කීව ද මේ වන විට සැරසෙනුයේ 19 වැනි සංශෝධනයක් ගෙන ඒමටය...
    වංචාකරැවන් ආරක්ෂා කිරීමට එරෙහි විය යුතුය. අනුර දිසානායක පවසන්නාක් මෙන් ‘හොරා කොයි පිළේ හිටියත් හොරාමය“ එහෙයින් වංචාවට හා අපරාධ කරැවනට එරෙහිව රාජ්‍ය බලයක් නොමැතිව ද සක්‍රීයව ක්‍රියා කරන ජවිපෙට අපගේ ප්‍රණාමය පාට භේදයකින් තොරවම හිමි විය යුතු නොවේදැයි මොහොතක් සිතන්න..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එකඟයි!

    හොරා කොයි පිළේ හිටියත් හොරාමය! :yes:
    හොරා කොයි පිලේ හිටියත් නීතියේ රැහැනට අසු කරගත යුතුමය.! :yes:
     
    Oct 30, 2014
    306
    9
    0
    ජවිපෙ හොරුන් හෙළිදරව් කරන කාර්යභාරය ඇත්තටම වටිනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවට හොරු අල්ලන එක විතරක් නෙමෙයි තව ගොඩක් රටේ වැඩ තියනවා ආණ්ඩුවක් විදිහට බලන්න. ප්‍රයෝගික පැත්තෙන් බැලුවොත් එහෙම සීන් එකකුත් තියනවා. හැබැයි මීට වැඩිය වර්තමාන ආණ්ඩුව හොරු අල්ලන වැඩේට සක්‍රියව දායක වෙන්න ඕනේ කියන එකනම් මාත් පිලිගන්නවා මචන්.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වහාම හොරු රැල අල්ලගෙන කූඩු කරන්න ඕනේ. දැනටම කීයක් නම් පැනල ගියාද? කීයක් නම් යහතින් ඉන්නවද?

    මේ අහක යන මල මගුල් හොය හොය ඉන්නෙ නැතුව ඔය රටම දන්න හොරු ටික අල්ලන්නේ කවද්ද?

    කෝ ඔය තියෙනවයි කිව්ව දූශනවලට අදාල සාක්ශි? ඇයි ඒවා පවිච්චි කරන්නෙ නැත්තේ?
    ඇයි කල් මරන්නේ?
    වහාම හොරු රැල අල්ලගෙන කූඩු කරන්න ඕනේ. දැනටම කීයක් නම් පැනල ගියාද? කීයක් නම් යහතින් ඉන්නවද?

    මේ අහක යන මල මගුල් හොය හොය ඉන්නෙ නැතුව ඔය රටම දන්න හොරු ටික අල්ලන්නේ කවද්ද?

    කෝ ඔය තියෙනවයි කිව්ව දූශනවලට අදාල සාක්ශි? ඇයි ඒවා පවිච්චි කරන්නෙ නැත්තේ?
    ඇයි කල් මරන්නේ?
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ලොකු උන් අල්ලන්න ලේසි නෑ කියමුකෝ. ඇයි අර ගුවන් සෙවය කාපු එකාව අල්ලනෙ නැත්තේ? තන්ගල්ල දූශකය අල්ලන්නේ නැත්තේ? දෙපාර්තුමේන්තුවල හිටපු කාක්කෝ අල්ලන්නෙ නැත්තේ?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අර ඡොනියාගේ හොර අරක්කු අහුවෙලා එත් ගාණක්වත් නෑ මුන්ට වුවමනාවක් නෑ මහ ඡන්දෙකදී මුන්ට කෙලවෙනවා.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    උපුටා ගැනීමකී.

    :P:P:P:P



    දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....



    • නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම.
    • සගවා තිබූ ගුවන් යානකක් ඇල්ලීම - එය මීටර් එන්ජින් කිසිවක් නොමැති දැනට අවුරුදු 20 කට පමණ කලින් නිර්මාණය කල එකක් බව හෙළිවීම.
    • දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම.
    • ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එය දැනට අවුරුදු කිහිපයක සිට එහි තිබූ බව හෙළිවීම ,එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම.
    • අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?
    • විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම.
    • ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.
    • බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.
    • වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම.
    • කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම කතාවක් නෑ...
    • ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.

    පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය

    • කේපී, කරුණා කොටි බවට පැවසීම. ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම.
    • රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.
    • පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.


    සංවර්ධන කටයුතු
    • උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.
    • දකුණු අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත දක්වා දික්වෙන කොටසේ වැඩ නවතා දැමීම.
    • ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.
    • මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම.

    පශ්චාත් මැතිවරණ ක්‍රියා
    • මැතිවරණෙට කලින් ප්‍රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම.
    • දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.
    • ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්‍රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.


    දින සියය වැඩ සටහන

    1. කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.
    2. ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම.
    3. ඇමති මණ්ඩලය 25 කට සීමා කරන බව පැවසීම ..මේ වෙන විට කැබිනට් ඇමතිලා 27 , නියෝජ්‍ය ඇමතිලා 9 , රාජ්‍ය ඇමතිලා 11. ඔක්කොම ඇමතිලා 47 ක්. මේ අතර ඇමතිලා පත් නොකළ අමාත්‍යාංශත් තව බර ගාණක් තිබීම.
    4. පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.

    තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරංගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.
     
    • Like
    Reactions: kaushala1988

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වහාම හොරු රැල අල්ලගෙන කූඩු කරන්න ඕනේ. දැනටම කීයක් නම් පැනල ගියාද? කීයක් නම් යහතින් ඉන්නවද?

    මේ අහක යන මල මගුල් හොය හොය ඉන්නෙ නැතුව ඔය රටම දන්න හොරු ටික අල්ලන්නේ කවද්ද?

    කෝ ඔය තියෙනවයි කිව්ව දූශනවලට අදාල සාක්ශි? ඇයි ඒවා පවිච්චි කරන්නෙ නැත්තේ?
    ඇයි කල් මරන්නේ?
    වහාම හොරු රැල අල්ලගෙන කූඩු කරන්න ඕනේ. දැනටම කීයක් නම් පැනල ගියාද? කීයක් නම් යහතින් ඉන්නවද?

    මේ අහක යන මල මගුල් හොය හොය ඉන්නෙ නැතුව ඔය රටම දන්න හොරු ටික අල්ලන්නේ කවද්ද?

    කෝ ඔය තියෙනවයි කිව්ව දූශනවලට අදාල සාක්ශි? ඇයි ඒවා පවිච්චි කරන්නෙ නැත්තේ?
    ඇයි කල් මරන්නේ?


    බම්ප් එකට තැන්කු මචං
     
    අන්න ඕක වෙන නිසා තමයි මම කලින්ම කිව්වේ
    උනුත් එකයි මුනුත් එකයි කෙලවෙන්නේ සිංහලයටම තමයි
    කියල. ඔය වැඩ කිඩ දින 100 න් පස්සේ නැවතිලා යාවි, UNP එකට ඕනේ මොනවා හරි කරලා ඉලගපාර මැතිවරණෙ දිනන්න. සන්දානෙට ඕනේ තනියෙන් ගත්ත ලක්ෂ 58 රැක ගන්න.
     

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    මෛත්‍රී පාලනය හිරි වැටි නැහැ.

    මෛත්‍රී පාලනය හිරි වැටි නැහැ.

    හොර වැඩ පෙන්වලා මිනිස්සු චුන් කරන ගමන් අපිට කෙලවනවා ඒව ගැනත් අවදානය යොමුකරපල්ලා.

    vision of new president's adviser.

    Sharing land powers is part of the devolution process enshrined in the constitution

    read more.

    http://dbsjeyaraj.com/dbsj/archives/3766
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    UNP අධිරාජ්‍ය ගැති දේශපාලනේ අලුත් චන්දවලට තේරෙන්නේ නැති එක පිළිගන්න පුළුවන්. හැබැයි ජවිපෙ අලුත් නායකයට ඒක තේරෙන්නේ නැද්ද නැත්නම් තේරෙන්නේ නැහැ වගේ ඉන්නවද කියන එකයි තේරුම් ගන්න බැරි. සෝමවංශ කොහොම හරි ජවිපෙ ගුණයන් මීට වඩා හොඳින් රැක්ක.