වකුගඩු රෝගීන් මැරෙනවා

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය එන්නත්, රුධිරයේ පිරිසිදු කිරීමට අවශ්‍ය කරන කටු වර්ග රෝහල්වල නැහැ. දැන් මාස තුනකටත් වැඩියි. සෞඛ්‍ය අමාත්‍යවරයා එයට සංවේදි නැහැ ඔහුට එය දැනෙන්නේ නැහැ.

    මම දැන් ඩයලසිස් ප්‍රතිකාරය එහෙමත් නැත්නම් රුධිරය පිරිසිදු කිරීමට අරන් අවුරුදු 15කට වැඩියි. කවමදාක්වත් මෙච්චර කාලයක් අපේ ඩයලසිස් ප්‍රතිකාරයට අවශ්‍ය කටු වර්ග එන්නත් නැතිවෙලා තිබ්බේ නැහැ. සමහර අවස්ථාවල නැතිවෙලා තියෙන ඒක උපරිම මාසයක් වෙයි. හැබැයි මාස තුනකට අධික කාලයක් මේ වගේ රෝගීන්ගේ ජීවිත අනතුරේ වැටිලා තිබ්බේනැහැ.

    මේ එන්නත් කටු වර්ග නැති නිසාම මැරෙන රෝගීන් ගැනි කිසිදු ගණනයක් වෙන්නෙත් නැහැ. මොකද වකුගඩු රෝගීන් මැරුනුම ඔවුන් මැරෙන්නෙ වකුගඩු අමාරුවෙන් එච්චරයි.

    මේ රටේ හිටිය නරකම සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට නඩුවැටිලා තියෙන්නේ කෙහෙළිය රඹුක්කැල්ල අමැතිවරයාට. හැබැයි ඔහුගේ කාලයේදීත් අපේ ප්‍රතිකාරයට අවශ්‍ය එන්නත් ටික කටු ටික ඩයලයිසර් වෙලාවට ලැබුණා.

    අපි මේ ගැන මෙච්චර කතා කරන්නේ බැරිම රෝගීන්ට මුකුත් කරගන්න බැරි නිසයි අහිංසකම රෝගීන්ගේ ජීවිත අනතුරේ. සමහර මිනිස්සු බස් එකේවත් එන්න සල්ලි නැතිව එන්නේ. ඩයලසීස් එකේදි මිසලා දෙන තේ එක බිස්කට් එක කාලා තමයි ඒ මිනිස්සු බඩ පුරවගන්නේ. ඒ වගේ මනුස්සයෙකුට එන්නත් එකක් ගන්න රුපියල් 4000/ කටු දෙකක් ගන්න රුපියල් දාහක් වියදම් කරන්න බැහැ.

    අපි වගේ රෝගීන්ගේ දුක දැනෙන්නේ අපි වගේ අයටමයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන කටු පෙට්ටි තුනටයි එන්ජෙක්ෂන් දහයටයි රුපියල් 63500ක් ගියා. ඒ අඩුවටම ගන්න පුළුවන් වෙච්ච නිසා

    මේ මුදල් මට එව්වේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ඩයලසීස් ප්‍රතිකාරය කරන විදේශගතව ඉන්න සහෝදරයෙක්.ඔහු මට කිව්වේ පුළුවන් ප්‍රමාණයක් රෝගීන්ටත් ඔයාටත් ගන්න කියලා හැබැයි මේක මට අවශ්‍ය නෑ, සියලුම රෝගීන් වෙනුවෙන් රෝහලට කොටසකුත් මට කතාකල මා දන්න අසරණ රෝගීන් කිහිප දෙනෙකුටත් කොටසක් ලබාදෙනවා.

    මෙවැනි උතුම් පින්කමක් කිරීමේ මහිමයෙන් අදාළ සහෝදරයාට නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා! ඔබේ කයේ දුක සිතේ දුක් නිවේවා. නිරෝගී සුවයම අත්වේවා .තෙරුවන් සරණයි.
     

    Attachments

    • Screenshot_2025-09-20-13-54-41-077_com.facebook.katana.jpg
      Screenshot_2025-09-20-13-54-41-077_com.facebook.katana.jpg
      538.8 KB · Views: 66

    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,544
    113
    පොඩ්ඩක් ඉන්න කාලකන්නි මාලිමා JVP ඩෝබියෙක් ඇවිල්ලා හෝදයි
     
    • Like
    Reactions: Mr Bones

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,597
    10,154
    113
    එදා කිව්වනෙ එයා බලන්නෙ විද්‍යාත්මක විදියට/ සැලසුමක් අනුව කියල,
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මොන අඩුපාඩු තිබුණත් සාපෙක්ෂව රාජිතගේ කාලේ විතරයි යම් ප්‍රමාණයකට හෝ ඔය ප්‍රශ්ණ විසදිලා තිබුණේ. කළමණාකරණය කියන එක බිංදුවක් වෙන කයියනයකාලට ඔවා විසදන්න බැ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,755
    16,559
    113
    සෞඛ්‍ය ඇමැති නම් Cary පඩත්තලයා

    ඌ කට කොනෙන් හිනාවක් දාගෙන ප්‍රශ්නෙන් පැනලා දුවන එකෙක්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සෞඛ්‍ය ඇමැති නම් Cary පඩත්තලයා

    ඌ කට කොනෙන් හිනාවක් දාගෙන ප්‍රශ්නෙන් පැනලා දුවන එකෙක්
    ඔව්. ප්‍රශ්නයක් ඇහුවම ඌ මොකක් හරි උත්තරයක් දෙනවා. එච්චරයි. ඒ ප්‍රශ්න අදාළ තැන්වලට යොමුකරන වැඩ පිළිවෙලක් පේන්න නෑ. ප්‍රශ්න තියෙන උන්ම ඒවා විසඳගන්න ඕන කියල වෙන්න ඇති මුන් හිතනවා ඇත්තේ
     
    • Haha
    Reactions: ozykolla

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,611
    113
    East Blue (Goa Kingdom)
    ලොකුම අව්ල මුන් මේවා වෙන රටකින් import කර ගන්න දෙනවද තමන්ටම ඕන නම් .
    මුන් අනිවා ඒකාධිකාරියක් හදවල , වෙන රට වල 100 වෙන එක ලංකාවේ 10000 ට දෙනවා ඇති
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,755
    16,559
    113
    ලොකුම අව්ල මුන් මේවා වෙන රටකින් import කර ගන්න දෙනවද තමන්ටම ඕන නම් .
    මුන් අනිවා ඒකාධිකාරියක් හදවල , වෙන රට වල 100 වෙන එක ලංකාවේ 10000 ට දෙනවා ඇති

    ඒ උනාට මේවා ජීවිතය මරණය අතර ප්‍රශ්න.
    ඕන මාෆියාවට කොමිස් ගාන ගෙවලා මේ වෙලාවේ ගෙන්නන්න ඕන.
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    ළඟකදි එක සැරේ වෙච්ච දෙයක් නෙවේ. මං කලිනුත් කිව්වා බෙහෙත් අඩු වුණ විදිහ. Domperidone පවා නැතුව ගියා. දැං සමහර බෙහෙත් ප්‍රයිවට් ගන්නත් නැහැ. එක්කො Out Of Stock නැත්නං Expired Batches.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේ රටේ මේ අනවශ්‍ය වියදම නතර කරන්න නම් ඔය වගේ ඇදෙන ලෙඩ තියන අයව නැත්තටම නැතිකරලා මරලා දාන්න ඕනේ
    gas kariya

    cancer behethuth na bn
    ------ Post added on Sep 20, 2025 at 11:51 PM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මේ රටේ මේ අනවශ්‍ය වියදම නතර කරන්න නම් ඔය වගේ ඇදෙන ලෙඩ තියන අයව නැත්තටම නැතිකරලා මරලා දාන්න ඕනේ
    පනහෙන් විතර පස්සෙ කට්ටිය ඔක්කොම මරලා දාන්න ඕනේ.:cool: වයසට යද්ද තමා බෙහෙත් ඕන වෙන්න ගොඩක් දුරට.
    කියලා හිතන්නත් පුළුවන් ඔය විදිහට හිතුවොත්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    පනහෙන් විතර පස්සෙ කට්ටිය ඔක්කොම මරලා දාන්න ඕනේ.:cool: වයසට යද්ද තමා බෙහෙත් ඕන වෙන්න ගොඩක් දුරට.
    කියලා හිතන්නත් පුළුවන් ඔය විදිහට හිතුවොත්.
    අනිවාර්යයෙන් හොද කරන්න බැරි ලෙඩ තියන අය එන්නතක් වගේ දීලා අහක් කරන්න ඕනේ සමාජයෙන් රජයට පාඩුයි
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අනිවාර්යයෙන් හොද කරන්න බැරි ලෙඩ තියන අය එන්නතක් වගේ දීලා අහක් කරන්න ඕනේ සමාජයෙන් රජයට පාඩුයි
    උබ වගේ pedophile එවුන් නම් වයස කීය උනත් මරලා දාන්න ඕන