වගකීමකින් යුතුව පානය කරන්න (drink responsibly)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වගකීමකින් යුතුව පානය කරන්න (drink responsibly)

    liquor.jpg

    මම මේ ලියන දේ ගැන අදහස මගේ හිතේ මීට සති කීපයක් ඉඳලම තිබුනත් වෙසක් මාසයේ පව්කාර වැඩ ගැන කතා නොකර ඉන්න ගත්තු තීරණය නිසා ඒක ගැන කියන එක ප්රමාද කලා. :nerd::nerd: දැන කට්ටියම බලයි මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. වෙන මොනවත් ගැන නෙවෙයි. අපේ ජාතික පානය නියමාකාරයෙන් බොන විදිහ ගැන. හිතන්න එපා මම මේ අරක්කු ප්‍රමෝට් කරන්න යනවා කියලා. එහෙම හිතලා -රෙප් නම් දෙන්න එපා :rolleyes::rolleyes:.

    ලංකාවේ අපි (පුරුෂ පක්ශයේ පමණයි.) තරමක් ලැජ්ජා වෙන්න ඕනේ :( එක් කාලයක ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වැඩි රටවල් අතරට අපේ මේ ධර්මද්වීපයත් එකතු වුනු එක ගැන. :eek: කොහොම උනත් ඈත අතීතයේ ඉඳලම මිනිස්සු තමන්ට යම් වින්දනයක් ලබාගන්න මධ්යසාර පාවිච්චි කරලා තිබෙනවා. ලෝකයේ මුලින්ම මිනිසා වගා කරන්න පෙලඹුනේ මද්යසාර සඳහා ධාන්ය ගන්න කියලා දැන් හොයාගෙන තිබෙනවා. මිනිස්සු මේ ඇල්කොහොල් වලට මෙච්චර කැමැත්තක් දක්වන්නේ ඒකේ තියෙන මොලයේ ප්රීතිය දැනෙන කොටස උත්තේජනය කරන්න තියෙන හැකියාව නිසයි. නමුත් ඊට සාපෙක්ශව මොලයේ කථනය, සංවේදනය ආදී බොහොමයක් දෙවල් අවහිර වෙනවා. මද්යසාර භාවිතය අඩුකරන එක බොහොම හොඳයි. ඒ වගේම තමන්ගේ සිහිය නියමාකාරයෙන් පවත්වාගෙන ඒවා පාවිච්චි කරන එක අපි හැමෝටම වැදගත් වෙනවා.

    අපේ භාෂාවෙන් කියනවා නම් 'කරටි කැඩෙන්න ගහලා' තමන්ගේ තත්වය බාල්දු කරන එකට වඩා නියමාකාරයෙන් මධුවිත පානය කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මම පහත සඳහන් කරන්නේ ඒ සඳහා උවමනා වෙන කරුනු කීපයක්. මේවා අත්හදා බලලා ඉතාම සාර්ථක ප්ර්තිඵල ලබාදුන්නු ඒවා. මේ ගැන ඔයාලගේ අද්දැකීමුත් මෙතන බෙදාගන්න.

    මූලිකම කාරණය වන්නේ තමන්ට ලිමිට් එකක් තියාගන්න එක. මේ සීමාව නැත්නම් "ලිමිට්" පුදගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තමන්ට අදාල මට්ටමේ රැඳිලා ඉන්න එක ගොඩක් වැදගත්. කාලයක් තිස්සේ ටිකෙන් ටික මේ සීමාව වැඩිකරගන්නත් පුලුවන්. නමුත් සම්මතය වෙලා තියෙන්නේ ඇල්කොහොල් ඒකක 21 කට වඩා ගැනීම පිරිමියෙකුට අනතුරුදායකයි කියලා. ඒකකයක් කියන්නේ මද්යසාර මිලි ලීටර 10ක් නමුත් මේ සීමාව කාන්තාවන්ට තරමක් අඩු වෙනවා. ඒ වගේම රටින් රටට තරමක් වෙනස් වෙන්න පුලුවන්. තමන්ගේ සීමාව තුල ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දෙය.

    මත්පැන් බොනකොට එකවිට එක පානයකට සීමා කරන්න. මත්පැන් කාන්ඩ දෙකකට අයිති දේවල් එකවිට උත්සාහ කරන්න එපා. උදාහරණයකට බියර් පානය කරනවා නම් වෙනත් මත්පැන් ගන්න ඒක නතර කරන්න. එක ඒක මත්පැන් වල මද්යසාර සංයුතිය වෙනස් නිසා ගැටලු ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම අලුත් මත්පැන් වර්ගයක රස බලනවා නම් තරමක් සැලකිළිමත් වෙන එක අවශ්යයි.

    නිතරම වතුර පානය කරන්න. ඒකෙන් කාරණා කීපියක් ඉටු වෙනවා. මූලිකවම වෙන දෙයක් තමයි ආමාශයේ ඇල්කොහොල් සංයුතිය අඩුකරන එක. එතකොට තමන්ට දැනෙන මත් ගතිය යම් තරමකින්වත් අඩු වෙනවා. මද්යසාර ශරීරයේ තිබෙන ජල ප්රමමාණය අඩු කරනවා. නමුත් වැඩිපුර ජලය පානය කලොත් ඒ තත්වය මගහැර ගන්න පුලුවන්. ඒක නිසා මත්පැන් බිව්වාට පසු දින ඇඟට දැනෙන අපහසුව අඩුවෙනවා.

    මේ කාරණය නම් බොහෝ දෙනෙක් දන්න දෙයක්. අපි බයිට් එකට තෙල් සහිත කෑමක් ගත්තොත් තමන්ට දැනෙන මත් ගතිය නැත්තන්ම් වෙරි ගතිය වලක්වා ගන්න පුලුවන්. ඒ තෙල්, මත්පැන් වල තිබෙන ඇල්කොහොල් වල ක්රිගයාකාරිත්වය සීමා කිරීම නිසයි.

    අපි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ කෑමට පෙර මත්පැන් පානය කරන්නයි. නමුත් මත්පැන් පානය කරන්න කලින් ආහාරයක් ගත්තොත් ඒක ගොඩක් සහනයක් වෙනවා. කෑම නැතිව මත්පැන් පානය කලොත් වෙන අපහසුව ගැන අමුතුවෙන කියන්න ඕනේ නෑ.

    සුරාවේ රසයත් - එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක් - නොබොන අනුවණ දනෝ නොදනිත්

    යන අයුරින් සුරාව වර්ණනා කරත් නිතරම අපි ඒකේ අහිතකර පරතිඵල ගැන හිතන්න ඕනේ. ඒ වගේම මත්පැන් බොනකොට තමන්ගේ සීමාවෙන් පිට පනින්නේ නැතුව වගකීමෙන් යුතුව වැඩකරන්න අමතක කරන්න එපා. සුප්රසිද්ධ මත්පැන් නිෂ්පාදකයෙක් වෙන Johnnie Walker ආයතනය තමන්ගේ මත්පැන් බෝතල් වල ප්ර්සිද්ධ කරන වැකියකින් මම ලිපිය අවසන් කරන්න කැමතියි. ඒ "වගකීමකින් යුතුව පානය කරන්න" (drink responsibly) කියාය.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපි නම් අමධ්‍යප :D ...බොන්න ගියාම තියෙන ප්‍රශ්න අපිට නෑ :rofl: ..ලිමිට් තියාගන්න, මත් ගතිය නැති වෙන්න තෙල් සහිත බයිට් ගන්න, මත යන්න වැඩිපුර වතුර බොන්න, පහුවදාට දෙහි බොන්න.. :baffled: :dull:

    ඔච්චර ප්‍රශ්න වලට විසඳුම් හොයා හොයා බොනවට වැඩිය ලෙසිනේ බං නොබී ඉන්න එක :P
    simple plan එකක් ;)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි නම් අමධ්‍යප :D ...බොන්න ගියාම තියෙන ප්‍රශ්න අපිට නෑ :rofl: ..ලිමිට් තියාගන්න, මත් ගතිය නැති වෙන්න තෙල් සහිත බයිට් ගන්න, මත යන්න වැඩිපුර වතුර බොන්න, පහුවදාට දෙහි බොන්න.. :baffled: :dull:

    ඔච්චර ප්‍රශ්න වලට විසඳුම් හොයා හොයා බොනවට වැඩිය ලෙසිනේ බං නොබී ඉන්න එක :P
    simple plan එකක් ;)

    ඔව් ඉතින් ඒකත් පුලුවන්.
     

    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    නියම post1k...

    "සුරාවේ රසයත් - එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක් - නොබොන අනුවණ දනෝ නොදනිත්"

    පද වැල එළකිරි.......thnx
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අපි නම් අමධ්‍යප :D ...බොන්න ගියාම තියෙන ප්‍රශ්න අපිට නෑ :rofl: ..ලිමිට් තියාගන්න, මත් ගතිය නැති වෙන්න තෙල් සහිත බයිට් ගන්න, මත යන්න වැඩිපුර වතුර බොන්න, පහුවදාට දෙහි බොන්න.. :baffled: :dull:

    ඔච්චර ප්‍රශ්න වලට විසඳුම් හොයා හොයා බොනවට වැඩිය ලෙසිනේ බං නොබී ඉන්න එක :P
    simple plan එකක් ;)

    Aniwa :yes::yes::yes::yes::yes::yes: