වකුගඩු වල කාර්‍යයන්..

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    වකුගඩු වල කාර්‍යයන්..

    වකුගඩු දෙක රැකදෙන ආයුර්වේදීය පිළිවෙත්..

    අපගේ ජීවිතයේ නිරෝගී පැවැත්ම උදෙසා වකුගඩු සුවීශේෂී කාර්යයභාරයක් ඉටු කරනු ලබනවා.
    72335410_2135951336699358_6704873407130894336_o.jpg

    🔴 වකුගඩු වල කාර්‍යයන්..

    👉 වකුගඩු මගින් සිරුරේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය බැහැර කිරිම සිදු කරයි.
    👉 සිරුරේ ලවණ සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වෙයි.
    👉 ශරිරයට ඇතුළු වන විෂ කොටස් බැහැර කිරීම සිදුකරයි.
    👉 හෘදය නිරෝගිව පවත්වා ගැනිමට මෙන්ම රැධිර පීඩනය තුලනය කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරයි.

    🔵 නැවුම් කළයකින් වතුර පිටතට වෑස්සෙන්නා සේ ශරිර ශක්තිය නිපදවිමේදී බැහැර වන අපද්‍රව්‍ය මුත්‍රා පද්ධතිය මගින් ඉතා සියුම් ලෙස සිරුරෙන් ඉවත් කරන බව ආයුර්වේදයේ සඳහන් වෙයි.

    🔴 වකුගඩු රෝගයේ රෝගී ලක්ෂණ...

    👉 තුනටිය දෙපස ඇතිවන වේදනාව
    👉 ඇස් යට, වළලුකර, පාද හෝ මුළු සිරුරම ඉදිමීම
    👉 මුත්‍රා පිට නොවීම
    👉 වැඩිපුර මුත්‍රා පිට වීම
    👉 ලේ සමඟ මුත්‍රා පිටවීම
    👉 හුස්ම ගැනීමේ අපහසුව
    👉 සිහිය අඩු වීම
    👉 රුධිර පීඩනය වැඩීවිම
    👉 ශරීරයේ කැසීම ඇතිවිම
    👉 ශරීරයේ ලේ අඩු වීම
    👉 පෙනීම අඩු විම

    🔵 වර්තමානයේ වකුගඩු රෝගය බහුල වීමට හේතු :-

    👉 අධික ලෙස කෘෂි රසායන භාවිතය නිසා ආසනික් (AS), කැඩිමියම්(Cd), රසදිය (Hg), ඊයම්(pd), තඹ(Cu) ආදී බැර ලෝහ වර්ග ශරිරයට එකතු වීම.
    👉 ලවණ, කිවුල සහිත ආහාර වර්ග නිතර පානය කිරිම.
    👉 කෘතිම ආහාර පාන, රසායනික වර්ණකාරක යෙදු ආහාර වර්ග පරිභෝජනය කිරිම.
    👉 අනවශ්‍ය ලෙස රෝග සදහා ඖෂධ වර්ග භාවිතා කිරිම.
    👉 සර්ප දෂ්ඨනය මඟින් විෂ ශරිර ගත වීම.
    👉 දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග වලට නිසි ප්‍රතිකර්ම නොකිරීම.
    👉 මත්පැන් හා දුම්වැටි භාවිතය.
    👉 දුෂිත පරිසර වල ජීවත් වීම.

    🔴 වකුගඩු රෝගයෙන් වැළකීම සඳහා කළයුතු දේ...

    👉 පිරිසිදු පානීය ජලය දිනකට බෝතල් 06 ක් වත් පානය කරන්න.
    👉 ජලය පිරිසිදු කිරිමට ළිං අසල කුඹුක් වැනි ශාකයක් සිටුවන්න.
    👉 ප්ලාස්ටික් භාජන භාවිතය අවම කරන්න.
    👉 කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයේදී පරිස්සමෙන් වන්න. ඒවා භාවිතය හැකි තරම් දුරට සීමා කරන්න. හැකි සෑම විටම කාබනික පොහොර භාවිතා කරන්න. එළවළු පලතුරු මිලදී ගැනිමේදී තම ප්‍රදේශයේ වැවෙන ස්භාවික එලවළු, පලතුරු වලට මුල් තැන දෙන්න.
    👉 පොල්පලා, සාරණ, නීරමුල්ලීය, රණවරා, ඉරමුසු, හාතවාරිය, කැකිරි, පතෝල, පුහුල්, කොමඩු, උක්, නෙල්ලි වැනි පලතුරු නිතර නිතර ආහාරයට එක් කරගන්න.

    👉ආහාර රසවත් කිරිමට කෘතිම රසකාරක භාවිතා නොකරන්න. ඒ සඳහා ස්භාවික රසකාරක වෙත යොමු වන්න. ( උදා:- සූදුරු, මහදුරු, කොත්තමල්ලි, එනසාල්, කුරුඳු, සුදුළූණු, සියඹලා, ගොරකා ආදිය.)
    👉 නෙළුම් අල, කොහිල අල, කෙකටිය අල නිතර ආහාරයට ගැනීමෙන් වළකින්න. ( මේවා වැව් මඩවගුරු ආශ්‍රිතව වැවෙන නිසා. කෘෂිකර්මාන්තයෙදී යොදනු ලබන රසායනික ද්‍රව්‍ය ජලය ඔස්සේ පැමිණ මෙවැනි ස්ථාන වල එක්රැස් වේ. ඉන්පසු මෙම ශාක මඟින් එම රසායනික සංයෝග උරාගැනීම සිදුවේ.)
    👉 නෙලුම් අල පිසිමේදි එම අල කුඩා කැබැලි වලට කපා මැටි මුට්ටියකට දමා සුදු කැකුළු හාල් මිටක් දමා හොඳින් තම්බන්න. බත ඉදුණු පසු එම බත අවපැහැයට හැරේ. පසුව එම අල කැබැලි හොඳින් සෝදා සිහින්ව ලියා අවශ්‍ය තුනපහ පොල්කිරි ආදිය දමා රසවත්ව පිසගන්න. නෙළුම් අල වල අපද්‍රව්‍ය වල ඇති අපද්‍රව්‍ය ඉවත්වීම මෙම ක්‍රියාවලිය තුළදී සිදුවේ.
    👉 නිතරම ස්භාවික පාන වර්ග වෙත යොමු වන්න.
    👉 ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන්, තක්කාලි, අන්නාසි, බලමාලු, අච්චාරු ආදී ඌෂ්ණ ආහාර නිතර නිතර ආහාරයට නොගන්න.
    👉 අධික ලුණු දැමු ආහාර සීමා කරන්න. ලුණු පොල්කටුවක බහා තබන්න.
    👉 කෑම පිසීමේදි ඇලුමිනියම් භාජන වලින් ඉවත් වී මැටී භාජන වලට හුරු වෙන්න.
    👉 මත්පැන් දුම්වැටි භාවිතයෙන් වළකින්න.
    👉 නිතර මුත්‍රා වේග දරා සිටීමෙන් වළකින්න.
    👉 දියැවැඩියාව, අධි රුධිර පීඩනය සහිත රෝගීන් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගන්න.
    👉 කිසි විටෙකත් සුදුසුකම් ලත් වෙද මහතෙකුගේ හෝ වෛද්‍යවරයකුගේ නිර්දේශයකින් තොරව ඖෂධ භාවිතා නොකරන්න.
    👉 මුත්‍රා පද්ධතිය සම්බන්ධ ගැටළුවකදී වහාම වෙද මහතෙකු / වෛද්‍යවරයකු හමුවන්න. ඔවුන්ගේ උපදෙස් පරිදි වසරකට දෙවරක් නියමිත පරීක්ෂණයන්ට භාජනය වී වකුගඩු වල නීරෝගීතාවය තහවුරු කර ගන්න.

    👩 සටහන :- ලක්මිණි ප්‍රදීපිකා
    .