වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය එන්නත්, රුධිරයේ පිරිසිදු කිරීමට අවශ්‍ය කරන කටු වර්ග රෝහල්වල නැහැ. දැන් මාස තුනකටත් වැඩියි. සෞඛ්‍ය අමාත්‍යවරයා එයට සංවේදි නැහැ ඔහුට එය දැනෙන්නේ නැහැ.
මම දැන් ඩයලසිස් ප්‍රතිකාරය එහෙමත් නැත්නම් රුධිරය පිරිසිදු කිරීමට අරන් අවුරුදු 15කට වැඩියි. කවමදාක්වත් මෙච්චර කාලයක් අපේ ඩයලසිස් ප්‍රතිකාරයට අවශ්‍ය කටු වර්ග එන්නත් නැතිවෙලා තිබ්බේ නැහැ. සමහර අවස්ථාවල නැතිවෙලා තියෙන ඒක උපරිම මාසයක් වෙයි. හැබැයි මාස තුනකට අධික කාලයක් මේ වගේ රෝගීන්ගේ ජීවිත අනතුරේ වැටිලා තිබ්බේනැහැ.
මේ එන්නත් කටු වර්ග නැති නිසාම මැරෙන රෝගීන් ගැනි කිසිදු ගණනයක් වෙන්නෙත් නැහැ. මොකද වකුගඩු රෝගීන් මැරුනුම ඔවුන් මැරෙන්නෙ වකුගඩු අමාරුවෙන් එච්චරයි.
මේ රටේ හිටිය නරකම සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට නඩුවැටිලා තියෙන්නේ කෙහෙළිය රඹුක්කැල්ල අමැතිවරයාට. හැබැයි ඔහුගේ කාලයේදීත් අපේ ප්‍රතිකාරයට අවශ්‍ය එන්නත් ටික කටු ටික ඩයලයිසර් වෙලාවට ලැබුණා.
අපි මේ ගැන මෙච්චර කතා කරන්නේ බැරිම රෝගීන්ට මුකුත් කරගන්න බැරි නිසයි අහිංසකම රෝගීන්ගේ ජීවිත අනතුරේ. සමහර මිනිස්සු බස් එකේවත් එන්න සල්ලි නැතිව එන්නේ. ඩයලසීස් එකේදි මිසලා දෙන තේ එක බිස්කට් එක කාලා තමයි ඒ මිනිස්සු බඩ පුරවගන්නේ. ඒ වගේ මනුස්සයෙකුට එන්නත් එකක් ගන්න රුපියල් 4000/ කටු දෙකක් ගන්න රුපියල් දාහක් වියදම් කරන්න බැහැ.
අපි වගේ රෝගීන්ගේ දුක දැනෙන්නේ අපි වගේ අයටමයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන කටු පෙට්ටි තුනටයි එන්ජෙක්ෂන් දහයටයි රුපියල් 63500ක් ගියා. ඒ අඩුවටම ගන්න පුළුවන් වෙච්ච නිසා
මේ මුදල් මට එව්වේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ඩයලසීස් ප්‍රතිකාරය කරන විදේශගතව ඉන්න සහෝදරයෙක්.ඔහු මට කිව්වේ පුළුවන් ප්‍රමාණයක් රෝගීන්ටත් ඔයාටත් ගන්න කියලා හැබැයි මේක මට අවශ්‍ය නෑ, සියලුම රෝගීන් වෙනුවෙන් රෝහලට කොටසකුත් මට කතාකල මා දන්න අසරණ රෝගීන් කිහිප දෙනෙකුටත් කොටසක් ලබාදෙනවා.
මෙවැනි උතුම් පින්කමක් කිරීමේ මහිමයෙන් අදාළ සහෝදරයාට නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා! ඔබේ කයේ දුක සිතේ දුක් නිවේවා. නිරෝගී සුවයම අත්වේවා .තෙරුවන් සරණයි.

වයසට යද්ද තමා බෙහෙත් ඕන වෙන්න ගොඩක් දුරට.