වකුගඩු ගල් හැදෙන්නේ ඇයි? මේක බලන්න
මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි.
pH අගය කියන්නේ කුමක්ද? කියා මා සිතන්නේ මෙහි සිටින අය දන්නවා ඇති. pH අගයෙන් මනින්නේ යම් ද්‍රාවනයක ආම්ලික තාවයයි. pH 7 යි කියන්නේ පිරිසිදු ජලය. pH අගය 7 ට අඩුනම් ඒ ද්‍රාවනය ආම්ලිකයි. pH අගය 7 ට වැඩිනම් ඒ ද්‍රාවනය භාශ්මිකයි. පොඩ්කාලේ ඉගෙන ගත්ත එකක්නේද? හරි දැන් ඔබ දන්නවාද අපේ රුධිරයේ pH අගය කීයද කියලා. එය සාමාන්‍ය නිරෝගී කෙනෙකුගේ 7.2 ක් විතර වෙනවා. ඒ කියන්නේ ටිකක් භාශ්මිකයි කියන එකයි. අපි දැකලා තියෙනවා යම් කෙනෙකුට රෝගයක් හැදුනම pH පහලට බහිනවා. ඒ කියන්නේ 6 ක් විතර වෙනවා. එතකෙට එයාගේ රුධීරය ආම්ලික වෙනවා. ඒ කියන්නේ දැන් මේ කෙනාගේ රුධිරය අම්ල ගතිය වැඩියි. මේ අවස්ථාවේදී අපි රුධීරය භාශ්මික කරගත හැකි ආහාර ගත යුතු වෙනවා.
ඉස්සර ලෙඩෙක් බලන්න යනකොට දොඩම් අරං ගියා මතකද? ඒ මේ ලෙඩාගේ රුධිරය භාශ්මික කරන්නට මේ පලතුරු උපකාර වෙන නිසා.
දැන් නම් අරං යනනේ මල් වගේ ඒවනේ. ඒකත් නරකම නැහැ. ඒ වගේම පිලිකා රෝගියෙකුගේ රුධීරයේ pH අගය 5 ටත් අඩු අගයක් ගන්නවා. මේනිසා තමයි පිලිකාවක් ඉක්මනින් පැතිරෙන්නේ. pH අගය අඩු නම් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියට නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නට බැහැ.
අපේ සිරුරේ තියෙනවා රුධිරයේ pH අගය මණින මාපකයක්. ඒක හැම වෙලාවෙම ක්‍රියාත්මකයි. ඔපරේෂන් කරලා අරං දැම්මේ නැත්නම් මේ මාපකය මැරෙන තුරුම වැඩ. මොක්ද මේ මාපකය? ඒ තමයි පැරා තෛරොයිඩ් ග්‍රන්ථිය. දැං බලනවා ඇති මේ යකා වකුගඩු වල ගල් ගැන කතා කරනවා කියලා මේ මොනවද කියවන්නනේ කියලා. තව ටිකක් යන්න ඕනි. තවම කසකාරයෝ ආව විතරයි. මේ පැරා තෛරොයිඩ් ග්‍රන්ථි වලට තමයි දැනෙන්නේ රුධිරයේ pH අගය. යම් ලෙසකින් රුධිරයේ pH අගය අඩු වුනාම පැරා තෛරොයිඩ් ග්‍රන්ථි සක්‍රීය වෙනවා. මෙම ග්‍රන්ථි පිහිටලා තියෙන්නේ තෛරොයිඩ් ග්‍රන්ථියේ පිටුපස කොන් හතරේ. මේ නිසා පැරා තෛරොයිඩ් ග්‍රන්ථි 4ක්ම අපිට තියෙනවා. මෙම ක්‍රියා කාරීත්වය ඒ තරම්ම වැදගත් අපේ සිරුරට. දැන් අපි හිතමු pH අගය අඩුවුනා කියලා. දැන් සිදුවන්නේ මෙම ග්‍රන්ථි මගින් පැරත් කියලා හෝමෝනයක් නිකුත් කරන එක. දැන් මේ හෝමෝනයේ රාජකාරිය තමයි රුධිරයේ pH අගය වැඩි කරන එක.
දැන් මෙම හෝමෝනය භාෂ්මික ඛණිජ ලවන සොය සොයා මුළු සිරුර පුරාම සැරි සරනවා. ආවර්ථිතා වගුව දන්න අය දන්නවා භාෂ්මික මූල ද්‍රව්‍ය තියෙන්නේ දෙවන කාණ්ඩයේ කියලා. මේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙකක් අපගේ සිරුරේ තියෙනවා. ඒ කැල්සියම් සහ මැග්නීසියම්. දැන් මේ දෙක තමයි සොයා ගන්න වෙන්නේ මේ පැරත් කියන හෝමෝනයට. දැන් ඉතිං මෙයාට මුන ගැහෙනවා හොදට කැල්සියම් තියෙන තැනක්. ඒ තමයි අපේ අස්ථි. අස්ථි වලින් කැල්සියම් ගලවන්නට මේ හෝමෝනය හරි දක්ෂයි.
මේ සිද්ධිය තවත් හෝමෝනයක් නිකුත් කරන්නට හේතු වනෙවා.
ඒ තමයි කැල්සිටොනින් කියන හෝමෝනය. මේහෝමෝනය නිකුත් කරනවිට පැරත් හෝමෝනයට පොඩ් ප්‍රතිරෝධයක් දෙනවා. ඉතිං මෙතන දැන් හෝමෝන දෙකක සටනක්. එක්කෙනෙක් කැල්සියම් ගලවන්න හදනවා. තවත් කෙනෙක් එපා කියනවා. දැන් කොහොම හරි මේ වෙලාවේ මේ පුද්ගලයා කැල්සියම් සහිත ආහාරයක් ගත්තානම් වැඩේ සෙට්ල් වනෙවා. නමුත් එහෙම වුනේ නැත්නම් පැරත් හෝමෝනය දිනනවා. ඉතිං කැල්සියම්ටික ගලවාගෙන උජාරුවෙන් රුධිරටය මුදා හරිනවා. කොහොම හරි මෙම තත්වය නිසා නැවතත් රුධිරයේ pH අගය 7.2 දක්වා වර්ධනය කරගන්නවා.
අපගේ රුධිරයට මේ භාශ්මික පරිසරයක් අවශ්‍ය වෙන්නේ ඇයි. ඉදුනු අඹ ගෙඩියක් නරක් වෙනකොට පණුවෝ ගහනවා නේද? නරක් වෙනවා කියනනේ ආම්ලික තාවය වැඩිවෙනවා කියන එකයි. ඉතිං දැන් තේරෙන්න ඕනි ආම්ලික තාවය වැඩි පරිසරයක තමයි බැක්ටීරියා වගේ ක්ෂුද්‍ර ජීවීන්ට වාසය කරන්නට හැකි. අපගේ බඩවැල් වලත්එහෙමයි.
බඩවැල් වල අම්ලිකතාවය පාලනය කරන්නේ මැග්නීසියම් වලින්. කොළ වර්ගවල තමයි මැග්නීසියම් තියෙන්නේ. කට කැඩෙනකම් කොළ කන්න කියන්නේ මේ නිසා. කොළ කනවා නම් බඩවැල් වල අයහපත් බැක්ටිරියා වර්ධණය වෙන්න ඉඩක් නැහැ. මේ වගේ ම තමයි රුධිරයේ pH අගය අඩු වුනාම ක්ෂුද්‍ර ජීවීන්ට පාරාදීසයක් වෙනවා. එසේම ප්‍රතිශක්තිකරනයට ක්‍රියාත්මක වෙන්න අපහසු වෙනවා. මේ කරුනු නිසා රෝග බෝවෙන්නට ඇති ඉඩකඩ වැඩි වෙනවා. ඉතිං පැරත් හෝමෝනයෙන් කලේ ලොකු උපකාරයක්. අස්ථි වලට පස්සේ කැල්සියම්ටිකක් දෙන්න බැරියැ නේද? නමුත් මේක දිගින් දිගටම පුරුද්දට ගියොත් පුතෝ ඔස්ටියෝ පොරෝසිස් කියලා ලෙඩකුත් හැදෙනවා. මතක තියාගෙන ඉන්න.
දැන් ඉතිං රුධිරයේ pH අගය නැවතත් නිරෝගී මට්ටමට ගේනවා. පැරා තෛරොය්ඩ් ග්‍රන්ථිය හිතුවේ මෙක තාවකාලික වැඩක් කියලා. දැන් ඊලග දවසෙත් මේ සංතෑසියමයි. pH එක බැහැල. ඉතිං ආපහු පැරත් හෝමෝන් එක නිකුත් කරනවා. අස්ථිවලින් කැල්සියම් ගේනවා. මේ විදිහට දිගින් දිගටම සිදු කරන විට මේ ග්‍රන්ථි වෙහෙසට පත්වෙනවා. මේ වගේ ග්‍රන්ථි වෙහෙසෙන්නට හොද නැහැ. එය එම ග්‍රන්ථි වැඩි පුර වැඩ කරලා අවසානයේ කිසි පාලනයකින් තොරව හොමෝන නිකුත් කරන්නට හේතු වෙනවා. මෙන්න මේ තත්වයට අාවට පසු තමයි ගැටලුව පටන් ගන්නේ.
දැන් පැරත් හෝමෝනය නිතරම නිකුත් කරනවා. අස්ථිවලින් කැල්සියම් ගලවනවා. දැන් මේ කැල්සියම් වැඩියි රුධිරයේ. මේ කැල්සියම් පෙරන්නට යනනේ වකුගඩු වලට. දැන් වකුගඩු වල කැල්සියම්
පෙරීම ඉතාමත් දරුනු විදිහට සිදු වෙනවා. මේ අවස්ථාවේදී මෙම කැලිසියම් සමග කාබන් ඩයොක්සයිඩ් හෝ ඔක්සලේට් සමග කැල්සියම් කාබනේට් හෝ කැල්සියම් ඔක්සලේට් හදනවා. මේ සිද්ධිය සිදු වෙන්නේ වකුගඩු තුලයි. දැන් මේ අණු ස්ඵඨික ලෙසයි තියෙන්නේ. ඉතාමත් කුඩා වුවත් මේ අණු විශාල ගණනක් සැදි එකට එක් වෙනවා. මේවා තද ස්පඨික ලෙසට ඝන වෙනවා දැන් ඉතිං මේවා වකුගඩුවේ රැදී තියෙනවා. ටික දිනකින් මේවා මුත්‍රා එක්ක පහලට එන්නට හදනවා. අපි දන්නේ නැතිව මේ වගේ ගල් පිටවෙනවා. ඒත් යම් විදිහකට ගලක් තිබුනොත්
මුත්‍රා නාලයට වඩා විශ්කමභය වැඩි, එතනයි ගැටලුව ඇතිවෙන්නේ.දැන් පහලට එන්න හැදුවට එන්න බැහැ. වකුගඩුවෙන් පෙරෙන මුත්‍රා වලින් යම් තෙරපුමක් ලැබුනද මුත්‍රා නාලය දිගේ හිරවෙලා තමයි ඒ ගල පහලට එන්නේ. මේනිසා මුත්‍ර නාලය තුවාල වෙන්න පුලුවන්. ඒ නිසා තමයි සමහර අයට ලේ පිටවෙන්නේ. මොකද මුත්‍ර නාලය සීරිලා.
හරි දැන් ගල් හැදෙන හැටි දැනගත්තා. දැන් දැනගත යුතු වන්නේ මෙකෙන් මිදෙන හැටි. වකුගඩුවේ ගල් ඇති බවට මුලින්ම සැක කරනනේ රුධිරයේ කැල්සියම් වැඩිද කියලා බලල. මෙය දුටු වහාම වෛද්‍ය වරයා තීරණය කරනවා කැල්සියම් වැඩියි කැල්සියම් සහිත ආහාර දෙන එක නවත්වන්න කියලා. ඉතිං දැන් පැරත් හෝමෝන සරණ තමයි. සිද්ධ වෙන දේ ගැන හිතා ගන්න පුලුවන් නේද? දැන් ස්කෑන් කරලා බැලුවම ගලක් ඇති බව පෙනෙනෙවා. ඉතිං මේක අයින් කරන බොහෝ ක්‍රම තියෙනවා. අපි ඒවා ගැන පසුව කතා කරමු.
දැන් ප්‍රතමයෙන් මෙයින් අත්මිදෙන ආකාරය දකිමු. අපි බලන්න අවශ්‍ය කැල්සියම් වැඩිද කියලා නොවෙයි. සිරුරේ පැරත් හෝමෝනය වැඩිද කියලායි. මේ ගැන කිසිම පරීක්ෂණයක් නොකර තමයි කැල්සයම්
රුධිරයේ වැඩිද කියලා හොයන්නේ. පැරත් හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිනම් කල යුතු වන්නේ කැල්සියම් ලබා දීමයි. දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය මිලි ගැම් 1200 ක් විතර වෙනවා. මේ අප අවශෝෂණය කරගත යුතු ප්‍රමාණය මිස ආහාර සමග ගත යුතු ප්‍රමාණය නොවේ. කිසි කෙනෙක් මේ ගැන සිතන්නේ නැහැ. බඩවැල් වල අංගුලිකා කැඩිලා ගොස් නම් මේ කෙනාගේ පෝෂණය අවශෝෂනය කරගැනීමේ ප්‍රවනතාවය අඩුවෙනවා. ඉතිං වැඩිපුර ගන්න වෙනවා. අපි නිසි ප්‍රමාණයට කැල්සියම් ආහාරයට එක් කලාම පැරත් හෝමෝනය නිකුත් කිරීම නතර වෙනවා.
ඉතිං දැන් ටිකටික මේ වැඩිපුර ඇති කැල්සියම් කැල්සිටොනින් හොමෝනය මගින් නැවත අස්ථි සෛල වෙත ගෙනියනවා. මේ අනුව අර තිබුනු අනතුර පහව යනවා. කැල්සියම් කාබනේට් හෝ කැල්සියම් ඔක්සලේට් ස්ඵඨික හැදෙන්න දැන් කැල්සියම් එන්නේ නැහැ වකුගඩු වලට වැඩිපුර.
මේ ලිපිය ඔබ කියවා තේරුම් ගත්තා නම් ඔබ දැනගත යුතුයි වකුගඩු වල ගල් හැදෙන්නට ප්‍රධානම හේතුව රුධිරයේ ආම්ලික තාවය වැඩිවීම බවත්, එම ආම්ලික තාවය අඩු කර ගැනීමට නම් භාශ්මික ආහාර තම ආහාර වේලට එක් කරගත යුතු බවත්. මෙවැනි ආහාර අන්තර්ජාලය පරිහරණය කර සොයාගන්න. පහත එවැනි ආහාර කිහිපයක් දක්වා ඇත.
ඒ වගේම මැග්නීසියම් බහුල කොළ වර්ගත්, කැල්සියම් බහුල ආහාරත් දෛනික ආහාර වේලට එක් කරගන්න.
දැන් ප්‍රශ්නය තියෙන්නේ තියෙන ගල් ඉවත් කරගන්නේ කෙසේද කියන එකටයි. ගල් ඉවත් කරන්නට හෙළ වෙදකමේ වගේම ආයුර්වේදයෙත් හෝමියෝ පති වෙදකමේත් බෙහෙත් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු.දන්න අය කියා දේවි.
ඔබ යමක් දැනගත්තා නම් ෂෙයාර් කරලා තවත් කෙනෙකුට දැනගන්නට සලස්වන්න.
මෙත් සිතිනි.
උපුටා ගැනීම සිංහළ වෙදකම ගෘප් එකෙන්.
වැදගත් නිසා මෙතන ශෙයා කලේ.

bump