වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නො&#3520

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

සිංහලයන් ශිල්පවලට අති දක්‍ෂයි. අපට ඉතිහාසයෙන් උරුම වී ඇත්තේත් ශාස්ත්‍රවලට වඩා ශිල්ප. අපේ සාහිත්‍යයක් අපට නැතුවා නො වෙයි. එහෙත් ඒ සාහිත්‍යය බොහෝ විට සිංහල බෞද්ධාගමිකයි. එහි දෙවියන් ද සිටිනවා. එහි කිසිම වරදක් නැහැ. අපට ඉතා ඉහළ වෙදකමක්, ගොවිකමක්, ඉදිකිරීමක් තිබී ඇති බව පැහැදිලියි. වෙදකම ගැන ලියැවුණු පොතපත නම් තරමක් තිබෙනවා. ඒත් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම තරමක් අසීරුයි. පොත්පත් ඇත්තේ විසිරිලා. අපට කොහොමත් මධ්‍යගත දැනුමක් තිබී ඇත්තේ බුදුදහම සම්බන්ධයෙන් පමණයි. ඒ මහාවිහාරය දහම පිළිබඳ අධිකාරී බලයක් ලබා ගැනීමෙන් පසුව. එයට කලින් අභයගිරියෙහි හා වෙනත් ආරාමවල බුදුදහම සම්බන්ධයෙනුත් විවිධ අර්ථකථන තිබී ඇති බව පැහැදිලියි.

බුදුගොස් හිමියන් මෙරටට වැඩම කිරීමෙන් පසුව හෙළ පොත් පාළියට (පාඨ භාෂාවට) පරිවර්තනය කළා පමණක් නොව මහාවිහාරය අධිකාරියක් ද ලබා ගෙන තිබෙනවා. මහාවිහාරය ඉන් පසු ථෙරවාදය රැක ගැනීමට පියවර ගෙන තිබෙනවා. එමෙන් ම මහාවංසය ලියා සිංහල බෞද්ධ සංස්කෘතියේ ද චිරස්ථිතිය සඳහා කටයුතු කර තිබෙනවා. එහෙත් ඉන් පසු ශාස්ත්‍රවල දක්‍ෂතාව මෙන් ම නිර්මාණාත්මක භාවයත් අඩු වී තිබෙනවා. එය ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ එයට අවුරුදු එක්දහකට පමණ පසුව පරංගි ඒමෙන් පස්සෙ. විශේෂයෙන් ම ගිවිසුම් අත්සන් කිරීමේ දී.

ශාස්ත්‍රවල නිර්මාණශීලීත්වය අඩු වුවත් ශිල්පවල එසේ වී නැහැ. ධාතුසේන රජු කලා වැව තැනෙව්වා. ඒ සඳහා කලා ඔය හරස් කරන්න සිදු වුණා. පරාක්‍රමබාහු රජු පරාක්‍රම සමුද්‍රය තැනෙව්වා. එය වැව් හයක් එකතු කර තැනූ බව කියැවෙනවා. ඒ කොහොම වුණත් දහතුන් වැනි සියවස දක්වා වාපී කර්මාන්තය වර්ධනය වූවා. ඉන් පසු රටේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සමග එයට ඊට කලින් සිදු වූ ආකාරයේ වර්ධනයක් අත් වූයේ නැහැ.

වැව් කර්මාන්තයට මුල් වූ ශාස්ත්‍රීය දැනුමක් ගැන කියැවෙන්නේ නැහැ. එමෙන් ම ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් ද කිව හැකි වනුයේ එවැන්නක්. අපට වියුක්ත දැනුම් පද්ධති තිබී ඇත්තේ අභිධර්මය පිටකය වැනි තැනක පමණයි. අප වැව් දාගැබ් ගොඩ නැගුයේ ආධ්‍යාත්මික ව ලබාගත් සංයුක්ත දැනුමකින් විය යුතුයි. වෙදකම ද එසේ මයි. ග්‍රීකයන්ට මෙන් වියුක්ත ස්වසිද්ධිවලින් පටන් ගෙන ද්විකෝටික න්‍යාය යොදා ගනිමින් නිගමනය කිරීමේ ක්‍රමයක් අපට තිබී නැහැ. රුවන්වැලි සෑය බැඳීමේ දී කියැවෙන කතාවලින් පෙනී යන්නේ අප සංයුක්ත ව ආධ්‍යත්මික ව දැනුම ලබා ගෙන ඇති බවයි.

කෘෂිරසායනික වකුගඩු රෝගය සම්බන්ධයෙන් ද දැනුම ලබා ගැනීමේ දී අප අනුගමනය කෙළේ ඒ පිළිවෙතයි. අප ආධ්‍යාත්මික ව අදෘශ්‍යමාන ප්‍රාණියකුගෙන් දැනුම ලබා ගත්තා. අප දැනගත් දේ ඉතා සරලයි. කෘෂිරසායනවලින් ලැබෙන ආසනික් ලවණ ග්ලයිෆොසේට් සමග දැළිසක් තනනවා. එහි දී කිවුල් ජලය හා පස ද බලපානවා. මේ දැළිස ආමාශයට යනවා. ශරීරය ඇතුළත දැළිස දියවෙනවා. දැළිස ජලයෙහි දිය නොවන බව කීමෙන් එය ශරීරය තුළ දියවෙන්නේ නැති බවක් නිගමනය වන්නේ නැහැ. මෙරට බොහෝ බටහිර විද්‍යාඥයන්ගේ හා බටහිර වෛද්‍යවරුන්ගේ තර්කඥානය දුර්වලයි. ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම යම් තලයකට පැමිණෙන තෙක් අපේ ප්‍රවාද ගොඩ නැගීමට කියා දීමට තැත් කළත් එය මෙතෙක් සාර්ථක වී නැහැ.

දියවුණු දැලිසෙන් ආසනික් ලවණ මුදා හැරෙනවා. වකුගඩු රෝගය ඇතිවන්නේ ඒ ලවණ මගින්්. ග්ලයිෆොසේට් මෙහි දී ක්‍රියාකරන්නේ වාහකයක් ලෙස. මේ වන තුරු මෙරට බටහිර රසායනික විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් කෘෂිරසායනික වකුගඩු රෝගය ඇතිවන්නේ කෙසේ දැයි කියන්නේ නැහැ. ඔවුන්ගේ ඊනියා පර්යේෂණවලින් රෝගීන්ට ඇති වන සෙතක් නැහැ. එහෙත් පර්යේෂකයන්ට ඊනියා පර්යේෂණ පත්‍රිකා හා උසස් වීම් නම් ලැබෙනවා. බටහිරින් බටහිර විද්‍යාඥයකු පැමිණ කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුවක් කියන තෙක් මෙරට අයට ප්‍රලාප හැරෙන්න වෙනත් දෙයක් කියන්න බැහැ. බටහිර විද්‍යාඥයකු පට්ටපල් බොරුවක් කියාවි.

කෘෂිරසායනික වකුගඩු රෝගයට පිළියම් සම්බන්ධයෙන් ද කිව හැක්කේ එවැනි ම දෙයක්. බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නැහැ. රුධිර කාන්දුකරණය ප්‍රතිකාරයක් නො වෙයි. එය පැලැස්තරයක් පමණයි. එහෙත් වකුගඩු රෝගයට පිළියම් කළ හැකි සිංහල වෙදමහත්වරුන් මෙරට සිටිනවා. ඔවුන්ට ඒ සඳහා උපකාර කිරීමට ආණ්ඩුව ඉදිරිපත් වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අප එකල ජංගම වෙදගෙවල් යෝජනා කළා. පසුගිය ආණ්ඩුවේ ව්‍යාපෘති අමාත්‍යාංශය හා වයඹ පළාත් සභාව එක් වී යම් වැඩ පිළිවෙළක් සකස් කළ නමුත් ජනතාවට යමපාලනය අවශ්‍ය වීම නිසා ඒ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑමට බැරි වුණා. මේ ආණ්ඩුවෙන් එවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පෙර ඉබ්බන් පිහාටු ලබා දේවි.

මෙරට අධ්‍යාපනය දුවන්නේ වැරදි පීල්ලක. අපට ශාස්ත්‍රවලට වඩා දහස් ගුණයකින් ශිල්ප පුළුවන්. එහෙත් අපේ අධ්‍යාපනයේ අවධාරණය කරන්නේ ශාස්ත්‍ර පැත්ත. ඉංජිනේරු හා වෛද්‍ය ක්‍ෂෙත්‍ර ශාස්ත්‍රවලට වඩා ශිල්ප බව පැහැදිලියි. එහෙත් එහි මුල දී අවධාරණය කෙරෙන්නේ ශාස්ත්‍ර. අප දක්‍ෂ ශිල්පීන් වුවත් ඒ ක්‍ෂෙත්‍රවලට වඩා යොමු වන්නේ ශාස්ත්‍රවලට තරමක් දක්‍ෂ අය. අප මේ ක්‍ෂෙත්‍ර දැනට වඩා ශිල්පීය හැකියාවක් ඇති අයට විවෘත කළ යුතුයි. ඒ සඳහා පවත්නා අධ්‍යාපන ක්‍රමයත් විශේෂයෙන් ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පරීක්‍ෂණත් සුදුසු නැහැ.

ශිෂ්‍යයන්ට ශිල්ප පිළිබඳ අභිමානයක් ඇති කළ යුතුයි. අද අභිමානය ශාස්ත්‍ර හදාරන්නටයි. අපට පුළුවන් සිංහල වෙදකමට කිසිම අභිමානයක් නැහැ. අපේ සනුහරේ අභිමානය සිංහල වෙදකම, සිංහල ගොවිකම හා සිංහල ඉදිකිරීම. එහෙත් සිසුන්ට පාසල්වල ඒ අභිමානය ලබා දෙන්නේ නැහැ. ශාස්ත්‍ර එතරම් බැරි වුවත් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වී ශාස්ත්‍රීය ම නොවන ශාස්ත්‍රීය දැනුමක් ලබා ගැනීමට විශ්වවිද්‍යාලවලට යනවා. ශිල්පීය හැකියාවක් ඇති අය අර විභාගවලින් අසමත් වී සෙක්‍යුරිටි රැකියාවලට (මුර වැඩට) හෝ ත්‍රිරෝද පැදවීමට හෝ යනවා. ශිල්පීය හැකියාවක් ඇති අයට ශිල්පීය රැකියා තිබෙන නමුත් ඒ පිළිබඳ අභිමානයක් නැති නිසා තරුණයන්්ත්‍රිරෝද පදවනවා. තරුණියන් අරාබිකරයේ වහල් වැඩට යනවා.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "අප වැව් දාගැබ් ගොඩ නැගුයේ ආධ්‍යාත්මික ව ලබාගත් සංයුක්ත දැනුමකින් විය යුතුයි"

    වැව් හදන්නත් දෙයියෝ ඇවිත් කියල දීලද ඒ කියන්නේ. නැත්තන් භාවනා කරලද තේරුම් අරන් තියෙන්නෙ. :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    "අප වැව් දාගැබ් ගොඩ නැගුයේ ආධ්‍යාත්මික ව ලබාගත් සංයුක්ත දැනුමකින් විය යුතුයි"

    වැව් හදන්නත් දෙයියෝ ඇවිත් කියල දීලද ඒ කියන්නේ. නැත්තන් භාවනා කරලද තේරුම් අරන් තියෙන්නෙ. :baffled:

    දෙකෙන්ම :yes: :yes:
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    "අප වැව් දාගැබ් ගොඩ නැගුයේ ආධ්‍යාත්මික ව ලබාගත් සංයුක්ත දැනුමකින් විය යුතුයි"

    වැව් හදන්නත් දෙයියෝ ඇවිත් කියල දීලද ඒ කියන්නේ. නැත්තන් භාවනා කරලද තේරුම් අරන් තියෙන්නෙ. :baffled:

    machn youtube eke gihin gahapnko ""rawana wenasa itn"" kiyala .. uu kiyana dee poddak ahapan.. mam kiyanne uu follow karanna wath uuge keema pili ganna wath nemei.. kolla kiyanne mokak da ahapanko ..

    rama, rawana, seetha kiyanne nikanma nikan hitaluwak wath jana kathawak wath nemei kiyala nikan ubata denei..

    meka thread ekata off topic da manda ...eeth sinhalu gena kata wena nisa mam kiwwe.. :baffled::baffled:
     
    • Like
    Reactions: WhiteWalker

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දෙකෙන්ම :yes: :yes:

    ඉතින් බන් උස්භුමියකින් වටවූ පහත් තැනක එකතුවන ජලය ගලා යෑම වලක්වල බාධකයක් ඉදිකරාම ඒ ජලය එකතුකරගන්න පුළුවන් කියන එක ඕන කෙනෙක්ට ප්‍රායෝගිකව තේරෙන දෙයක් නෙ. එකින් එක උඩ ගඩොල් අතුරලා උස ස්මාරකයක් ඉදිකරන්න පුළුවන් කියන ඒකත් එහෙමයි. ඕව තනිකරම අත්දැකීම් වලින් නැවත නැවත කරල වැඩිදියුණු කරලා ගත්ත දැනුම නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    machn youtube eke gihin gahapnko ""rawana wenasa itn"" kiyala .. uu kiyana dee poddak ahapan.. mam kiyanne uu follow karanna wath uuge keema pili ganna wath nemei.. kolla kiyanne mokak da ahapanko ..

    rama, rawana, seetha kiyanne nikanma nikan hitaluwak wath jana kathawak wath nemei kiyala nikan ubata denei..

    meka thread ekata off topic da manda ...eeth sinhalu gena kata wena nisa mam kiwwe.. :baffled::baffled:

    thanks බලන්න ඕනෙ :yes: :yes:

    ඉතිං එහෙනං බිම ඉඳං උසට උසට ගල් බැඳං ගියාම ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් කියන එකත් ඕනෙ කෙනෙක්ට ප්‍රායෝගිකව තේරෙනවනෙ මොන කෙහෙම්මලටද ඉංජිනේරු විද්‍යාවක් ? :oo: :oo:
    වැව කියල නිකංම වතුර පිරෙන්න වලක් හදල හරියන්නෑනෙ තව කොච්චර දේවල් සැලසුම් කරන්න තියෙනවද ඒ සේරම නිකංම හිතල කරන්න බෑනෙ ශාස්ත්‍රයක් එපැයි මේ කියන්නෙ ඒ දැනුම ලබාගත්තෙ ආධ්‍යාත්මිකව කියල :yes: :yes:
    දැන් ගණිතයයි භෞතික විද්‍යා නියමයි පාවිච්චි කල්ල කරපු දේ ඒ කාලෙ ආධ්‍යාත්මිකව කල්ල :yes: :yes:
     
    ITN වෙනස මම කලින් කොටස් කීපයක් බලල තියෙනව :yes: අනිවාර්යෙන් එහෙම රජ කෙනෙක් ඉන්න ඇති.

    හැබැයි ඒවට අයිසින් දානව වැඩියි නෙ අපේ අයියල. ඉතින් බලන්න හිතෙන්නේ නෑ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    Pala Ponsiya Yanna :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතිං එහෙනං බිම ඉඳං උසට උසට ගල් බැඳං ගියාම ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් කියන එකත් ඕනෙ කෙනෙක්ට ප්‍රායෝගිකව තේරෙනවනෙ මොන කෙහෙම්මලටද ඉංජිනේරු විද්‍යාවක් ? :oo: :oo:
    වැව කියල නිකංම වතුර පිරෙන්න වලක් හදල හරියන්නෑනෙ තව කොච්චර දේවල් සැලසුම් කරන්න තියෙනවද ඒ සේරම නිකංම හිතල කරන්න බෑනෙ ශාස්ත්‍රයක් එපැයි මේ කියන්නෙ ඒ දැනුම ලබාගත්තෙ ආධ්‍යාත්මිකව කියල :yes: :yes:
    දැන් ගණිතයයි භෞතික විද්‍යා නියමයි පාවිච්චි කල්ල කරපු දේ ඒ කාලෙ ආධ්‍යාත්මිකව කල්ල :yes: :yes:

    අන්න ඒ හේතුවම තමා මේවා අධ්‍යාත්මිකව හොයා නොගත්ත කියන්න හේතුව. ඕන කෙනෙක්ට ප්‍රායෝගිකව හිතෙන එකයි ඒක ප්‍රායෝගිකව කරන එකයි වෙනස් නෙ. කරන්න නියම ක්‍රමේ දැනගන්න ඕනේ. අත්දැකීම් වලින් ඉගෙනගෙන කරන මිනිහට පටස් ගාල දේවල් කරන්න බෑ ඌ පොඩ්ඩ පොඩ්ඩ ක්‍රමේ වෙනස් කර කර හදල වැරදි වලින් ඉගෙනගෙන තමා වැඩ කරන්නෙ. මොකෝ ඌ ක්‍රමේ දන්නේ නෑ නෙ. උට කරන්න පුළුවන් වැඩ සීමා සහිතයි.

    අධ්‍යාත්මිකව පටස් ගාල ක්‍රමේ හොයාගෙන හැදුවනං ක්‍රමේ හොයන්න කාලේ නාස්ති කරන්න ඕනේ නෑ සුටුස් ගාල හදන්න පුළුවන් නෙ. එහෙනං සින්හළු අද මෙහෙම ඉන්න විදිහක් නෑ :no: කුරුල්ලෙක් පියාඹනව දැක්ක ගමන් අඩේ අපිත් මෙහෙම ගියානං හරිනෙ කියල මතක්වෙනවා පටස් ගාල අධ්‍යාත්මිකව ක්‍රමේ හොයාගත්ත පියෑඹුව. තව තව දහසක් දේ කරන්න පුළුවන් සීමා රහිතව. එහෙම කරපු බවක් පේන්න නෑ නෙ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    machn youtube eke gihin gahapnko ""rawana wenasa itn"" kiyala .. uu kiyana dee poddak ahapan.. mam kiyanne uu follow karanna wath uuge keema pili ganna wath nemei.. kolla kiyanne mokak da ahapanko ..

    rama, rawana, seetha kiyanne nikanma nikan hitaluwak wath jana kathawak wath nemei kiyala nikan ubata denei..

    meka thread ekata off topic da manda ...eeth sinhalu gena kata wena nisa mam kiwwe.. :baffled::baffled:

    අපිට joke එකක් උනාට උන්ගේ රටේ රාවනා පිළිමය හැම අවුරුද්දකම ගිනි තියන්න මෝදී ත් එනවලු. :D.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න ඒ හේතුවම තමා මේවා අධ්‍යාත්මිකව හොයා නොගත්ත කියන්න හේතුව. ඕන කෙනෙක්ට ප්‍රායෝගිකව හිතෙන එකයි ඒක ප්‍රායෝගිකව කරන එකයි වෙනස් නෙ. කරන්න නියම ක්‍රමේ දැනගන්න ඕනේ. අත්දැකීම් වලින් ඉගෙනගෙන කරන මිනිහට පටස් ගාල දේවල් කරන්න බෑ ඌ පොඩ්ඩ පොඩ්ඩ ක්‍රමේ වෙනස් කර කර හදල වැරදි වලින් ඉගෙනගෙන තමා වැඩ කරන්නෙ. මොකෝ ඌ ක්‍රමේ දන්නේ නෑ නෙ. උට කරන්න පුළුවන් වැඩ සීමා සහිතයි.

    අධ්‍යාත්මිකව පටස් ගාල ක්‍රමේ හොයාගෙන හැදුවනං ක්‍රමේ හොයන්න කාලේ නාස්ති කරන්න ඕනේ නෑ සුටුස් ගාල හදන්න පුළුවන් නෙ. එහෙනං සින්හළු අද මෙහෙම ඉන්න විදිහක් නෑ :no: කුරුල්ලෙක් පියාඹනව දැක්ක ගමන් අඩේ අපිත් මෙහෙම ගියානං හරිනෙ කියල මතක්වෙනවා පටස් ගාල අධ්‍යාත්මිකව ක්‍රමේ හොයාගත්ත පියෑඹුව. තව තව දහසක් දේ කරන්න පුළුවන් සීමා රහිතව. එහෙම කරපු බවක් පේන්න නෑ නෙ.

    එහෙනං කෝ පොඩ්ඩ පොඩ්ඩ හද හද අතෑරල දාපුව තියෙන්න එපැයි වැව් දාගැබ් සේරම එක පාරට කල්ලනෙ ? කෝ ලංකාවෙ වෙදකම පොඩ්ඩ පොඩ්ඩ පරීක්ශණ කර කර කොල මුල් අල කකා ලෙඩේ හොඳවෙනවද බලපු අවස්ථා තියෙන්න එපැයි කොහෙවත් නෑනෙ ? ආධ්‍යාත්මිකව පටස් ගාල තමා වෙදකම වැව් හදන වගේ ශාස්ත්‍ර හොයාගත්තෙ. ප්ලේන් හැදුවෙ නෑ වැඩක් නැති නිසා. ප්ලේන් වල තියා කාර් බස් වලවත් අවශ්‍යතාවයක් සිංහල බෞද්ධ සංස්කෘතියෙ තිබුණු සරල ජීවන රටාවෙ ජීවත් වුන මිනිස්සුන්ට තිබ්බෙ නෑ. තිබ්බ ලොකුම අවශ්‍යා ටික ලෙඩකට බෙහෙතුයි, කෑවාම ලෙඩ වෙන්නැති කෑමයි, ඒ වගා ආරක්ශා කරගන්න පුලුවන් ක්‍රමයි විතරයි. ඒවගෙන් අතලොස්සක් තමා තාම මේ ඉතුරු වෙලා තියෙන්නෙ. සිංහල වෙදකමේ තියෙන කිසිම බෙහෙතක් පරික්ශණ කල්ල හොයාගත්ත කියල කියන්න මොනම සාක්ශියක්වත් තියෙනවද ? ඒ සේරම ආධ්‍යාත්මික දැනුම. දැනටත් බටහිර වෛද්‍ය විද්‍යාවට ඔය වකුගඩු රෝගෙට බෙහෙත් තියෙනවද ? පංචේන්ද්‍රියන්ගෙන් ආනුභවිකව (empiricaly) ගන්න දැනුමට වඩා ආධ්‍යාත්මිකව හිත දියුණු කල්ල ගන්න දැනුම නිවැරදියි. පංචේන්ද්‍රියන්ට මගෑරෙන ගොඩක් දේවල් මනසට ගෝචර වෙනව ඉතිං වඩා සාර්ථකව දැනුම නිර්මාණය කලෑකි. බටහිර විද්‍යාව වුනත් අද මේ යන ගමන සමහර විට කවද හරි වෙනස් වෙයි. ද්වීකෝටික තර්කයෙන් ලෝකය පැහැදිලි කරද්දි පෙරදිග චතුස්කෝටිකයට හිනා වුන බටහිර අනුකාරකයො අද බටහිර විද්‍යාවම ලෝකය පැහැදිලි කරන්න චතුස්කෝටිකය යොදාගනිද්දි ඒව අදහනව වගේ කවදා හරි බටහිරයන් මනස දියුණු කලහැකියි කියල තේරුම් අරං මනසින් දැනුම ලබාගන්න පටං ගත්ත දවසට පෙරදිග ඉන්න බටහිර අනුකාරකයො අගේට බටහිරයන් කියන දේ අදහයි. ඒත් මේ යන විදිහට එදාට පරක්කු වැඩියි. බුදුදහම විනාශ වෙලා ගොඩක් කල් ගිහිං තියෙයි. ඒකයි බටහිරයො එතනට ආවොත් ඒ එනකං මේක රැකගත යුත්තෙ :yes: :yes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    රීලෝඩ් එකක් දාගත්තද බන් :oo: එදා මගෙන් ඩයලොග් කාඩ් එකක් ඉල්ලුවේ pm එකක් ගහල අම්ම අරන්දුන්නද එකක්.

    Ow Pons Ammagen Salli illan Card ekak da gatta. :yes: BTW Ai ban Ube Posts harima Gobba ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙනං කෝ පොඩ්ඩ පොඩ්ඩ හද හද අතෑරල දාපුව තියෙන්න එපැයි වැව් දාගැබ් සේරම එක පාරට කල්ලනෙ ? කෝ ලංකාවෙ වෙදකම පොඩ්ඩ පොඩ්ඩ පරීක්ශණ කර කර කොල මුල් අල කකා ලෙඩේ හොඳවෙනවද බලපු අවස්ථා තියෙන්න එපැයි කොහෙවත් නෑනෙ ? ආධ්‍යාත්මිකව පටස් ගාල තමා වෙදකම වැව් හදන වගේ ශාස්ත්‍ර හොයාගත්තෙ. ප්ලේන් හැදුවෙ නෑ වැඩක් නැති නිසා. ප්ලේන් වල තියා කාර් බස් වලවත් අවශ්‍යතාවයක් සිංහල බෞද්ධ සංස්කෘතියෙ තිබුණු සරල ජීවන රටාවෙ ජීවත් වුන මිනිස්සුන්ට තිබ්බෙ නෑ. තිබ්බ ලොකුම අවශ්‍යා ටික ලෙඩකට බෙහෙතුයි, කෑවාම ලෙඩ වෙන්නැති කෑමයි, ඒ වගා ආරක්ශා කරගන්න පුලුවන් ක්‍රමයි විතරයි. ඒවගෙන් අතලොස්සක් තමා තාම මේ ඉතුරු වෙලා තියෙන්නෙ. සිංහල වෙදකමේ තියෙන කිසිම බෙහෙතක් පරික්ශණ කල්ල හොයාගත්ත කියල කියන්න මොනම සාක්ශියක්වත් තියෙනවද ? ඒ සේරම ආධ්‍යාත්මික දැනුම. දැනටත් බටහිර වෛද්‍ය විද්‍යාවට ඔය වකුගඩු රෝගෙට බෙහෙත් තියෙනවද ? පංචේන්ද්‍රියන්ගෙන් ආනුභවිකව (empiricaly) ගන්න දැනුමට වඩා ආධ්‍යාත්මිකව හිත දියුණු කල්ල ගන්න දැනුම නිවැරදියි. පංචේන්ද්‍රියන්ට මගෑරෙන ගොඩක් දේවල් මනසට ගෝචර වෙනව ඉතිං වඩා සාර්ථකව දැනුම නිර්මාණය කලෑකි. බටහිර විද්‍යාව වුනත් අද මේ යන ගමන සමහර විට කවද හරි වෙනස් වෙයි. ද්වීකෝටික තර්කයෙන් ලෝකය පැහැදිලි කරද්දි පෙරදිග චතුස්කෝටිකයට හිනා වුන බටහිර අනුකාරකයො අද බටහිර විද්‍යාවම ලෝකය පැහැදිලි කරන්න චතුස්කෝටිකය යොදාගනිද්දි ඒව අදහනව වගේ කවදා හරි බටහිරයන් මනස දියුණු කලහැකියි කියල තේරුම් අරං මනසින් දැනුම ලබාගන්න පටං ගත්ත දවසට පෙරදිග ඉන්න බටහිර අනුකාරකයො අගේට බටහිරයන් කියන දේ අදහයි. ඒත් මේ යන විදිහට එදාට පරක්කු වැඩියි. බුදුදහම විනාශ වෙලා ගොඩක් කල් ගිහිං තියෙයි. ඒකයි බටහිරයො එතනට ආවොත් ඒ එනකං මේක රැකගත යුත්තෙ :yes: :yes:

    පොඩ්ඩ පොඩ්ඩ හද හද අතෑරල දාපුව තියෙන්නෙ කොහොමද වැරදිච්ච ඒව උඩින් නෙ අලුත් එක හදන්නෙ. වැරදුන එක සිහිවටනයක් වගේ තියාගෙන ඉන්නෙ නෑ නෙ මෙන්න අපිට වැරදුන එක කියල බෝඩ් එකක් ගහල. අනික අද තියෙන ඒවත් වැඩිහරියක් කැලෑ වැදිලා නටබුන් වෙලා තියෙද්දී පස්සේ පිළිසකර කරලා ගත්ත ඒවා. ගොඩක් දාගැබ් එහෙම තිබුන හැටි බලන්න දුකයි. නියම ක්‍රමේට හැදුවනං එහෙම වෙන්න විදිහක් නෑ නෙ.

    වෙදකම උනත් එච්චරයි හරි බේත් ලියපු පොත් පවා ඇත්තෙම නැති තරන් ඉතින් කොහෙද වැරදිච්ච ඒවා පොත් වල ලියල තියෙන්නෙ. එහෙමයි කියල මේ බෙහෙත් සුටුස් ගාල එකපාරට ඉබේ පහල උනා කියන්න පුලුවන්ද. අනික ඔය කියන විදිහට කිසි මනුස්සයෙක් මැරෙන්න ලෙඩ වෙන්න විදිහක් නෑ ඉස්සර කාලේ.

    වැඩක් නැති නිසා ප්ලේන් හැදුවේ නෑ, අපි හරි සරලයි ඒ හින්ද පුළුවන්කම තිබුනත් වැඩි වැඩ නොකර සරලව හිටිය කියන එක නිකන් සිත නිවන කතාවක් විතරයි ඒ ගැන කියල වැඩක් නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් බන් උස්භුමියකින් වටවූ පහත් තැනක එකතුවන ජලය ගලා යෑම වලක්වල බාධකයක් ඉදිකරාම ඒ ජලය එකතුකරගන්න පුළුවන් කියන එක ඕන කෙනෙක්ට ප්‍රායෝගිකව තේරෙන දෙයක් නෙ. එකින් එක උඩ ගඩොල් අතුරලා උස ස්මාරකයක් ඉදිකරන්න පුළුවන් කියන ඒකත් එහෙමයි. ඕව තනිකරම අත්දැකීම් වලින් නැවත නැවත කරල වැඩිදියුණු කරලා ගත්ත දැනුම නෙ.

    ඔබට වැරදිලා.අපේරටේ තිබුණ තාක්ශනය අද අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණු එකක්.